::: ඔබ සැලැස්මක් හදන්න ඒ සැලැස්ම ක්‍රියාත්මක් කරන්න :::

හිසට වහලක් නැතත්
සොයා යව් විදුහල
ගත වෙව්ලන සීතලෙන්
ගනිව් පොත සුරතට
පාපිපාසා පහරන
මොලවව් ඥාන අග්නිය
එයයි තොප ආයුධය.


මෙය මේ අයුරින්ම ඉටු කරන්නට ඔබ වෙර දරන්නේද? එසේත් නැති නම් ඔබ මහා වියතෙක් නොවී වියතෙක් අයුරින් වදන් තෙපලන්නට වෙර දරන්නේද? පුද්ගලයා සතු සාර්ථකත්වය නිවැරදිව ලබන්නට නම් ඔහු ඒ සදහා මනා ශක්තිමත් පියවරක් තැබිය යුතුය. ඒ පියවර මනා විශ්වාසයෙන් තබන්න. ඒ තුළින් ඔබ මනා ශක්තිමත් සාර්තකත්වයක් කරා පියමනින්නේ නිතැතිනි.
එහෙත් ඒ සාර්ථකත්වය එක දවසකින් හෝ එක පැයකින් ලැබිය හැකි දෙයක් නම් නොවේ. ඔබේ දිවියට පුංචි අවදියේදී නොලැබුනු යම් සැපයක් ඇත්තේ නම් ඒ සැපය ඔබට දැනුම් තේරුම් ඇති අවධියේදී හෝ ලබා ගන්නට වෙර දරන්න. ඒ සදහා ඔබ නිතරම සිදු කරන හම කාර්යක්ම මැනවින් සිදුකරන්න. කම්මැලිකමින් යුතු මානසිකත්වයකින් යම් ක්‍රියාවක් සිදු කරන්නට වෙර දරන්නේ නම් ඒ කාර්ය සාර්ථක නොවනු ඇත. ඒ මන්ද ලිපේ තබා ඇති බත ඉදෙන්නටද යම් සැලකිය යුතු කාලයක් අවශ්‍යයි. ඒ මන්ද එය ක්‍රමක්‍රමයෙන් සැකසිය යුතු බැවිනි. එසේ නොවී බත ලිප තැබූ සැනින් පසෙකට ගන්නේ නම් එය මැනවින් සැකසී නැතැයි අපට වටහා ගත හැකිය.

ඔබ යමක් කරන්නට කලියෙන් එයට මනා සැකැස්මක් පළමුවෙන් නිමවාගත යුතුයි. එසේම එය මැනවින් කි්‍රයාත්මක් කරන්නටද පෙළබිය යුත්තේ නොසැලෙන අධිෂ්ටානයෙන් යුතුවමය. එය එසේ සිදුකරන්නේ නම් ඔබ හදිස්සි නොවිය යුතුයි. ඒ මන්ද ඔබ හදිස්සි වූ පමණින් සියල්ල එකවර සිදු නොවේ. ලෝකයේ යමෙක් සාර්ථකත්වයට පත්වුණා නම් පත් වුනේ පියවරෙන් පියවර පෙරට පිය මැන මිස අඩි ගණනක් එකවර ඉදිරියට පිය මනිමින් නම් නොවේ. ඔබ අතේ ඇත්තේ සුලූ මුදලක් නම් එය මනා අරපරිස්සමින් යුතුව විය පැහැදම් කරන්න. ඔබේ දෙමාපියන් සතුව ඇති දේපල මුදල් හදල් වලට අනුගතව ඔබේ දිවියට අවශ්‍ය කරන දෑ භුක්ති විදින්නට පුරුදු වන්න. ඔබ දිනකට උපයන්නේ රුපියල් 500ක් නම් ඒ රුපියල් 500ට අනුව වියදම් කරන්නට වෙර දරන්න. එසේ නොකොට ඔබ ඔබේ ප්‍රමාණයට වඩා උදම් අනමින් කටයුතු කරන්නට පෙළඛෙන්නේ නම් ඔබේ දිවියේ අදුරක් මිස ආලෝකයක් දැකිය නොහැක. ජීවිතය දිනන්නට ජීවිතය ගැන කතා කරන්නට අප හැමොම උත්සහ කරන ප්‍රමාණය බොහොම විරලයි. එබැවින් එකිනෙකා සතු ගැටලූ මොනවාදැයි සමහරෙක් නොහදුනයි. එහෙත් සියල්ල වැටහෙන විට සියල්ල සිදුවී හමාරයි යන වදන තෙපලන්නට වෙර නොදරමින් ඔබේ දිවියේ ආලෝකය මැනවින් නිමවන්නට ඔබ සතු යහපත් නොසැලෙන ධෛර්යෙන් යුතු ආකල්පයන් රෝපණය කරන්න. ඔය ඔබටත් මුලූ ලෝකයටත් මනා යහපතක් සිදු කරනු ඇත .

   
නොදැනීමට දැනීමක් මුසුකර අවිදු අදුරට විදු පහන් දල්වන්න ඔබ නිතරම වෙර දරන්න. ඒ සදහා ඔබ සිප් සතර හදාරන කාලයේ එය ඒ අයුරින්ම සිදු කරන්න. ඔබේ සුන්දර ළමා කාලය ළමයෙක් අයුරින්ම ගෙවන්නට වෙර දරන්න. තරුණ කාලය යහපත් තරුණයෙක් අයුරින් ගෙවා දමන්න. මහලූ කාලය මහලූ අයුරින් ගෙවා දමන්න. එය ඔබට මනා යහපතක් ඉටු කරාවී. එහෙත් ඒ ඒ කාල පරාශයන්හිදී ඒ ඒ  කාළයට ගැළපෙන කි්‍රයාවන්හී නොහැසිරෙන්නේ යමෙක්ද? ඒ පුද්ගලයා අවසානයේදී මානසික පීඩනයන්ගෙන් ග්‍රහණය වූ දුක්ඛිත මනසක් ඇත්තෙකුම වන්නේය. එහෙත් අප ඒ අයුරින් දිවි ගෙවන්නට අකැමති නිසාවෙන් ඒ ඒ කාලයන් තුළ මනා යහපත් ඇවතුම් පැවතුම් වලින් යුතු දිවියක් ගත නොකරණ නිසා අද දුක් විදින බව සිහියේ තබා ගත යුතුය. දෙමාපියන්ගේ භූමිකාව ළමා කාලයේදී අනුගමනය කරන්නට යන්නේ නම් ඒ දරුවාගේ මනසට මහත් ව්‍යාකූලත්වයක් ඇතිවනු ඇත . එබැවින් ඔබ නිවැරදිව සිතන්න. නිවැරදිව කටයුතු කරන්න. එය ඔබව මහා වියතෙක් හා නැණවතෙක් බවට පමුණුවනු ඇත නිසැකයෙන්ම.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::