අප සියලූම සත්වයින් මේ ලෝකය තුළ

අප සියලූම සත්වයින් මේ ලෝකය තුළ ලෝකය විනාශ වන මොහොත තෙක්ම නොමැරී ජීවත් වන්නට උපතක් ලබා නොමැත. ඒ මන්ද? මේ විශ්වය තුළ තිඛෙන අනියත ධර්මය සියලූම සත්වයින්ට පසක් කරලීම අරමුණු කර ගෙනය. මේ ලෝකයේ උපත ලැබුවා වූ යම් සත්වයෙක් නොමැරී දිවි ගෙවන්නට සිතන්නේ නම් ඔහු මෙලොවදී සිදුකරන ලද ඊට සමානවන තව එකදු අනුවන කටයුත්තක් නොමැති තරම්ය.
 

   
    අප්පකා තේ මනුස්සේසු
    යේ ජනා පාරගාමිනො
    අතායං ඉතරා පජා
    තීරමේවානු ධාවතී
    
මේ ලොකයේ උපදින්නා වූ සියලූම සත්වයින් අතරින් බොහොම සුලූ පිරිසක්ම පමණක් නිවන නැමති සැනසුම් සුසුම් වෙරලට සේන්දු වී සුවසේ ගිමන් හරින්නේය. තව බොහෝ පිරිසක් මෙතෙරට වී දුක් සුසුමින් පිරි අදුරු මානසිකත්වයකින් කදුලූ හෙලමින් සිටින්නේය. මේ අයුරින් සිද්දවූයේ අද පමණක් නොව එදා ලොව්තුරා බුදුන් දවසද සිදු විය.

කොසොල් රජතුමා නින්දට වැටුනු එක් රාතී්‍රයකදී සිහින දහසයක් දැක පසුදින උදෑසන මහත් භීතියට පත්ව ඇමති මඩුල්ලට පවසන ලදි. එය ඇසූ ඇමති මඩුල්ල පවසන ලද්දේ රජතුමනි මහා සත්ව ඝාතනයක් සමගින් යාගයක් සිදුකර මේ විපතින් රට වැසියා බදිය යුතු බවත් එසේ නොවුනහොත් මහත් විනාශයක් සිදුවන බවත්ය. එය ඇසූ රජතුමා මල්ලිකා දෙවියට ඒබව පවසා එම යාගය සිදු කරන්නට ප්‍රථම තුන්ලෝකයේම තතු මැනවින් දැන වදාළ බුදුන් වහන්සේ ඒ සියලූම සිහිනයන්ට පිළිතුරු මැනවින් දෙනු ඇතැයිද පැහැදිලි කොට බුදුන් වහන්සේ සමීපයට කැදවාගෙන යන ලදි. එහිදී බුදුන් වහන්සේට එම සිහිනයන්ගෙන් නෙකිනෙක පැවසූ කල්හී ඒ සෑම සිහිනයක්ම පැහැදිලිකර දී ඒ සියල්ලේම විපාකයත් අද නොව අනාගත කාලයේ ලොව පහල වන අධාර්මික පාලකයින්ගේ වරදින් සිදුවන බවත් පැහැදිලි කර දුනි.

එම සිහිනයන් අතුරින් දෙවෙනි සිහිනය විදියට ගැනෙන්නේ කුමක්ද යන වග අප විමසා බැලිය යුතුය. ඒ මන්ද යත්? එහි ඵල විපාකයන් අද අප සියලූම දෙනා හමුවේ මැනවින් පෙල ගැසෙන නිසාවෙනි.
   
ඉතා කුඩාවට වැඩෙන ලද සරු නොවූ පැල තුලින් මහා විශාල ගෙඩි හට ගන්නා සිහිනයත් මේ රජු දුටහ.  මෙහි අර්ථය කුමක්ද යන වග රජු බුදුන්ගෙන් විමසන කල්හී දෙසනා කරන්නේ රජතුමනි හයක් හතරක් නොතේරෙන වියේ සිටින කොල්ලන් හා කෙල්ලන් කිසිදු දැනමුතු කමකින් තොරව රාගය මුල් කරගෙන ආවාහ විවාහ කටයුතු සිදු කර ගනී. එවිට ඔවුන් දරුවන්ද වදයි. එහෙත් ඔවුන් කිසිදු තේරුමකින් තොරව කරන ලද කියාවක ප්‍රතිඵලයක් අයුරින් ඔවුන්ට දරුවන් ලැබේ. එහෙත් ඒ දරුවන් නුවන මුහුකුරා ගියවුන් හෝ නුවණ මහුකුරා යන්නට අවවාද අනුශාසනාවක්වත් දී සකසා ගන්නට නොහැති වන්නවුන්ය. එයට හේතුව නම් ඔවුන්ගේ දෙමාපියන්ගේ චින්තනය පිහිටියේ රාගික සිතුවිලි තුලම පමණක් මිසක් වර්ගයා බෝ කිරීමේ සිතුවිල්ලක නොවේ. මේ නිසා ඔවුනගේ නමින් ජාතක වන්නවුන්ද ඒ අයුරිනම් මේ ලෝකය තුළ රාගික කටයුතු තුළම නියැලෙන්නවුන් අයුරින් කටයුතු සිදු කරයි.
   
මේ සිද්ධි දාමය දෙස මැනිවින් විමසා බලන කල්හී මනා දැනුමක් ඇතියවුන්ට මෙය සත්‍යක් බව පසක් වනු ඇත. එසේ පසක් නොවන්නවුන්ට මෙසේ මේ උදාහරණය අසුරින් පසක් කරලන්නට වෙර දරමි.
   
ආහාර අනුභව කරන්නට බත්පත අතට ගෙන එම බත්පත දෙස නොබලා වෙනතක බලමින් තවෙකෙකු සමග අල්ලාප සල්ලාපයේද යෙදෙමින් ඒ කාර්ය සිදු කරන්නට යන්නේ නම් ඒ ආහාර අනුභවය මැනිවින් සිදු වේවිද? එයින් යහපතක් අපගේ ශරීරයට දැනේවිද? එය යහපත් අයුරින් සිදු වන්නට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොමැත . එසේමය අප සමාජය තුළ සිදු කරන ලද අනිකුත් කි්‍රයාවන්ගේද ප්‍රතිඵලයන්. අප හැම මොහොතකම සිදුකරන කාර්ය මැනවින් නිවැරිදි අයුරින්ම සිදු කරන්නට වෙර දරන්නේ නම් අප හැම පුද්ගලයෙකුගේම මානසිකත්වය වඩාත් සැනසිලිදායක වනු ඇත . එහෙත් අප සිදුකරන කියාවන් සියල්ලක්ම නිවැරදිව සිදු නොකරන්නේ නම් අපගේ මානසික කි්‍රයාකාරිතවයද ගැටළු සහගතය.
   
ජීවයකින් පිරි දිවියක් ලබුවා වූ අප සියලූම මනුෂ්‍ය සත්වයින් මේ ජීවයට නිවැරදි අයුරින් සලකන්නේ නම් ඔබට සැනසිල්ලක් ලද හැකිය. ඔබ හැම මොහෙතෙකම පරාර්ථකාමියෙක් වන්නට පුරුදු වන්න. එවිට ඔබට බොහෝ සැනසිල්ලක් ලද හැකිය. බුදුව්වහන්සේ එදා පරාර්ථකාමි අදහසකින් කටයුතු නොකලා නම් මේ නිර්මල බුදු දහම අදඅ පට ලැබේවිද? නිවැරදි කරුණු කාරනා අසන්නට ලැබේවිද? නිවැරදි අයුරින් කටයුතු කරන මිනිසුන් සීමිත ප්‍රමාණයක් හෝ දක්නට ලැබේවිද? අප සිතිය යුත්තේ මෙන්ම විමසිය යුත්තේ මෙන්න මේ කියන කරුණු කාරනාවන් පිළිබදවමය.
   
තමන්ගේ කුසට දැනෙනා කුසගින්න හා සමානවම කුසගින්නක් ලෝකයේ දිවි ගෙවන්නෙ වූ හැම සත්වයෙකුටම දැනෙන බව ඔබට අමතක වී ඇත . එය දැනුදු සිහියට නගා කටයුතු කරන්නට පෙළඛෙන්නේ නම් ඔබ තවත් ප්‍රමාද නැත . එහෙත් එය ඔබට අමතක වී නැත . ඔබගේ මතකයේ පසෙකට වී ඇත . ජීවතය නැමති නෞකාව පදවන්න ඔබ වෙර දරන්න. ඒ වෙර දරන විට රුවල් ඉහලන්නට මෙන්ම හකුලන්නටත් සුදුසු තැන් සිහියෙහි තබා ගන්න. එවිට ඔබට බොහො පිරිසක් ආචාර සමාචාරයන්ගෙන් මෙන්ම වැදුම් පිදුම් කරන්නටද පෙළඛෙනු ඇත. එසේ නම් අප සියල්ලොම වැනසී යන්නා වූ විශ්ව ධාතු තුළ සැනිසල්ලෙන් දිවි ගෙවීමේ අදහසින් මනිසින් විමසා නුවණින් කටයුතු කරමු. රාගික සිතුවිලි හමුවේ සිය පතිවතද විනාශ කර ගනිමින් දිවි නසාගන්න නොගොස් දිවි සනසා ගන්නා ලද අම්බපාලියන් හා පටචාරාවන් වන්නට සැරසෙමුද? එසේත් නැත්නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් අම්බපාලිය බුදු බණ අසන්නට පෙර ගෙවූ දිවියට සමාන දිවියක් ගත කරන්නට සැරසෙන්නේ නම් එහි ඵලයද ඔබ සතුම වනු ඇත.
   
ඔබ සිතන්න අදුරු අහස් කුස තුළද රිදී රේඛාවක් පායන එකදු මොහොත්ක් හෝ එළඛෙනු ඇත. එතෙක් ඔබ මැනවින් දැහැමි දිවියක් ගෙවන්න. අනුවණ කි්‍රයාවන්ගෙන් මිදෙන්න. එවිට ඔබට මෙන්ම මුලූමහත් ලෝකයටම සැනසිල්ලක් ලැබේවී. ඒ සැනසීමේ තෘප්තිය කියා නිමකළ නොහැක්කක්ම වේවි.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::