෴ ෴ හිමියවුන් හා අහිමි වූවවුන් අතර ඇති චින්තන වෙනස ෴෴

උප්පත්තියෙන් දෑත් දෙපා හිමි හා ඇස්, කන්, නාස, කකුල්, අතපය, අහිමි වූවවන් හා හිමි වූවන්ද මේ විශ්වය තුළ අදටත් දිවි ගෙවනු ඇත. එහෙත් ඒ දිවි ගෙවන්නාවූ සියලූම දෙනා නිවැරදි දිවි පෙවෙතක් ගෙවන්නේද යන්න පිළිබදව අප මනසින් මෙන්ම නැණසින් විමසන්නට සුදුසු කාලය අද එළබ ඇත. මානසික චින්තනය විකෘතිවූවන් පමණක් දිවි ගෙවන්නාවූ මෙවැනි පාරිසරික වටපිටාවක එවැනි විකෘති මානසික පරිසරයක් නිර්මානය වුනේ මන්දැයි විමසන්නටත් එයට නතු වූවන් ඉන් මුදවන්නටත් අප නිතරම කටයුතු කළයුතුය. එසේ නොකරන්නේ නම් මේ විශ්වයේ විනාශය ඉක්මනින්ම සිදුවනු නියතය.

 අනියත වූ මේ විශ්වය සතු සියලූම වස්තූන් නියත වශයෙන්ම විනාශයට පත්වන බව අප දිනිමු. එහෙත් එය දැන දැනත් නොමියෙනා පිරිසක් අයුරින් මේ මිනිස් සංහතියම කටයුතු කරන්නට පෙළඹී ඇත. ඒ පෙළඹීම නිසා සෑම මොහොතකම සෑම පුද්ගලයෙක්ම පීඩිත මානසික වටපිටාවක් තුළ දිවි ගෙවයි. රාගයෙන් ලතෙත් වූ හදවතක් තුළ කිසිදු මොහොතක කිසිදු සැනසීමක් නැත.එහෙත් වැනසීමක් ඇත. එසේම වෛරයෙන් ලතෙත් වූ හදවතක් තුල වැනසීමක්මිස සැනසීමක් නැත. එමෙන්ම ඉරිෂියාවෙන් ගැලූනු මනසකද වැනසීමක් මිස සැනසීමක් නැත. මේ සියල්ලම තුළින් වැනසීම සිදු වන්නේ ප්‍රථමයෙන්ම තමන්මය. දෙවනුව තමන් දිවි ගෙවන පාරිසරික වටපිටාවයි. ස්වකීය චින්තනයට කිසිදු මොහොතක සැනසීමක් සිදු නොවන්නේ නම් ඒ පුද්ගලයා සැනීමෙන් සතුටින් දිවි ගෙවන්නවුන්ගේ මනසට මහත් පීඩාවක් ගෙන දෙමින් තාඩන පීඩන කරන්නටත් ඔවුන් මරණයට පත් කරන්නටත් ඉඩ ප්‍රස්ථාවක් නිමවනු ඇත. ඒ නිසාම අද මේ විශ්වය තුළ මෙවැනි දූෂණ මෙන්ම භීෂණයන් සිදුවනු ඇත. සමාජයක යහපැවැත්මට ඒ සමාජගත සත්වයන් අතර එකමුතුකමක් තිබිය යුතුය. ඒ එකමුතුකම සදහා මෙවැනි කි්‍රයාවන් තුළ එකිනෙකා නියැලිය යුතුය. එනම්?

* දානය
* ප්‍රිය වචනය
* අර්ථචර්යාව
* සමානාත්මතාවය

මේ කරුණුකාරණාවන් එකිනෙකා අතර නිතර නිතර පරිශීලනය වන්නේ නම් ඒ සමාජය තුළ හා ඒ පුද්ගලයන් අතර කිසිදු ගැටලූවක් ඇති නොවේ. එහෙත් මේ කිසිවක් අද එකිනෙකා අතර සිදු නොවේ. සියල්ලෝම ස්වකීය මානසික අභිමථාර්තයන් පසක් කරලීමේ පරමාර්ථයෙන්ම පමණක් ආගම දහමට පටහැනිව කටයුතු කරන්නට පවා පෙළඹී ඇත. සියලූම පුද්ගලයන් තමන් සතු කටයුතු කිසිවක් සිදු කරන්නට නොපෙළඹෙයි. එහෙත් යම් යම් සමාජමය ගැටලූවක් පැමිණි පසු එයට දෝෂාරෝපණය කරන්නට පටන් ගනී. ගින්නක් ඇවිලූන පසු ගින්න නිවට්නට මහත් උත්සහයක් ගන්නවට වඩා යම් ගින්නක් ඇවිලෙන්නට ප්‍රථම ඒ ගින්න ඇවිලෙන්නට හේතු මොනවද යන්න පිළිබදව නිතර නිතර සොයා වමසා බලා පිළියම් කරන්නට අප පෙළඹෙන්නේ නම් මේ සමාජය තුළ අද ඇතිවී තිඛෙන ගැටලූ රාශියම විසදිය හැකිය.

 අප හැම මොහොතකම ලෙඩෙට ඛෙහෙත් කරන්නට ප්‍රථම ලෙඩෙ වැලදෙන්නට හේතුවක් වූ මූල බීඩය සොයා බලා එය නසන්නට කටයුතු කළයුතුය. එසේ නැත්නම් ඒ රොගය තවෙකෙකුටද වැලදිය හැකි ප්‍රමාණය ඉහල යනු ඇත. මේ සියල්ල අප දනිමු. එහෙත් අය අනුගමනය කරන්නට කිසිත් වුවමනාවක් නැති නිසා දුක්ඛිත මානසිකත්වයක් මතම දිවි ගෙවන්නෙමු.

 සාමය සතුට පිරි දිවියක අරුත සදන්නට අප ප්‍රථමයෙන් සාමය සැදිය හැකි ක්‍රමය හා සදහා අනුගමනය කළ යුතු ක්‍රියාවන් පිළිබදව මනා විමසීමෙන් සිටිය යුතුය. එලෙස නොවන්නේ නම් කිසිදු අයුරකින් කිසිදු සැනසීමක් ලද නොහැකිමය.

අප සියල්ලෝම හැම මොහොතකම සැනසීමක් මිස දුකක් කැමැත්තො නොවෙමු. එසේ නම් ඒ සැනසීම ඔබ ඔඛෙන්ම ඔබ තුළින්ම විදින්නට වෙර දරන්න. ඔබේ සතුට ඔබ තුළින් මසක් තවෙකෙකුගේ කි්‍රයාවක් හෝ හැකියාවක් තුළින් විදින්නට හෝ දකින්නට නෙහැකිම වනු ඇත. සංසාරගමනේ විමුක්තිය ලග සැනසෙන්නට ඔබ සරු දෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් දකින්න. එය ඔබට යහපතක් සිදු කරාවි. අයහපත දුරු කරාවී. එහි ඔබ දකින සැනසීම මිස වැනසීමක් නැත.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::