::: තමන් සතු මානසික අවශ්‍යතාවයන් සන්තර්පණය කරන්නට :::




අප සියලූම දෙනා උපතින් මිනිසුන් වෙමු. එහෙත් ඒ මිනිසත්කම රදා පවතින්නේ ඔවුන් විසින් සිදුකරන කියාවන්ට අනුව බව අප තරයේ පිළිගනිමු. කෙතරම් අලංකාරයෙන් යුතු රූප සම්පත්තියකින් යුතු ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඔවුන් වැරදි අයුරින් මේ විශ්වය තුළ දිවි ගෙවන්නේ නම් ඔවුන්ට අන්‍යයන් විසින් නින්දා අපවාද විදින්නටම සිදුවේ.
 


අප සියලූම දෙනාගේ මානසිකත්වය හුරු පුරුදුවී ඇත්තේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත නිතරම මැනවින් පිනවමින් දිවි ගෙවන්නට හා ඒ පිනවීම ඒ අයුරින් සිදුකරන්නට නොදී මන් අහුරන යමෙක් ඇත්තේ නම් ඔහු විනාශ කරන්නට හා ඒ තෘප්තිය ඒ අයුරින් නොලැඛෙන්නේ නම් එය ලබා ගන්නට මොන යම් හෝ වැරදි ක්‍රියාවක් කරන්නට පෙළඛෙන මානසිකත්වයක් ගොඩ නගා ගනු ඇත. එහෙත් ඒ තරම් තියුණු පිරිහුණු මානසිකත්වයක් නිමැවෙන්නේ නිකන්ම නම් නොවේ. අප සියලූම දෙනා ලබන මේ මානසික වින්දනය සදාකාලික වූවක්ම යැයි සිතන නිසාවෙන්මය. එසේම එය හැම මොහොතකම වෙනස්වීමේ ක්‍රියාවලියකට පත් වෙන බව වටහා නොගත් නිසාවෙනි.

http://www.youtube.com/watch?v=ej7afkypUsc&feature=player_embedded

 පුංචි අවදියේ සිටි බිළිදා අද වැඩි හිටියෙකි. එසේම අද තරුණයෙක්ව සිටින කෙනා තව අවුරුදු කිහිපයකින් වයස්ගත පුද්ගලයෙකි. මේ වෙනස්වීම උපන්දා සිට මියෙනතුරුම මැනවින් සිද්ධ වන බව ඔබට සිතන්නට නොහැකි ඇයි. අප ඒ ගැන කිසිදු විමසිල්ලක් නැති නිසාම මේ ලැඛෙන තෘප්තිය හැමදාම මේ අයුරින්ම තබාගෙන කටයුතු කරන්නට කොතරම් මින්සුන් ප්‍රමාණයක් මේ විශ්වයෙන් තුරන් කරන්නට ඔබේ සිත නිර්මාණය කරගන්නවාද? ඇයි එහෙම වෙන්නේ? ඔබ සතු මානසික ඒකාග්‍රතාවයක් හා යථාර්තය අවබෝධ කරගන්නට කිසිදු වෙහෙසක් දරා නැති නිසාම නේද?

පිරිමියෙක් හෝ වේවා ස්ති්‍රයක් හෝ වේවා දෙපාර්ශවය සතු මානසික අවශ්‍යතාවයන් හා සන්තර්පණය කළ යුත්තේ යම්කිසි පාළනයිකින් යුතුවමය. එසේ නොවන්නේ නම් බ්රේක් නොමැති වාහනයක් කන්දකින් පහලට යන්නාක් මෙන් විනාශයට පත්වනු ඇත. අප මේ ගමන් ගන්නා දිවිය එ කදිගටම ඇවිද යන්නට නොහැක. යම් යම් ස්ථාන තුළ නැවතී නිසිමග කොතැනදැයි විමසන්නටද සිදුවේ. එසේම යම් ස්ථානයන් තුළ මදක් නැවතී හිදින්නටද සිදුවේ ඒ ගිමන් හැරීම සදහාමය. එසේම ඒ ස්ථාන නරඹන්නටද සිදුවේ. එසේම එ ස්ථාන සිහිවීම පිණිස යමක් රැගෙන යන්නටද සිත්වේ. මෙන්න මේ කි්‍රයාවන් සිදුකරන්නට සිතෙන්නේ අපගේ චින්තනය තුළ ඇතිව නැතිවන ආශාවේ ප්‍රතිඵලයක් අයුරින්ම නොවේද යන්න පිළිබදව ඔබ සිතන්න.

ගෝලාකාර වූ ලෝකය තුළ විවිධාකාර හැගීම් සමුදායකින් පිරිපුන් මිනිසුන් ඇත. ඔවුන් ඒ හැගීම් සමූහයන් උද්දීපණය කරගන්නට යොදාගන්නා මාර්ගයන් යම් විටක් නිවැරදි වන්නටත් වැරදි වන්නටත් ඉඩ ප්‍රස්ථාව විශාලය. එය නිවැරදි වන්නට එා වැරදි වන්නට හේතුවක් වන්නේ ඔහු සතවන උගත්කම හා බුද්ධිමත්කම මෙන්ම අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් පුද්ගලයෙක් නම් පමණි එසේ නොවන්නේ නම් ඔවුන් තිරිසන්ගත සත්වයින් හා සමානය.

කාන්තාවක් පිරිමියෙක් සමීපයේ නිරුවත්වන්නේ නම් එය ඒ අයුරින් සිදුවන්නට හේතු රාශියක් සම්පූර්ණය විය යුතුය.එහි ප්‍රධානම කරුණු නම් මොනවාද? එනම්...............

* විශ්වාසය
* සමීපභව
* යහපත් යහසාධනය

මේ කරුණු ත්‍රිත්වය ගැහැණියකගේ චින්තනය තුළ උද්දීපණය වූ කල්හී ඇයගේ මොළයෙන් නිකුත්වන ටෙස්ටෝස්ටෙරෝන නැමති ලිංගික ක්‍රියාකාරිතවය සදහා නිකුත්වන ප්‍රධාන හෝමෝනය නිකුත්වීමේන් ඒ සදහා සුදුසු ශාරීරික නිර්මානයක් නිමැවේ. ඒ නිසාමය කාන්තාවක් පිරිමියාගේ යහපත් කියාකාරීතවය හා රහස්‍යභාවය නිතරම බලාපොරොත්තු වන්නට වෙර දරන්නේ. එහෙත් පිරිමියාට එවැන්නක් නැත. ඔවුන්ට ඕනම මොහොතක ඕනම ස්ථානයක කිසිදු බියකින් තොරව ලිංගික ක්‍රියාකාරීත්වයේ යෙදෙන්නට හැකියාව ඇත. ඒ මන්ද පිරිමියාගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ ලිංගික ක්‍රියාවලිය නිමැවී ඇත්තේ වර්ගයා බෝ කිරීම සදහාම පමණක් නිසාවෙනි. ඒ ක්‍රියාකාරිත්වය ඇති පමණින් පිරිමියා යන යන තැන වර්ගයා බෝ කරන්නට වෙර දරන්නේ නම් එය නොමනා ක්‍රියාවක් ලෙසත් රෝගයන්ට ගොදුරුවන්නටත් සිදුවේ. එසේම යම් පුද්ගලයෙකු සතු හැගීම් හමුවේ ඒ පුද්ගලයාව අපහසුතාවයට පත් කරන්නට පෙළඹෙන්නේ නම් යමෙක් ඔහු එතනදී ඊටත් එහා ගිය මානසික අපහසු මෙන්ම විකෘති කාමුකයෙක්ම වී ඒ තුළින්ම ඔහුගේ විනාශයද සිදුකරගනු ඇත. එබැවින් ඔබ ඔබේ නිවැරදි චින්තන ක්‍රියාවලිය උපයෝගි කරගනිමින් නිවැරදිව සිතන්න. එමෙන්ම විමසන්න. මැනවින් කටයුතු කරන්න. හැගීම් උද්දීපණය වන්නේ නම් එය සන්තර්පණය කරන්නට විශ්වාසවන්තභාවය ප්‍රථමයෙන් තහවුරු කර ගන්න. එහෙත් හැගීම් දැනීම් පසුපස හඹාගොස් විකෘති කාමුකත්වයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වූ පුද්ගලයෙක් වන්නට නම් වෙර නොදරන්න. මේ ලිපිය වැරිදි යැයි යමෙක් පවසන්නේ නම් ඔහු මෙය කියවන්න.

මිනිසා තිරිසනෙක් අයුරින් දිවි ගෙවන කල්හී මිනිසා විසින්ම ඔහු මිනිසෙක් කරන්නට වෙර දරිය යුතුය.

http://www.gossiplankanews.com/2012/10/the-tragic-death-of-amanda-todd.html

එසේ නොවන්නේ නම් මුලූ මිනිස් සමාජයම තිරිසනුන් අයුරින් නිමැවෙනු ඇත.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::