::: ඔබ යහපත්දෑ පමණක් සිදුකරන්න ඉන් ඔබට සැනසිය හැකිය :::



ලබු කබල් දිය මතුපිට පාවෙනවා යැයි යමෙක් කියන්නේ නම් අප එය පිළිගනිතත් එය ජලයේ ගිලුනායැයි කියන්නේ නම් එය විශ්මයක් ලෙස සිතන්නාක් මෙන්ම එය සැබවින්ම විශ්මයකි. එසේම මහා ගල්කුළක් ජලය මත පාවූවායැයි කියන්නේ නම් එයදම හා පුදුමයකි. එහෙත් අද මේ විශ්වය තුළ එබදු විශ්මය ජනක සිදුවීම් කොපමණ නම් සිදුවනවාද යනවග ඔබ මදක් විමසන්නේ නම් එය මැනවින් උදාහරණ සහිතව ප්‍රත්‍යක‍ෂ කරගන්නට ඇති හැකියාව විරල නොවේ.


ඉහතින් දක්වන ලද විශ්මය ජනක සිදුවීම් සියල්ලම බුදුන් දවස සිටි කොසොල් රජු සිහිනෙන් දුටුවේය. එය දැක එහි ප්‍රතිඵල මොනවාද යන්න විමසන්නට බුදුන්වහන්සේ වෙත පිවිස විමසන කල්හී බුදුන් වහන්සේ විසින් දේශණා කරන්නට යෙදුනේ රජතුමණි මෙහි ඵලය නම් මතු දවස රටතුළ දිවි ගෙවන්නාවූ රජවරු අධාර්මික වන බැවින් රටතුළ දිවි ගෙවන්නාවූ මිනිසුන්ගෙන් සුදුස්සාට සුදුසු තැන කිසිදු මොහොතක හමු නොවේ. එසේ පත්වුවත් ඔවුන්ට ඒ සුදුසුකමුවලට අනුව වැඩකටයුතු මැනවින් සිදුකරන්නට ඉඩ ප්‍රස්ථාව නොසලසයි.

අද එදා කොසොල් රජු විසින් දුටු සිහිනයන්ගේ ඵලය සිදුවී හමාරය. සියල්ල මැනවින් සිදුවේ. අද දුරචාරය බබලන සදාචාරය පිරිහුන සමාජයක් නිමැවී ඇත. මිනිසුන්ගේ ආකල්ප සියල්ලම පිරිහී ගොස් හමාරය. මවුපියන්,සහොදරයන්,දූදරුවන්,නෑදෑහිත මිතුරන් නාදුනන කාමුක ආශවන්ගෙන් පමණක් ස්වකීය චින්තනය සන්තර්පණය කරගන්නට වෙර දරන්නවුන් පමණක් දිවි ගෙවන සමාජයක් බවට මේ මුලූමහත් සමාජ තලයම නිමැවී හමාරය. මෙහෙම සිදුවුනේ කුමන් නිසාද? තමන්ගේ චින්තන යසතු අසීමිත ආශාවන් සන්තර්පණය කරගන්නට මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අධ්‍යාපණය පමණක් හදාරන්නට යෙදුන නිසාවෙනම නොවේද? ඒ නිසාමයි. පුද්ගලයා මැනවින් උගත් සත්වයෙක් නම් ඒ තැනැත්තා සතු

1. හිස
2. අත
3. හදවත

මේ කොටස් තුනම මැනවින් නිර්මාණය විය යුතුය. එහෙත් අද නිමැවෙන්නේ හිස හා අත පමණක් නිසා රොබෝලා හා සමාන මන්ද මානසික කාමුක මානසිකත්වයෙන් පමණක් අන්‍යයන්ගේ සිත්පිත් හා දිවි පෙවෙත ගැන කිසිදු වැටහීමක් නැත්තාවූ පිරිසක් බිහිවී ඇත.

ගැටලූ සමූහයක් මැද දිවි ගෙවන්නාවූ පුද්ගලයා නිතරම සොයන්නේ ගැටලූ ඇතිකරගන්නට මගක් මිසක් ගැටලූ ලිහාගන්නා මගක් නොවේ. ඒ මන්ද? ඔහු පුංචි අවදියේ පටන් ස්වකීය මනසට දෙන්නට පුරුදුව සිටින්නේ අයහපත් මානසික ආකල්ප මිසක් යහපත් ආකල්ප නොවේ. එබැවින් ඔහු නිතරම ගැටලූවක් නිර්මාණය කරගන්නටම වෙර දරයි. මෙන්න මේ නිසාමයි අද සුදුස්සාට සුදුසු තැන හිමි නොවෙන්නේ හා හිමිවූවන්ටද ඒ තුළ කටයුතු කරන්නට ඉඩ නොදේ.

එසේම අද සියලූම සත්වයින් තුළ මහත් කුතුහලයක් ඇත. ඒ කුමක්ද? ලෝක විනාශය ඉක්මනින්ම සිදු වෙයිද ? මෙය ගැන සියලූම දෙනා නිතරම සිතන්නට හා වමසන්නට වෙර දරයි. අප මෙය විමසිය යුතුයි. එසේම එයින් මිදෙන්නට වෙර දරන්නේ නම් ඔබ ධර්මානුකූල දිවියක් ගත කරන්නට මුල පුරන්න. එවිට ඔබට මේ මුලූ ලෝකය විනාශවී සුනුවිසුනුවී ගියත් පසුතැවෙන්නට සිදු නොවේ. එහෙත් ඔබ වැරදි දිවිපෙවෙතක් ගත කරන්නේ නම් ඔබට පරලොවට ගොස් දුක් විදින්නට සිදුවේ.

ලෝකයේ විනාශයට ප්‍රථම මේ සිටින සියලූම සත්වයින් ඔවුනොවුන්ගේ මවුපියන් මෙන්ම සහොදරයින් නෑදෑයන් දුටු විට ඔවුන් සියලූම දෙනා සත්වයින් මෙන් නෙතට ගැටෙන්නාක් මෙන්ම ඔවුනොවුන් අත රැදි සියලූම වස්තු කැති පොරෝ මන්නා අයුරින් ඉබේටම නිමැවෙනු ඇත. එවිට ඒ අවි ආයුධ වලින් කපා කොටාගෙන විනාශයට පත්වී අවසානයේදී ශීලයෙන් යුතුව දිවි ගෙවූවන් පමණක් ඉතිරි වේ. මේ සියල්ල අද සිදු නොවන්නේද? මවුපියන් නාදුනන්වුන් අද මේ විශ්වයේ නොමැතිද? ඉන්නව නේද?

ඔබ ධාර්මිකව දිවිගෙවන්න එවිට ඔබට කායික මානසික සැනසිල්ලක් ලද හැකිය. එහෙත් ඉන් පිටත දිවි ගෙවන්නේ නම් අධාර්මිකව එතනදී ඔබට දුක්ඛිත මානසිකත්වයකින් දිවි ගෙවන්නට සිදුවේ. ඔබ හොද කරනතාක් ඔබට සැනසීමක් ඇත. නරක කරන තාක් වැනසීමක් ඇත’ තල වපුලූවෝ තල ගෙන යති. මෙය මනා උපදේශයක් ලෙස ඔබේ දිවිය තුළ නිතරම මුවහත් කරන්න.


Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::