Postingan

Menampilkan postingan dari 2012

::: වසරකින් පසු වසරක් සමරන්නට නම්? :::

Gambar
සැනසුම් සුසුම් පිරි දිවියක් මිස වැනසුම් කදුලෙන් මුසු දිවියක් ගතකරන්නට හෝ නිම කරන්නට අප කිසිදු මොහොතක කිසිදු උත්සාහයක් නොගනිමු. එසේම නොකැමැත්තෙමු. එහෙත් අප අද මේ ගෙවන ලද දිවිය දෙස ආපසු හැරී බලන්නේ නම් අපට පෙනෙන්නේ අප සැනසීමෙන් යුතු මනසකින් අන්‍යයන්ගෙන් මෙන්ම තමන්ගෙන් පැසසුම් ලද දිවියක්ද? එසේත් නැති නම් අන්‍යයන්ගෙන් මෙන්ම තමන්ගෙන්ද නින්දාවන් හා අප්‍රසාදයන් ලබමින් ගතකළ දිවියක්ද යන්න පිළිබද විමසන්න. එවිට ඔබ මේ වසර තුළ සිදු කරන්නට යෙදුනු සියලූ වැරදි ක්‍රියාවන් මොනවාද?

::: යුක්තියට ගරු නොකරන්නේ ඇයි? :::

Gambar
" ලාපූනි සීදන්ති සිලාප්ලවන්ති මණ්ඩූකියො කණ්හ සප්පො ගිලන්ති" මේ පාඨයෙන් පැහැදිලි කරන්නේ කුමක්ද? ලබු කබල් දියේ යට යනව.මහා ගල් කුලූ දියේ මතුපිට පාවෙනව . ගෙම්බන් නයින්ගේ පසුපස ගොස් ගිලිනව. මේ අදහස් තුළින් අපට පෙන්වා දෙන්නේ කුමක්ද? ලෝකයේ සිද්ධවන අධාර්මික කි්‍රයාපටිපාටිය නිසා සිදුවන ප්‍රතිඵලයෝම නොවේද? මේ සිහිනයන් දුටුවේ කොසොල් රජු විසින්. එයට පිළිතුරු සපයන ලද්දේ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසිනි. අවිනීතිය දුරාචාරය රජයන සමාජයක හැම මොහොතකම සැනසීමෙන් දිවි ගෙවිය නොහැක. එසේම සුදුස්සාට සුදුසු තැන හිමි නොවන්නේ නම් නුසුදුස්සාට නුසුදුසු තැන් හිමි වන්නේ නම් එවිට ලෝකයේ සිදුවන සෑම කි්‍රයාවක්ම කනපිට පෙරලෙන බව බුදුන් වහන්සේ විසින් මැනවින් දේසිතය. එයට ඉතිහාස කතා ගෙනහැර පාන්නට කාලය නොවේ. 

::: සැබෑ ලෝක විනාශය යනු කුමක්ද? :::

Gambar
මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතරට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවරයෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය බිඳ දමා පහළ වූ සේක් ද ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය. හේ කෙසේද යත්,

::: ඔබ මැනවින් ආලෝකමත් දිවියක් ගතකරන්නට නම් :::

Gambar
සෑම පුද්ගලයෙකුම මනා සැහැල්ලූවෙන් හා සැනසීමෙන් යුතු දිවි පෙවෙතක් ගත කරන්නට වෙර දරන්නෙමු. නමුදු ඒ සැනසීම ලබන්නට ඔබ විසින් සිදු කරන්නේ කුමක්ද? ඇති අය මරා ඒ අය සතු දෑ පැහැර ගනිමින් ස්වකීය චින්තන සතු අතෘප්තිකර ආශාවන් සපුරන්නටම නොවේද? එසේම ඒ ආශාවන් සියල්ලම තාවකාලික යැයි ඔබ නොසිතයි. අද දින බොහෝ පිරිසක් ලෝක විනාශයක් ගැන කතා කරයි. එහෙත් බුදුන් වහන්සේවිසින් දේශණා කළේ කුමක්ද බඹයක් පමණ වූ අපගේ ස්වකීය ශාරීරික හා මානසික ක්‍රියාකාරීත්වය මැනවින් මෙහෙයන්න. එවිට අප ලෝකය ගැන නොසොයව්වට ගැටලූවක් නැත. ඒ මන්ද? වැරදි නොකරන පුද්ගලයට ලෝකය විනාශ වුවත් ගැටලූවක් නැත.

::: වැනසෙන්නට නොව සැනසෙන්නට වෙර දරන්න :::

Gambar
න වායමෙය්‍ය සබ්බත්ථ නාඤ්ඤස්ස පුරිසො සියා නාඤ්ඤං නිස්සාය ජීවෙය්‍ය ධම්මෙන න වණිං චෙ කරන්න පුලූවන් කියල හිතුනට හැමදේම කරන්න හිතන්නෙපා. එසේම අනුන්ගෙ අතකොලූවක් නොවන්න. අනුන් නිසා ජීවත්වන්නටද නොයන්න. බුදුන් විසින් දේශිත උතුම්  සද්ධර්මය වෙළදාම පිණිස පරිහරණය නොකරන්න.

::: මාධ්‍යයෙන් මොනවද ආගම දහම වෙනුවෙන් කරන්නේ අද? :::

Gambar
යහපත යහපත අයුරින්ද? අයහපත අයහපත අයුරින්ද දකින්නට යමෙක් වෙර දරන්නේ නම් ඔහු මනා සැනසීමෙන් මුලූ මහත් දිවියම ගෙවනු ඇත. එහෙත් එය ඒ අයුරින් නොදකින්නේ යමෙක්ද? ඔවුන් සියල්ලෝම වැනසීමක්ම ලබයි. මනුෂ්‍යයෙක් මනුස්සයෙක් අයුරින්ම හැසිරෙන්නටත් හසුරන්නටත් මුලින්ම ස්වකීය පවුල තුළින් ආභාසය ලබයි.එහෙත් අද දෙමාපියන් සහ දරුවන් එකට එකතුව නරඹන්නේ කවරාකාර රූප රාමූන්ද? කිසිදු විලි බියකින් තොරව රංගනයන් තුළ නියැලෙන්නවුන්ගේ කාමුක දර්ශන නොවේද?

::: ආත්මාර්ථකාමී මිසදිටු සිංහලයිනි දැන්වත් ඇස් අරින්න :::

Gambar
    ආ ත්මාර්තකාමී ගතින් මිනිසුන් වුවත් නොමිනුසුන් දිවි ගෙවන මේ විශ්වය තුළ ක්‍රියාකාරීත්වය අද වැරදි පැත්තටම නතු කරන්නට බොහෝ චින්තන රාශියක් ඒකරාශී වී ඇත. එහි අවසානය නම් සිංහල ජාතියත් බුදුදහමත් විනාශ වීම නම් නොවේ. එහි ඇති බලය තව තවත් විදහා පෑමම පමණක් වන්නේය. ගිහියා හා පැවිද්දා යනු දෙදෙනෙකි. එසේම දෙදෙනාගේම ක්‍රියාකාරකම් ද දෙපරිදිය. 

::: ඔබ මැනවින් නිමවෙන්න ඔබ තුළින් :::

Gambar
 *යටිකුරු කළත් මැනවින් දැල්වෙන ගිනිහුල උඩුකුරුම වෙයි. එසේම මනා ඇවතුම් පැවතුම් ඇති යහපත් චින්තනයක් සතු පුද්ගලයා වැනසිය නොහැක * ලෝකයේ ක්‍රියාකාරිත්වය වෙනස් කළ හැක්කේ ලෝකයේ දිවි ගෙවන්නවුන්ගේ යහපත් චින්තනය තුළින් මිසක් ඔවුන් සතු ධන ධාන්‍ය වස්තූන්ගෙන් නම් නොවේ.

෴ ෴ හිමියවුන් හා අහිමි වූවවුන් අතර ඇති චින්තන වෙනස ෴෴

Gambar
උප්පත්තියෙන් දෑත් දෙපා හිමි හා ඇස්, කන්, නාස, කකුල්, අතපය, අහිමි වූවවන් හා හිමි වූවන්ද මේ විශ්වය තුළ අදටත් දිවි ගෙවනු ඇත. එහෙත් ඒ දිවි ගෙවන්නාවූ සියලූම දෙනා නිවැරදි දිවි පෙවෙතක් ගෙවන්නේද යන්න පිළිබදව අප මනසින් මෙන්ම නැණසින් විමසන්නට සුදුසු කාලය අද එළබ ඇත. මානසික චින්තනය විකෘතිවූවන් පමණක් දිවි ගෙවන්නාවූ මෙවැනි පාරිසරික වටපිටාවක එවැනි විකෘති මානසික පරිසරයක් නිර්මානය වුනේ මන්දැයි විමසන්නටත් එයට නතු වූවන් ඉන් මුදවන්නටත් අප නිතරම කටයුතු කළයුතුය. එසේ නොකරන්නේ නම් මේ විශ්වයේ විනාශය ඉක්මනින්ම සිදුවනු නියතය.

::: අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නේ කෙසේද? :::

Gambar
නසන්නට නොව තනන්නට හැකි නම් දිවියක් එය අන්‍යයන්ටද මහත් ආදර්ශයකි. එසේම තනන්නට නොව නසන්නට හැකි නම් දිවියක් එය මහත් අභාග්‍යයකි. අප ලෝකයේ දිවි ගෙවන්නේ බොහොම සීමිත කාල පරාශයක් පමණි. ඒ ගෙවන කාල පරාශය අවුරුදු සිය ගණනක් හෝ ඊට අඩු වන්නටද ඉඩ ප්‍රස්ථාව නිමවා ගන්නේ ස්වකීය චින්තන හස්තය තුළින් සිදු කරණ ලද වැරදි හා නිවැරදි ක්‍රියාවන්ට අනුව බව අප තරයේ සිහියෙහි තබාගෙන කටයුතු කරන්නේ නම් මෙලොව වැනසීමෙන් තොර සැනසීමකින් දිවි ගෙවිය හැකිය. එහෙත් අද මෙලොව දිවි ගෙවන්නවුන් සිතන්නේ ස්වකීය කුසගින්න හා සමාන කුසගින්නක් අන්‍යයන්ට නොමැති බවම නොවේද? එසේමයි. එහෙත් අප මැනවින් සිතන්නට හා විමසන්නට හැකි මිනිසුන් ලෙස මේ ලෙවන දිවයේ කෙතරම් අඩුලූහුඩුකම් ඇත්ද?අප ඒ ගැන මදක් සිතමු.

::: ඔබ වරදට නතුවන්නේ ඇයි :::

Gambar
  වත්මන් සමාජගත දෙමාපියන් ද බොහෝ කොට උත්සාහ දරනුයේ ඔවුනොවුන්ගේ සුඛ විහරණය තකා මුදල් වියපැහැදම් කිරිම පමණි. එහෙත මෙසේ වියපැහැදම් කිරීමෙන් තම දරුවන්ගේ අනාගතය අඳුරු වන බව සිතන්නට තරම් ශක්තිය නොමැතිවී ඇත. දෙමාපියන්ගේ සුඛ විහරණය සහ සිතුම් පැතුම් ආශාවන් සියල්ලක් ම සන්තර්පනය වූ පමණින්ම ඔවුන්ගෙන් සමාජයට දායාද වූ දූ පුතුන්ගේ අනාගත සිතුම් පැතුම් මෙන්ම පරමාර්ථයන් ද සන්තර්පනය වන්නේ දැයි එම දෙමාපියන් විසින් මැනවින් විමසා බැලිය යුතුය.

::: තමන් සතු මානසික අවශ්‍යතාවයන් සන්තර්පණය කරන්නට :::

Gambar
අප සියලූම දෙනා උපතින් මිනිසුන් වෙමු. එහෙත් ඒ මිනිසත්කම රදා පවතින්නේ ඔවුන් විසින් සිදුකරන කියාවන්ට අනුව බව අප තරයේ පිළිගනිමු. කෙතරම් අලංකාරයෙන් යුතු රූප සම්පත්තියකින් යුතු ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඔවුන් වැරදි අයුරින් මේ විශ්වය තුළ දිවි ගෙවන්නේ නම් ඔවුන්ට අන්‍යයන් විසින් නින්දා අපවාද විදින්නටම සිදුවේ.  

::: ඔබ යහපත්දෑ පමණක් සිදුකරන්න ඉන් ඔබට සැනසිය හැකිය :::

Gambar
ලබු කබල් දිය මතුපිට පාවෙනවා යැයි යමෙක් කියන්නේ නම් අප එය පිළිගනිතත් එය ජලයේ ගිලුනායැයි කියන්නේ නම් එය විශ්මයක් ලෙස සිතන්නාක් මෙන්ම එය සැබවින්ම විශ්මයකි. එසේම මහා ගල්කුළක් ජලය මත පාවූවායැයි කියන්නේ නම් එයදම හා පුදුමයකි. එහෙත් අද මේ විශ්වය තුළ එබදු විශ්මය ජනක සිදුවීම් කොපමණ නම් සිදුවනවාද යනවග ඔබ මදක් විමසන්නේ නම් එය මැනවින් උදාහරණ සහිතව ප්‍රත්‍යක‍ෂ කරගන්නට ඇති හැකියාව විරල නොවේ.

෴෴ නොපසුබටව නැගෙන්නටනම් ෴෴

Gambar
** යන්නට අවැසි නම් දුරක් උනන්දුව ඇතිනම් ඒ ගමන කෙළවර දක්වා ගොස් නැවත සිටි තැනට පැමිණිය හැකිය. ** රළ වැදී මහා ගල්කුලූවල ඒ ගල්කුල් කොරල් පර හා ගල්පර අයුරින් නිමවමින් අන් අයගේ නෙත්සිත් පිනවයි. අපගේ දිවිය වෙතටද නොයෙක් බාධක හැලහැප්පීම් පැමිණ අපව මන්දගාමී කරන්නට වෙර දරයි.එහෙත් අප එයින් දිරිය ගත යුතුයි.

::: මැනවින් දල්වන ලද පහන් සිල කෙතරම් යටිකුරු කළත් උඩුකුරුම වේ :::

Gambar
මෙය විශ්වයේ සැබෑම වූ කාර්යකි. යම් පහන් සිලක් මැනවින් දැල්වෙන්නේ නම් එය කෙතරම් කාලයක් යටිකුරු කරන්නට වෙර දැරුවද කිසිදු මොහොතක එය ඒ අයුරින් සිදු කළ නොහැක. ඒ මන්ද එය මැනවින් දැල්වෙන නිසායෙනි. එහෙත් මැනවින් නොදැල්වෙන ලද පහන් සිලක් නම් ඒ අයුරින් දැල්වෙන්නට ඉඩක් නැ. ඒ මන්ද එයට මනා දැල්වීමේ ශක්තියක් නොමැති නිසාවෙනි. මේ විශ්වය තුළ දිවි ගෙවන්නාවූද යම් යහපත් ගුණ ධර්මන්ගෙන් පෝෂිතවූ බොහෝ පුද්ගලයින් පිරිසක්ද ඇත. ඔවුන්ටද ඒ අයුරින් කෙතරම් ගැටළු කාරී පාරිසරික තත්වයන් මුන ගැහුනත් ඒ පාරිසරික තත්වයන් ගැන කිසිදු තැකීමකින් හෝ කැළඹීමකින් තොරව ස්වකීය විමුක්තිය හෙවත් සැනසීම ලබන මොහොත දක්වා නොසැලී ගමන් කරන්නට වෙර දරයි. ඒ ඔවුන් සතු නොසැලෙන මානසිකත්වයෙන් දියුණු කරන ලද ප්‍රඥාවේ දියුණුව තුළින් ලබන ලද සැනසීමයි.  

෴ ෴අප සියල්ලෝම මනසින් උසස් මිනිසුන් වෙමු ෴෴

Gambar
ලෝකයේ උපත ලබන අප සියල්ලෝම උත්පත්තියෙන් හිමිකරගත් එකම දායාදය නම් කුමක්ද? මැනවින් යහපත හා අයහපත සිතා විමසා තීරණ ගැනීමේ චින්තන ශක්තියයි. එහෙත් අද වන විට ඒ චින්තන ශක්තිය විකෘති වී ඇත. ඒ මන්ද? සත්වයාගේ මානසික අවශ්‍යතාවයන් නොතිත් ආශාවන් සමූහයකින් දැවෙන කල්හී ඔවුනොවුන් ඒ ආශාවන් සපුරන්නට නොකරන ක්‍රියාවක් නැත. ඕනම කාර්යක් සිදු කරයි. එහෙත් ඉන් ලැඛෙන ප්‍රතිඵලය මහා ඛේදජනක වූවකි.

::: වැරදි මග නොව නිවැරදි මග දකින්න :::

Gambar
සරු දේ නොලැබ නිසරුමදේ                            ලැබගන්න හේතුව මන්ද නැණසින් ඔබ                                විමසන්න පෙනුනත් දෙනෙත නොපෙනෙන ලෙස           හැසිරෙන්න හේතුව   ඔබේ    මනසයි     මැලිවී                            ඉන්න

::: ඔබ ලොවට අවැසි කුමක් හෝ අතැතිව දිවි ගෙවන්න :::

Gambar
ඔබ හැම පුද්ගලයෙක්ම යම් යම් දක‍ෂතාවයන් සමූහයක් අතැතිව උපන්නෝමය. එහෙත් ඒ දක‍ෂතාවයන් කිසිවක් සමාජයට දායාද නොකර ඔබ පසෙකට වී සුදුසුකම් ලිපි ගොන්නක් තබාගෙන සිටින්නේ නම් ඔබේ මුලූ ජීවිත කාලයම ඒ අයුරින් සිටියත් ඔබේ හැකියාවට සරිලන කිසිදු කාර්යක් සඵල නොවේ. එය ලෝක සම්මත ධර්මතාවයකි.    

::: ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් :::

Gambar
ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස් වෙන්න. එවිට ඔබ දෙස බලා අන්‍යයන්ද වෙනස් වනු ඇත. අප දිවි ගෙවන මුළුමහත් සමාජයේම පරිහානියට පත්වී ඇතිබව අප දිනිමු. එය දැක දැකත් ඒ පිරිහීමට පත්වන කි්‍රයාවන් තුළ නියැලෙන පුද්ගලයන්ට දුඩුවම් කරන්නට සිර මැදිරි තුළ රැදවීමෙන්ම සමාජය නිවැරදි අතට හැරවිය හැකිද? නැහ එය කිසිදු මොහොතක සිදුකළ නොහැකිය

::: ඔබ ඔබ සතු කාර්ය පමණක් මැනවින් නිවැරදිව සිදු කරන්න :::

Gambar
ඔබ ඔබ සතු කාර්ය පමණක් මැනවින් නිවැරදිව සිදු කරන්න. එවිට ඔබට මනා සැනසිල්ලෙන් යුතු දිවියක් ගත කළ හැකිය. එහෙත් ඔබ ඉන් එපිටට යන්නේ නම් ඔබේ දිවියේ වැනසුමක් පමණක් දැකිය හැක. ඒ මේ අයුරිනි    

ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස් වෙන්න

Gambar
          ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස් වෙන්න, එවිට ඔබ දෙස බලා අන්‍යයන්ද වෙනස් වනු ඇත අප දිවි ගෙවන මුළුමහත් සමාජයේම පරිහානියට පත්වී ඇතිබව අප දිනිමු. එය දැක දැකත් ඒ පිරිහීමට පත්වන කි්‍රයාවන් තුළ නියැලෙන පුද්ගලයන්ට දුඩුවම් කරන්නට සිර මැදිරි තුළ රැදවීමෙන්ම සමාජය නිවැරදි අතට හැරවිය හැකිද? නැහ එය කිසිදු මොහොතක සිදුකළ නොහැකිය.

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

Gambar
ලොව ජීවී අජීවි සෑම දෙයක්ම ක්‍රියාත්මක වන්නේ පදනම් අටක් තුළයි. එය අෂ්ඨ ලෝක ධර්මතාවය හෙවත් අටලෝ දහමයි. ලෝකයේ නිවැරදි යථාර්තය දුටු එකම ශාස්තෘ වරයාණන් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ යා යුතු මග නිවැරදිව පෙන්වාදුන් සේක. එහෙත්, මෝහයේ අදුරු තිමිර පටලය තුළ වැතිරෙමින් වාණිජත්වයේ කුරිරු හස්තයට හසව වත්මන් මිනිසා යන මාවතේ නැවතුම කොතැනකදැයි ප්‍රශ්ණාර්ථයකි.

~~~ සැනසුම සොයමින් ලයට තුරුල් කර ~~~

Gambar
සැනසුම සොයමින් ලයට තුරුල්කර පැසසුම් පැතුවේ     නැහැ ඔබ අම්මේ කුසගිනි විදිමින්         දුක්ගිනි වින්දද අප සැනසූයේ           ඔබමය අම්මේ වරදක් කළහැම මොහොතෙම මා ළග හිදිමින් ඔවදන්             පැවසූ අම්මේ ඒ මග නොගියොත්   තරවටු කරමින් මා සැනසූයේ             ඔබමය අම්මේ මිහිරි රසට   රස       ඵලා නෙලාගෙන කන්නට බත්   පත       සැකසූ අම්මේ පුතේ හනික මේ බත් කට කන්නකො සෙනෙහයෙන්     අප දැඩිකළ අම්මේ අපගේ විපතෙදි        හෙව්වේ කවුරුද අප      ලග    සිටි ඒ        මිතුරුන්ද? නැහැ අපෙ අම්මා නොව අප හෙව්වේ එය අමතක කර                 පුලූවන්ද?

෴෴ ආදර අම්මා ෴෴

Gambar
ලෙඩක් දුකක් හැදුනත් මාලග     හිද හිස අතගෑවේ ඔබමයි           අම්මේ හිරු සදු නැති ලොව අදුර නසන්නට ඔබමයි මට එළියක් දුන්     පුන් සද සෙනෙහස පාමින් හිස    අතගාමින් මා නැළවූයේ ඔබමයි           අම්මේ කන්නට බොන්නට නැති හැම විටදී රත්පැහැ රුධිරය කිරිකළ     අම්මේ සැනසුම සැදුමට වීරිය            දෙවමින් පැසසුම් ගෙනදුන්නේ        ඔබ අම්මේ ලෝකයෙ හොදමිනිසෙක් අයුරින් මට පියවර තැබුමට පුරුදු          කළේ ඔබ

::: ඔබ ඔබට පහනක් වන්න :::

Gambar
දුරක  හිද ළිදක් දෙස හා එය ආවරණය කළ බැම්මක මතුපිට අලංකාරය දෙස බලා ඒ ළිදේ ජබුර හෝ එහි ඇති ජලයේ ස්වභාවය ගැන තීරණය කිරීමට ලෝකයේ කිසිවෙකුටත් නොහැක. එය යමෙකුට තීරණය කරන්නට හැකි නම් ඒ තීරණය සත්‍යය නොවූ අසත්‍යය තීරණයක් විය හැක. එයට හේතුව කුමක්ද? කිසිදු මොහොතක හෝ කිසිදු දිනක පොදුවූ ළිදක බැම්මක් පමණක් දුරක හිදිමින් දැක එය අලංකාර වූ පමණින් එහි ඇතුලත ජලය තිඛෙන්නට මෙන්ම නොතිඛෙන්නටද ඉඩකඩ ඇත.

:::: ලොව පහලවන හැම සත්වයෙකු විසින්ම ::::

Gambar
ලොව පහලවන හැම සත්වයෙකු විසින්ම කරන හැම ක්‍රියාවකටම මුල්වන්නේ සිතයි. සුදු කළු යැයි ක්‍රියා දෙවර්ගයකි. එයම හොද නරක ලෙසද යහපත් අයහපත් ලෙසද කුසල් අකුසල් ලෙසද පින් පවු ලෙසද විග්‍රහ කළ හැක. දෙපරිදි වූ මේ ක්‍රියාවන් සිදුවන්නේ මනස මුල් කර ගෙනය. එනිසා සත්වයා සතු ෂඩේන්ද්‍රියන්ගෙන් වැදගත්ම අංගය මනසයි. ඒ බව මෙයින් දත යුතුය.

::: ඔබ නොකිපෙන්න :::

Gambar
බුදුන් වහන්සේ කිසිදු වරදක් නොකළ ශාස්තෘ වරයෙකු බව අප දනිමු. එහෙත් උන්වහන්සේට මහා නින්දා අපහාස කළ පුද්ගලයන් කොපමණ සිටියාද? එහෙත් බුදුන් වහන්සේ ඒ කිසිවක් ගැන සිතුවේ නැත. ඒ මන්ද? උන්වහන්සේ හෘදසාක්ෂියට එකගව කටයුතු කරණ නිසාවෙනි. අප දන්නා පමණින් අටලෝ දහමින් කම්පා නොවිය යුතුය. එසේ වන්නේ නම් ඔහු නිතරම මානසික පීඩා විදිමින් දිවි ගෙවන්නෙක්ම වන්නේය.

~~~ සැනසුමක් ලබන්නට නම් ~~~

Gambar
ලොකයේ දිවි ගෙවන්නවුන්ට ඔවුන්ගේ සාර්ථකත්වයට පත් වන්නට පෙර නොයෙකුත් අපහසුතාවයන්ට මෙන්ම දුක්ඛිත ජීවිකාවන් ද ගත කරන්නට සිදුවිනි. එහෙත් ඒ හැම අපහසුතාවයක්ම ස්වකීය අනාගත සැනසීමට මනා පිටුවහලක් වන්නේ යැයි සිතා එකම ධෛර්ය සම්පන්න චින්තනයකින් යුතුව සියළුම අපහසුතාවයන් විදදරා ගනිමින්  පෙරට යන්නේ නම් ඔහුගේ දිවියේ සැනසීමක් ලද හැකිය.

:: බුදු දහමයි පුංචි ඔබයි ::

Gambar
රත්තරං දුවේ පුතේ පුංචි දුවල පුතාල මල් වලට ගොඩක් ආසයි නේද? ඒ ඇයි? ඒවා පියකරුයි ලස්සනයි නේද? ඒ හින්ද නේද? ඒත් දුවේ පුතේ අපි හිතමු මල් ගහක තියෙන පුංචි පොහොට්ටු පිපපෙන්නට පෙර කවුරුහරි කඩා දැම්ම කියල? එතකොට යලිත් අර ඔයාල ගොඩක් ආසා කරන මලක් පිපෙන්නට අවස්ථාව නැහැ නේද? මේ පංචි උදාහරණය මම කීවේ මේ රත්තරං දුවල පුතාලට යමක් අවබෝධ කරන්නට.

::: පුංචි කළට පුංචි නෙතට :::

Gambar
  පුංචි කළට පුංචි නෙතට බුදු හිමි රුව ගැටුනා සෙනෙහස ගැන නොසිතා මට මහන වෙන්න සිතුනා පන්සල වෙත පිය නිගමින් කහ සිවුරක් ගතලා සිටියත් දැන් මට නිතරම මව්පියො සිහි වෙනවා බුදු කුටියේ බුදු හිමියන් නෙතට ගැටෙනවා එවිටදි මගෙ මුළු ලෝකයෙ සතුට පිරෙනවා හැම දිනකම බුදුහිමි පා සිඹිමි සිතෙනවා ඒ සිතුවිලි මොහොතින් සිති සිදී හැලෙනවා

ගෙයක් ගිනිගත් කලිහී ............

Gambar
ගෙයක් ගිනිගත් කලිහී ඉන් පිටතට ගත් සියල්ලෙන්ම කුමන හෝ ප්‍රයොජනයක් ගන්නට ඇති හැකියාව වැඩිය එහෙත් එහි දැවුනාවූ සියල්ලෙන්ම ඇති ප්‍රයෝජනය කුමක්ද? අප සතු දිවියද ජීවත්වන කාල පරාශය තුළදී සිදු කර ගන්නා ලද යහපත් දෙයින්ම සැනසීමක් ලද හැකිය නොකළ සියල්ලෙන්ම මානසික පීඩනයක් මිස සැනසීමක් ලද නොහැකිය. මෙය මනා උපදෙශයකි. එහෙත් මේ උපදේශයට නතු වන්නේ මේ ලෝකය තුළ කවරෙක්ද යන වග අප මනසින් හා නැණසින් මැනවින් විමසිය යුතුය.

ඔබ තනිව ගොඩ නැගෙන්නට වෙර දරන්න

Gambar
ඔබ සෑම මොහොතකම ගැටළුවක් හමුවේදී බියගුලූ පුද්ගලයෙකු වන්නේ ඔබට ඒ ගැටළුවට මුහුන දිය නොහැකි නිසාම නොවේ. ඒ ගැටළුවට මුහුන දිය යුතු අයුරු නොදන්නා නිසාවෙනි. එයට මූලික හේතුව වී ඇත්තේ අප හැම කෙනෙකුගේම මූලික අඩිතාලම ඉ්ිැ දෙමබා්එසදබ නිවැරදිව ගොඩ නොනැගුන නිසාවෙනි. එයට වගකිව යුත්තේ අපගේ දෙමාපියන්මය. සටීවන් ග්ලේන් යනු ලොව ඉතා දක‍ෂතම සුප්‍රකට විද්‍යඥයෙකි. ඔහු වෛද්‍ය විද්‍යාවට අදාලව ඉතා විශාල පර්යේෂණ රාශියක් සිදුකර ඇත . එසේම මිය යාමට සිටි බොහෝ රෝගීන් පිරිසකට නැවත මෙලොව එළිය දැක පිය සටහන් තබන්නට අවැසි ඉඩ ප්‍රස්ථාව ලබා දුනි. දිනක් මොහු සමග සම්මුඛ සාකඡ්චාවක් පැවති අවස්ථාවක මොහුගෙන් විමසන ලද්දේ ඔබේ මේ විශ්මත පර්යේශණ කටයුතු කිරීමේදි ඔබ පෙන්නුම් කරන්නේ මහත් දක‍ෂතාවයක්. ඒ අසාමාන්‍ය දක‍ෂතාවයන් ඇතිවීමට ඔබේ දිවියේ මුල් අවදියේදී බලපෑ විශේෂ හේතු සාදක මොනවාද?     

නොදැනීමට දැනීමක් මුසු කරන්නට

Gambar
නොදැනීමට දැනීමක් මුසු කරන්නට ලබන ලද මේ මිනිස් දිවියට තව තවත් නොදෑනීමම පමණක් මුසු කරන්නට පෙළඛෙන සමාජයක් තුළ මානසික සැනසීමක් හා සැහැල්ලූවක් කෙදිනක විදින්නද? කිසිදිනක නොවේමය. නමුත් අප මිනිස්ලොව උපත ලද්දේ මේ විශ්වය තුළ සැරිසරා ආහාරපාන ඇදුම් ආයිත්තම් යානවාහන ඛෙහෙත් ආදී දෑ පරිභෝජනයකර මිය යන්නට නම් නොවේ. එහෙත් එය එසේ විය යුතු යැයි සිතමින් තවෙකෙකු පරයමින් පෙරට පිය මැන පංචකාම සැපසම්පත් ලූහුබදින්නට සමාජගත සියලූම සත්වයින් හුරු පුරුදු වී සිටී. එහි අවසාන ප්‍රතිඵලයන්ද අප මේ සමාජය තුළින්ම විදින්නෙමු. අප සියලූම සත්වයින්ට ඇස් දෙකක් ඇත . ඒ මන්ද යත්? තමන් ගමන් ගන්නා වට පිටාව හොදින් විමසමින් දැන හදුන ගනිමින් මැනවින් පෙරට ගමන් කරන්නට මිසක් ඇස් දෙකෙන් මාර්ගයන් දෙකක් නිරීක‍ෂණය කරමින් ගමන් කරන්නට නම් නොවේ. අද අප යන්නේ එවැනි ගමනක්දෝ යන්න මදක් අප ගමන් ගන්නා ආකාරය දෙස බලන විට හැගෙමින් තිබේ.     හැම සත්වයෙක්ම ජීවත්වන කාලපරාශය තුළදී ඔහුගේ වේවා අන්‍ය සාමාජික සත්වයන්ගේ වේවා යහපත පිණිස අනුගමනය කළයුතු යැයි සම්මත සමාජය විසින් පිළිගත් යම් නීති පද්ධතියක් ඇත . එම නීති පද්ධතියට පිටින් යමෙක් ගමන් කරන්නේ නම් එම පුද්ගලයාට සම

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

Gambar
අවිද්‍යා නැමති අන්ධකාරයේ වෙළී ගොස් යහපත් මඟ කුමක් දැයි නොදැන සංසාර ගමනේ  කරන ලද කුමක් හෝ කුසලයක බලපෑමෙන් මිනිස් ජීවිතය ලබා ඒ මනුෂ්‍ය ආත්මයෙන් නිසි ඵල ප්‍රයෝජන නොගන්නා මිනිසුන්ට යහපතක් සැලසීමේ පරමාර්ථයෙන් අප සියල්ලෝම දිවි ගෙවිය යුතුය. එසේ දිවි ගෙවන්නට අප ප්‍රථමයෙන් යමක් උගත යුතුය. එසේ ඉගෙන ගන්නට නම් ඉන් අපට ලැඛෙන ප්‍රතිඵලය කුමක්ද යන වගද දැනගෙන සිටිය යුතුයි. අප හැම පුද්ගලයෙක්ම යමක් නොදැක සිට එය දැක ගන්නට මහත් උත්සාහයක් දරයි. ඒ උත්සාහය දරන්නේ තමන්ට ඒ තුළ යම් කුතුහලයක් දැනෙන නිසාවෙනි. එහෙත් අද අප සියල්ලෝම ඒ කුතුහලය පසෙකලා වෙනත් කාර්යන්හි නියැලෙන්නට පෙළඹී ඇත.

~~ කෙනෙක් සතුටින් දිවි ගෙවන්නේ නම් ~~

Gambar
 කෙනෙක් සතුටින් දිවි ගෙවන්නේ නම් අනිකා ඒ සතුටින් සිටින පුද්ගලයාගේ සතුට නසන්නට මහත් වෙහෙසක් ගනී. ඒ වෙහෙසේ අවසාන ප්‍රතිඵලය වන්නේ සමහර විට තවෙකෙකුගේ ජීවිතයේ අවසානයද විය හැක. කෙතරම් දුරට සිතනන්නට හා විමසන්නට විමසුම් බුද්ධියෙන් පිරිපුන් මිනිසුන් උවත් අප සියලූම දෙනා කටයුතු කරන්නේ නොවිමසුම් බුද්ධියෙන් පිරිපුන් අමනයන් අයුරින් නොවේද?

මුදලට යට වූ සමාජයක් තුළ

Gambar
මුදලට යට වූ සමාජයක් තුළ අප සියලූම දෙනා නෙතින්, සිතින් හා ගතින් විදින දුක්ඛිත මානසිකත්වයට සැනසීමක් උදාකරලන්නට අනුගමනය කරන ප්‍රතිපදාව කුමක්ද? වැරදි කි්‍රයාමාර්ගයන් තුළ නියැලෙමින් ධනයම උපයන්නට වෙහෙසෙනවා නේද? ඒ වෙහෙසීම තුළ ඔබ කායික හෝ මානසික සැනසීමක් සදාකාලිකව වින්දනය කරනවාද?

ජීවිතය තුළ ජීවත් වන සුලූ කාල පරාශය තුළදී ජීවිතය යනු කුමක් දැයි

Gambar
ජීවිතය තුළ ජීවත් වන සුලූ කාල පරාශය තුළදී ජීවිතය යනු කුමක් දැයි මැනවින් තේරුම් ගන්නට නොහැකි නම් ඔබ මහත් ගැටලූ රාශියකට මුහුණ පානු ඇත. ලෝකයේ ඇති සියුලූම වස්තූන් වෙනස් වන්නේ නිතරම වෙනස් වන සුලූ සතර මහා භූතයින්ගෙන් සැදුම්ලත් නිසාවෙනි. එබැවින් ඒ සියල්ලම වෙනස් වන විට ස්වකීය චින්තනයට මහත් වේදනාවක් මුසු වන්නේ මමත්වය ගොඩ නගාගෙන කටයුතු කරන්නට නියැලෙන මොහොත තුළදීමය. එසේ නම් ඔබ මමත්වයෙන් තොර නිවැරදි චින්තනයෙන් යුතු මානසිකත්වයක් නිමවන්න. ඒ කුමක්ද? ඔබ සිතන්න මම හා අන්‍යය සියලූම වස්තූන් නිමැවෙන්නා සේම වැනසෙන්නට මුල පුරයි. එසේ නම් මේ විශ්වය තුළ දිවි ගෙවන කාල පරාශය  තුළදී ඔබ ඔබට ආදරය කරමින් ඔබ නිවැරදි පුද්ගලයෙකු අයුරින් නිමවන්නටත් හසුරුවන්නටත් වෙර දරන්න. ඒ තුළින් ඔබගේ චින්තනයට පහර දෙන්නට කිසිවෙකුට කිසිදුහැකියාවක් නොමැත . එසේම ඔබව මානසිකව පීබාවට පත්කරන්නටද නොහැක.

::: ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය :::

Gambar
ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය බොරුවක් හා කුහක කමකි   දේශපාලනය යනු නිවැරදිව නිසියාකාරයේ සිදු කළ යුත්තක් මිසක් ස්වකීය චින්තනයකට පමණක් නතු වූ වින්දනයක් සදහාම සිදු කළ යුත්තක් නම් නොවේ. යමෙක් එසේ සිදු කරන්නේ නම් ඒ මොහොතට පමණක් එහි තෘප්තිය ඔහු අභියස ගැවසෙනු ඇත. අනතුරුව ඒ තෘප්තිය කදුලක් හා සුසුමක් හමුවේ මිලින වන්නේය. මෙය එදත් අදත් මේ විශ්වය තුළ වූ සාධාරණම කි්‍රයාවලියයි. එහෙත් එය මැනවින් තේරුම් ගෙන කටයුතු සිදු කරන්නේ කවරෙක්ද යන වග අද අප දිවි ගෙවන්නා වූ සමාජ පසුබිම තුලින්ම උකහාගෙන කටයුතු කරන්නට වෙර දරන්නේ නම් මනා සැනසීමෙන් යුතු දිවි පෙවෙතක් ගෙවන්නට හැකිය.

~~ වෛරී සැම සිත් මෙත් සිත් වෙත්වා ~~

Gambar
                                                     ජයං වේරං පසවතී දුක්ඛං සේති පරාජිතෝ උපසන්තො සුඛං සේති හිත්වා ජය පරාජයං යමෙක් තවෙකෙකු සමග වෛරයෙන් යුතුව යුද්ධ කරන්නට පිවිසෙන්නේද? ඔහු ඒ තුළින් ජය ගනිද? එහෙත් පසුව දුක් වනු ඇත. එසේම පරාජ වන තැනැත්තා මහත් ගෙස දුකට පත් වේ. එහෙත් මේ සියල්ලේම වෙනස මැනවින් දන්නා වූ උපශාන්ත වූ සිත දමනය කළ පුද්ගලයා මහත් සැනසිල්ලෙන් යුතු දිවියක්ම ගෙවනු ඇත.  

මිනිසුන්ගේ චින්තනය තුළ සිදුවන නොයෙකුත් විකෘර්ති චින්තනයන්

Gambar
මිනිසුන්ගේ චින්තනය තුළ සිදුවන නොයෙකුත් විකෘර්ති චින්තනයන් හමුවේ ඔවුනොවුන් විසින් විදින ලද සැප සම්පත් මෙන්ම දුක්ඛිත මානසිකත්වයන්ද වෙනස් කළ හැකිය එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ රාත්‍රී යෙහි නිද් ‍ රාවට පැමිණි පශ්චිම යාමයෙහි සොළොස් සවප්නයක් දැක භයින් ත්‍රස් තව පිබිඳ මේ සවප්නයන් දුටු බැවින් මට කුමක්වේදෝහෝයි මරණයින් භයපත්ව යහන්පිට හිඳම පාන්කොටපූය ඉක්බිත්තෙන් පාන්වූකල්හි ශාන්ති බ්‍රාහ් මණයන් හා පුරෝහිත බ්‍රාහ් මණයෝ රජ්ජුරුවන් කරා පැමිණ සවාමීනි රජ්ජුරුවන් වහන්ස රාත් ‍ රියෙහි සැපසේ විසූ සේක්දැයි විචාළෝය , ආචාරිවරයෙනි මට සැපයෙක් නම් කොයින්ද අද මම අළුයම් වේලෙහි සොළොස් සවප්නයක් දුටිමී .