::: මාධ්‍යයෙන් මොනවද ආගම දහම වෙනුවෙන් කරන්නේ අද? :::

යහපත යහපත අයුරින්ද? අයහපත අයහපත අයුරින්ද දකින්නට යමෙක් වෙර දරන්නේ නම් ඔහු මනා සැනසීමෙන් මුලූ මහත් දිවියම ගෙවනු ඇත. එහෙත් එය ඒ අයුරින් නොදකින්නේ යමෙක්ද? ඔවුන් සියල්ලෝම වැනසීමක්ම ලබයි. මනුෂ්‍යයෙක් මනුස්සයෙක් අයුරින්ම හැසිරෙන්නටත් හසුරන්නටත් මුලින්ම ස්වකීය පවුල තුළින් ආභාසය ලබයි.එහෙත් අද දෙමාපියන් සහ දරුවන් එකට එකතුව නරඹන්නේ කවරාකාර රූප රාමූන්ද? කිසිදු විලි බියකින් තොරව රංගනයන් තුළ නියැලෙන්නවුන්ගේ කාමුක දර්ශන නොවේද?
එසේම ඔවුන් ඒ අයුරින් සිද්ධ කරන්නේ කුමක් ලබාගන්නද? සිංහලයින්ගේ සිත්සතන් කාමුකත්වයෙන් වනසන්නට නොවේද? දැන් කිසිම මාධ්‍යයක මිනිහෙක්ගේ ජීවිතයක් හදාගන්නට පුලූවන් රූප රාමුවක් දානවද? නැහැ. කිසිම තැනක නැහැ. බෞද්ධ නාලිකාවක් කියන නම පටබැදගෙන බෞද්ධයො බිලිබාගන්න නම් මුලින්ම එහෙම කරනව. අපේ සිංහලයින්ට හොදට කල්පනා කරන්න පුලූවන් මොලයක් තිබුනත් අද ඒ මොලේ විකෘති කරගෙන අරක්කු බීලම. සුද්දො හෙලදිවට අරක්කු දුන්නෙත් ඒ පරමාර්ථයෙන්ම නෙවේද? ඒකෙන්මයි. දැන් එයාල දිනුම් නේද? එහෙත් සිංහලය ඒක දැන දැනත් නොදන්න හා නොදැනෙන මහ අමනයින් වගේ හිනා වෙවී එක එකා අරක්කු බිබී රාතී්‍ර සමාජ ශාලාවල සැරිසරනව නේද? අගනුවර පිහිටි හැම සමාජ ශාලාවකම සේවය කරන කෙල්ලො කොල්ලො හැම කෙනෙක්ම දුගී දුප්පත්කම පිරි මහගන්න එතෙන්ට ගියා මිසක් ඒ කවුරුත් ඇග කහනවට ගියෙ නැහැ. එහෙම ගිය අයත් ඇති.එහෙත් සිංහලයිනි බඩගින්නෙ මැරුනත් කවදාවත් සිංහලයින් සතු සදාචාරයට පටහැනි ක්‍රීයාවන් තුළ නියැලෙන්න එපා. එය ඔබට පමණක් නොව මුලූමහත් හෙළ ජාතියටම කරන පහත් සැලකීමකි

 ලෝකයේ සිංහල ජාතියේ සදාචාරයට තරම් ගරු කරන වෙන කිසිම ආගමකට හෝ දහමකට ගරු නොකරයි.එහෙත් අද සිංහලයින්ව හෙලා දකිනවා මිසක් ගරුකරන්නේ නැත. දැන් ඉන්න සිංහල කෙල්ලෙක් හෝ කොල්ලෙක් අදුරගන්න උන්ගෙ උප්පැන්නෙ බලන්න ඕන. එහෙම නැත්නම් මුන්ට කිසිම සංසෘතියක් හෝ ආචාර ධර්ම පද්දතියක් ඇත්තේම නැහැ නේද? මේ සියල්ලම විනාශ කළේ කවුද? මාධ්‍යයන් විසින් නේද? මාධ්‍යයක් විසින් මිනිසෙක් තිරිසනෙක් කරන්නටත් තිරිසනෙක් මිනිසෙක් කරන්නටත්’ එහෙත් අද සිද්ධ වන්නේ කුමක්ද?

 මේ සියල්ල මනා විමසුම් බුද්ධියෙන් ඔබ සිතන්න. විමසන්න එතකොට පැහැදිලි වෙයි සිංහලයට මොකද උනේ කියල? එහෙම නැතුව ස්වකීය බඩ වියත ගැන පමණක් හිතල වැඩ කරනව නම් කවමදාවත් මේ ගැන කිසිදු දැනුමක් නොලැබේවී.උපන්නාට ඔහේ මෙලොව වැනෙන්නට හෝ කන්නට බොන්නට වෙර නොදරන්න. එහෙම උනොත් ඔබට නැවත අත්බවයක සැනසීමක් නැත. පරලොව ගැන හිතන්නේ සිංහල බෞද්ධයින්ම පමණි’ අන්‍යයන් සිතන්නේ මේ උපතින් පසු නැවත උපතක් නැති බැවින් මේ ආත්මයෙදීම සියල්ල කපා කොට මරා කාලා ඉවරයක්ම කර තමන්ද ඉවරයක් විය යුතුයි කියලම නොවේද? එහෙමයි.
 එදා බුදුන් වැඩසිටි දවසද මිස දිටු ආගම් 62 ක් තිබුණ. එහෙත් අදටත් බුදුන් දෙසු දහම නිමලව පිලිරැව් දෙන්නේ එහි අරුත නොදන්නවුන්ටත් නොතේරෙන්නවුන්ටත් මැනවින් කියාපාන්නටම නොවේද? ට්සුනාමි මහා ව්‍යසනය ඇතිවූ මොහොතේ බුදුරුව ඉතුරු වී අන්‍යයන් සියල්ලම විනාශ උනේ නැද්ද? සමහරෙක් බුදුන්ගේ කර උඩ නැගලත් දිවි ගලව ගත්ත නේද? මේ අතීතය ගැන හොදට හිතන්න සුදුස කාලයයි මේ සිංහලයිනි. කිසිම දෙයක් දන්නෙ නැති අමනයින් හා අදමයින් වගේ හා තිරිසනුන් වගේ මිනී මරමින් තමන්ගේම දුවව දූෂණය කරන සමාජය නැති කරන්න පෙළ ගැහෙන්න. අම්මව තාත්තව අදුනන සමාජයක් නිමවන්න වෙරදරන්න. එහෙම නැතිව ඔබ ආත්මාර්තකාමීන් අයුරින් හැසිරෙන්නේ නම් ඔබට සැනසීමක් නැත. මාධ්‍යය තුළින් කෙතරම් දර්ශන පථයක් පෙන්නුවත් ඔබ ඒ තුළින් මහා අනුවනයෙක් වන්නට යන්නෙපා. ඒ දර්ශණ පථයන් රූපරාමු පෙළක් පමණයි. එයින් ඔබ්බට ඔබ නොයන්න. මේ සියල්ලම ඔබට මෙලොව කිසිදු මානසික හෝ කායික සැනසීමක් සිදු නොකරයි. එහෙත් වැනසීමක් පමණක් සිදු කරාවී. මැනවින් සිතා බලා කටයුතු කරන්නේ නම් යෙහෙකි.

 රාති්‍ර සමාජ ශාලාවන් තුළින් සිදු කරන්නේ කුමක්ද? පුද්ගලයෙක් සතු මුලූමහත් ධනයම වියපැහැදම් කරවා ඔහු හිගන්නෙකු බවට පත් කරන එකම නෙවේද? එවැනි ස්ථාන වලට යන්නේ මහත් පීඩිත කාමුක හා මන්ද මානසිකත්වයෙන් පිිරි තිරිසනුන් හා සමාන වූවන් නොවෙද? ඒ අය එවැනි තැන්වලට යනවට වඩා හොද නැතිද දුප්පත් අසරණයින්ට ගෙයක් දොරක් හදල දුන්න නම්? ඇයි සිංහලයිනි මේ දේවල් තේරුම්ගන්න බැරී? මනසින් විමසුම් බුද්ධියට මැනවින් දොරගුලූ හරින්න.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::