ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න


අවිද්‍යා නැමති අන්ධකාරයේ වෙළී ගොස් යහපත් මඟ කුමක් දැයි නොදැන සංසාර ගමනේ  කරන ලද කුමක් හෝ කුසලයක බලපෑමෙන් මිනිස් ජීවිතය ලබා ඒ මනුෂ්‍ය ආත්මයෙන් නිසි ඵල ප්‍රයෝජන නොගන්නා මිනිසුන්ට යහපතක් සැලසීමේ පරමාර්ථයෙන් අප සියල්ලෝම දිවි ගෙවිය යුතුය. එසේ දිවි ගෙවන්නට අප ප්‍රථමයෙන් යමක් උගත යුතුය. එසේ ඉගෙන ගන්නට නම් ඉන් අපට ලැඛෙන ප්‍රතිඵලය කුමක්ද යන වගද දැනගෙන සිටිය යුතුයි. අප හැම පුද්ගලයෙක්ම යමක් නොදැක සිට එය දැක ගන්නට මහත් උත්සාහයක් දරයි. ඒ උත්සාහය දරන්නේ තමන්ට ඒ තුළ යම් කුතුහලයක් දැනෙන නිසාවෙනි. එහෙත් අද අප සියල්ලෝම ඒ කුතුහලය පසෙකලා වෙනත් කාර්යන්හි නියැලෙන්නට පෙළඹී ඇත.
ජීවිතය යනු ගලායන දිය දහරකි. ඒ ගලායන දිය දහරට බොහෝ බාධක කම්කටොළු වලට මුහුණ පාන්නට සිදුවනු ඇත. එතකුදු වුවත් ඒ ගලා යන දිය දහර අතරමග නතර වන්නේදැයි අප අපගෙන්ම විමසිය යුතුය. ඒ මන්දයත් අප හමුවට එන බාධක කම්කටොළු හමුවේ සිතින් අප දුක් මුසුව වැලපෙන නිසාවෙනි. ගලා යන දිය දහර හරස් කර මහා පවුරක් බැන්දත් ඒ ගලා යන දිය පහර ගලාගෙන ආ වේගයෙන්ම එම පවුර බිඳිමින් හෝ යා යුතු මඟ ගමන් කරයි. නමුත් දිය පහර එසේ ගමන් කරන්නේ කවරෙකුට විමුක්තියක් සැළසීම සඳහාද? ගලායන දියපහරට පරමාර්ථයක් ඇත. එනම් දිය පහර පවතින පරිසරය ස්වයං පෝෂණය කරමින් එම තත්්වය නොවෙනස් ව පවත්වා ගැනීමයි. නමුත් ගලායන දිය පහර අපට අවශ්‍ය තැනකට ද හරවා තම තමන්ට අවශ්‍ය කටයුතු කල හැක. නමුත් එය කරන්නට හොඳින් සිතා මතා විමසා කටයුතු කළ හැකි ප්‍රඥාවක් තිබිය යුතුය. එසේ නොවන්නට ගලායන දිය දහරින් ගඟක් මෙන් හෝ ඇලක් මෙන් හෝ ඔයක් මෙන් මහා ගල් මුල් හෙල් අතර වැදෙමින් කොතරම් දුරක් අලංකාරයෙන් ගලා ගියත් එයින් ඇති ඵලක් නැත. එලෙසමය ජීවිතය, මෙඅප සැමදෙන දිවියේ හැම මොහොතකම වෙහෙසවෙන්නේ ඉපදුනු නිසා ජීවත්වීමටත්, ජීවත්වන නිසා අඳින්න පළඳින්නටත් උත්සාහ කරන සමාජයක් තුළයි. ඒ නිසාම මේ සමාජය තුළ නැණසින් මෙන්ම මනසින් ද වෙහෙසී කටයුතු කළ යුතුය. ඒ උත්සාහය කළ යුතු කාලය අද, හෙට, අනිද්දා කියා නොසිතන්නට මේ දැනුම අප සෑම කෙනෙකුගේම දිවිගමන යහපත් කරන්නට යෙදවිය  යුතුය.

විද්‍යා නාම නරස්‍ය රූප මදිකං         -     විද්‍යා ප්‍රගුප්තං ධනං
විද්‍යා භෝගකරි යශස්සුඛකරි          -     විද්‍යා ගුරුණාං ගුරු∙
විද්‍යා බන්ධු ජනෝ විදේශ ගමනේ    -     විද්‍යා පරං දෛවතං
විද්‍යා රාජ සුපූජිතා              -     භුවිනරො විද්‍යා විහීන∙ පශ
                                         (නා:ශ)

යනුවෙන් බමුණු පඬිවරයෙකු විසින් ප්‍රකාශ කර ඇත්තේ විද්‍යාව යනු රුවනැති මනුෂ්‍යයාට අධික වූ රූපයකි. එසේම කිසිම දාක නොනැසී පවතින වස්තුවකි. බොහෝ වස්තු උදා කරන මිතුරෙකි. එපමණක් ද නොව කීර්තිය යසස් හා සැප සම්පත් ඇති කරන සහායකයෙකි. ගුරුවරුන්ට ගුරුකෙනෙකි. නොදන්නා රටකට යෑමේදී නෑදෑයෙකි.උතුම් දෙවිකෙනෙකි. මේ සියල්ලටම සමාන ලෙස රටේ රජවරුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලද හැකි නිසි  වස්තුවකි. එසේ වුවත් විද්‍යාව හෙවත් ඉගෙනීම නොමැති තැනැත්තා තිරිසනෙක් හා සමානය ˜

මේ කරුණු තුළින් අපට මැනවින් පසක් කරගත හැකි මෙන්ම වටහා ගත යුතු කරුණු කාරණා රාශියකි. ඒ මොනවාදැයි සොයා බැලුව හොත්  යම් කෙනෙකු උප්පත්තියෙන් ම රූප සම්පත්තිය අහිමි අංග විකල පුද්ගලයෙකු යැයි ප්‍රසිද්ධ වුවත් ඒ තැනැත්තාගේ උත්සාහය මත බොහෝ ලෙස හික්මීමෙන් යුතුව ඉගෙනීමේ ක්‍රියාවලියේ යෙදී සමාජයේ උසස් ස්ථානයකට පත්වුවහොත් එසේම ඒ තැනැත්තා සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකුට තමන් ලබාගත් දැනුම උපයෝගී කොට ගෙන අධ්‍යාපනයක් ලබාදෙන්නේ නම් ඔහු සමාජයේ පිළිගත් තැනැත්තෙකු බවට නිරායාසයෙන් ම පත්වනු ඇත. ඒ අවස්ථාවට ඔහුගේ රූප සම්පත්තියේ අඩු ලූහු~ුකම් බාධාවක් නොවනු ඇත. කුඩාකල පවුල තුළ අම්මේ තාත්තේ හෝ අම්මේ අප්පච්චී යැයි හඩඟා කියන්නට හෝ සිනාසෙන්නට නොහැකි දරුවෙකුව මුණින් අතට පෙරලෙමින් යහනේ සිටින විට අපගේ මාපිය දෙපලවත් වෙනත් කිසිවෙකුවත් කිසිදු ගණන් ගැනීමකට නොගනී . එහෙත් අප උස් මහත්ව යම් යම් සුරතල් වදන් තෙපලන විට බොහෝ උදවිය අප හා ගැටෙන්නටත් කථා බහ කරන්නටත්  උත්සාහ දරති. එහෙත් ඔබ කිසිත් කරකියා ගන්නට නොහැකි කුඩා කල ලෙඩෙකු ලෙස හෝ ගොලූවෙකු ලෙස කිසිත් ඇසෙන්නේ නැති බිහිරෙකු ලෙස දිවිගෙවන ලද්දේ නම් ඔබට එවිට සමාජයේ දිවිගෙවන සෑම කෙනෙකුම නොසලකනු ඇත. එමෙන්ම ඔබට සමාජයේ කිසිදු තත්වයකට පත්වන්නට නොහැකි පුද්ගලයෙකු යැයි නමක් ද තබනු ඇත. එලෙස නම් ගොත් තබාගත් දරු දැරියන් මෙන්ම වැඩිහිටියන් ද මෙම සාමාජය තුළ නිවැරදි ලෙසට මෙන්ම වැරදි ලෙසට ද සතුටු ලෙසට මෙන්ම දුක්ඛිතව ද ජීවත්වනු ඇත. එම කරුණු අප විසින් මැනවින් විග්‍රහකරගත යුතුය.

    මේ දිවිය දිනවන තැනැත්තා මෙන්ම පරදන තැනැත්තාද ඔබ බව නිතරම සිහිකරන්න. අප සියලූම දෙනාට මැනවින් සිතා බලා කටයුතු කළ හැකි විමසුම් ශක්තියකින් යුතු මනසක් හා නැණසක් ඇත. ඔබට කථා බහ කරන්නට නොහැකි වුවත් යමක් තේරුම් ගන්නට හැකියාවක් ඇත්නම් ඉගෙනීම තුල මැනවින් නියැලෙන්න . ඔබේ එක් අංගයක් විකල වූ පමණින් එය මුල් කරගෙන ඔබේ මුලූ ජීවිතයම අංග විකල දිවියක් කරගන්නට උත්සාහ නොගන්න. එහෙත් අද සාමාජීය පරිසරය තුළ බොහෝ දූ දරුවන් සේම දෙමාපියන් ද හුරු පුරුදු වී සිටින්නේ තම දුවට හෝ පුතාට කතා කරන්නට නොහැකි නම් පාසල් නොයවා නිවස තුළම රඳවාගෙන ඔහුගේ සියලූ කටයුතු දෙමාපියන් ම සිදුකිරීමටයි. එහෙත් දෙමාපියන් නොමැති කාලයක අර දරුවාට යන කල කුමක්දැයි විමසා බැලූවේ නම් ඒ දරුවාට කරන ලොකුම හතුරුකමක් යැයි දෙමාපියන්ට පසක්වනු ඇත.

    ජීවිතයේ සෑම බාධකයක්ම ජයගත යුතු එකම කෙනා තමන්ම පමණි යන සිතුවිල්ල සැම දෙනා තුළම  තිබිය යුතුය. එයට එකම හේතුව වනුයේ තමා වෙත එන සැම දුකක් මෙන්ම කඳුලක් පිසදාගත යුත්තේ තමන්ගේ ම දෑතින් වන නිසාය. තමන් වෙත පැමිණෙන සෑම ගැටළුවකටම මුහුණ දීමට නම් සෑම පුද්ගලයෙකුම කාල රාමුවකට අනුව කුඩා කල පටන් ම කාර්යයන් හි නියැලිය යුතුය. මාපිය පහස යට දිවිගෙවන කාලපරාසය තුලදී වුවත් තම ඉගෙනීමේ කාලපරාසය තුලදී වුවත් තම නිදහස ලබාගැනීමටත් අනාගතයේ තමන් සාමජයේ පිලිගත් පුද්ගලයෙකු වනවා යන පරමාර්ථයෙන් තමන් කරන ක්‍රියාදාමයන් සියල්ල පිලිවෙලකට නොපිරිහෙලා ඉටුකිරීමෙන් තම පරමාර්ථයන් මුදුන් පමුණුවාගත හැකිය.

    තමන් සිහින මාලිගා තනන්නෙකු වන්නේ නම් එම සිහින මාලිගා බිඳ දමන්නෙකු නොවී තමන් විසින් මවන ලද සිහින මාලිගා ගොඩනඟන්නෙකු විය යුතුය. මෙලොව දිවි ගෙවන සෑම පුද්ගලයෙකුම තමන්ට ආවේණික වූ සැප සම්පත් විඳින පුද්ගලයින්ය. එසේම එම සැප සම්පත් ඔවුන් විසින්ම උදා කරගන්නා ලද්දේය. සෑම පුද්ලයෙකුගේම උත්සාහය මත ලබන ලද සැප සම්පත් වලින් ඔවුනොවුන් විමුක්තිය පසක් කරගනු ඇත. ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්වූවේ ද මනුෂ්‍යයෙකුව උපත ලබා එම තත්වයට පත්වන්නට නොහැකිය  යන සිතිවිල්ලේ නොසිට — මම බුදු වෙමියි ˜ යන පරමාර්ථයෙන් සෑම කාර්යයක් ම නොපිරිහෙලා ඉටුකර ගන්නට උත්සාහ දැරූ නිසාවෙනි. එය තමන්ගේ අනාගතය ජයගන්නට ඉමහත් පිටුවහලක් වනු ඇත.

    පෙරලෙන ගලේ පාසි නොබැෙඳන්නාක් මෙන් ඉගෙනීම නම් අමාදියෙහි පිහිනන තැනැත්තාට එයින් විමුක්තියක් උදා වෙනු මිසක වෙනත් කිසිදු හානියක් උදා නොවනු ඇත. තමාගේ විමුක්තිය උදාකරගත යුතු එකම විමුක්තිකාමියා තමාය යන සිතිවිල්ලේ සිට සෑම පුද්ගලයෙකු විසින් ම සෑම ගැටළුවකටම නොසැලී සිංහයෙකු ලෙස ඉදිරිපත්විය යුතුය. තමන්ගේ දිවියට පිවිසෙන සෑම බාධකයක් ම ජයගෙන පෙරට එන්නේ කෙසේ ද? යන ගැටලූවට පිළිතුරු සොයන්නට ඔබ නිතරම වෙහෙසෙන්න. එවිට නිසි පිළිතුරක් ඔබට ඔබ තුළින්ම නිමවාගත හැකිය. වෙරළෙහි මෙන්ම මුහුද මැද තිඛෙන යම් යම් ගල්පර තුළ නිතර නිතර දිය කඳ ගැටෙන නිසාම එය රළු වූ ගල් පරයක් වුවත් ටික ටික කැඩී බිඳී ගොස් මනා දැකුම්කළු වු ගලAපරයන් හා කොරල්පර බවට නිර්මානය වන්නේය. ඒ බොහෝ පිරිසකගේ නෙත් සිත් පිනවමිනි. එසේම බොහෝ මත්ස්‍යයින් පිරිසකට වාසස්ථානද සලසමිනි. නමුත් — මම මේ උත්සාහ දරන්නේ මේ ගල් තලාව ගල් පරයක් බවට පත් කරන්නට කියා අර රළ පහර මුලින් සිතුවාද? ˜ නැහැ ඒ කිසිත් සිතාමතා කළ කාර්යයක් නොෙවි. ඒ සියල්ල ඉෙබිම සිදු වූ සිදුවීම් තුළින් ලැබූ මහා  විශ්මය දනවන නිර්මාණයක්  බඳුය.
   
අපගේ දිවිය තුළද අපගේ නොදැනීම තුළින් හිඳගෙන සිදුකරන යම් යම් කාර්යයන් සාර්ථක වී නැත්තේම නොෙවි. සාර්ථක වී අප මහා පුදුමයට පත් කර ඇත. ඒ නිසාම අපගේ ඒ ඒ කාල පරාසයන් තුළදී අප විසින් සිදුකළ යුතු යැයි සම්මත යමක් ඇත්ද එය සිදුකරන්නට උත්සාහ දරන්න.  ඒ තුළින් ඔබගේ දිවිය සාර්ථක වනු ඇත. ඒ සාර්ථකත්වය කිසිවෙකුට අසාර්ථක කළ නොහැක. එය තමන්ගේ ක්‍රියාකාරකම සඳහා ස්වභාවදහමෙන් දෙනු ලබන මනා තිළිණයකි. එය මැනවින් ආරඬා කරමින් පෙරට යන්නට අප උත්සාහ දරනු මිසක් ඒ තිළිණය දෙස බලා එතනම නැවතී සිටින්නට නොසිතිය යුතුය. ජීවිතය මහ සයුරක් මැද පදවන්නට අවැසි ශක්තිය අප මැනවින් ලබා ගෙන නැණසින් මෙන්ම මනසින් කටයුතු කළ යුතුමයි. 
   
එසේ කටයුතු කරන්නේ නම් අපගේ දිවිය වෙතට පැමිණෙන බාධක සියල්ලක්ම ස්වභාව දහම විසින් වලකාලන්නට සමත් වනු ඇත. එය ස්වභාව දහම තුළින් අපට දෙනු ලබන දායාදයකි. අපගේ දඬතාවයට රුකුලක් වශයෙනි. එහෙත් එය දැන අප නිහතමානීව කටයුතු කළ යුතු මිසක් උඩඟු කමින් කටයුතු නොකළ යුතුව ඇත.

ඔබ ඔබේ දිවියට පහනක් ලෙස ඉගෙනුම නැමති පහන් සිලෙන්  දැල්වෙන්න. දෙවනුව දෙමාපියන්ටත්, මිතුරන්ටත්, සමාජයටත් පහනක් වී නිසි මග නිසි අයුරින් ලෝක සත්වයාටම පෙන්වා දෙන්න. එවිට ඔබ අඳුරෙන් මිඳුනු  පුද්ගලයෙකු ලෙස ලොව බබලනු ඇත.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::