::: ඔබ නොකිපෙන්න :::

බුදුන් වහන්සේ කිසිදු වරදක් නොකළ ශාස්තෘ වරයෙකු බව අප දනිමු. එහෙත් උන්වහන්සේට මහා නින්දා අපහාස කළ පුද්ගලයන් කොපමණ සිටියාද? එහෙත් බුදුන් වහන්සේ ඒ කිසිවක් ගැන සිතුවේ නැත. ඒ මන්ද? උන්වහන්සේ හෘදසාක්ෂියට එකගව කටයුතු කරණ නිසාවෙනි. අප දන්නා පමණින් අටලෝ දහමින් කම්පා නොවිය යුතුය. එසේ වන්නේ නම් ඔහු නිතරම මානසික පීඩා විදිමින් දිවි ගෙවන්නෙක්ම වන්නේය.
අප සියලූම දෙනා බුදුන් වහන්සේගේ දහම නිතර නතර ශ්‍රවණය කළත් ඒ අනුව හැඩගැසෙන්නේ නැති නිසාවෙන් කෙනෙක් යම් හෝ පරිභවයක් සිදු කරන්නේ නම් එයට කිපෙන්නටත් ඒ අනුව යමින් පසුතැවෙන්නටත් වෙර දරයි. අවසානයේ මානසික පීඩාවන්ගෙන් පීඩා විදින්නෙකු අයුරින් දුක් විදීවි.  එසේ නම් ඒ දුක් විදින්නට සිදු වුනේ අපගේම නොහොබිනා ක්‍රියාවක් නිසා නොවේද?ඒ නිසාමයි.එසේ නම් අප යායුතු මග තිබියදී නොමග යන්නට වෙර නොදරමු. එවිට සැනසිල්ලේ දිවි ගෙවිය හැකිය. එසේ නොවුනු සද වැනසිල්ලක් ලද හැකිය. ගොලාකාරවූ ලෝකය තුළ විෂමාකාරවූ සිතුවිලිවළින් පිරිපුන් මිනිසුන් දිවි ගෙවයි. එතුළ ඔවුන් මානසික සැනසිල්ලක් මෙන්ම මානසික අසහනයෙන් දිවි ගෙවන්නවුන්ද දිවි ගෙවයි. ඒ නිසා අප මානසික අසහනකාරී පිරිසක් නොවෙමු. මානසික සහනයෙන් දිවි ගෙවන පිරිසක් ගෙවන්නට වෙර දරමු. ඔබ ඔබ යන්නට වෙර දරන මාර්ගය තුළ ගමන් කරන්නට වෙර දරන්න. අන්‍යයන්ගේ පරිභවයන් ගැන නොසලකන්න තමන් නිවැරදිව දිවි ගෙවන්නෙකු යැයි සිතන්නේ නම්, 

Comments

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ