::: වසරකින් පසු වසරක් සමරන්නට නම්? :::
සැනසුම් සුසුම් පිරි දිවියක් මිස වැනසුම් කදුලෙන් මුසු දිවියක් ගතකරන්නට හෝ නිම කරන්නට අප කිසිදු මොහොතක කිසිදු උත්සාහයක් නොගනිමු. එසේම නොකැමැත්තෙමු. එහෙත් අප අද මේ ගෙවන ලද දිවිය දෙස ආපසු හැරී බලන්නේ නම් අපට පෙනෙන්නේ අප සැනසීමෙන් යුතු මනසකින් අන්‍යයන්ගෙන් මෙන්ම තමන්ගෙන් පැසසුම් ලද දිවියක්ද? එසේත් නැති නම් අන්‍යයන්ගෙන් මෙන්ම තමන්ගෙන්ද නින්දාවන් හා අප්‍රසාදයන් ලබමින් ගතකළ දිවියක්ද යන්න පිළිබද විමසන්න. එවිට ඔබ මේ වසර තුළ සිදු කරන්නට යෙදුනු සියලූ වැරදි ක්‍රියාවන් මොනවාද? එහෙත් ඔබ එසේ නොකර වෙන යම් යම් වැරදි කි්‍රයාවන් අනුගමනය කරමින් නිවසෙහි වෙසෙන ස්වාමි භාර්්‍යාවට මෙන්ම දූදරුවන්ටද ආදර්ශමත් නොවූ කි්‍රයා පටිපාටියක් අනුගමනය කරන්නේ නම් මත් වතුර හෝ වෙන යම් යම් නොයෙකුත් කි්‍රයාවන් අනගමනය කරමින් එතනදී සැනසීමක් ලද නොහැක. එහෙත් ශාරීරික ර්‍ණ මානසික මෙන්ම සාමාජික විනාශයක් ලද හැකිය. එහෙත් අප ලැබිය යුත්තේ එයද?
සිංහලයිනි. ඔබ නිතරම සිංහලයින් සතු සිංහල චාරිත්‍ර වාරිත්‍ර මැනවින් අනුගමනය කරන්නට වෙර දරන්න. එවිට ඔබ මේ සමාජයටම මහත් සැනසීමක් උදාකරනු ඇත. එහෙත් අද සිංහලයින් සතු සමාජය තුළ යහපත් යැයි සම්මත කි්‍රයාවන් සිදුකරනවාද? නැහැ නේද? ඔබ යහපතට නැඹුරු නොවී අයහපතට නැඹුරු වී ඇත්තේ කුමන හේතුවක් නිසාද? ඔබ සතු පංච ඉන්ද්‍රියන් අතෘප්තිකර අයුරින් සංතර්පණය කරන්නටය. එහි මනා සැනසීමක් ලද නොහැකි. ඒ තුළින් ළද හැක්කේ තාවකාලික මානසික හා කායික සැනසුමක් පමණි. එහෙත් ඒ තුළ ගිජු වන්නෙකුට අසහනකාරී කි්‍රයාවන් හමුවේ අසංවේදී පුද්ගලයෙකු වන්නට හා අයහපත් මානසික චින්තනයන්ගෙන් ග්‍රහණය වූ පීඩිත පුද්ගලයෙකු විය හැක. එයද අප විසින් සිදු කළ යුතු? නැහැ නේද සිංහලයිනි?
ඔබ මැනවින් සිතන්න විමසන්න. ඔබ ආගමන් මග දෙස ආපසු හැරී බලා ඔබට වැරදුන තැන් මොනවාද? ඒ වරද සිදු වුනේ කොහොමද? එය නිවැරදි අයුරින් සිදු කරන්නේ කෙසේද? එය ඔබගේ මුලූ අනාගතයම යහපත් කරාවී. එසේ නොවන්නේ නම් ඔබගේ දිවියේ වැනසීමක් ලද හැකිය.
එසේ නම් මේ ලිපි කියවන ඔබ සියලූම දෙනාට සතුට සැනසුම හදේ රැදෙනා නිදුක් නිරෝගී සුබම සුබ අලූත් අවුරුද්දක්ම වේවා.