ඔබ සතු නිවැරදි චින්තන ශක්තිය

ඔබ සතු නිවැරදි චින්තන ශක්තිය දුර්වල කරනු වස් මත් ද්‍රව්‍ය ලක්දිවට ගෙන්වන ලදි. එහෙත් එය වටහා ගන්නට නොහැකි මොඩයින් වැනි ලක්දිව මිනිස් සන්හතියම එයින් ඇතිවන අන්තගාමි තත්වය මැනවින් දැනහැදින එයම සිදු කරමින් ස්වකීය මානසිකත්වය හා නැණස දුර්වල කර ගෙන නොයෙකුත් දුරාචාරයන්ට නතුව කටයුතු කරමින් ස්වකීය විමුක්තිය දුර්මුක්තියක් බවට පත් කරගෙන ඇත. එයට වගකිව යුත්තේ ඔබම බව ඔබේ නැනසින් හා මනසින් මැනවින් වටහාගෙන කටයුතු කරන තාක්කල් ඔබට විදින්නට සිදු වන්නේ මන්ද මානසිකත්වයෙන් යුතු උන්මත්තකයෙකුම අයුරින් මිසක් යහපත් මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකු අයුරින් නම් නොවෙ. ඔබට යහපත් චින්තන ශක්තියක් ඔබේ උත්පත්තියෙන්ම හිමිවී ඇත. එහෙත් අද මේ වන විට ඒ චින්තන ශක්තිය විනාශයට පත් වී ඇත. ඒ කවරාකාරයෙන්ද යන වග අප මෙ අයුරින් විමසා බලමු.