~~ වෛරී සැම සිත් මෙත් සිත් වෙත්වා ~~




                                                  



 

ජයං වේරං පසවතී
දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තො සුඛං සේති
හිත්වා ජය පරාජයං
යමෙක් තවෙකෙකු සමග වෛරයෙන් යුතුව යුද්ධ කරන්නට පිවිසෙන්නේද? ඔහු ඒ තුළින් ජය ගනිද? එහෙත් පසුව දුක් වනු ඇත. එසේම පරාජ වන තැනැත්තා මහත් ගෙස දුකට පත් වේ. එහෙත් මේ සියල්ලේම වෙනස මැනවින් දන්නා වූ උපශාන්ත වූ සිත දමනය කළ පුද්ගලයා මහත් සැනසිල්ලෙන් යුතු දිවියක්ම ගෙවනු ඇත.
 

  
අප සියල්ලෝම උපතින් මිනිසුන් වෙමු. එසේම මිනිසුන්ට ඇවැසි කි්‍රයාදාමයන් තුළ මදක් හෝ නියැලෙන්නේ වෙමු. එහෙත් ඒ තුළින් සැනසිල්ලක් ලබන්නට නොහැකිවී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන වග ගැන අපි නැණසින් මෙන්ම මනසින් මැනවින් විමසිය යුතුව ඇත.
   
අප සතුව ඇති මානසික ප්‍රතිපදාව තුළ ඇති සියලූම අදහස් නිවැරදි නොවේ. ඒ මන්ද අපගේ සිත තුළ ආදරය, කරුණාව, මෛති්‍රය වැනි සිතුවිලි තිබුනත් ඒ තුළට යම් යම් අවස්ථාවන් තුළදී අපට නොදැනුවත්වම ඊර්ෂියාව , වෛරය , ක්‍රෝධය වැනි පාපී සිතුවිලි දාරාවන් ගලාගෙන එන්නට වෙයි. එය අපගේ පුහුදුන් ස්වභාවය බව අප දනිමු. එහෙත් ඒ කරුණු කාරණා මුල් වීමෙන් අපගේ මුලූමහත් දිවියම මහත් දුක්ඛිත තත්වයන් තුළටද ඇද දමනු ඇත.
   
මුලින් සදහන් කර ඇති ගාථා පාඨය තුළින් පැහැදිලි කරන්නේ කුමක්ද යන වග ඔබට මැනවින් වටහා ගත හැකිය. අප වෛර කරන්නේ නම් ඒ තුළින් විනාශයට පත් වන්නේ තමන්මය. එසේ නම් තමන්ට අහිතකර දෑ තමන් සතුව තබා ගන්නට අකැමැත්තක් දක්වන්නවුන් ලෙස අප එයින් මිදෙන්නට සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතුයි. එසේ නොවන්නේ නම් අපගේ මනසේ මහත් පීඩිත තත්වයක් හටගෙන රෝගියෙක් ලෙස මේ රගමඩල තුළ රග දෙන්නට සිදුවනු ඇත. එදෙස බලමින් අන්‍යයන් ඔබ මහා උමතු වූ පුද්ගලයෙකු යැයිද නින්දා අපවාදයන්ද ලබන්නට සිදුවනු ඇත.
   
අප කිසිදු මොහොතක සමාජය තුළ දිවි ගෙවන්නාවූ අන්‍යයන්ගේ නින්දා අපවාදයන්ට ලක්වන්නට අකැමැත්තො වෙමු. එහෙත් අපගේ මනස තුළ නිමැවෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය නැමති පාපී චේතනාවන් නිසා සියදිවි නසා ගැනීමේ මානසිකත්වයන්ද නිමවා ගනු ඇත. මෙය සිද්ධ වෙන්නේ කුමක් නිසාද යන වග අප විමසා බලමු.
   
යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං මේ අයුරින් බුදුන් වහන්සේ විසින් දේශණා කරන්නට යෙදුනේ කුමක්ද? අප සතු පසිදුරන් පි්‍රය කරන්නා වූ යම් වස්තුවක් ඔහු හෝ ඇය පතන කල්හී එය ඒ අයුරි්ම නොලැබුනු කල්හී ඔවුනොවුනගේ පිරිසිදු චින්තනය තුළ මහත් ආන්දෝලනාත්මක සිතුවිලි සමූහයක් ගැටුම් ඇති කරයි. ඒ ගැටුම් තුළින් නිමැවෙන ප්‍රතිඵළයක් අයුරින් මේ සමාජය තුළ ගැටම් මෙන්ම තාඩන පීඩන නිමැවෙනු ඇත. එහෙත් අප කිසිවෙක් තාඩන පීඩන මැද දිවි ගෙවන්නට කැමැත්තොද? නැහැ නේද?
   
අප කිසිදු පුද්ගලයෙක් පිරිහුනු මන්ද මානසික පුද්ගලයන් අයුරින් දිවි ගෙවිය යුතු නැත. ඒ තුළින් තමන්ට හෝ අනුන්නට සිදුවන කිසිදු යහපතක් නොමැත. අප සියල්ලෝම වෛරී පුද්ගලයන් මැද අවෛරී පුද්ගලයන් අයුරින් දිවි ගෙවන්නට වෙර දරමු. එවිට මේ මුළු විශ්ව ධාතුවම සැනසුම් සුසුම් හෙලනු ඇත.

දෙනෙත නෙපෙනෙනා විට අදුර එන්නට එපා
අහර කිස නැති විටදි  කුසගින්න   එන්නෙපා
මාරුතය හමනමුත් රුදුරු   වෙන්නට එපා
ජීවිතේ  කිසි   දිනක   වෛර   කරවන්නෙපා


සත්වග විදින දුක්ගනිදැල්    අතැර දමා
සන්තක මනසකින් විදගනු    දහම  අමා
සසරේ ගෙවන දිවි මග ඔබ  නොවී පමා
හැකි වෙයි විදින්නට සැනසුම් සුසුම් අමා

වෛරී සැම සිත් මෙත් සිත්       වෙත්වා

සැනසුම් සයුරේ පතුලේ         ගිලෙත්වා
ලෝසත සැම සිත් දුකින්         මිදෙත්වා
තිසරණ සරණින් සැම       සැනසෙත්වා

Komentar

  1. වැදගත් එකක්..


    ජය !

    BalasHapus
  2. රාගයෙන් මත් වී මෝහයෙන් තෙත් වූ දිවි පෙවෙතක් ගෙවන්නවුන් අතර ඔබ වැන්නෙකු මෙය කියවා අදහස් දැක්වීම පිළිබදව සතුටු වෙමි

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::