~~~ සැනසුම සොයමින් ලයට තුරුල් කර ~~~

සැනසුම සොයමින් ලයට තුරුල්කර
පැසසුම් පැතුවේ     නැහැ ඔබ අම්මේ
කුසගිනි විදිමින්         දුක්ගිනි වින්දද
අප සැනසූයේ           ඔබමය අම්මේ


වරදක් කළහැම මොහොතෙම මා ළග
හිදිමින් ඔවදන්             පැවසූ අම්මේ
ඒ මග නොගියොත්   තරවටු කරමින්
මා සැනසූයේ             ඔබමය අම්මේ


මිහිරි රසට   රස       ඵලා නෙලාගෙන
කන්නට බත්   පත       සැකසූ අම්මේ
පුතේ හනික මේ බත් කට කන්නකො
සෙනෙහයෙන්     අප දැඩිකළ අම්මේ


අපගේ විපතෙදි        හෙව්වේ කවුරුද
අප      ලග    සිටි ඒ        මිතුරුන්ද?
නැහැ අපෙ අම්මා නොව අප හෙව්වේ
එය අමතක කර                 පුලූවන්ද?


Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න