සිංහලයට වුනේ මොකද?මනසින් විමසුම් බුද්ධියට දොරගුළු විවර කරන්නට


සිංහලයා කිසිවෙකුට බරක් නොවූ මහත් එඩිතරව යහපත් පවුල් පසුබිමක් සමගින් ශිෂ්ට සම්පන්නව දිවි ගෙවූ ජාතියකි. එහෙත් අද ඔවුන් සිටින්නේ කොතනද?එය අපට මහත් පැනයකි. හරියට සත්‍ය වශයෙන්ම විමසා බලන කල්හී පෙනී යන්නේ අප අන්‍යයන්ගේ වහලූන් ලෙස තවමත් බියෙන් චකිතයෙන් යුතුව දිවි ගෙවන බවයි. එය එසේ වූවේ අපගේම වරදින් මිසක් වෙන කිසිවකින් නම් නොවේ.

සිංහලයා කම්මැලියෙකි හැබැයි ඒ මෑතකාලීනව මිසක් මුල් කාලීනව නම් නොවේ. මුල් කාලීනව සිංහල මිනිස්සු හොදට වෙහෙස මහන්සි වී ගොවිතැන් බත් කරලන්නට යෙදුනේ මහත් උත්සාහයකිනි. බුදුන්ගේ දහමට අනුකූලවමය. බහාබල පරිචිතා සේදා වක්ඛිත්තා ධම්මිකා ධම්ම ලද්දේහි යන බුදු වදන ඒ ආකාරයෙන්ම සපුරන ලදි. ස්වකීය දෑතේ මහන්සියෙන් දහඩිය මුගුරු වගුරවමින් ධාර්මිකව ධණය උපයන ලද.ි එහෙත් අද අප හුරු වී සිටින්නේ අන්‍යයන්ගේ යටතේ කුමක් හෝ කටයුත්තක් කොට එදාට පමණක් යැපෙන්නට මුදලක් සොයාගෙන හවසට අරක්කු ටිකක් බීගෙන සිගරැට් එකක් පත්තු කරගෙන මහා වීරයන් මෙන් ගෙදර ඉන්න දරුවන්ට හා බිරිදට තලන්නටය. එදා එහෙම දෙයක් තිබුනා තියා එහෙම කරන්නටවත් හිතුවෙ නැත . හැම ස්වාමි දුවක්ම හා ස්වාමි පුරුෂයෙක්ම තම තමන් මැනවින් අගය කරමින් සම්මානනීයව ඇගයීමට බදුන් කරමින් දිවි ගෙවූහ. ඒ නිසාම ඒ එ ් පවුල් තුළ දික්කාසාද හා ඇනුම් බැනුම් මෙන්ම අඩන්තේට්ටම් දක්නට නොතිබුනි. අදටත් බොහෝ ගැමි පරිසරය තුළ එය දක්නට ඇත .
මිනිසා යනු මනසින් මැනවින් සිතා විමසා නිවැරදි කටයුතු වල මැනවින් නියැලෙන පුද්ගලයෙකි. එහෙත් අද සිටින මිනිසා ස්වකීය සැනසීම හා බඩවියත ගැනම පමණක් සිතා කටයුතු කරන මහා අෂත්පුරුෂයෙකි. ඔහු ගැන විවරණය කරනවාට වඩා එය ඔබගේ නෙතින්ම බලා මනසින් සිතන්නට කාලයයි. බුදු කෙනෙක් ලෝකයේ පහල වන විට බුද්ධ කොලාහලයක් සිද්ධ වෙයි ඒ බුද්ධ කෝලාහලය සිදුවන කාලය ලන් වන්නට ප්‍රථම බොහෝ මිනිසුන් අකටයුතුකම් සිද්ධ කරයි. එනම් දස අකුසල් ලෙස අපි දනිමු

ප්‍රාණඝාතය                     =              පණ ඇති සත්වයෙක් ඝාතනය කිරීම
අදත්තා දානය                     =              අන්සතු දෑ පැහැර ගැනීම
කාමමිත්‍යාචාරය     =  සේවනය නොකල යුතු ස්ති්‍රයක් හෝ      පුරුෂයෙක් සමග සේවනය                                                              කිරීම
බොරුකීම                            =             කියන කරුණ අසත්‍යක් වීම

පිසුනාවාචා                     =              භේද කිරීමේ අදහසින්
පරුෂාවාචා                     =              සිත් රිදවීම සදහා
සම්පප්පලාපා                        =              කියන්නාට හා අසන්නාට ප්‍රයේජනයක් නොවීම
අභිද්‍යා                             =              අන්සතු දෑ කෙරෙහි ආශා කිරීම
ව්‍යාපාදය                             =              අන්‍ය සත්වයන් හා ගැටීම
මිච්ඡාදිට්ඨිය                          =              වැරදි දෘෂ්ටීන් නිවැරදි ලෙස පිළිගැනීම

        මේ වැරදි අපි විසින් සිදුකරන තත්වයට අප දැනුදු පත්වී ඇත . මේ කි්‍රයාවන් මේ ආකාරයෙන්ම අප නොපිරිහෙලා සිද්ධ කරන නිසාම නිතරම දුකපිරි දිවියක්ම ගෙවයි. සැනසීම තාවකාලිකයි. පරදේසක්කාරයින්ගේ ෂතුටද එයම විය. ඔවුන්ට අවශ්‍ය කලේ අප මිසදිටු ආගම්වලට හරවාගන්නට බැරි නම් අප නරක බෞද්දයින් බවට පත්කිරීමය. එය ඒ ආකාරයෙන්ම සිදුකර හමාරය අප බෞද්ධ නාමයෙන් හිටියට කිසිත් සිත් පිත් නැති අනුන්ගේ දුකක් දැකල හිතට නොගන්නාවූ පරිහානියට පත්වූ ජාතියකි. එහෙත් අපි අන්‍ය ජාතීන් අපේ රට ආක්‍රමණය කරනව කියමින් ඔවුන්ට වෛර කරමින් දිවි ගෙවනවා මිසක් වෙන කිසිත් නොකරයි. අනුන්ගේ ඇද කුද හා දිග ඵලල මනින්නට ඇති නම් අපට වෙන කිසිත් කාර්යක් නැත. එය දැන දැනත් අප තවද එයම කරන්නෙමු
අන්‍යය ජාතීන්ට අවශ්‍යය කළ එකම කාර්ය නම් කුමක්ද? පන්සල් ඇසුරු කරන සිංහලයින්ව එයින් දුරස් කීරමයි එය ඒ ආකාරයෙන්ම සිදුකර හමාරය. පන්සල් ඇසුරු කරමින් අධ්‍යාපනයෙහි නියුතු වූවන් සියලූම දෙනා එයින් දුරස් කර ඇත. පාසල් නිර්මාණය කිරීමෙන් හා ඒ තුළට ඉංගී්‍රසි භාෂාවන් ඇතුළත් කිරීමත් රජයේ රැකියාවක් සිදු කරන්නට නම් ඒ සියලූමදෙනා පාසල් යායුතු බවත් නියෝග කරමින් නීතිරීති කෙටුම්පත් සකසන්නට විය. ඒ නීතිරීති වලට අනුගත වෙමින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් යුතුව හා මුදල් සමාජයේ දිවිගෙව්න්නවුන්ට නැතිවම බැරි සාධකයක් නිසා සියලූම කොල්ලො කෙල්ලො පාසල් යන්නට කොට කලිසමයි සුදු කමිසයයි අදින්නට පටන් ගත්තේ සරමයි නැසනල් එකයි පසෙකට විසි කරමිනි. කෙල්ලන් සියලූම දෙනාද ගවුමක් ඇග පටලා ගත්තේ මුලූ ඇගම වැසෙන්නට අදින ලද ළමාසාරිය පසෙකට විසි කරලමිනි. අන්තිමට පන්සලට කොල්ලන් හා කෙල්ලන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ආච්චිලා සීයලා මෙන් පන්සලට එන්නෙ නැතිම නිසා සතියේ ඉරු දිනට පමණක් දහම් පාසලක් පවත්වන්නට තීරණය වුනි. ඒ පන්සල් නොඑන්නාවූ ඇත්තන් පන්සල් ගෙන්වාගෙන එදාටවත් අපේ නැතිවී යන ශිෂ්ට සම්පන්න ගතිය යලි නගා සිටුවන්නට මිසක් වෙන කිසිවකට නම් නොවේ. ඒ මන්ද බොහෝ පිරිසක් හිස හා අත සකසන්නට සිතමින් හා කියමින් පාසල් ගොස් ලෝකය අල්ලන්නට වෙර දරන නිසාවෙන් ඔවුන් කවමදා හෝ අතරමන් වන බව දිනිමිනි. අප සියල්ලන්ම දන්නා හදුනන එකම සත්‍යයක් ඇත . එනම් හදවත නැති මිනිස්සුන්ගෙන් මේ විශ්වයේ කිසිවෙකුට කිසුදු ඵල ප්‍රයෝජනයක් නැත . එසේම ඔවුන් දෙස බලන්නට හෝ ඔවුන් නිසා තැවෙන්නට දැවෙන්නටවත් කවුරුත් නැත . 
මනස්කාන්ත පාරිසරික වටපිටාවකින් යුතු හෙළදීපය අද කෙතරම් නම් දුර්භීක‍ෂයන් රාශියකට මුහුන දී ඇතිද? කොපමණ නම් ජල ගැලීම් ප්‍රමාණයක් සිදු වෙනවාද? මේ හැම දෙයක්ම මෙහෙම සිදුකරගත්තේ අප විසින්මය. ජලය ගලාගෙන යන්නට තිබුනු ජල මාර්ග සියල්ලම අහුරමින් බිම් අගලක් අගලක් ගානේ ගොඩ කරමින් ගොඩ නැගිලි නිර්මාණය කර නොයෙකුත් කෘතිම ව්‍යාපාරයන් සිදුකරයි. ප්ලාස්ටික් ඇලූමිනියම් හෝ යකඩ වෙන්නට පුලූවන්. මේ හැම කර්මාන්ත ශාලාවකින්ම පිටවන විෂ වායුව කොපමණද? ඒ සියල්ලම ස්වසනය කරන්නට මිනිසුන්ට කොපමණ අපහසුද? එලෙසමය මේ ස්වභාව දහමටද එය මහත් පීඩනයකි. 

මිනිසා ස්වභාව දහමට අනුගත නොවී කටයුතු කරන්නේ යම් මොහොතකද? අන්න එදාට ස්වභාව දහම මිනිසා හා උරනව දඩුවම් දෙන්නට වෙර දරයි. එබැවින් අප හුරු විය යුත්තේ ස්වභාව දහමට අනුගතව දිවිය හසුරන්නට මිසක් අපට අවැසි විදියට ස්වභාව දහම හසුරුවන්නට නම් නොවේ. මෙලොව දිවි ගෙවන හැම තිරිසන්ගත සත්වයෙක්ම ස්වභාව දහමට අනුගත වෙමින් දිවි ගෙවන නිසා ස්වභාව දහමේ යම් යම් වෙනස්කම් සිදුවන විට ඔවුන්ට එය වහා වැටහෙයි. එහෙත් මිනිසාට දැන් එහෙම දැනෙන්නෙ හැගෙන්නෙ නැහැ. දැන් දිවිගෙවන හැම මනුෂ්‍යයෙකුටම කිසිදු හැගීමක් දැනීමක් ඇත්තේද නැත . හැම කෙනෙක්ම දිවිගෙවන්නේ මහා මානසික ආතතියකින්මය. ඔවුන්ගේ සිත හරි වෙහෙසකාරීය. සියල්ලෝම හිතාගෙන ඉන්නෙ අද සැනසීමක් ලැඛෙයි හෙට ලැඛෙයි කියමිනි. රාති්‍රයට නින්දක්ද නැත . ඇවිලෙන මනසකින් හා පඤ්චස්ඛන්ධයකින් දැවි දැවී දිවි ගෙවයි. ඒ නිසාම අන්‍යයන් හා කේන්තියක් හා වෛරී සිතුවිල්ලක් උපදී. ඒ නිසාම හිනාවෙලා සතුටින් දිවි ගෙවන මනුෂ්‍යයින්ටද කුමන හෝ අකටයුත්තක් සිදුකර ඔවුන්ද තමන්ගේම තත්වයට ඇද දමන්නට වෙර දරයි. අන්සතු දෑ තමන් සතු කරගන්නට වෙර දරයි. එය ඒ ආකාරයෙන් සිදු කරගන්නට නොහැකිවූ තැන ඔවුන් හා ගැටෙන්නට හා බැරිමතැන ඝාතනය කරන්නටද වෙහෙසෙයි. එහි අවසන සිරබත් කන්නවුන්ද මේ හෙළදීපයේ කොතරම් සිටිනවාද? මේ කරුණු ගැන අප සිතන්නෙ විමසන්නෙ නැති නිසාම තව තවත් අපි දුකම පිරි දිවිගමනක කදුලූ බොන්නෙමු. ඒ කදුලූවල අවසානයේ සංසාරයේ තව දුරට පියමනින්නට සිදුවෙයි.
පාසල් යන දරු දැරියන්ට උගන්වනව කියල අම්මල අප්පල හැමදාම නින්දක් නැතිව රිය සක කරකවන්නාක් මෙන් නොයෙක් දේ පුංචි දරුවන්ගේ මනසට හා මොලයට කා වද්දන්ට වෙර දරයි. එහෙත් ඒ ඒ මනසට දරාගන්නට පුළුවන් ප්‍රමාණයට එහාගිය දැනුමක් නිසා බොහෝ දරුවන් මානසික පීඩනයෙන් යුතුව දෙමාපියන් මගහරින හා ඔවුන්ට වෛරකරන පිරිසක් අයුරින් නිර්මාණය වී ඇත . අම්මල පුංචි දරුවන්ට සිව්බඹ විහරණයෙන් සලකන්නේ නැත . සලකනවා තියා දරුවා තුරුලට අරන් කිරිටිකක් දෙන්නවත් හුස්මක් ගන්නවත් බොහෝ මව්වරුන්ට විවවේකයක් නැත . මේ හැම දෙයක්ම සිදු කරගත්තේ අපිමයි. නිදහසේ හිතල කල්පනා කරල වැඩ කරන්නට නියම කාලයක් අපිට තිබුණා. හැබැයි දැන් අපිට හිත හිත ඉන්න එකදු තත්පරයක්වත් නැත . ඒ මන්ද ?අප මුලූ ලෝකයටම ණය වී හමාරය. ඒ ණය වෙලා තියෙන්නෙ කොහොමද? අධ්‍යාත්මික දියුණුව ඇතිකරගන්න ගිහින්ද? නැහැ අපි මෙච්චරම අවිවේකී වෙලා ඉන්නේ කොටස් සතරක් සපුරගන්නට මිසක් වෙන කිසිවකට වෙර දරා නොවේ.

ඇදුම් පැලදුම්
ආහාරපාන
වාසස්ථානයක්
ඛෙහෙත්

අපි කොපමණ මුදල් උපයාගත්තත් මේ මුළු විශ්වය පුරාම සැරි සැරුවත් අපිට මේ හතරෙන් එහාට දෙයක් අවශ්‍යය නම් නොවේ. 

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::