සෙනෙහසේ නැවතුම

සැලෙන මඳ නල තුළ තුරු ලතා පෙලට නව ජීවයක් ලබා දෙන්නට සැරසෙයි. ඉදුණු මී අඹ ගසේ වසා සිටි පුංචි කුරුළු පැටවුන් ඉපිල ගිය ප්‍රීතියෙන් යුතුව අතු අතර කිචි බිචි නඳ දෙයි. කෙමෙන් අඳුරු තිමිරපට මැදින් සඳු යන්තමින් සිනාසෙයි.


මේ සියල්ල මෙලෙස සිදු වුණද දැඩි ලෙස කල්පනා දැහැනේ වෙලී සිටි මිලින්දට මේවා ගැන එතරම් තැකීමක් නැත. ඇසිල්ලකින් අතීත සිතුවිලි එකිනෙක මිලින්ද ඉදිරියේ පෙළ ගැසෙන්නට විය.

මිලින්ද තරමක් පොහොසත් පංතියක උපත ලැබ සැදී වැඩුණෙකි. එකල ගමේ ඔවුන්ගේ පවුල තරම් ප්‍රී
තියෙන් ජීවත් වුනු වෙන කිසිදු පවුලක් නොවීය. එහෙත් මිලින්දට සය අවුරුද්ද ලබනවාත් සමගම ඔවුන්ගේ ජීවිත තුළට මාරයා එබිකම් කරන්නට විය. වැඩ වර්ජනයට සහභාගී වීම නිසා මිලින්දගේ පියා වූ ජයසුන්දර මහතාට රැකියාවෙන් සමු ගන්නට අම්මා සහ තාත්තා නොතිර සටනක නියැළුණි. එහෙත් දෛවය ඔවුන්ට තව තවත් සරදම් කරදම් කරන්නට විය. මේ නිසාම කල් යත්ම ජයසුන්දර මහතා බීමත් කමට ඇබ්බැහි විය. මේ නිසාම ඔවුන්ගේ ජීවිත තව දුරටත් අදුරටම ඇදී ගියහ. වෙල්ලස්ස ගම්මානයේ ඉඩ කඩම් වලින් හරි අඩකටත් වඩා උරුමකම් කීවේ ජයසුන්දර මහතාය. එනමුත් ඔහුගේ බේබදුකම ඉදිරියේ මිලින්දලාගේ වත්කම් නිවස පිහිටියා වූ ඉඩම දක්වා සීමා විය. දිනක් අදික බීමත්ව ගෙදර පැමිණි ජයසුන්දර මහතා සුදු මැණිකා වූ මිලින්දගේ මවට තැලීමටත් ගෙයි බඩුමුට්ටු පොළොවේ ගැසීමටත් විය. ස්වල්ප මොහොතකින් බිම ඇද වැටුණු ඔහුගේ කටින් ලේ පිටවන්නට විය. මිලින්දගේ මව වහා ජයසුන්දර මහතාව අසල ගෙදරකින් වාහනයක් ගෙන්වා රෝහල වෙත ගෙන යන ලදි. මේ වන විටත් ජයසුන්දර මහතා ජීවිතය හා මරණය අතර නොතිර සටනක නියැලිණි. අවසානයේ ජයසුන්දර මහතා පැරදුණේය. මාරයා ජය ගත්තේය. මරණය යනු කුමක්දැයි කුඩා මිලින්ද නොදැන සිටියද මවගේ විලාප හඩ මධ්‍යයේ ඔහුට නිහඩව සිටිය නොහැකි විය. සුදු මැණිකා මහත්මිය අඩමින් සිය සැමියාගේ දෙකකුලි සිප ගනිද්දී කුඩා මිලින්දද සිය පියාට එලෙසින් සමු දුන්නේය. මෙලෙස  අතීත මතකයන් එකිනෙක මිලින්ද අසල පෙල ගැසෙද්දී,

" පුතේ" යන සුපුරුදු හඩත් සමඟින් මිලින්ද සිය සිතුවිලි ලෝකයෙන් සමු ගත්තේය.

" පුතේ , දැන් රෑ වෙලානේ? "
ඇයි ඔයා නිදාගන්නේ නැද්ද?
අම්මා නිදාගන්න අම්මේ...

මට තව විභාගෙට මාස දෙකයිනෙ තියෙන්නේ
එහෙනම් පුතේ මං ඔයාට තේ කහට ටිකක් ගේන්නද?
ඕනි නෑ....අම්මේ...අම්මට මහන්සිනෙ අම්ම නිදාගන්න

මිලින්ද එසේ කියූවද මහත් අපහසුවෙන් ඇය කේතලය ලිප තබන අයුරු මිලින්ද බලා සිටියේ දැඩි දුකකිනි. අවිනිශ්චිත වර්තමානයක සිටි ඔහු නිශ්චිත අනාගතයක් ගැන පැතුමන් සිතෙහි මෙනෙහි කරන්නට විය.

කළු ගල් කැඩීම නිසා තැන තැන තුවාල වී තිබූ දෙඅත්
මත සුදු මැණිකා තෙල් බෝතලයක් අතුල්ලන අයුරු දුටු මිලින්දට හැඩුනේ ඉබේටමය.

මගේ රත්තරන් අම්මේ ඇයි අපිට මෙහෙම උණේ.  දුප්පත්කම අප පසු පස විත් මෙතරම්ම අපට සරදම් කරන්නේ
ඇයි?   හඩන දෙනෙතින් යුතුව මිලින්ද තම සිතින් පමණක් ප්‍රශ්න රාශියක් ඇසීය. එහෙත් අප මෙලොව ජනිත වීම ගැන වගකිවයුතු නැත. එනමුත් ජනිතව කරන හැම කටයුත්තක් ගැනම වගකිව යුතුවේ. මේ නිසාම ජන්මය කුමක් වුවද මෙලොවින් සමුගත යුත්තේ උසස් මතකයක් ඉතිරි කරමිනි. මේ සිතුවිලි හදවතේ රුවාගෙන සිටි මිලින්දට තේ කොප්පයක් ද අතින් රැගෙන එන සිය මවගේ රූපය දෙනෙතට හසු විය. ඒ අහිංසක රුව දෙස මිලින්ද මොහොතක් ඇසිපිය නොහෙලා බලා සිටියේය. ඇත්තටම මගේ රත්තරන් අම්මේ මෙතරම්ම දුක් විදිනුයේ මං නිසා නොවේද? ඇත්තටම මං ජීවිතය ජයගත යුතුව ඇත. ඒ මං නිසා නොව. මගේ රත්තරන් අම්මේ ඔබ නිසයි.

 " පුතේ...
මේ තේ කහට උගුර බීල පාඩම් කරන්න
සීනිත් ඉවර වෙලා මගෙ
පුතේ
දැනට අල්ලට බීපං
මං හෙට වත්තෙ කඩෙන් පිටි එකක් ගෙනත් දෙන්නම්කො

ඇත්තටම මවගේ වදන් මෙනතරම් සෙනෙහෙබරද? දෙවියන් මැවූ මෙලොව උත්තරීතරම ගැහැණිය මවයී. මවි සෙනෙහස ජීවිතයකට කොතරම්ම අවශ්‍යයද? සත්තකින්ම..හැමදාමත් ඔබ මගේමයි අම්මේ... සත්තයි..

මිලින්ද මෙවදන් හෙමින් කෙදිරුවද එය ඇසුනාසේ සුදු මැණිකා අපිරිමිත සෙනෙහෙන් මිලින් දෙස බලා සිටියාය..

දැන් අම්මා නිදාගන්න අම්මේ
මං තව ටිකක් පාඩම් කරලා නිදාගන්නම්
මට තාම නිදිමත නෑ අම්මේ

( තවත් කොටසක් ලබන සතියේ )

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::