::: ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය :::

ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය බොරුවක් හා කුහක කමකි
 
දේශපාලනය යනු නිවැරදිව නිසියාකාරයේ සිදු කළ යුත්තක් මිසක් ස්වකීය චින්තනයකට පමණක් නතු වූ වින්දනයක් සදහාම සිදු කළ යුත්තක් නම් නොවේ. යමෙක් එසේ සිදු කරන්නේ නම් ඒ මොහොතට පමණක් එහි තෘප්තිය ඔහු අභියස ගැවසෙනු ඇත. අනතුරුව ඒ තෘප්තිය කදුලක් හා සුසුමක් හමුවේ මිලින වන්නේය. මෙය එදත් අදත් මේ විශ්වය තුළ වූ සාධාරණම කි්‍රයාවලියයි. එහෙත් එය මැනවින් තේරුම් ගෙන කටයුතු සිදු කරන්නේ කවරෙක්ද යන වග අද අප දිවි ගෙවන්නා වූ සමාජ පසුබිම තුලින්ම උකහාගෙන කටයුතු කරන්නට වෙර දරන්නේ නම් මනා සැනසීමෙන් යුතු දිවි පෙවෙතක් ගෙවන්නට හැකිය.

රාජ්‍තාන්ති්‍රක දූෂිත කියාකාරකම් හමුවේ දේශිත එක් ජාතක කතාවක් ඇත. ඒ කුක්කුර ජාතකයයි. මෙහි මැනවින් දේශිතව ඇත්තේ වැරදි අයුරින් රාජ්‍ය පාලන කටයුතු හමුවේ එක් පාළකයෙක් විසින් සිදු කරණ ලද වැරදි දූෂිත කි්‍රයාවක් හමුවේ එය නැවත ඒ අයුරින් සිදු නොකරන්නට කටයුතු සැලසීමකි.

එක් ග්‍රීෂ්ම සෘතුවකදී බරණැස් රජතුමාගේ අශ්ව කරත්තය රාජාංගනයේ එළිමහනෙහි නතරකර තිබිණි. එවිට එම රාති්‍රය තුළ මහා වැස්සක් වැටි අශ්ව රථයේ සම්පටින් නිම කළ ආසනත් වරපට ආදියත් වැසි දියෙන් පෙගී මොළොක් විය. එහි සුවද දැනුණු මාළීගාවේ ආරක්ෂක සුනභයින් රැල අර මුලූ අශ්ව රථයේම සම් පට සියල්ලම සපා කා විනාශ කරන ලදි. මෙය දුටු ඇමති මුඩුල්ල රජුට මෙය සැල කලේ කෙසේද?
   
රජතුමන,ඊයේ රාති්‍රයේ මාළිගාවේ කුණු වතුර ගලා යන කාණුව තුළින් සුනඛයන් රැලක් රාජාංගනයට පිවිස ඔබ තුමාගේ අශ්ව රථයම සපා කා ඉරා දමමින් විනාශ කොට ඇත. මේ අයුරින් ඇමති මඩුල්ල ස්වකීය ආරක්ෂාව පිණිස රජතුමාට සත්‍යය වසන් කොට අසත්‍යය ප්‍රකාශයක් සිදු කළහ. එය පිළිගත් රජු කිසිදු විමසීමකින් තොරව මාළිගාවෙන් පිටත වසන්නාවූ සියලූම සුනඛයින් මරා පිළිස්සීමට නියම කළේය. ඇමති මඩුල්ලද එය ඒ අයුරින්ම සිදු කළහ. මේ අතරෙදි බෝසතානන් වහන්සේ මොවුන් අතර ඉපිද ඒ සියලූම සනඛයින්ගේ දිවි රැකගන්නට රජු හමුවට ගියේය.
   
රජතුමනි ඔබ තුමා මේ රටේ සිටින සියලූම සත්වයින්ගේ ආරක්ෂකයායි. එහෙත් ඔබ ඔවුන් සියලූම දෙනාගේ පණ නල සිදින්නේ කුමන විමසීමකින් යුතුවද? කිසිත් නැත. මේ අශ්ව රථය විනාශ කළේ මේ රජමැදුරේම සුනඛයින් විසින් බව ඔබතුමා නොදන්නෙහිද? එසේ නොදන්නේ නම් ඔබවහන්සේ ඒ සියලූම සුණඛයින්ට ගිතෙල් මිශ්‍ර කුසතන දෙන්න. එවිට අශ්ව රථය කෑ සියලූම සුනඛයින් ඒ සියල්ල වමාරිනු ඇත. එය ඒ අයුරින්ම සිදු කර නිවැරදි ප්‍රතිඵල නෙලාගත් රජතුමා මහත් ඛේදයකට පත්විය.
   
ස්වකීය පාලන තන්ත්‍රය නිවැරදිව හසුරවන්නට නම් ස්වකීය ඇමතිමඩුල්ලද නිවැරදි විය යුතුයි. එසේ නොවන්නේ නම් මහත් විනාශයකට මුලූමහත් රට වැසියාද පත් වනු ඇත. මේ සෑම කථාවක් හමුවේම අප අපගේ නිවැරදි චින්තනය වැරදි අයුරින් ඇසිරවීම නිසා සිදුවන විපත්වල ප්‍රතිඵල බව වැටහෙනු ඇත. එසේ වැටහෙන්නේ නම් අප ඒ වැරදි නිවැරදි කරගන්නට උත්සුක වනු මිසක් ඒ තුළම නියැලෙමින් අන්‍යයන්ද දුක්ඛිත මානසිකත්වයකට හා දූෂණ භිෂන සිදු කරන්නට පෙළඛෙන සාහසිකයින් අයුරින් නිමවන්නට වෙර නොදරමු. එසේ සිදු කරන්නනේ නම් මේ මුලූමහත් ලෝඛයේම ඛේදය ඉක්මනිනම දැකගත හැකිය. එයින් මිදෙන්නට ඔබ මනසින් හා නෑණසින් මැනවින් විමසා කටයුතු කරන්න.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::