මගේ දැක්ම

අපි අතීතය තුළ වැරදි පුද්ගලයෙකු ඇසුරු කළා නම්
ඔබ සමගින් හිද වෙන්වී යන්නට ප්‍රථම එය වටහා ගන්නට නොහැකි වන්නේ අපද ඒ වරදට යම් පිටුවහලක් වන්නට මග පෙන්වූ නිසාවෙන් වන්නටද පුලූවනි
ඒ නිසා අපි කිසිවෙකුට වරදක් නොකියා අප සතු වරද නිවරද කරන්නට වෙහෙසෙන්නේ නම් ඒ තුළින් මහත් දිගු ගමණක් අපට පිය නගන්නට හැකිය
එසේ නොවී අප අපගේ අතීතය ගැන කළ කිරෙන්නේ නම් එය අපගේ අනාගතයද විනාශ කරන්නට මහා බාධකයකි
 අවිදු අදුරු ලොව

අවිදු අදුරු ලොව දිවිය ගෙවන අප ඒ අවිදු අදුරෙන් මිදෙන්නට හැම මොහොතකම කටයුතු කරනවා මිසක් තව තවත් ඒ අවිදු අදුරේ ගැලෙන්නටම කටයුතු කරන්නට නොවෙහෙසෙන්න. එය ඔබ සතු අනාගත සැනසීම තව තවත් මන්ද මානසිකත්වයකට ඇද දමයී.

ඔබ හැම මොහොතකම සිදු කළයුත්තේ ඔබ සතු මනස හා නැණස බුද්ධියෙන් පරිපූරණය කරන්නට මිස වෙනත් තාවාකාලික තෘප්තියක් ගෙනදෙන අදහස් තුළින් හෝ ක්‍රියාවන් තුළින් පෝෂණය කිරීම නම් නොවේ. ඔබ මුලු මහත් විශ්වයම සතු එක පුරුකක් පමණි. ඒ පුරුක නිවැරදිව නොහැසිරෙන්නේ නම් එය හේතුකොටගෙන තවත් බොහෝ පිරිසක් කටයුතු කරන්නට වෙහෙසෙනු ඇත. ඒ මන්ද? අප දිවි ගෙවන මේ ලොව තුල සිටින්නවුන් ගතානුගතිකත්වයම පමණක් අගයමින් හැසිරෙන්නට වෙර දරන නිසවෙනි.



 ~ ~ ~ මගේ දැක්ම ~ ~ ~
ජීවිතය තුල අප කැමති නිතරම සතුට පමණක් භුක්ති විදින්නටම පමණි. ඒ නිසාම නොයෙක් කටයුතු කරන්නට පෙළබෙයි. එතේ ඒ කටයුතු තමන් සිතන පතන අයුරින් ඉටු නෙවුනු සද සරාගත නොහැකි වේදනාවක් ස්වකීය හදවත තුල උපදී. එය වනසාලන්නට කෙතරම් වෙහෙස මහන්සියක් දැරිය යුතු? නමුත් අප මුලින් සිතුව නම් මේ අප පතන දෑ ඒ අයුරින් ඉටු නොවනු සද එවිට සිත ශක්තිමත් කරගත යුතු කෙසේද යන වග? එවිටම අපගේ සිත සෑම ගැටලුවක් හමුවේම යම්තාක් දුරට හෝ දුක ඇති උනත් පාලනය කර ගත හැකි වන්නේය.



ලතැවිල්ලෙන යුතු අතීතය දෙස ඔබ නොබලන්න.....

එය ඔබේ දිවිය තවත් දුකට පමුණුවයි......
ඔබ අතීතය ලැන නොසිතා........
අනාගතය ලස්සන පරිසරයකින් යුතු දිවියක් 

නිමවන්නට වෙර දරන්න.........
ඒ තුලින් ඔබ සතු වූ අනාගතය මැනවින් 

නිර්මාණය කරගත හැකිය.....


ඔබ මවන සිහින මාලිගා මැනවින් තමන් විසින්ම නිර්මාණය කරමින් සතුටු වන පුද්ගලයෙකු වන්නට වෙර දරන්න. එය ඔබේ දිවිය තුල මනා තෘප්තියක් ඇති කරයි. කිසිවෙකුට වනසාලිය නොහැක.



 

අප පසු බසින්නේ අපගේ විනාශය කරා මිස දියුණුව කරා නොව


යමක් කරන්නට අරඹන්නේ  යම් මොහොතකද ඒ  අරඹන  කටයුත්ත මැනවින් ඉටු කර හමාර කරන මොහොත යම් මොහොතකද එලබෙන්නේ..? ඒ තාක්කල් එය මැනවින් ඉටු කරන්නට වෙර වීරිය දරනු මිසක් මෙය මට කළ නොහැකිද...? හැකිද...? යනුවෙන් සිතමින් නොයෙකුත් අයුරින් අපගේ මනස පීඩාවට පත් කලහොත් කිසිදු කටයුත්තක් මැනවින් ඉටු කර නිමා කරන්නට ලැබෙන හැකියාව අඩු වනු ඇත.අනතුරු පසු තැවීමටද පත් වන්නට සිදු වනුයේද ඔබටමය.එබැවින් ඒ ගැන මනසින් සිතා නැණසින් කටයුතු කරන්නට උත්සහ දැරිය යුතුය.


 




 දිනයක් නිමා වී තවත් දිනයක් උදාවනුයේ




දිනයක් නිමා වී තවත් දිනයක් උදාවනුයේ අප සියලුම දෙනාට අලුතින් පියක් ඉදිරියට තබන්නට මිසක් නැවත් පියක් පසු බසින්නට නොවේ.එය අප මැනවින් වටහගෙන පෙරට යන්නට අදිටන් කලයුතුම මිසක් වෙන කිසිදු නුසුදුසු කාර්‍ය්ක් සිදු නොකළ යුතුයී.අපට දිවි ගෙවනට ලැබුනු කාල සීමාව සීමිතය.ඒ සීමිත වූ කාලය තුලින් මහත් වැඩකටයුතු කොටසක් කළයුතු යැයී අප නිතරම සිහියෙහි තබා ගත යුතුයී.එසේම ඒ සියලුම කටයුතු කරන්නට ප්‍රතම තමන් යම් මට්ටමක කායීක,මානසික මෙන්ම ප්‍රඤඤා ශක්තියක් ලබාගෙන සිටය යුතුයී.ඒ ශක්තිය ලබා ගත යුත්තේ අපගේ කුඩා අවදියේ සිටමය.




තමන් දිනවන තැනැත්තා



තමන් දිනවන තැනැත්තා මෙන්ම පරාජයට පත් කරන තැනැත්තාද තමන්මය.එය මැනවින් දැන තමන් දිනවන්නටම කැමති නම අප සියල්ලෝම සිත මැනවින් දමනය කරගෙන නිවැරදි දිවි මගක් ගෙවන්නට වෙහෙසිය යුතුය.ගිනියම් වූ ගිනි හුලක් දෙස බලන්නට අප සියල්ලෝම බියපත් වෙමු.එසේමය අපද සමාජයේ රත් වූ යවටක් වැනි ගිනි හුලක් මෙන් නැණසින් මෙන්ම මනසින් නැගී සිටින්නේ නම් එය අපගේ දිවියෙ ජයග්‍රහණය වෙත පිය මනින මාවතට පිවිසෙන එක් දොරටුවකි.තමන් ලත් දිවිය දිනවන්නට තමන්ට ම්නා හැකියාවක් ඇත.ඒ හැකියාව මැනවින් වැඩි දියුණු කර ගැනීම තමන් සතු කාර්‍ය්කි.එසේම ඒ හැකියාව මොට කරගෙන අමනයෙකු ලෙස කටයුතු කරමින් තමන්ගේ පරාජය සිදු කර ගන්නා හතුරාද තමන්ම වනු ඇත.මෙය මැනවින් දැන තමන්ගෙ හතුරෙක් වන්නට තමන්ගේ දිවියේ ජය ටැබ කොතනද?එතනට නැණැසින් මෙන්ම මනසින් පිය නගන්නට වෙර දරන්න.


















Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::