Saturday, November 02, 2013

තමහට පිහිට තමන්ම මිස වෙන කවුද

තමහට පිහිට තමන්ම මිස වෙන කවුද
යනුවෙන් සිතුම ඔබහට අද කළ හැකිද
මනුසත එලෙස සැමදින අද නොසිතුවද
සිතුමට කාලයකි මම හැර වෙන කවුද

අඹුදරු වස්තු තිබුණත් අපමන දසත
ධනයත් තිඛෙති සැමතැන අපහට සුපත
පෙරකළ පිනට ලැබුනේ මෙකළදි සැපත
යනුවෙන් සිතුම කළයුතුවෙයි සැම සතත

අඹුදරු සිටියමුත් නොවෙනව මට පිහිට
ධනමහ වස්තු තිබුණත් නොවෙනව පිහිට
මෙ හැම නොමැතිකළ දුකවෙයි ලෝ සතට
භාහිර වස්තුවෙන් පිහිටක් නොමැත මට

ගුරුවරු නිතර යහමග සුව පෙන්වනවා
ඒ මග දැනුම අප සැම කළයුතු වෙනවා
බාධක නොදින ජීවිත නොම බබලනවා
බාධක දිනුවෙතින් ජීවිත බබලනවා

සාගර දියේ පැදයති ඔරු දසදෙසට
මාවත එසේමුත් නොපෙනෙති තම ඇසට
දළ රළ පෙලත් නැගඑති පෙර කළ පවට
මාවත තවත් නොපෙනෙති එනිසා නෙතට

සාගරයක්ය සැමටම ජීවිත ගගුළ
ආකරයක්ය සැමටම දුක්ගිනි පතුළ
මාවත තිඛෙති සැමතැන සාගර ගගුළ
නිසිමග ගියොත් හමුවෙයි සාගර වෙරළ

මාවත නොදැන යන බව ඔබ දන්නවද
මාවත නොදැන ගියොතින් කිම වන්නේද
දුක්වන්නටම සිදුවන බව දන්නවද
එය දැන දැනත් නොමගට ඔබ ඇදෙනවද


Monday, September 30, 2013

පිපෙන්නට වෙර දරයි එහෙත් ඒ මල මලානිකයි. ඒ මන්ද යත්?


ජීවිතය දිනන්නට මෙන්ම ජීවිතයට සවිමත් පියගැට පෙළක් නිමවන්නට බොහෝ දූදරුවන් පිරිසක් වෙර දරයි. එහෙත් ඒ වෙර දැරීම කෙතරම් දුරට සාර්ථකද අසාර්ථකද යන වග අද මුළු ලෝකය දෙසම බලන කල මැනවින් පසක් වනු ඇත. දැනමින් පෝෂණය වුවත් යහගුණයෙන් නොපිරිපුන් නිසාම සෑම දරුවෙකුටම මානසික ආතතීන්ගෙන් ග්‍රහණය වූ පරිසරයක් නිමැවි ඇත. අප ප්‍රථමයෙන් සිතිය යුත්තේ පුංචිම පුංචි පැලයක් ගැනම පමණයි. පුංචි පැලයකට අවශ්‍යය වන්නේ වාතය,ජලය,පොහොර සහ සුව පහසුවෙන් වැඩෙන්නට අවැසි ස්ථානයක් පමණයි.

වාතය
ජලය
පොහොර
ස්ථානය
මේ සියල්ලම නිසි පරිදි ඇත්නම් ඒ පැලය මැනවින් රෝපණය වෙන්නේ ඉබේමය. එහෙත් එයට නොයෙකුත් ආකාරයේ කෘතිම පොහොර ගෙනැවිත් එකතු කරන්නේ නම් එහි ඇති වටිනාකම හීනවී යනු ඇත. එලෙසමය අප සමාජයේ දිවිගෙවන්නාවූ පුංචි මල් කැකුළු වන් හය හතර නොතේරෙන දරු දැරියන්ට ඔවුන්ගේ වයසට නොගැලපෙන අයුරින් නොයෙක් දේ පරිශීලනය කරන්නට දීම නිසා හා දෙමාපියන් විසින් ඔවුන්ට දිය යුතු වන

මෙත් සිත
කරුණික බව
සතුටු සිත
මැදහත් සිත
ආදරය
ආරක්ෂාව
ආදර්ශය
යන කරුණු හත මැනවින් මව හා පියා තුළ නොමැති බැවින් අද ගැටළු වලින් පිරිපුන් සමාජයක් බිහි වී අත. ඉහත සදහන් කරුණු සතෙන් මුල් කරුණු සතර මව සතු විය යුතුය. අනිකුත් කරුණු තුණ පියා සතු විය යුතුය. පැරණි සමාජය තුළ හැදුන වැඩුන දූදරුවන් හරි හොදයි. දැන් ඉන්න දරුවන් යක්ෂයන් වැනි යැයි ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. හොද්දට අවශ්‍යය කලමණාකරන සියල්ල අඩු වැඩියකින් තොරව යොදන්නේ නම් ඒ හොද්ද රසයෙන් අනූනය. අන් සියල්ලද එබැවින්මය.

හොද හිත පතුරමින් යහගුණ   දැණුම දිදී
හදනා දරුවො වැඩඹෙයි  ලොව සුවද දිදී
පත්වන විපත් දැක දුරදිම    පැහැයෙ රිදී
සන්තක සිතින් වැඩකරලමු     සිතින් රැදී



Thursday, August 15, 2013

හෙළදිව පතල නාමය කිම කිලූටු වෙලා


හෙළදිව සදිසි සුසිරිත් ගුණ ඉවත හෙලා
මළගම සපිරි කැණහෙළි ගති අගය කලා
පරගැති දුගුණ හදපතුලෙන් ඉවත නොලා
හැසිරුන නිසා අද ඇත සැම වියරු වෙලා

සැනසුම සපිරි දිවි පෙවෙතක අරුත සොයා
වැනසුම විදින්නේ සිහලූන් දෙනෙත  පියා
පරගැති සියළු අවගුණයන් වෙතම අයා
හිනැහුන නිසා ඇත සැම අද නිවට නියා

විරු දුටුගැමුණු නරපතියන් ලෙස රුදුරූ
කොන්දක් පණ ඇතිව රට රැකුමට රුසිරූ
නැතිනම් පනක් කටඇර දෙසුමට මියුරූ
පෙන්දන් නිවට ඉහලට පත් කළෙ කවුරූ

හෙළදිව පතල නාමය ලොව රැව්දේවා
මුලසුන සිටින නිවටයො හැම නැතිවේවා
නොපෙනෙන සිහළ දෙණුවන් හැම පැහැදේවා
හෙළදිව මුසලයෝ මින්මතු මියැදේවා

මෙත්බුදු හිමියනේ ඔබ බුදුවන දිනට
මිසදිටු සැවොම වනසාලනු මතු කපට
යහමග හොවා මිසදිටුවන් වන සැමට
රැකදෙනු මැනවි හෙළදිව සිහලූන් අපට

අනියත දහම නියතය යැයි සැවොම සිතා
රැස්කර ගනී පව්මුල් සසරටම ඔතා
පිංකර සිහලූනේ තිදොරෙින් නිවන පතා
වෙන්කර ගනිමු මුසලූන් නැති භවය පතා

සත්හට වන නියා දුක් හැම දුරු වේවා
ලක්දිව සිහල නාමය යළි රැව්දේවා
මිසදිටු සියලූ සත සම්දිටුවන් වේවා
විරු දුටුගැමුණු තිස් යලි ලොව උපදීවා




Thursday, May 09, 2013

::: විශ්ව යාථාර්තය නම් කුමක්ද? :::

ඇතිව නැතිවන ලෝකයේ අප මැරි මැරී උපදිමින් ගෙවන මේ මිනිස් මෙන්ම නොමිනිස් දිවියට මනා පන්නරයක් ලබන්නට නම් ලෝකයේ පැවැත්ම මෙන්ම ඒ පැවත්ම මනා අයුරින් හසුරවන ආකාරයද මැනවින් දත යුතුය. එලෙසම ඒ පැවැත්ම නැවැත්මකින් තොරව මැනවින් පවත්වා ගන්නට අවැසි යහපත් මානසික ප්‍රතිපදාවක් නිමවා ගත යුතුය. ඔබ මනා යහපැවැත්මෙන් තොර දිවියක් ගත නොකරන්නේ නම් ඔබේ දිවියේ වැනසීමක් මිසක් සැනසීමක් ලද නොහැක්කේමය. ඒ මන්ද යත්?



Friday, April 12, 2013

::: ඔබ එක් දිනක් සතුටින් ජීවත් වෙනවාද? හැමදාම සතුටින් ජීවත් වෙනවාද? :::

සිංහලයා සතු වූ හෙළ සිරිත් විරිත් සියල්ලම නැවත මතක් කර දෙමින් වැරදුන සියල්ල හා මග හැරුන සියල්ල නැවත සකසමින් නොහොද නෝක්කඩුකම් සියල්ලම මග හරිමින් අලූත් දවියක් ගෙවන්නට මන්පෙත් හෙළි කරන දිනයකි සිංහල හිංදු අලූත් අවුරුද්ද’ එහෙත් අද ඔබ එය භුක්ති විදින්නේ කෙසේද?


Friday, March 22, 2013

::: උමතු භාවය යනු කුමක්ද? :::

සැබවින්ම අප සෑම පුද්ගලයෙකුම උත්පත්තියෙන් උමතු වූවන් වන බව ලොව්තුරා බුදුන් වහන්සේ මැනවින් දේශණා කොට ඇත. ඒ කෙසේද යත්?

සබ්ඛෙ පුථුජ්ජනා උම්මත්තකා යනුවෙනි. මෙයින් උන්වහන්සේ පැහැදිළි කරන්නේ කුමක්ද? හොද නරක මැනවින් වටහාගෙන කටයුතු කරන්නාවූ සියලූම පුහුදුන් මිනිසුන් උම්මත්තකයින් බවයි. අප මේ බව තවත් වටහා ගන්නට මෙය ගැන වමසමු. ඒ කුමක්ද? 



Wednesday, February 27, 2013

::: තැවෙන්නට නොව තනන්නට ජීවිතේ :::

* ඔබ අන්‍යයන්ට අවැසි අයුරින් කටයුතු නොකරන්න

*මැරුනු බල්ලාට කිසිවෙක් පයින් නොගසයි

*ඔබට ගැටලූවක් නැත්නම් ඔබ අසාර්ථක මාවතේ පිය මනිනු මිස සාර්ථක මාවතේ පිය නොමනිනු ඇත. ඒ මන්ද ඔබ හමුවට ගැටලූ පැමිණෙන්නේ ඔබව සවිමත් කරන්නට මිසක් ඔබව තවත් පසුපසට ඇද දමන්නට නොවේ. එබැවින් ඔබ ගැටලූ පැමිණි පසු සතුටු වන්න. ඒ ගැටලූ හැමුවේ සුසුම් හෙලන්නට නොයන්න. ඒ මන්ද ඔබ නිතැතින්ම ඔබ තුළින්ම ගොඩ නැගිය යුතු නිසාවෙන්මය.



Monday, February 18, 2013

::: ථේරවාදී බෞද්ධ භික්ෂුන්ෙග් හෙට දවස කෙබදුවේද? :::


ක්‍රි.ව.1505 න් ආරම්භවූ ථේරවාදී බෞද්ධ විරෝධි ආකල්පය අද වන විට මුලූ දිවයින පුරා උඩුදුව ගිය පිලලයක් බවට පත්වී තිබේ. මේ පිලිකාවට බෙහෙත් සොයා යාම නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් කියන්නා සේ අපේ අසිංහල කලූ සුද්දන් කාලයෙන් කාලයට නොයෙකුත් විකාර කතා කියමින් බුද්ධ ශාසනය රැක ගැනීමට කතා කිරීම දැන් ඇනස්ලි ඩයස්ලාගේ විහිලූවක් බවට පත්වී ඇත .


Tuesday, February 12, 2013

::: ආදරයේ පුෂ්පය රෝස මලය :::

ආදරයේ පුෂ්පය රෝස මලය දින තුනකින් එහි සියලූ පෙති සිදී බිදී ගොස්
ඉතිරි වන්නේ කටු පිරි කිසිවෙකු දකින්නට පිය නොකරන නටුව පමණි.

මෙය මේ අයුරින් සිදු නොවන්නේද ඔබේ දිවිය තුළද? සිදු වෙනවා නේද? එහෙත් එය තේරුම් නොගන්නේ මන්ද? එය මැනවින් තේරුම ගෙන කටයුතු කරන්නට නොපෙළබෙන්නේ මන්ද? ආදරය පටන්ගන්නේ කාමයෙනි. 




Tuesday, February 05, 2013

::: ඔබ සැලැස්මක් හදන්න ඒ සැලැස්ම ක්‍රියාත්මක් කරන්න :::

හිසට වහලක් නැතත්
සොයා යව් විදුහල
ගත වෙව්ලන සීතලෙන්
ගනිව් පොත සුරතට
පාපිපාසා පහරන
මොලවව් ඥාන අග්නිය
එයයි තොප ආයුධය.


මෙය මේ අයුරින්ම ඉටු කරන්නට ඔබ වෙර දරන්නේද? එසේත් නැති නම් ඔබ මහා වියතෙක් නොවී වියතෙක් අයුරින් වදන් තෙපලන්නට වෙර දරන්නේද? පුද්ගලයා සතු සාර්ථකත්වය නිවැරදිව ලබන්නට නම් ඔහු ඒ සදහා මනා ශක්තිමත් පියවරක් තැබිය යුතුය. ඒ පියවර මනා විශ්වාසයෙන් තබන්න. ඒ තුළින් ඔබ මනා ශක්තිමත් සාර්තකත්වයක් කරා පියමනින්නේ නිතැතිනි.


Monday, January 28, 2013

::: කෝප වී ඔබගේ යහපත් චින්තනය විනාශ කර ගන්නවාද? :::

මිනිසා ස්වභාවයෙන්ම තමන් සිතන පතන අයුරින් ස්වකීය සිතුවිලි සතපවන්නට නොහැකි තැන කෝපවන්නට පෙළඛෙනු ඇත. එබැවින් අප නිතරම සිහියෙන් කටයුතු කරන්නට පෙළබිය යුතුව ඇත. එසේ නැත්තේ නම් අපගේ දිවියේ ආයුෂ පිරිහී යනු ඇතැයි අප නිතරම සිහියෙහි තබා ගත යුතුයි. එසේම අපගේ සිතේ කෝපයක් ඇති වූ කල්හී කිසිදු යහපත් චින්තනයක් ඇතිකරගත නොහැක. එබැවින් අප කේන්ති ගැනීම අපගේ විනාශයට මූලික හේතුවක් වනු ඇත. එය හරියට උණ ගසක් ස්වකීය ඵලය නිසා විනාශයට පත්වීම හා සමානය. එබැවින් අප සෑම මොහොතකම කෝප වී ප්‍රකෘතියෙන් සිතා බුද්ධියෙන් කටයුතු කිරීමේ ස්වභාවය විනාශ කරගන්නේද? එසේම ජීවත්වන්නට තිඛෙන ආයු කාලය විනාශ කරගන්නවාද?