::: ථේරවාදී බෞද්ධ භික්ෂුන්ෙග් හෙට දවස කෙබදුවේද? :::


ක්‍රි.ව.1505 න් ආරම්භවූ ථේරවාදී බෞද්ධ විරෝධි ආකල්පය අද වන විට මුලූ දිවයින පුරා උඩුදුව ගිය පිලලයක් බවට පත්වී තිබේ. මේ පිලිකාවට බෙහෙත් සොයා යාම නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් කියන්නා සේ අපේ අසිංහල කලූ සුද්දන් කාලයෙන් කාලයට නොයෙකුත් විකාර කතා කියමින් බුද්ධ ශාසනය රැක ගැනීමට කතා කිරීම දැන් ඇනස්ලි ඩයස්ලාගේ විහිලූවක් බවට පත්වී ඇත .

ඒ නිසා සාම වෙළදුන්ගේ කූට උපායන්ට රැුවටුනු අපේ පාලකයින්ට රටේ ජනතාවත් අපේ සම්බුද්ධ ශාසනයත් විනාශ කිරීමට වෙර දරන අයුරු ඇස් පණාපිට පෙනි පෙනී තිබුණත් අපේ සිංහලයන් ඇස් කන් පියාගෙන සිටින අයුරු නින්දා සහගතය. නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශණයකට හා නිවහල් ජාතියකට උරුමකම් කියන හෙළයා පිළිබද මේ මූලධර්ම පාස්ටර්වරු කියන්නේ හරි අපූරු කතාවකි. අපේ සිංහල ජාතියේ ආරම්භය පවා වෙනස්කර ඇති මොවුන් මහාවංශය අලූතින් ලිවීමට ආරම්භ කර ඇත . මොවුන් පවසන පරිදි විජය රජු යොහෝවාගේ සාක්ෂි කරුවෙකු වේ. ඉංදියාවේ සිට මෙහි පැමිණි විජය රජු කි‍්‍රස්තූන්ගේ ගොලයෙකු ලෙස හදුන්වන මොවුන් හෙළයා කි‍්‍රස්තු භක්තිකයන් ලෙෂ හදුන්වයි. එපමණක් නොව අපේ පෞඩ රාජ වංශයද? කතෝලික ලෙෂ ඔවුන් නම් කරයි. ඔවුන්ට අනුව කාශ්‍යප රජු වලගම්බා රජු කතොලික රජවරුන් ලෙෂ ඒත්තු ගන්වන්නට මොවුන් උත්සහ දරයි. සියල්ල මෙසේ පවතිද්දී අපේ හාමුදුරුවරු ජනතාවට එපා කරවිම සදහා නොයෙකුත් අයුරින් කටයුතු කරන අයුරු නගරයෙන් ඈත ගම් දනව් තුළ දැකිය හැක. බෞද්ධ භික්ෂූන් වහන්සේ උදෑසන දැකීම පවා අසුභ දසුනක් ලෙස පවසා ගමේ ්පන්සලේ හාමුදුරුවන් සාතන්ගෙන් පැවත එන පව් කාරයෙකු ලෙස පෙන්වා දෙන තරම් මේ බලවේග ශක්තිමත්වී ඇත . වර්ථමානයේ පෙර පාසැල්වල පවා නොයෙකුත් වැඩ සටහන් ඉදිරිපත් කර බෞද්ධ භික්ෂුව විනාශ කිරීමට අර අදින අයුරු ඇස් කන් ඇති  ඕනෑම මිනිහෙකුට පෙනෙනවා ඇති. එපමණක් නොව මෙම මූලධර්මවාදී පාස්ටර්වරුන් ලොව වෙනත් රටවලද බෞද්ධ භික්ෂූන්ට තර්ජන එල්ල කිරීම වෙහෙර විහාර විනාශ කිරීම නිතර අපට අසන්නට දකින්නට ඇති කරුණු කාරණාය. අපේ රටේ එක්තරා ව්‍යාපාරිකයෙක් තම මුල් ආගම වෙනස් කර අධික ධනයක් හිමි කාන්තාවක් සමග ඵීවාහ වී තිබේ. අද වන විට අංක එකේ ව්‍යාපාරිකයෙකු බවට පත්වී ඇති මොහුට මේසා මුදල් ලැබෙන්නේ බටහිර මූලධර්ම වාදීන්ගෙන් බව නොරහසකි. සෝම හාමුදරුවන්ගේ අභිරහස් ඝාතනයේ සිට මේ දක්වා අපේ ආගමත් අහිංසක බෞද්ධයාත් බෞද්ධ භික්ෂූන් වහන්සේත් විනාස කිරීම සදහා රුපියල් බිලියන ගණනින් වියදම් කරන බවට මීගමුව පැත්තේ එක්තරා පාස්ටර් වරුන්ගේ දේවස්ථානයකිදී සදහන් කර ඇත . අදවන විට පාර්ලිමේනතුව හරහා මැති ඇමතිවරුන් බිලිබා ගැනීමේ ව්‍යාපාරයකටද අත ගසා ඇත . දෙවියන් වහන්සේගේ බලයෙන් පාර්ලිමේන්තුවට පත්කළ මන්ත‍්‍රී වරුන් හරහා බුද්ධාම පෝෂණය කරන අන පනත් අහෝසි කර බෞද්ධ සිද්ධස්ථාන ෂතු දේපල රජයට පවරා ගැනීම හෝ වසර 5ක කාලයකට රජයේ සංවර්ධන වැඩවලට යොදා ගැනීමටත් විහාරස්ථාන සදහා අධික බද්දක් අයකිරීමටත්, බුද්ධ ශාසන අමාත්‍යංශය හරහා ලබාදෙන මූල්්‍යාධාර අහෝසි කිරීමටත් මේ පාස්ටර් වරුන් යොජනාකර තිබේ. එහි එක් ප‍්‍රතිඵලයක් ලෙස අනුරාධපුර දම්පීඨයේ හිමිවරුන්ට ලබාදෙන ආධාර මුදල් ටික දිනකට හෝ කපා හැරීම දැක්විය හැකිය. මෙය එකකි. තව බොහෝ දේ දැක්විය හැක. පසුගිය කාල වකවානුවේ මේ මූලධර්ම වාදී ඇමරිකන් නියෝජිතයින් තිදෙනෙකු එක්තරා රාජ්‍යනායකයෙකුගේ නිල නිවාසයකදී පැවති සාකච්ඡුාවකදී පවසා ඇත්තේ පාර්ලිමේන්තුව හරහා ගෙන එන පනතට විරුද්ධත්වය ප‍්‍රකාශ නොකරන්නේ නම් අප රටට ලබා දෙන විදේශ ආධාර මුදල් ලබා නොදෙන බවයි. ලෝකයේ කිසිදු රටක සිදු නොවෙන ලෙස බෞද්ධයන් සදහා ලබාදෙන 72% පමණ වූ ආධාර මුදල් ප‍්‍රමාණයන් වෙනත් ආගම් වෙනුවෙන් ගලා යාම කවර තත්වයක් යටතේ සිදුවන්නේද? යන්න ඇස්කන් හැර බැලීමට කාලය උදාවී තිබේ. සියල්ල මෙසේ පවතිද්දී 35000ක් පමණ වන අප රටේ බෞද්ධ භික්ෂුන් වහ්සේලා පිළිබදව සොයා බලන්නට හෝ භික්ෂු අධ්‍යාපන පීඨ වසා දමන අයුරු බලන්නට තරම්වත් මේ අමාත්‍යයංශ ලේඛම් වරුන්ට වෙලාවක් නැතග මන්ද මොවුන්ට එක එක ඛාන්ලාගේ සංගීත ප‍්‍රශංග භැලීම ඊට වඩා වටිනා බැවිනි ග  මේ පිළිබද සත්‍ය ලියන කතා කරන පුද්ගලයින් සදාචාර විරෝධි මෙන්ම මාධ්‍ය විරෝධි පිරිසක් ලෙෂ නම් කර තිබේ ග මේ වන විට මොවුන් අත ගසා ඇති අලූත්ම දේ අපේ මහා සංඝරත්නයට හා ප‍්‍රසිද්ධ කි‍්‍රයාකාරී දහම් කතික හිමි වරුන්ට එරෙහිව විවිධ විරෝධි මත ප‍්‍රචාරය කිරීමටත් කහ සිව්රේ ගෞරවය විනාශ වන අයුරින් පිලිකුල් කිරීමටත් නැගෙනහිර පංසල් තුළින් ඉතිරි භික්ෂුන් වහන්සේලා බිය වද්දා එලවා දැමීමටත් නටඹුන් වූ වෙහෙර හා ආරාම පොළවට සමතලාකර ඒවා විවිධ ව්‍යාපෘති සදහා ලබා දීමත් හාමුදුරු වරුන් දග ගෙට දැමීමත් මේ මුලධර්මවාදී පාස්ටර්වරුන් ජයටම කරගෙන යති ග අප රටේ ස්වාදීන මාධ්‍ය ව්‍යාපාරත් මාධ්‍ය වේදීනුත් මේ වැඩපිළිවෙලවල් වලට කඬේ යෑම ඉතා නින්දා සහගතය ග පසුගිය කාලයේ අප රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමූල ඝාතනය කරන විට මේ නිදහස් මාධ්‍ය කොහේ තිබුණාදැයි අපට ප‍්‍රශ්ණයකි ග අප රටේ සිටින බුද්ධ ශාසන ඇමතිවරු හා ජාතික උරුමයන් පිළිබද ඇමතිවරු දැන්වත් මර නින්දෙන් නැගිට මේ රටටත් ජාතියටත් සිදුවීගෙන යන විපත දෙස ඇස්කන් හැර නොබැලූවහොත් හෙට දින අපට ඉතිරිවන්නේ චිකාගෝවකි . 

මේ වපත දැක ශක්දෙව්රජුගේ පඩුපුල් අසුන රත් නොවූවත් අඩු තරමින් බඩමහත මහජන නියෝජිතයින්ගේ පුටුවවත් මේ ශාසනය රැුක ගැනීමට උත්සුක විය යුතුය ග එසේ නොමැතිව පුවත්පත් සාකච්ඡුා පවත්වා හෝ රූපවාහිණි සංවාද පවත්වා ඵලක් නැත ග  මේ බුදු පුතුන්ට සිදුවන ව්‍යසනය ගැන හෙට නොව අදම පිළියමක් සොයා බලා සාසනය තුළ ජීවත්වන්නට සුදුසු පරිසරයක් ඇතිකර දිය යුතුය ග භික්ෂුන් වහන්සේලා සිව්රු හැර යාමට හේතු සෙවිය යුතුය ග දාන වේලක් නොලැබෙන ඈත දුෂ්කර ගම්වල භික්ෂූන්ට දන්වෙල්ක් දිය යුතුය ග උගත් ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා සොයා බලා උන්වහන්සේලාට ගරුකළ යුතුය .  නැතිනම් සිදුවන්නේ මේ කලියුගය අවසන් වන්නට පෙර නොව හෙට අනිද්දාම අපේ ශාසනය විනාශවී එහි කෞතුකාගාරය නැති නම් බොගම්බර සිරගෙදර සාසන මළගමට පාංශුකූලය දීමටය .

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::