Saturday, May 20, 2017

යනවා අම්මේ රජ මැතිවරු දෙනෙත පියා

දැනුනම කුසගින්න නිමවන මගක් සොයා
යනවා සැවොම මහමග වෙත දෑත අයා
එනමුත් කුසේ කුසගින්නක් නොමැති නියා
යනවා අම්මේ රජ මැතිවරු දෙනෙත පියා

පෙරදින අම්මේ අප කළ පව්කම් හින්දා
අදදින මෙහෙම පාරට බැසගත් හින්දා
විදිනට උනා නොව අම්මේ දුක් නින්දා
නාඩන් අම්මේ නාඩන් නුඹ ඉකිබින්දා

ජීවන ගමන කටුකයි නොව මගෙ අම්මේ
පාවෙන සිතේ සිතුවිලි මත හද නැම්මේ
ඉවසාදරාගෙන සිටි නම් පෙර අම්මේ
මේවැනි දුකක් විදිනට නොමැතිය අම්මේ

පෙර අත්භවේ මසුරුව අප වසපු නිසා
මෙලෙසට වෙන්න ඇති සසරෙ කරුම නිසා
මතු අත්භවේ කදුලැලි සහ මුලින් නසා
සැනසුම පතා නාඩන් පුත ඉකිම ගසා

රචනය-මැදිරිගිරියේ සෝමානන්නද හිමි

පරගැති විරිත් හෙළ සිත් තුල මවාගෙන


සම්බුදු සසුන වනසන්නට බලාගෙන

කම්මුතු කරන්නට වෙහෙසෙන මහ සගන සුරකින්නට සිතා දිවියෙන් වැඩකරන හිමිවරු අපේ සුරකිනු මැන දෙවිවරුන පරගැති විරිත් හෙළ සිත් තුල මවාගෙන යනවා අපේ ඉතිහාසය ගසාගෙන හෙළ රජවරුන් කහ සිව්රෙන් වසාගෙන රජකල අයුරු මතකද දිවි නසාගෙන දස රජදහම් මුවගින් නිති දොඩාගෙන නරිහම් ගොඩක් සිය සිරුරෙහි පොරෝගෙන සුරකිමි මෙඅප බුදුදම් දිව මහෝගෙන කියවපු එවුන් ඇයි අද කට කසාගෙන පෙර රජ දරුවො සිය පන මෙන් මහ සගන රැුකගත් අයුරු මතකයෙ නැත මෙඅද දින අතුගා දමා ඉතිහාසය පෙනෙන තැන වෙහෙසෙයි නසන්නට හැමදෙන බුදු සසුන තලනා විටදි කඩු මුවහත වැඩෙන ලෙස වනසන විටදි වැජඹෙයි බුදු සසුන් කෙත සිටිනා තැනක ලොව දෙවියන් සදන් සෙත උරදෙනු මැනවි රැුකගන්නට සසුන් කෙත හිරුගේ එළියමෙන් කහවත බැබලේවා සියවස් දහස් ගණනක් ලොව පවතීවා වනසා දමන්නට එන හැම වියැකේවා සම්බුදු සසුන හිරු සදු මෙන් සුරැුකේවා

රචනය- මැදිරිගිරියේ සෝමානන්ද හිමි