ධර්මය වනාහි නුවණැතියන්ට පමණි..

බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා විසින් අවබෝධ කරගනු ලැබුවා වූ චතු (සතරයි) අරිය (උතුම්) සච්ච (ඇත්තයී). මෙය පාලි භාෂාවට අනුකූලව නිර්වචනය කරන ලදි. තුන් ලෝකයේ ම දුක සහ සතුට එක ලෙසම හැම මොහොතකම නොවිදිමින් ජීවත්වන සත්වයන්ගේ  ඒ දුක සහ සතුට ඒ අයුරින්ම නොපවතින්නට මූලිකම හේතුව කුමක්දැයී මැනවින් දැන හැදින දේශනා කරන්නට කල්ප සියදහස් ගනනක් මුළුල්ලේ  පාරමීදම් පුරා  තුන්ලොව උතුරවා ලොව්තුරා බුද්ධ රාජ්‍යට පත්ව එය තුන් ලෝකයටම  පසක් කර දෙන ලදි. ඒ කෙසේද යත්...?

දුක්ඛාර්‍ය් සත්‍ය                                 =               දුක
දුක්ඛ සමුදයා‍ය්ර්‍ සත්‍ය                      =                දුක ඇතිවීමට හේතුව
දුක්ඛ නිරෝදාර්‍ය් සත්‍ය                     =                 දුක නැති කිරීම.
දුක්ඛ නිරෝදගාමිනි පටිපදාර්‍ය් සත්‍ය =                දුක නැති කිරීමේ මාර්ගය.

මේ අනුව නැණසින් විමසන කල අපට පසක් වනුයේ මෙය බුදු දහමේ මූලිකම හරයයී. එනම් සෑම ගැටලුවක්ම විසදන මොහොතක අනුගමනය කලයුතු පිලිවෙල මේ තුල මැනවින් පෙන්වා දී ඇත. එනම්...?

ප්‍රශ්ණය
ප්‍රශ්ණයට හේතුව.
ප්‍රශ්ණය වීසදීම.
ප්‍රශ්ණය විසදීමේ ක්‍රමය.

     මෙයට අනුකූලව ලොකයෙ තියේන හැම ගැටලුවක්ම සරල අයුරින් විසදාගත හැකිය. එහෙත් අප සියලුම දෙනාට මෙය තෙරුම් ගැනීමට නොහැකි විම නිසා නොයෙක් අයුරින් ගැටලු සහගත පරිසරයක් අප විසින්ම නිර්මානය කර ගෙන ඒ ගැටලු විසදාගත නොහැකිව සදාකාලික සැපයක් විදින්නට තියෙන කාලය තාවකාලික සැපයකින් නිමා කරන්නට සිදුව ඇත.

මේ සත්‍ය  සතරකට බෙදී ඇත්තේ මෙයට අනුකූලවය.

1. ලෝකයෙ ඇත්ත ඇති සැටියෙන් දැකීම    =
2. දුරුකල යුතු දේ දුරු කිරීම                        =   බාවේතබ්බ.
3. වැඩියයුතු දේ වැඩීම                                =   භාවෙතබ්බ.
4. නිවන සාක්ශාත් කිරීම                             =   ස්ච්ජිකාතබ්බ.

     මේ අනුව අප එම සතය හැදින ගතයුතුවාක් මෙන්ම අනුගමනය කල යුතුය. එසේම මේ සත්‍ය  සතර ආර්‍ය් සත්‍යක් යැයි හදුන්වන්නට තව හේතු සාධක  ඇත. එනම්.

1. බුදු පසෙ බුදු මහ රහතන් වහන්සේලා විසින් අවබෝධ  කර ගන්න නිසාත්.
2. කිසි කලෙකත් බොරුවක් නොවන නිසා මෙන්ම කිසිවෙකුට බොරුවක් යැයි කිව නොහැකි නිසාත්.
3. මේ ආර්‍ය් සත්‍ය අවබෝධ  කිරීම තුලින් සෝවාන් ආදී මාර්ග ඵල වලට පත්විය හැකි නිසාවෙනි.

අනතුරුව බුදුන් වහන්සේ විසින් මේ සත්‍ය සතර වෙන වෙනම පැහැදිලිකර ඇත. එනම්..

 දුක්ඛ ආය්ර්‍ සත්‍ය

'' තත්ත කතමන් දුක්ඛන් අරිය සච්චන්.? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාදිපි දුක්ඛෝ, මරණන්පි දුක්ඛන්, අප්පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චන් න ලභති තම්පි දුක්ඛන්, සන්ඛිත්තෙන පන්චුපාදානක්ඛන්දා දුක්ඛා ''

''දුකට හේතුව කුමක්ද..? ඒ ඒ සත්වයන් සත්ව නිකාය තුල ඉපදීම ජාති නමින් හදුන්වනු ලැබේ. ඒ උත්පත්තිය ඔවුන්ගේ සියලුම දුක් වලට මූලික වන නිසා ඉපදීම දුකකි.''

උපන්නා වූ සියලුම සත්වයෝ වයසට ගොස් දිරාපත්වනු ඇත. එසේම කෙස්, නිය, දත්, හම රෑලි වැටීම, ආයුෂ  ගෙවීම්, ඉදුරන් දුබල වීම ජරා දුක නමින් හැදින්වේ.

එසෙම නොයෙකුත් රෝගාබාදයන්ට ගොදුරු වීම ව්‍යාදි දුක නම් වේ.එ ය දේශගුනය වෙනස් වීම නිසා මෙන්ම වාපිත් සෙම් කෝප වීම නිසා සහ තම තමන් කරන ලද කර්මයන් නිසා එහි විපාක ඵල දීම සිදු වෙයි.

එසෙම එ එ සතවයන් තම තමන් උත්පත්තිය ලැබූ ලෝකයෙන් චුතවීම මරනය නමින් හැදින් වේ.

අප අකැමැති පුද්ගලයන් සමග එකතු වීම අප්පියේහි සම්පයොගෝ දුක්කෝ යනුවෙන් හැදින්වේ.

එසෙම ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම දුකක් යැයිද පෙන්වා දෙයි.

තමන් යමක් පැතුවද එය ඒ අයුරින්ම නොලැබීම තවත් දුකකි. මේ අයුරින් විමසන කල්හී රූප, වේදනා, සන්චා, සන්ඛාර, වින්නාන යන පන්චස්ඛන්දයන් පිලිබදව අප තුල ඇති බැදීම නිසා අපට හැම මොහොතකම දුක ගෙන දෙන්නෙය. මේ නිසා අප කල යුතු කුමක්ද මනසින් මෙන්ම නැනසින් විමසිය යුතුය.

'' නුවණැති පුද්ගලයා සීලය තුල මැනවින් හැසිරීමෙන් මනසත් නැණසත් මැනවින් පොසනය කරයී. ඒ තුලින් තමා සතු සියලුම බැදුම් ලිහිල් කරන්නේය. ''

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::