Friday, May 10, 2019

පාවා දුන් නිසා උඩරට නිලමෙවරු


සිංහල ජාතියේ මලගම                    කරන්නට
සම්බුදු දහම හෙළදීපෙන්                මකන්නට
උඩගෙඩි දී දී අත්පොලසන්             ගසන්නට
සැරසෙන සැවොම නැවතෙන් මෙය අසන්නට

මින් පෙර දිනෙක හෙළදීපයෙ      යටත්කොට
උන් ඒ පරයො කොයිදැයි අප         සිතන්නට
කාලය පැමණ ඇත සිහලූන්       නැගෙන්නට
මෙය ඔබෙ සිතට ගනු සිහලූන්     හැදෙන්නට

නිලමේ මොල්ලිගොඩ සමගින්     ඇහැලෙපොල
කළ ඒ විනාශයෙ ඵලයන් තමයි                බොල
උඩරට කන්ද අල්ලන්නට                    උදව්කල
හින්දා මෙහෙම සිහලූන්හට             උනා බොල

මත්දිය බෝතලය උකුලේ                  තියාගෙන
වක්කර බිබී වික්කා අපෙ                     නවාතැන
මෙතරම් මෝඩ නිවටුන් හැම          කෙළෙගුණ
නාදුන නිසා මෙය වූවේ සිතනු                   මැන

වක්කර බිබී රත්කරගෙන                    මත්වතුර
අස්කර සිරිත් ගැතිකම්                  කරවමින් පර
ආවත් වැටි වැටී එලෙසින්               බොහෝ දුර
මේ මහ විපත් බල ඉතිහසෙ              මතක් කර

පාවා දුන් නිසා උඩරට                    නිලමෙවරු
ජීවාලෝකෙ සිඹගත්තෙ                    මහත්වරු
කලිසම් කබා බැනියම්               හැදගන්න තුරු
වැන්දෙ පරයො හට උඩරට             නිලමෙවරු

අත්පත් කරන් සුද්දන් අපෙ              සිහල බිම
අස්පස් කලා බුදුදම් පිරි                   සිහල ලැම
හිත්පිත් නොමැති එදවස සිටි       නිලමෙ හැම
අත්දික් කරා සුද්දන් දෙන                නිලයටම

සිංහල හදවතේ රැුදි ඒ                    මිනිස් ගුනේ
වනසා දමන්නටමයි හැම                හරස් වුනේ
ඒ හැම සුද්දො කරගන්නට            බැරිම දිනේ
උඩරට නිලමෙලා අල්ලන්             කලා විනේ

මිනිසුන් නොමිනිසුන් වෙනවා         මුදල් ලග
එලෙසම නැණස අඳ වෙනවා          බලේ ලග
ඇති හැකි විටදි කුලගොත් මල      බෙරේ ලග
උඩ රට පාවා දුන්නේ මත්             දියේ ලග

Monday, May 06, 2019

සිංහලයින්ගේ ජයගැනීම

කැප්පෙටිපොල නිලමේගේ නියෝගය පරිදි වෙඩිබෙහෙත් තුවක්කු ආදී සියල්ලම ගෙනගොස් බදුල්ලේදී ඉංගී‍්‍රසීන්ට භාරදී ඔවුන් ප‍්‍රකාශ කලේ කැප්පෙටිපොල කැරලිකාරයිනගේ සිරභාරයට පත්වූ බවයි. නමුත් එය බොරුවක් බව ඉංගී‍්‍රසීන්ට නොවැටහුනා නොවේ.එහෙත් ඉංගී‍්‍රසීන් ප‍්‍රකාශ කලේ වෙඩිබෙහෙත් තුවක්කු ආදිය නැවත එවූ නිසා කැප්පෙටිපොල නියම වීරයෙක් බවයි. කැප්පෙටිපොල උතුමාණන් පටන් ගත් කැරැුල්ල එන්න එන්නම දෙගුණ තෙගුණ වෙමින් දිනන්නට විය. එයට බියපත් වූ ජෝනි දොයිලි එය නවතන්නට උපායක් සෙවීය. එය නම් සයිමන් සෝයස් සහ ඇහැලේපොළ අධිකාරම්තුමා එදෙසට පිටත්කොට හැරීමයි. එහෙත් ඔවුන් කියන ලද චාටු කතා කිසිවක් නොඇසූ සිංහලයින් සිය කාර්ය අකුරටම ඉටු කලෙන් අන්තිමට සුද්දටත්් ඇහැලේපොලටත් තමන්ගේ දිවිය රැුකගෙන පෙරලා එන්නට සිදු විය. සාකච්ඡුා මාර්ගයෙන් ප‍්‍රශ්ණය විසදගන්නට නොහැකි බව වටහාගත් ඩොයිලි විසින් ඉහල නිලධාරීන්ට පණිවිඩ යවන ලද්දේ මේ යුද්ධය සංසිදවන්නට නම් යුද්ධ හමුදාවක් සූදානම් කරන ලෙසයි. වෙල්ලස්ස,බිම්තැන්න,කොත්මලේ,උලපනේ,කොත්මලේ හා හේවාහැට කැරලි දුමාරයෙන් වැසීයත්ම මහා වර්ෂාවක් ඇදහැලෙන්නට විය. මේ වර්ෂාව කෙතරම් ඇතිවුවත් ඒ නිසා කැරැුල්ල කිසිදු දිනක නතර කරන්නට නොවීය. ඒ වර්ෂාව නිසාම මහා ගංවතුරක්ද ඇති වී සිව්පා සතුන් මෙන්ම මිනිසුන්ටද බොහෝ හානියක් විය. එයින් සිදුවූ විපත කොපමණද කියතොත් තමන්ගේ ගේ දොරවල් කැඞී බිදී බොහෝ පිරිසක් හඩ හඩා ඇවිදිද්දී ඇතමෙක් තමන්ගේ දරු දැරියන් නැතී වූ ශෝකයෙන් හඩ හඩා ඒ මේ අත පිස්සන් මෙන් ඇවිදින්නට විය. හැම පැත්තෙන්ම පෙනෙන්ට තිබුනේ ශෝකය මුසු වූ මුහුණු හා කදුලින් පිරි නෙතගමය. දස දෙසින් ඇසෙන්නට වූයේ ශෝකලාපයන්ගෙන් යුතු අදෝනාවන් මිසක් සතුටින් පිරි වදන් නම් නොවේ. මිනිසුන්ට හානි පමුණුවමින් ගලන ලද මේ ගංවතුර නිසා ඉංග‍්‍රීසීන්ට සිදුවූයේ කියා නිම් නැති පාඩුවකි. දින කිහිපයකින් ගගදිය පහව ගියෙන් ඉංග‍්‍රීසීන් සේනා රැුස්කරවමින් නැවත කටයුතු අරබන්නට විය. 
මඩකලපුවෙන් හා මහනුවරින් යුධභටයින් වෙල්ලස්සට පැමිණෙන බව දැනගත් සිංහලයින් පැමිණ අතරමග රැුක සිටියේය. මේ කිසිවක් නොදන හය හතර නොදත් කිරිකැටියන් ගුටිකන්නාක් මෙන් ඉංග‍්‍රීසීන් කිසිදු බලාපොරොත්තුවකින් තොරව වේගවත් පහරවල් වැදෙන්නට විය. ඒ මරුපහරින් ඉංගී‍්‍රසීන් මහත් පසූබෑමකට පත්විය. තව තවත් ඉදිරියට පිය නගන්නට ඔවුන්ට ශක්තියක් නොවීය. ඔවුන් කෙතරම් වෙහෙස වුවත් මේ සටන දිනන්නට නොහැකි බවත් නැවත අඩියක් හෝ ඉදිරියට තබන්නේ නම් එයින් සියලූ දෙනාටම පරලොව යන්නට මිසක් ජයක් අත් නොවන බවත් මැනවින් ඉංග‍්‍රීසීන් වටහාගෙගෙන සිටියේය. ඒ සටන අවසන් වූූයේ ජෝන් දොයිලි තුමාගේ නිවස පෙනෙන මානයේය. එය දැනගත් සිංහලයින්ට ඉහවහා ගිය සතුටක් ඇති විය. එසේම සිංහලයින් යුද්ධ කිරීම යනු සෙල්ලම් කිරීම හා දෙයක් විලසිනි. 
සිංහලයිනි සුදු ජාතිකයින් හමුවන හැම තැනකදීම ඔවුන් මරා දමව්” යනුවෙන් කැරලි නනායකයින් ජනතාව දැනුවත් කොට තිබුණි.  ඒ නිසාම සිංහලයින්ට හසු වූ හැම සුදු ජාතිකයෙක්ම පෙති පෙති කපා මරා දමන්නට විය. 

Saturday, May 04, 2019

කන්ද උඩරට පාවාදීමට එරෙහිව

කැප්පෙටිපොලට අවශ්‍යය කරන තුවක්කු වෙඩිබෙහෙත් ආදිය සියල්ල ඔහුට ලබා දුන්නේය.කැප්පෙටිපොල නියම රණසූරයෙකි. එය ඔහුගේ ආරෝහ පරිණාහ දේහයෙන් හා ඝණව වැඩුනු රැුවුලින් මෙන්ම තේජාන්විත බැල්මෙන් හා පුලූල් නලල් තලයෙන්ද මැනවින් විදහා පායි. මහා ප‍්‍රතාපවත් භාවයෙන් වැඩ කටකටයුතු මැනවින් මෙහෙයවන්නට ඉතා දක්‍ෂ හා කාර්යසූරයෙක් වූ වීර කැප්පෙටිපොල උතුමාණන් වෙල්ලස්සට ලන්වන බව දැනගත් සියලූ දෙනා උන්වහන්සේ පිළිගන්නට මහත් පිරිසක් එකතුව සිටියහ. එසේම උන්වහන්සේ එදෙසට යන අතර මගදීම ජාතිකානුරාගයෙන් යුතුව ඔහුට ආණ්ඩුකාර තුමා පවරන ලද කාර්ය අමතක කර දැමීය. කැප්පෙටිපොල නිලමෙතුමා කැරැුල්ලට එකතුවන්නට වෙල්ලස්සට පැමිණි බව දැන ගත් සියලූම සෙන්පතියන් ඔහුව පිළිගන්නට එක්රොක් වී සභාවක් පවත්වන්නට විය. එහිදී සියලූමදෙනාගේ හදවත් තුළ තිබුනේ එකම චේතනාවක් හා වේදනාවක් පමණි. එනම් ඔවුන් සියලූම දෙනා සිතුවේ පරදේසක්කාරයින් සියලූම දෙනා මෙරටින් පන්නා දම් අපගේ සිංහල සංස්කෘතිය හා ශිෂ්ටාචාරය මැනවින් රැුකගතයුතු බවයි. 
ඔවුන් පවත්වන්නට යෙදුනු සභාවේ මුලසුන හොබවන ලද්දේ වීර කැප්පෙටිපොල උතුමාණන්ය. එම සභාව පවත්වන්නට පටන්ගත් මොහොතේම එක් එඩිතර සිංහලයෙක් සභා ගැබින් එක්වරම නැගී සිට වීර කැප්පෙටිපොල ශ්‍රේෂ්ට උතුමාණන්ගෙන් හා මුලූ සභාවෙන් අවසරයි යනුවෙන් පවසා සහොදරවරුනි.......අද අප සියලූ දෙනාටම ඉතාමත් පී‍්‍රතිමත් දවසක් ඒ මන්ද යත් අප දිවිපරදුවට තබා අරබන්නට යෙුදුනු මේ සිංහල දීපය රැුක ගැනීමේ ප‍්‍රධානත්වය උසුලන්නට හා අපට නායකයෙකු වන්නට යෝධයෙකු සමව අපට සහය වන්නට වීර කැප්පෙටිපොල උතුමාණන් සම්ප‍්‍රප්ත වී ඇත . මෙය කියනවාත් සමගම ජයශ‍්‍රී ජයශ‍්‍රී ජයශ‍්‍රී යනුවෙන් මුලූ වෙල්ලස්සම ගිගුරුම් දෙන්නට සභාවේ සිටි සියලූ දෙනාම මොර දෙන්නට විය. ඒ හඩට බොහෝ වේලාවක් යන තුරුම ඔහුගේ කටහඩ නැසුනි. අනතුරුව ඔහු යලිත් සභාව අමතා ප‍්‍රකාශ කරන්නට යෙදුනේ සහොදරවරුනි අප මේ සභාව රැුස් කලේ අපි අපිම කතා කරගන්නට නොවේ අපේ වීර කැප්පෙටිපොල උතුමාණන්ගේ ප‍්‍රතාපවත් කතාවක් හා අදහස් ශ‍්‍රවණය කිරීමටයි. අපි දැන් එය ශ‍්‍රවණය කරමු යනුවෙන් කියා කැප්පෙටිපොල නිලමෙතුමා වෙතට කතිකයා හැරී පැවසූයේ නිලමෙතුමාණනි අප අද මෙතනට රැුස්වූයේ ඔබේ වීර කතාවක් ශ‍්‍රවණය කරන්නටයි. දැන් මේ අප සියලූ දෙනාගේම සිත් තුළ වීරත්වය ඇතිවන අයුරින් තේජාන්විත කතාවක් කරන ලෙස මා අරාධනා කරමි. 
ඔවිට මහා තේජාන්විත ලීලාවෙන් නැගී සිටි වීර කැප්පෙටිපොල නිලමෙතුමා රැුස්ව සිටි පිරිස දෙස සිනහමුසු මුහුනින් බලා කතාව ආරම්බ කලේය. සභාවෙන් අවසරයි කියමින් නිලමෙතුමා හිස මදක් නමා ආචාර කෙට කතාව අරබන ලදි. සහෝදරවරුනි අද මා පිළිගැනීමට මෙහි පැමිණි ඔබ හැමදෙනාටම ප‍්‍රථමයෙන් මා ස්තූතිවන්ත වෙමි. ආණ්ඩුකාරතුමා කොළඹ සිට මා එව්වේ මේ කැරැුල්ල සංසිදුවන්නටයි. දැන් එතුමා මා මෙය සංසිදුවා නැවත එන තුරු මග බලාගෙන ඇතිය කියා සිනාසුනේය. 
සිංහලයිනි අද අප සියලූම දෙනා මේ එක්වී සිටින්නේ සිංහලයා පණ නල රැුකගන්නට හුස්ම අදිනා මොහොතකයි. ඒ අවස්ථාවේදී මමත් ඔබ හා එකතු නොවී සිංහලයින්ට තාඩනපීඩන කරන්නට ගියහොත් මාද ජාතිද්‍රෝහියෙකු අයුරින් හන්වඩුගසන්නට එතරම් කාලයක් නොයනු ඇත . ඒ නිසාමයි ඔබ මේ ජාතිය හා ආගම රැුකගන්නට දරන උත්සාහයට පණ දෙන්නට මාද මෙයට එකතුවන්නට කල්පනා කලේ. එසේ නොකලා නම් මා මාගේ ජාතියට කොඩිවින කරන්නෙකි. එැබැවින් දැන් අප සියලූම දෙනා එකතුව අන්‍යය ජාතීන් මේ ලක් පොළොවෙන් අතුගාදමන්නට පෙළ ගැසිය යුතුය. එසේ නොවන්නේ නම් අපේ ආගම ජාතිය ඔවුන් විනාශ කොට දමන්නට වැඩි කාලයක් ගත නොවේ. මා මෙහි එන අතරතුර කල්පනා කලේ මගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් රට වෙනුවෙන් දිවි පුදනවා මිසක් කැප වීමෙන් කටයුතු කරනවා මිසක් වෙනත් පා හරයන්ගේ කකුල් ලෙවකමින් දිවි ගෙවන්නේ කුමටද කියායි. මගේ සිරුර මේ හෙලදීපයටම පොහොර කරන්නට ලැබුනොත් එය මහා ශ්‍රේෂ්ට කි‍්‍රයාවකි. අන්‍යය ජාතිකයින් මෙරටට කඩා පැන මෙහි සාරය උරා බොන්නටත් අපට තාඩන පීඩන කරන්නටත් දරන මේ ප‍්‍රයත්නයන් නසන්නට අප මැදිහත් නොවන්නේ නම් අපගේ සිංහල කමින් ඇති ඵලය කුමක්ද සහෝදරවරුනි. අප සියලූදෙනාම එකමුතුව මේ සටන එකදිගට ගෙනගියහොත් මේ කන්දඋඩරටින් නොවේ මුලූ හෙලදීපයෙන්ම මේ පරදේශක්කාරයින් පන්නා දමන්නට වැඩි කාලයක් ගත නොවේ. මේ අයුරින් පෙර විරු දුටුගැමුණු ආදී රජවරුන්ගේ කතාපුවත්ද ඈදමින් වීර එඩිතර කතාවක් කලෙන් සියලූම සිංහලයින්ට තවත් ජාතිකානුරාගය ඇති විය. ඔවුන්ගේ උවමනාව හා වීරත්වය මෙන්ම ජාතිය වෙනුවෙන් ඇතිවූ හැගීම තවත් දෙගුණ තෙගුණ වන්නට විය. එම කාතාවට සවන් දුන් සියලූම දෙනා ප‍්‍රීතියෙන් කෑගසන්නට විය. එය වීර කැප්පෙටිපොලටද ඉමහත් සතුටට කරුණක් විය. 
සහෝදරවරුනි අපි දැන් සිංහලයින් විදියට නිදාගෙන හිටිය ඇති. අපි දැන් මේ නින්දෙන් අවදි නොවුනොත් අප සියල්ල්න්ටම් උරුම වුනයේ මරණයම පමණයි. එැබැවින් අපි දැන් අපේ හිසට අත සෝදන්නවුන් වෙනුවෙන් අපි සියලූමදෙනා එකාමෙන් නඑකතුව නැගී සිටිය යුතුයි. ඒ අප සිංහලයින් සියලූමදෙනා වෙනුවෙනි. කැප්පෙටිපොල කතා කරමින් මේසයට ගසන විට එය පෙනුනේ පරදේසක්කාරයින්ට තලන්නාක් මෙනි. මේ අයරින් එතුමා කළ කතාවේ අභීතකම නිසාම මැරෙන්නට උනත් හැම සිංහලයෙක්ම කැමති බව කියා අත් ඔසවන්නට විය. එතුමා කළ කතාව කවියකට පෙරලන්නේ නම් ඒ මෙසේය.

සි ස් චාරයෙන් තොර පෙර අවර දෙ ස 
ග ස් කොල අතු ඇන්ද සමයෙදි වනයෙ වැ ස 
උ ස් ඉතිහසින් ලකදිලි බව පෙර දව ස 
දෙ ස් දෙයි පොළොන්නරු අනුරාපුර පෙදෙ ස

පාවෙන වලාකුල් ගැටි ගැටි දසනු දෙසින් 
දාගැබ් දිලෙනු දැක රන්කොත් කැරළි රැ සින්
ආදිම වීරයින් සිහිවී නැමුණු හි සි න් 
විදෙයි ජාතිකාලෙන් තුටු කඳුළු ඇ සින්

පෙති පිට ගසා හිසිගෙඩි සිඳ දෙම ළ 
උණු ලේ වලින් නහවා ලක් දරණි ත ළ 
බුදු සනුනෙකෙළි කළ ගාමිණී නම සක ළ 
සිංහලයින්ගෙ කැරකෙයි ඇට නහර තු ළ

  ර්‍ණමගෙ අත කඩුව ලෙලැවෙත රණමඬුළු හැ බේ 
විරුදුව එතොත් සක්රද වුව කරමි දෙ බේ 
හඬ දුන් රාජසිහ දෙවි නම කැරෙන පො බේ 
රණකාමින්ට ජපයකි අත නැවෙන ඉ බේ”
: උපුටා ගැනීමකි *

මේ අයුරින් බලනකල අප සියල්ලන්ටම අදටත් මැනවින් වටහා ගත හැක්කේ සිංහල ජාතිය කෙතරම් නිහතමානි අයුරින් දිවි ගෙව්වාද යන්නය. එහෙත් ඒ නිහතමානීකම අද කොයිද? අපි අද අන්‍යයින්ට හිස නමාගෙන බිය ගුල්ලන් අයුරින් සිටින ජාතියකි. ඒ බියගුලූකම මකා දමා හිස ඔසවා බලා නැගී සිටින්නට නියම කාලය මෙයයි. ඒ සදහා අප සියලූම දෙනා කුලල් කා නොගෙන නැගී සිටිය යුතු මිසක් එක එකා බූදලය බෙදා ගන්නට දගලන්නේ නම් වටු වැද්දාගේ දැලට හසු වූ වටුකුරුල්ලන් මෙන් මරණය කරා යන්නට සිදු වන්නේය. 

Thursday, May 02, 2019

කන්ද උඩරට පාවාදීම

සිංහල සිංහාසනයේ ඉදගන්නට ගිජුලිහිණියෙකු අයුරින් කටයුතු කළ ඇහැලේපොලට අවසන සිදුවූයේ නිකමෙකු අයුරින් සිංහාසනය ලග දකුණු පසට වී හිදිමින් පරදේසක්කාරයින්ගේ කකුල් ලෙවකන්නටම පමණි. ඔහුට ලංකාවේ තිබුණු ඉහලම තැන ලැබුණට ඒ ඉංගී‍්‍රසීන්ට යටත්ව දිවිගෙවන සමය තුළ පමණි. කෙසේ වෙතත් කල් ගතවන විට සියලූම සිංහලයින්ට දැනුනේ ඔවුන් දැන් පහත් පිරිසක් බවට පත්වී ඇති හැඩයකි. සිංහලයින් සතුව තිබූ මනා ශික්ෂණය වියැකෙන්නටත් කලක පටන් පැවැතෙන්නට වූ කුල සිරිත් සියල්ල වියැකෙන්නට විය. උඩරට නිලමේ වරුන්ට මහා මරු පහරක් මෙන් ඔවුන්ගේ ආදායම් තත්වයන් සියල්ලම පහල වැටෙන්නට විය. ඒ තුළින් මුස්ලිම් වරුන්ට මහත් ධනස්කන්ධයක් ලැබෙන්නට විය. ඒ නිසාම මුස්ලීම්වරු බලයෙන් බලයට අද වගේම එදත් පත්වන්නට වෙර දැරීය. එහෙත් එය අද වගේම එදත් මැනවින් හදුනාගත් සිංහලයින් නැගී සිටින්නට පටන් ගත්තත් එයට හරියාකාර නායක්ත්වයක් සපයන්නට කෙනෙකු නොවීය. පසුකාලීනව වෙල්ලස්සෙන් ගමන් ඇරඹූ  දොරේ සාමී නැමති සිංහයෙක් ගැන සිංහලයින්ට ඉව වැටුනි. ඔහු ගෙයක් ගෙයක් පාසා ගමන් කරමින් සිංහල සිංහාසනය බේරාගන්නට වෙරදරන්නට විය. සිංහල ජාතියට හා බුද්ධාගමට වන විපත ගැන මොහු ඉදිරියට පියමැන්නේ භික්‍ෂූන් වහන්සේලා පිරිසකි. ඒ නිසාම සිංහල බෞද්ධයින් බොහෝ පිරිසක් ඔවුන් වටා එක්වන්නට විය. මිනිසුන් ඔවුන්ගේ බසට නතුවී කැරලි ගසන බව බදුල්ලේ එවකට සිටි උප පාලකයා වූ විල්සන්ට දැනී සිනාසී ඔවුන්ගේ ගමන නවතන්නට මුස්ලීම් ජාතිකයෙකු වූ හජ්ජි මහුන්දිරම් නැමැත්තෙකු සමග බල ඇණියක් එදෙසට පටිත් කර හැරිණි. එහෙත් ඒ මොහොතේ සිංහලයින් එකට එකතුව හජ්ජිමුහම්දිරම් අල්ලාගෙන ගොස් දොරේසාමිට භාර දීමෙන් පසුව නඩු විභාගකොට ඔුහුට මරණ දණ්ඩනය දුනි. පසුව සිංහලයින් අපගේ අයිතිවාසිකම් දිනාගන්නට තව තවත් එකතුව කටයුතු කරන්නට විය. මෙය දැනගත් විල්සන් මහතා කලබලයට පත්වී ඔුවුන්ව මැඩ පවත්වන්නට නොයෙකුත් උපායන් යෙදීය. එහෙත් ඒ කිසිවක් සඵල නොවීය. 
1817 ඔක්තෝම්බර් 16 වන දින විල්සන් මහතා නිව්මන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු ජා හේවායින් පිරිසක් රැුගෙන එදෙසට ගොස් සිංහලයින්ගේ අද වගේම ඔලූව අතගාමින් එය සංසිදවන්නට උත්සාහ කලේය. එහෙත් එය ගගට ඉණිකපන්නාක් හා සමාන විය. ඒ නිසාම විල්සන් නැවත බදුල්ලට එන අතරමගදී මරුමුවට පත්විය. ඒ ජාතිද්‍රෝහී පරදේසක්කාරයින්ට කත් අදින නිසාවෙනි. එය දුටු නිවුමන් ඇතුලූ පිරිස හිසලූ ලූ අත දුවන්නට විය. මේ පිලිබදව සතුටට පත් සිංහලයින් සතුටුව පී‍්‍රති ඝොෂාවන් නගමින් එය පෙරටම මෙහෙයවන්නට විය. 
එක්තරා උදෑසනක කොළඹ රජමාලිගාවේ දොරකොඩට අශ්වාරොහක සෙබලෙක් මහත් වේගයෙන් පැමිණියහ. ගේට්ටුව අසල රැුකවල්ලා සිටියවුන් ඔබ කවුදැයි විමසූ විට මම කන්දඋඩරටින් පැමිණි බව පැවසීමෙන් ඔහුට ඇතුලට යන්නට අවසර ලැබිනි. ඔහු අමුත්තන්ට සංග‍්‍රහ කරන්නට ඇති විසිත්ත කාමරයේ සිට එවකට හෙළදිව මහ කෙරුම්කාරයින් යැයි කියාගන්නා පරදේසක්කාරයින්ට කත් අදින රට විනාශ කරන්නට උඩ ගෙඩි දෙන අහැලේලොල හා මොල්ලිගොඩ සමග මහා උජාරුවෙන් කතා බහක නැයැලිනි. විල්ලූද පලසින් නිමවන ලද මෙම කාමරයේ රන් පැහැ තුන් වාටියකින් යුතු සේලයකින් සැරසී අහැලේපොල දිලිහුනේය. එහෙත් ඇදුම් හැදගත් පමණින් හෝ කදබඩ තිබූ පමණින් මිනිස් ගැණ නැති නම් මෙලොව කිසිවෙක් නොදිලෙන බව ඔහුට නොදැනිනි. එදා එසේ එය දැනුනා නම් අදද අප මෙසේ දුක් නොවිදිය යුතුය. මෙ අය අතරට අර යුධ සෙබලා පැමිණ ආණ්ඩුකාර තුමාට තමන් ගෙන ආ සංදේශය භාර දුන්නේය. මෙය බලා සියල්ලෝම මුහුණු රතුකරගනිමින් වික්‍ෂිප්තව බලා සිටියහ. අහැලේපොල අමතා ආණ්ඩුකාරයා ප‍්‍රකාශ කලේ උඩරට කැරැුල්ල සංසිදවන්නට කලයුතු ක‍්‍රියාවක් ඉක්මන් කෙට කරන්නටය. එය අසා සිටි අහැලේපොල සිනහ වී ඔය මොන කැරැුල්ලක්ද? මන්  ඕක එක මොහොතින් නවතන්නම්ය කියා ඔය වෙල්ලස්සෙ ඉන්න නාකියට ඔක කොරන්නට බැරියැයි කියා එහි දැන් සිටින දිසාපති වන මිල්ලෑවේ එයින් අයින් කොට මෙහේ ඉන්න වීර කැප්පෙටිපොල එහි යැවිය යුතු බවයි. එවිට එහි ඉන්න සියලූම කැරලිකාරයින් මෙල්ල වන බව ආණ්ඩුකාරයට දැන්වීය. හා එහෙනම් ඒක එහෙම කරමු යැයි අනුමත කොට අප සිංහලයේ එඩිතර නායකයෙක වූ වීර කැප්පෙටිපොල උතුමාණන් වෙල්ලස්සට පිටත්කොට යැවීය. 

Wednesday, May 01, 2019

කන්දඋඩරට පාවාදීම

         
මේ ශී‍්‍රලංකාද්වීපයේ රජකම් කළ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සහ එම කාල පරාසය තුළ ලංකාවේ දිවි ගෙවූ ් නායකයින්ගේ අතර පැවතුනු නොයෙක් බෙදුම්වාදීකම් නිසා මේ ශී‍්‍ර ලංකාද්වීපය පරදේසක්කාරයින්ට පා පන්දුවක් බවට පත්විනි. එය අදටද වලංගුය. එහෙත් එය හෙටටත් මුලූ මහත් අනාගතයටත් පිටුවහලක් කරගන්නාවද යන එක ගැන සිතීම අප සතුය. බුදු රජාණන් වහන්සේ තෙවරක් වැඩි මේ පිංබිම එක එකා බේදාගන්නට වෙර දරන නිසාම නොයෙක් අය අතර මෙන්ම අප අතරද අසම්මත බෙදුම්වාදීකම් නිර්මාණය වී ඇත . මේ සියල්ලටම මූලික හේතුව වී ඇත්තේ අසීමිත බල තණ්හාවයි. එහෙත් ඒ කොපමණ බල තණ්හාවන් තිබුනත් එය රැුකගෙන දිවි ගෙවිය හැක්කේ සීමිත කාල පරාසයක් බව අප කිසිවෙකුත් නොසිතයි. එසේම එම බලලෝභිකම් කිරීමෙන් අන්‍යයන් තමන් හා කතුරන් විලසින් නිර්මාණය වන බව අප සියල්ලෝම මැනවින් දනිතත් එය නිතරම නොසිතන නිසා අප සියල්ලෝම මහා නින්දිත පිරිසක් විලසින් නිවටයින් ලෙස අද පරදේසක් කාරයින්ගේ අතකොලූවක් විලසින් රගදෙන්නට පෙළඹී ඇත .  ඒ නිසාම දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියල්ලෝම නොවිදිනා දුක් ගැහැට විදින්නට කාලය උදාකරගෙන ඇත . එය විසදාලිය හැක්කේ සිංහලයින් වන අප අපටම මිසක් වෙන කිසිවෙකුට නම් නොවේ. 
එදා කන්ද උඩරට ඉංගී‍්‍රසීන්ට අත්පත්වීමෙන් පසුව ගිවිසුම් අත්සන් කළයුතු විය. එබැවින් එම ගිවිසුම් පත‍්‍රය සකසන ලද්දේ එවකට ගාම්භීර එඩිතර මහතෙරුන් වහන්සේ නමක් වූ වාරියපොල ශී‍්‍ර සුමංගල මහ නායක හිමියන් විසිනි. එය වගන්ති දොළොසකින් සමන්විතව සකසා 1815 මාර්තු 02 වන දින මහනුවර මගුල් මඩුවේදී දෙපක්‍ෂයේම අත්සන් තැබීමෙන් පසුව එංගලන්තයේ 3 වන ජෝර්ජ් රජු විසින් හෙළදිව පාලනය කෙරිනි. එහෙත් කටයුතු සියල්ල මෙහෙයවන ලද්දේ ජෝන ඩොයිලි නමැත්තෙකි. එහිදී මෙරට තුළ රට පාලනය කරීමට පත්කරනු ලැබූ බොහෝ සිංහල බලධාරීන්  අතර නොයෙකුත් එදිරිවාදීකම් හා බෙදුම්වාදීකම් සිදුවිනි. අහැලේපොල මොල්ලිගොඩගේ පරම හතුරෙකි. එනිසාම දෙදෙනාට දෙදෙනා යටහත් පහත් වන්නට කැමැත්තක් නොතිබුනි. එයම මනා අතකොලූවක් කරගත් ඉංගී‍්‍රසීන් එය කඩුවක් කර මුලූමහත් සිංහල ජාතියේම හිස සිදලන්නට කටයුතු මෙහෙයවන ලදි. මේ ඇහැලේපොල හා මොල්ලිගොඩගේ උදව් නිසාම කන්දඋඩරට ඉංගී‍්‍රසීන්ට අත්පත් විය. එසේ නොවන්නට අදටත් අප එඩිතර නිරභීත සිංහල ජාතියකි. 
ඇහැලේපොලට කන්දඋඩරට දිවි ගෙවූ කිසිදු ඇමතියෙකු කැමතිවූයේ නැත . එසේම ඔහු මහාතානාන්තරයක් දරන්නේ නම් එයට විරුද්දව නැගී සිටින්නට බොහෝ සිංහලයින් පිරිසක් එකතුව සිටයහ. එය මැනවින් හදුනාගත් අහැලේපොලද දන්වා සිටියේ් රටේ රැුකියාවක් නොකර විවේකයෙන් කල් ගෙවන බවයි. ඒ නිසාම අධිකාරම් ධූරය මොල්ලිගොඩටත් උපඅධිකාරම් ධූරය කපුවත්තේ නිලමේට පැවරුනි. ඇහැලේපොල විවේකීව සිටියත් ඔහු සිතන පතන හැම මොහොතකම කටයුතු කලේ එංගලන්තයේ සුද්දන් හිදගත් සිංහල සිංහාසනයේ තමන් කවදාහෝ හිදගන්නා අදහසිනි. අදටන් ඒ අයුරින් නිවට නියාලූ තුච්ච පාහර නින්දිත අදහසින් පරදේසක්කාරයින්ට කත් අදින්නවුන් මේ හෙළදිවේ ඒ අයුරින්ම දිවි ගෙවයි. ඒ කලූසුද්දන්ගෙන් ජනිතවූවන් බව අප දනිමු. එදා ඇහැලේපොල පරදේසක්කාරයින් සමග කෙතරම් විප්ලව කලත් සිංහාසනය ලැබගන්නට නොලැබුනි. ඔහු නිකමෙක් අයුරින් තිබුන තාන්න මාන්නද අහිමි කර ගත්තේ අද සිටින පාහර ජඩ දේශපාලූවන් යැයි කියා ගන්නා කිසිදු අනක් ගුණක් නැත්තවුන් විලසිනි. ඔවුන් බලය තිබෙන තුරු රගදෙන්නටත් මොරදෙන්නටත් උත්සහ කරයි. ඒ බලය නැතිවූ තැන එය නැවත ලැබ ගන්නට වෙර දරයි. එහෙත් ඒ හැම කාලයකදීම ඔවුනොවුන් කා කොටගන්නවා මිසක් ලබන ලද ධනයක් හෝ දිවියක් නැත . එයින් අන්තිමට තාඩනයට පීඩනයට පත්වන්නේ එදා පටන් අද දක්වාම අසරණ මිනිසුන්ම පමණි. සිංහලයා යනු එඩිතර නිර්භිත ජාතියකි උපතේ පටන්. එහෙත් මේ රටට පත් වී ඇති පාලකයින් යැයි කියා ගන්නා තක්කඩි රැුල ඔවුන්ට සුර සැප විදින්නට අවැසි අයුරින් නොයෙකුත් නීතිරීති සකසමින් සියලූම සිංහලයින් හිර කොට ඇත . එය අප සිංහලයින්ටම නොදැනෙන්නට ඉංගී‍්‍රසීන්ට කරගන්නට බැරි වූ සියල්ල අප අතින්ම කරගෙන ඇත . ඔවුන් අප කි‍්‍රස්තියානි කරනය කරන්නට බැරිතැන නරක බෞද්ධයින් බවට පත්කර හමාරය. මෙය අප දැන්වත් සිතිය යුතු බව සිහියට නොගතහොත් අපට අනගාරික ධර්මපාල තුමා කීවාසේ මුහුදට පැන මැරෙන්නට මිස වෙන කිසිවක් කරන්නට ඉතිරිව නැත . 

Saturday, October 13, 2018

යදම් වලින් හිමි වරුන්ව බැද දමන්න තරම් අපේ



යදම් වලින් හිමි වරුන්ව බැද දමන්න තරම් අපේ
රජමැතිවරු නිවට වෙලා මොන ගුණයද ඒක තොපේ
මේ රට ජාතිය ආගම රැකගන්නට හැමට අපේ
කතා කලේ ඒ හින්දද ඇග භැන්දේ උඹල අපේ

ජාති ජාති තරහක් නැහැ හෙලයනි මෙය අහපල්ලා
උඹලගේ දරුවන් වෙනුවෙන් මෙහෙම උනේ හිතපල්ලා
ඡාරයකට නැති එවුන්ව මේ රට තුළ හදපල්ලා
ඊට පස්සෙ උඹල හැවොම මුහුදට පැන මැරියල්ලා

ජාතිය ආගම නැතිවට කන්න බොන්න තියෙන නිසා
කාකිය ඇදගත් එවුන්ට මහ උන්දල කියන නිසා
මෙහෙම කරල මදි තොපිලා අපි කවුරුත් සිහල නිසා
මරපල්ලා ඉක්මනින්ම අපි පරගැති නොවන නිසා

රට ජාතිය රැකගන්නට ආගම දහමින් බැරිනන්
කියපල්ලා මොකද අපිට කරන්න ඇති කිරිය බොලන්
මේ හැම දේ වැනසෙනකොට ඒ හැමදේ බලා ඉදන්
ඉන්නද බොල කියන්නෙ තොප අපිටත් කා නිකන් ඉදන්

දානෙ හම්ඛෙනව තමයි දුප්පත් මිනිසුන්ගෙ අතින්
ඒ හින්දා තමයි මෙහෙම අපිලට කැක්කුමත් ඉතින්
පොඩි මිනිසුන් දා බිදුවෙන් උබලට කත් ඇදල ඉදන්
හොයන තුට්ටුවෙන් නොවේද උබල ඉන්නෙ හිතන් බොලන්

මෙහෙම ගියොත් ටික කලකින් බත්පත නැති වෙනව ඉතින්
කැලේට ගොස් කර කොලයක් කන්න වෙනව ටික දොහකින්
අදමිටුවන් දුරැර රටේ මිස දිටුවන් පහල වෙයන්
ලෝ පාලක දෙවි රජුනේ මෙය බලලා සාප කරන්

එකෙක්ට තව එකෙක් නැහැනේ පාගාගෙන උඩටගිහින්
පහල එවුන් දෙස් තියනව උඩකට පැන ගන්න හිතන්
ඒකත් පැන ගත්ත පසුව ඒකත් අර ගොඩෙ ඉදන්
පහල එවුන් පාගනවා නොමැරෙන වුන් විලස හිතන්

මේකයි හෙළදිව තත්වේ
ඒකයි මේ පද ගෙතුවේ
හැමටම තේරිය යුතවේ
හැමදෙන එකමුතු යුතුවේ

රචනය - පූජ්‍ය මැදිරිගිරියේ සෝමානන්ද හිමි

Saturday, May 26, 2018

සිංහලයට වුනේ මොකද?මනසින් විමසුම් බුද්ධියට දොරගුළු විවර කරන්නට


සිංහලයා කිසිවෙකුට බරක් නොවූ මහත් එඩිතරව යහපත් පවුල් පසුබිමක් සමගින් ශිෂ්ට සම්පන්නව දිවි ගෙවූ ජාතියකි. එහෙත් අද ඔවුන් සිටින්නේ කොතනද?එය අපට මහත් පැනයකි. හරියට සත්‍ය වශයෙන්ම විමසා බලන කල්හී පෙනී යන්නේ අප අන්‍යයන්ගේ වහලූන් ලෙස තවමත් බියෙන් චකිතයෙන් යුතුව දිවි ගෙවන බවයි. එය එසේ වූවේ අපගේම වරදින් මිසක් වෙන කිසිවකින් නම් නොවේ.

සිංහලයා කම්මැලියෙකි හැබැයි ඒ මෑතකාලීනව මිසක් මුල් කාලීනව නම් නොවේ. මුල් කාලීනව සිංහල මිනිස්සු හොදට වෙහෙස මහන්සි වී ගොවිතැන් බත් කරලන්නට යෙදුනේ මහත් උත්සාහයකිනි. බුදුන්ගේ දහමට අනුකූලවමය. බහාබල පරිචිතා සේදා වක්ඛිත්තා ධම්මිකා ධම්ම ලද්දේහි යන බුදු වදන ඒ ආකාරයෙන්ම සපුරන ලදි. ස්වකීය දෑතේ මහන්සියෙන් දහඩිය මුගුරු වගුරවමින් ධාර්මිකව ධණය උපයන ලද.ි එහෙත් අද අප හුරු වී සිටින්නේ අන්‍යයන්ගේ යටතේ කුමක් හෝ කටයුත්තක් කොට එදාට පමණක් යැපෙන්නට මුදලක් සොයාගෙන හවසට අරක්කු ටිකක් බීගෙන සිගරැට් එකක් පත්තු කරගෙන මහා වීරයන් මෙන් ගෙදර ඉන්න දරුවන්ට හා බිරිදට තලන්නටය. එදා එහෙම දෙයක් තිබුනා තියා එහෙම කරන්නටවත් හිතුවෙ නැත . හැම ස්වාමි දුවක්ම හා ස්වාමි පුරුෂයෙක්ම තම තමන් මැනවින් අගය කරමින් සම්මානනීයව ඇගයීමට බදුන් කරමින් දිවි ගෙවූහ. ඒ නිසාම ඒ එ ් පවුල් තුළ දික්කාසාද හා ඇනුම් බැනුම් මෙන්ම අඩන්තේට්ටම් දක්නට නොතිබුනි. අදටත් බොහෝ ගැමි පරිසරය තුළ එය දක්නට ඇත .
මිනිසා යනු මනසින් මැනවින් සිතා විමසා නිවැරදි කටයුතු වල මැනවින් නියැලෙන පුද්ගලයෙකි. එහෙත් අද සිටින මිනිසා ස්වකීය සැනසීම හා බඩවියත ගැනම පමණක් සිතා කටයුතු කරන මහා අෂත්පුරුෂයෙකි. ඔහු ගැන විවරණය කරනවාට වඩා එය ඔබගේ නෙතින්ම බලා මනසින් සිතන්නට කාලයයි. බුදු කෙනෙක් ලෝකයේ පහල වන විට බුද්ධ කොලාහලයක් සිද්ධ වෙයි ඒ බුද්ධ කෝලාහලය සිදුවන කාලය ලන් වන්නට ප්‍රථම බොහෝ මිනිසුන් අකටයුතුකම් සිද්ධ කරයි. එනම් දස අකුසල් ලෙස අපි දනිමු

ප්‍රාණඝාතය                     =              පණ ඇති සත්වයෙක් ඝාතනය කිරීම
අදත්තා දානය                     =              අන්සතු දෑ පැහැර ගැනීම
කාමමිත්‍යාචාරය     =  සේවනය නොකල යුතු ස්ති්‍රයක් හෝ      පුරුෂයෙක් සමග සේවනය                                                              කිරීම
බොරුකීම                            =             කියන කරුණ අසත්‍යක් වීම

පිසුනාවාචා                     =              භේද කිරීමේ අදහසින්
පරුෂාවාචා                     =              සිත් රිදවීම සදහා
සම්පප්පලාපා                        =              කියන්නාට හා අසන්නාට ප්‍රයේජනයක් නොවීම
අභිද්‍යා                             =              අන්සතු දෑ කෙරෙහි ආශා කිරීම
ව්‍යාපාදය                             =              අන්‍ය සත්වයන් හා ගැටීම
මිච්ඡාදිට්ඨිය                          =              වැරදි දෘෂ්ටීන් නිවැරදි ලෙස පිළිගැනීම

        මේ වැරදි අපි විසින් සිදුකරන තත්වයට අප දැනුදු පත්වී ඇත . මේ කි්‍රයාවන් මේ ආකාරයෙන්ම අප නොපිරිහෙලා සිද්ධ කරන නිසාම නිතරම දුකපිරි දිවියක්ම ගෙවයි. සැනසීම තාවකාලිකයි. පරදේසක්කාරයින්ගේ ෂතුටද එයම විය. ඔවුන්ට අවශ්‍ය කලේ අප මිසදිටු ආගම්වලට හරවාගන්නට බැරි නම් අප නරක බෞද්දයින් බවට පත්කිරීමය. එය ඒ ආකාරයෙන්ම සිදුකර හමාරය අප බෞද්ධ නාමයෙන් හිටියට කිසිත් සිත් පිත් නැති අනුන්ගේ දුකක් දැකල හිතට නොගන්නාවූ පරිහානියට පත්වූ ජාතියකි. එහෙත් අපි අන්‍ය ජාතීන් අපේ රට ආක්‍රමණය කරනව කියමින් ඔවුන්ට වෛර කරමින් දිවි ගෙවනවා මිසක් වෙන කිසිත් නොකරයි. අනුන්ගේ ඇද කුද හා දිග ඵලල මනින්නට ඇති නම් අපට වෙන කිසිත් කාර්යක් නැත. එය දැන දැනත් අප තවද එයම කරන්නෙමු
අන්‍යය ජාතීන්ට අවශ්‍යය කළ එකම කාර්ය නම් කුමක්ද? පන්සල් ඇසුරු කරන සිංහලයින්ව එයින් දුරස් කීරමයි එය ඒ ආකාරයෙන්ම සිදුකර හමාරය. පන්සල් ඇසුරු කරමින් අධ්‍යාපනයෙහි නියුතු වූවන් සියලූම දෙනා එයින් දුරස් කර ඇත. පාසල් නිර්මාණය කිරීමෙන් හා ඒ තුළට ඉංගී්‍රසි භාෂාවන් ඇතුළත් කිරීමත් රජයේ රැකියාවක් සිදු කරන්නට නම් ඒ සියලූමදෙනා පාසල් යායුතු බවත් නියෝග කරමින් නීතිරීති කෙටුම්පත් සකසන්නට විය. ඒ නීතිරීති වලට අනුගත වෙමින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් යුතුව හා මුදල් සමාජයේ දිවිගෙව්න්නවුන්ට නැතිවම බැරි සාධකයක් නිසා සියලූම කොල්ලො කෙල්ලො පාසල් යන්නට කොට කලිසමයි සුදු කමිසයයි අදින්නට පටන් ගත්තේ සරමයි නැසනල් එකයි පසෙකට විසි කරමිනි. කෙල්ලන් සියලූම දෙනාද ගවුමක් ඇග පටලා ගත්තේ මුලූ ඇගම වැසෙන්නට අදින ලද ළමාසාරිය පසෙකට විසි කරලමිනි. අන්තිමට පන්සලට කොල්ලන් හා කෙල්ලන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ආච්චිලා සීයලා මෙන් පන්සලට එන්නෙ නැතිම නිසා සතියේ ඉරු දිනට පමණක් දහම් පාසලක් පවත්වන්නට තීරණය වුනි. ඒ පන්සල් නොඑන්නාවූ ඇත්තන් පන්සල් ගෙන්වාගෙන එදාටවත් අපේ නැතිවී යන ශිෂ්ට සම්පන්න ගතිය යලි නගා සිටුවන්නට මිසක් වෙන කිසිවකට නම් නොවේ. ඒ මන්ද බොහෝ පිරිසක් හිස හා අත සකසන්නට සිතමින් හා කියමින් පාසල් ගොස් ලෝකය අල්ලන්නට වෙර දරන නිසාවෙන් ඔවුන් කවමදා හෝ අතරමන් වන බව දිනිමිනි. අප සියල්ලන්ම දන්නා හදුනන එකම සත්‍යයක් ඇත . එනම් හදවත නැති මිනිස්සුන්ගෙන් මේ විශ්වයේ කිසිවෙකුට කිසුදු ඵල ප්‍රයෝජනයක් නැත . එසේම ඔවුන් දෙස බලන්නට හෝ ඔවුන් නිසා තැවෙන්නට දැවෙන්නටවත් කවුරුත් නැත . 
මනස්කාන්ත පාරිසරික වටපිටාවකින් යුතු හෙළදීපය අද කෙතරම් නම් දුර්භීක‍ෂයන් රාශියකට මුහුන දී ඇතිද? කොපමණ නම් ජල ගැලීම් ප්‍රමාණයක් සිදු වෙනවාද? මේ හැම දෙයක්ම මෙහෙම සිදුකරගත්තේ අප විසින්මය. ජලය ගලාගෙන යන්නට තිබුනු ජල මාර්ග සියල්ලම අහුරමින් බිම් අගලක් අගලක් ගානේ ගොඩ කරමින් ගොඩ නැගිලි නිර්මාණය කර නොයෙකුත් කෘතිම ව්‍යාපාරයන් සිදුකරයි. ප්ලාස්ටික් ඇලූමිනියම් හෝ යකඩ වෙන්නට පුලූවන්. මේ හැම කර්මාන්ත ශාලාවකින්ම පිටවන විෂ වායුව කොපමණද? ඒ සියල්ලම ස්වසනය කරන්නට මිනිසුන්ට කොපමණ අපහසුද? එලෙසමය මේ ස්වභාව දහමටද එය මහත් පීඩනයකි. 

මිනිසා ස්වභාව දහමට අනුගත නොවී කටයුතු කරන්නේ යම් මොහොතකද? අන්න එදාට ස්වභාව දහම මිනිසා හා උරනව දඩුවම් දෙන්නට වෙර දරයි. එබැවින් අප හුරු විය යුත්තේ ස්වභාව දහමට අනුගතව දිවිය හසුරන්නට මිසක් අපට අවැසි විදියට ස්වභාව දහම හසුරුවන්නට නම් නොවේ. මෙලොව දිවි ගෙවන හැම තිරිසන්ගත සත්වයෙක්ම ස්වභාව දහමට අනුගත වෙමින් දිවි ගෙවන නිසා ස්වභාව දහමේ යම් යම් වෙනස්කම් සිදුවන විට ඔවුන්ට එය වහා වැටහෙයි. එහෙත් මිනිසාට දැන් එහෙම දැනෙන්නෙ හැගෙන්නෙ නැහැ. දැන් දිවිගෙවන හැම මනුෂ්‍යයෙකුටම කිසිදු හැගීමක් දැනීමක් ඇත්තේද නැත . හැම කෙනෙක්ම දිවිගෙවන්නේ මහා මානසික ආතතියකින්මය. ඔවුන්ගේ සිත හරි වෙහෙසකාරීය. සියල්ලෝම හිතාගෙන ඉන්නෙ අද සැනසීමක් ලැඛෙයි හෙට ලැඛෙයි කියමිනි. රාති්‍රයට නින්දක්ද නැත . ඇවිලෙන මනසකින් හා පඤ්චස්ඛන්ධයකින් දැවි දැවී දිවි ගෙවයි. ඒ නිසාම අන්‍යයන් හා කේන්තියක් හා වෛරී සිතුවිල්ලක් උපදී. ඒ නිසාම හිනාවෙලා සතුටින් දිවි ගෙවන මනුෂ්‍යයින්ටද කුමන හෝ අකටයුත්තක් සිදුකර ඔවුන්ද තමන්ගේම තත්වයට ඇද දමන්නට වෙර දරයි. අන්සතු දෑ තමන් සතු කරගන්නට වෙර දරයි. එය ඒ ආකාරයෙන් සිදු කරගන්නට නොහැකිවූ තැන ඔවුන් හා ගැටෙන්නට හා බැරිමතැන ඝාතනය කරන්නටද වෙහෙසෙයි. එහි අවසන සිරබත් කන්නවුන්ද මේ හෙළදීපයේ කොතරම් සිටිනවාද? මේ කරුණු ගැන අප සිතන්නෙ විමසන්නෙ නැති නිසාම තව තවත් අපි දුකම පිරි දිවිගමනක කදුලූ බොන්නෙමු. ඒ කදුලූවල අවසානයේ සංසාරයේ තව දුරට පියමනින්නට සිදුවෙයි.
පාසල් යන දරු දැරියන්ට උගන්වනව කියල අම්මල අප්පල හැමදාම නින්දක් නැතිව රිය සක කරකවන්නාක් මෙන් නොයෙක් දේ පුංචි දරුවන්ගේ මනසට හා මොලයට කා වද්දන්ට වෙර දරයි. එහෙත් ඒ ඒ මනසට දරාගන්නට පුළුවන් ප්‍රමාණයට එහාගිය දැනුමක් නිසා බොහෝ දරුවන් මානසික පීඩනයෙන් යුතුව දෙමාපියන් මගහරින හා ඔවුන්ට වෛරකරන පිරිසක් අයුරින් නිර්මාණය වී ඇත . අම්මල පුංචි දරුවන්ට සිව්බඹ විහරණයෙන් සලකන්නේ නැත . සලකනවා තියා දරුවා තුරුලට අරන් කිරිටිකක් දෙන්නවත් හුස්මක් ගන්නවත් බොහෝ මව්වරුන්ට විවවේකයක් නැත . මේ හැම දෙයක්ම සිදු කරගත්තේ අපිමයි. නිදහසේ හිතල කල්පනා කරල වැඩ කරන්නට නියම කාලයක් අපිට තිබුණා. හැබැයි දැන් අපිට හිත හිත ඉන්න එකදු තත්පරයක්වත් නැත . ඒ මන්ද ?අප මුලූ ලෝකයටම ණය වී හමාරය. ඒ ණය වෙලා තියෙන්නෙ කොහොමද? අධ්‍යාත්මික දියුණුව ඇතිකරගන්න ගිහින්ද? නැහැ අපි මෙච්චරම අවිවේකී වෙලා ඉන්නේ කොටස් සතරක් සපුරගන්නට මිසක් වෙන කිසිවකට වෙර දරා නොවේ.

ඇදුම් පැලදුම්
ආහාරපාන
වාසස්ථානයක්
ඛෙහෙත්

අපි කොපමණ මුදල් උපයාගත්තත් මේ මුළු විශ්වය පුරාම සැරි සැරුවත් අපිට මේ හතරෙන් එහාට දෙයක් අවශ්‍යය නම් නොවේ. 

Friday, March 16, 2018

අදහම දහම ලත් තැන දුබලය අඳය

































දුටුවෙමි අසරුවෙක් හිමියනි දෙමුව ඇතී
ඒ අසරුවා ඒ දෙමුවින් අහර කතී
මේ සිහිනයෙන් මගෙ ගත සිත කිලි පොලතී
පවසනු හිමියනේ මට මින් කුමක් වෙතී

මහරජ තුමනි ඔබ ඇයි මේ බිය වන්නේ
මෙකලදි නොමැත මේ කිසිවක් ඵල දෙන්නේ
මතු දින දිනෙන් දින අදහම රජවන්නේ
එකලයි මෙහෙම නොපතන දේ සිදුවන්නේ

අදහම දහම ලත් තැන දුබලය අඳය
කළ යුතු නොකළ යුතු දෑ ගැන නොසිතතිය
යුක්තිය අයුක්තියකට හැම පෙරලතිය
සුදනන් වුවද දුදනන් මෙන් පිරිහෙතිය

ධනයට නිලය බලයද හැම යටවෙනවා
ඛාමුක කතුන් ලෝකයෙ නිති රජ වෙනවා
ඒ හා ගැටෙන්නට පිරිමින් සැරසෙනවා
අවසන සැවොම පිරහී ලොව වැනසෙනවා

අදමිටු දුදන හැමටම හිස නමනු ඇත
දුදනන් දුසිරිතෙන් කාලය ගෙවනු ඇත
දුසිලූන් විසින් කරනා ලද සියලූ කැත
වැඩ වල ඵලය වැටුනේ සිල් වතුන් මත

රූ සිරි වරුණ හමුවේ නෙත වසාගෙන
මල දුටු බඹරු මෙන් නෙත් යුග වසාගෙන
රොන් බී මත්ව මුකුලිත මල බදාගෙන
මිය යයි සැවොම අත් තටු හැම කඩාගෙන

මත්දිය බිබී හැම තැන හැම පිරිහෙන්නේ
නිවැරදි සිතුම් පැතුමන් නැහැ එළඹෙන්නේ
අම්මද අප්ප දරුවන් නැහැ හදුනන්නේ
ඇයි මිනිසුනේ මේ කිසිවක් නොපෙනෙන්නේ

උමතුව සිටින විට කිසිවක් නැහැ දන්නේ
උස්සන් ගියත් කලමුත් නැහැ වැටහෙන්නේ
සිහලූනි උඹල ඇයි මේ ගැන නොසිතන්නේ
දැන්වත් අවදි වී ඇස් ඇර බලපන්නේ

ආගම දහම කෝ උඹලා කරන ගරූ
පිංකම් කොහෙද උඹලා හදවතින් පිරූ
අම්මද අප්ප දරුවන් විලසින්ම මරූ
විමසන් සැවොම නවතී අප සමග මරූ

ඉපදුනි මනුව පෙර පිංඵල ඇති හින්දා
බුදුහිමි පිදුවේ අදමිටුකම් නැති හින්දා
මෙකලදි එහැම නොසිතා හැසිරෙන හින්දා
විදවති දුකද මේ ලොව හැම නව නින්දා

එම් සෝමානන්ද හිමි

Thursday, March 08, 2018

එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද?


එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද?

බෝසතාණන් වහන්සේ එක් ආත්මයක සුණක ජාතියෙහි උපත ලබා මරනයට කැප වුනු බොහෝ සුනකයින් පිරිසක් ජීවත් කරවන්නට වරම් ලදි. ඒ කෙසේද යත්?

දිනක් බ්‍රහ්මදත්ත රජුගේ රජ උයනේ සම්පටින් කරවන ලද රාජ රථයක් නවතා තිබිනි. ග්‍රීශ්ම සෘතුවේ බැවින් මේ රථය රාති්‍රයේ ඇද හැලූනු මහ වැස්සකින් හොදටම තෙමිනි. ඒ සම්පට සියල්ලම තෙමුනු හෙයින් මාංශ ගන්දය ආග්‍රහණය කරමින් ඒ වෙත පැමිණි රජ ගෙහිම සුනකයින් පිරිසක් මේ රාජ රථය සම්පූර්ණයෙන්ම කාදමා විනාශ කොට දැමීය. මෙහි ආරක්ෂාවට සිටි මුර භටයන් තමන්ගේ ආරක්ෂාව පතා ඇත්ත වසන් කොට රජ තුමාට බොරු මවා පෑමක් කොට රජුට ප්‍රකාශ කරනුයේ රජ තුමනි ඊයේ රාත්‍රීයේ නගරයේ අයාලේ යන බල්ලන් රැලක් මාලිගාවේ ජලය ගලා යන කුණු කානුව දිගේ මාලිගයට පැමිණ රාජ රථය කා විනාශ කර දමා ඇත. ඒ නිසා නගරයේ දිවි ගෙවන සියලූම සුනකයින් මරා විනාශ කල යුතුයි. රජුද කිසිත් විමසුමක් නොකර නගරයේ හා ගම් නියම්ගම්වල සැරි සරන සියලූම සුණකයින් මරා දමන්නට නියෝග කලහ. එතැන් පටන් සුනක සංහාරය ඇරබිනි. සුනකයින් සියලූම දෙනා මේ අව නඩුව බොසත් සුනකයාට දැන්වීමෙන් පසුව ඔහු රජු වෙත පැමිණ මෙයට හේතුව විමසීය. එවිට රජු සියලූ පුවත් දැන්වීය. අනතුරුව බෝසත් සුනඛයා ප්‍රකාශ කලේ රජ තුමනි මෙය සිදු කරන ලද්දේ මේ රජ ගෙදරම දිවි ගෙවන සුනකයින් මිසක් වෙන කිසිවෙක් නෙවේ යනුවෙනි. එය ප්‍රත්‍යක්ෂ කර ගන්නට නම් ගිතෙල් සමග කුසතණ මිශ්‍ර කොට දෙන්නට නියම කෙරින.එය ඒ ආකාරයෙන්ම පිළියෙල කොට දුන් පසු මාලිගයේ සියලූම සුනකයින් තමන් පෙරදා ගිල දැමූ සියලූ සම්පට වමාරන්නට යෙදිනි.ඇත්ත සත්‍ය මැනවින් වටහාගත් රජ තුමාට මනා දේශණාවක් බෝසත් සුනකයා දෙසීය.ඒ කෙසේදයත්?
දස රාජ ධර්මයෙන් 
සතර අගතියෙන් 
සතර සංග්‍රහ වස්තුවෙන් 
තොරව යම් රජෙක් රජ කම් කරන්නේ නම් එතනදි මහා විපත් හා විනාශ ලොකු පොඩි කාටත් විදින්නට සිදු වෙනව. එබැවින් රජ තුමණි ඔබත් එය මැනවින් උගෙන අනුගමනය කොට අනික් ප්‍රජාවටත් ඔබගේ අත වැසියන්ටත් මැනවින් හුරු පුරුදු කරවන්න. එය අදටත් හෙටටත් මතු අනාගතයටත් මහා යහපතක් සිදු කරාවී. අනතුරක් සිදු නොකරාවි. මෙය අසා සිටි රජු එතැන් පටන් මනා දිවි පෙවෙත්ක් ගත කලහ.
සොබා දහමට ලොවේ අවනත නොවන කිසිවක් නම් නැති බැවින් අප හුස්ම ගන්නේද ස්වභාව දහමෙනි. අප පානය කරන ජලයද ස්වභාව දහම සතු වූවකි. කන්න බොන්න ලැඛෙන්නේද ස්වබාව දහමෙනි. ස්වභාව දහම මහත් විප්ලවයක් අරබන්නේ යම් මොහොතකද එදිනට අප සියලූම දෙනාගේ විප්ලවයන් හා කි්‍රයාකාරකම් සියල්ල නවතා දමන්නට සිදුවන්නේ කැලණිතිස්ස රජුට හිටිය එකම දියනිය මුහුදට බිලි දී අත පිහදාගන්නට වූවාක් මෙනි. එබැවින් අප සියල්ලෝම සිතින් සිතා මනසින් විමසුම් බුද්ධියෙන් මැනවින් කටයුතු කරන්නටම වෙර දරමු. එය මහත් සැපතකි. නැති නම් මහා විනාශයකි. එය සුනාමියක් වැනි විනාශයක් වන්නටද පුලූවනි. එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද?