Postingan

Menampilkan postingan dari 2018

යදම් වලින් හිමි වරුන්ව බැද දමන්න තරම් අපේ

Gambar
යදම් වලින් හිමි වරුන්ව බැද දමන්න තරම් අපේ රජමැතිවරු නිවට වෙලා මොන ගුණයද ඒක තොපේ මේ රට ජාතිය ආගම රැකගන්නට හැමට අපේ කතා කලේ ඒ හින්දද ඇග භැන්දේ උඹල අපේ ජාති ජාති තරහක් නැහැ හෙලයනි මෙය අහපල්ලා උඹලගේ දරුවන් වෙනුවෙන් මෙහෙම උනේ හිතපල්ලා ඡාරයකට නැති එවුන්ව මේ රට තුළ හදපල්ලා ඊට පස්සෙ උඹල හැවොම මුහුදට පැන මැරියල්ලා ජාතිය ආගම නැතිවට කන්න බොන්න තියෙන නිසා කාකිය ඇදගත් එවුන්ට මහ උන්දල කියන නිසා මෙහෙම කරල මදි තොපිලා අපි කවුරුත් සිහල නිසා මරපල්ලා ඉක්මනින්ම අපි පරගැති නොවන නිසා රට ජාතිය රැකගන්නට ආගම දහමින් බැරිනන් කියපල්ලා මොකද අපිට කරන්න ඇති කිරිය බොලන් මේ හැම දේ වැනසෙනකොට ඒ හැමදේ බලා ඉදන් ඉන්නද බොල කියන්නෙ තොප අපිටත් කා නිකන් ඉදන් දානෙ හම්ඛෙනව තමයි දුප්පත් මිනිසුන්ගෙ අතින් ඒ හින්දා තමයි මෙහෙම අපිලට කැක්කුමත් ඉතින් පොඩි මිනිසුන් දා බිදුවෙන් උබලට කත් ඇදල ඉදන් හොයන තුට්ටුවෙන් නොවේද උබල ඉන්නෙ හිතන් බොලන් මෙහෙම ගියොත් ටික කලකින් බත්පත නැති වෙනව ඉතින් කැලේට ගොස් කර කොලයක් කන්න වෙනව ටික දොහකින් අදමිටුවන් දුරැර රටේ මිස දිටුවන් පහල වෙයන් ලෝ පාලක

සිංහලයට වුනේ මොකද?මනසින් විමසුම් බුද්ධියට දොරගුළු විවර කරන්නට

Gambar
සිංහලයා කිසිවෙකුට බරක් නොවූ මහත් එඩිතරව යහපත් පවුල් පසුබිමක් සමගින් ශිෂ්ට සම්පන්නව දිවි ගෙවූ ජාතියකි. එහෙත් අද ඔවුන් සිටින්නේ කොතනද?එය අපට මහත් පැනයකි. හරියට සත්‍ය වශයෙන්ම විමසා බලන කල්හී පෙනී යන්නේ අප අන්‍යයන්ගේ වහලූන් ලෙස තවමත් බියෙන් චකිතයෙන් යුතුව දිවි ගෙවන බවයි. එය එසේ වූවේ අපගේම වරදින් මිසක් වෙන කිසිවකින් නම් නොවේ. සිංහලයා කම්මැලියෙකි හැබැයි ඒ මෑතකාලීනව මිසක් මුල් කාලීනව නම් නොවේ. මුල් කාලීනව සිංහල මිනිස්සු හොදට වෙහෙස මහන්සි වී ගොවිතැන් බත් කරලන්නට යෙදුනේ මහත් උත්සාහයකිනි. බුදුන්ගේ දහමට අනුකූලවමය. බහාබල පරිචිතා සේදා වක්ඛිත්තා ධම්මිකා ධම්ම ලද්දේහි යන බුදු වදන ඒ ආකාරයෙන්ම සපුරන ලදි. ස්වකීය දෑතේ මහන්සියෙන් දහඩිය මුගුරු වගුරවමින් ධාර්මිකව ධණය උපයන ලද.ි එහෙත් අද අප හුරු වී සිටින්නේ අන්‍යයන්ගේ යටතේ කුමක් හෝ කටයුත්තක් කොට එදාට පමණක් යැපෙන්නට මුදලක් සොයාගෙන හවසට අරක්කු ටිකක් බීගෙන සිගරැට් එකක් පත්තු කරගෙන මහා වීරයන් මෙන් ගෙදර ඉන්න දරුවන්ට හා බිරිදට තලන්නටය. එදා එහෙම දෙයක් තිබුනා තියා එහෙම කරන්නටවත් හිතුවෙ නැත . හැම ස්වාමි දුවක්ම හා ස්වාමි පුරුෂයෙක්ම තම තමන් මැනවින් අගය කරමින් ස

අදහම දහම ලත් තැන දුබලය අඳය

Gambar
දුටුවෙමි අසරුවෙක් හිමියනි දෙමුව ඇතී ඒ අසරුවා ඒ දෙමුවින් අහර කතී මේ සිහිනයෙන් මගෙ ගත සිත කිලි පොලතී පවසනු හිමියනේ මට මින් කුමක් වෙතී මහරජ තුමනි ඔබ ඇයි මේ බිය වන්නේ මෙකලදි නොමැත මේ කිසිවක් ඵල දෙන්නේ මතු දින දිනෙන් දින අදහම රජවන්නේ එකලයි මෙහෙම නොපතන දේ සිදුවන්නේ අදහම දහම ලත් තැන දුබලය අඳය කළ යුතු නොකළ යුතු දෑ ගැන නොසිතතිය යුක්තිය අයුක්තියකට හැම පෙරලතිය සුදනන් වුවද දුදනන් මෙන් පිරිහෙතිය ධනයට නිලය බලයද හැම යටවෙනවා ඛාමුක කතුන් ලෝකයෙ නිති රජ වෙනවා ඒ හා ගැටෙන්නට පිරිමින් සැරසෙනවා අවසන සැවොම පිරහී ලොව වැනසෙනවා අදමිටු දුදන හැමටම හිස නමනු ඇත දුදනන් දුසිරිතෙන් කාලය ගෙවනු ඇත දුසිලූන් විසින් කරනා ලද සියලූ කැත වැඩ වල ඵලය වැටුනේ සිල් වතුන් මත රූ සිරි වරුණ හමුවේ නෙත වසාගෙන මල දුටු බඹරු මෙන් නෙත් යුග වසාගෙන රොන් බී මත්ව මුකුලිත මල බදාගෙන මිය යයි සැවොම අත් තටු හැම කඩාගෙන මත්දිය බිබී හැම තැන හැම පිරිහෙන්නේ නිවැරදි සිතුම් පැතුමන් නැහැ එළඹෙන්නේ අම්මද අප්ප දරුවන් නැහැ හදුනන්නේ ඇයි මිනිසුනේ මේ කිසිවක් නොපෙනෙන්නේ උමතුව සිටින විට කිසිවක් නැහැ

එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද?

Gambar
එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද? බෝසතාණන් වහන්සේ එක් ආත්මයක සුණක ජාතියෙහි උපත ලබා මරනයට කැප වුනු බොහෝ සුනකයින් පිරිසක් ජීවත් කරවන්නට වරම් ලදි. ඒ කෙසේද යත්? දිනක් බ්‍රහ්මදත්ත රජුගේ රජ උයනේ සම්පටින් කරවන ලද රාජ රථයක් නවතා තිබිනි. ග්‍රීශ්ම සෘතුවේ බැවින් මේ රථය රාති්‍රයේ ඇද හැලූනු මහ වැස්සකින් හොදටම තෙමිනි. ඒ සම්පට සියල්ලම තෙමුනු හෙයින් මාංශ ගන්දය ආග්‍රහණය කරමින් ඒ වෙත පැමිණි රජ ගෙහිම සුනකයින් පිරිසක් මේ රාජ රථය සම්පූර්ණයෙන්ම කාදමා විනාශ කොට දැමීය. මෙහි ආරක්ෂාවට සිටි මුර භටයන් තමන්ගේ ආරක්ෂාව පතා ඇත්ත වසන් කොට රජ තුමාට බොරු මවා පෑමක් කොට රජුට ප්‍රකාශ කරනුයේ රජ තුමනි ඊයේ රාත්‍රීයේ නගරයේ අයාලේ යන බල්ලන් රැලක් මාලිගාවේ ජලය ගලා යන කුණු කානුව දිගේ මාලිගයට පැමිණ රාජ රථය කා විනාශ කර දමා ඇත. ඒ නිසා නගරයේ දිවි ගෙවන සියලූම සුනකයින් මරා විනාශ කල යුතුයි. රජුද කිසිත් විමසුමක් නොකර නගරයේ හා ගම් නියම්ගම්වල සැරි සරන සියලූම සුණකයින් මරා දමන්නට නියෝග කලහ. එතැන් පටන් සුනක සංහාරය ඇරබිනි. සුනකයින් සියලූම දෙනා මේ අව නඩුව බොසත් සුනකයාට දැන්වීමෙන් පසුව ඔහු රජු වෙත පැමිණ මෙයට හේතුව විමසීය. එවිට රජ