::: ඔබ ඔබ සතු කාර්ය පමණක් මැනවින් නිවැරදිව සිදු කරන්න :::

ඔබ ඔබ සතු කාර්ය පමණක් මැනවින් නිවැරදිව සිදු කරන්න. එවිට ඔබට මනා සැනසිල්ලෙන් යුතු දිවියක් ගත කළ හැකිය. එහෙත් ඔබ ඉන් එපිටට යන්නේ නම් ඔබේ දිවියේ වැනසුමක් පමණක් දැකිය හැක. ඒ මේ අයුරිනි    


කෙනෙකු උපතින් බමුණෙකු හෝ වසලයෙකු නොවන බව අප නිතර නිතර අසන්නෙමු. එහෙත් එයට අනුව හැඩගැසෙන්නට වෙර නොදරන නිසාවෙන් අප සියලුම දෙනාට නොයෙකුත් දුක්ඛිත මානසිකත්වයන් තුළ නියැලෙන්නට සිදුවී ඇත. එයට වගතිව යුත්තේ අපගේම මානසික ප්‍රතිපදාවම බව අප නිතර නිතර සිහි කරන්නේ නම් සැනසීමෙන් යුතු දිවි පෙවෙතක් ගත කළ හැකිය. මේ විශ්ව ධාතුව තුළ උපදින හැම සත්වයෙක්ම මේ විශ්ව ධාතුව තුළ දිවි ගෙවන්නට උරුමකම් කියන්නෝම මිසක් වෙන කිසිදු ප්‍රදෙශකට පන්නා නොදැමිය යුත්තේය. එයට හේතුව නම් අප සියල්ලෝම ස්වභාව දහම තුළින් නිමැවුනු බිතු සිතුවම් හා සමාන වස්තූන්ම වන නිසාවෙනි. මේ විශ්වය තුළ සදාකල්හිම දිවි ගෙවන්නට අප කිසිවෙක් නොපැමිණියෙමු. එහෙත් අප සමාජගත බොහෝ පිරිසක් සිතාගෙන සිටිනුයේ අප නොමැරී දිවිගෙවන්නටම පැමිණියෙමි යනුවෙන්මය. එවැනි පුද්ගලයන්ට මෙය මනා උපදෙශකි.

    ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් අප තථාගතයන් හන්සේ මේ මුලූමහත් විශ්වයේම කි්‍රයාකාරීතවය මැනවින් ස්වකීය බුද්ධියෙන් අවබෝධ කරගනිමින් එය අන්‍යයන් හටද මැනවින් අවබෝධ කරන ලදි. එහෙත් එය උහුලන්නට නොහැකිව බුදුන් වැඩි මගට ගල් පෙරලූවෝ මෙන්ම නාලගිරි වැනි මහා දරුණු සැඩ පරුෂ ඇතුන්ද පමුනුවන ලදි. ඒ උන්වහන්සේ මෙලොවින් තුරන් කිරීමේ පරමාර්ථයෙන්ම මිසක් වෙන කිසිදු අදහසකින් නම් නොවේ. එහෙත් එය ඒ අයුරින් සිදු කරන්නට නොහැකිවූ බව බෞද්ධයින් හැම දෙනාම දන්නා කරුණකි. බුදුන් වහන්සේගේම සසුන තුළ පැවිදි වී බුදුන් නසා බුදු බව පැහැර ගන්නට රෙ දරණ ලද දෙව්දත් තෙරුන්ට අවසානයේදී සිදු වුනේ කුමක්ද? එසේම ආලවක නැමති යක‍ෂයාට සිදු වූයේ කුමක්ද? අංගුලිමාල කුමාරයාට සිදු වුනේ කුමක්ද? චිංචි මානවිකාවට සිදු වුනේ කුමක්ද? මේ සියල්ලම ඒ අයුරින් සිදුවූයේ ලොව්තුරා බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක‍ෂයක් මුලූල්ලෙහි පුරන ලද පාමිතාවන්ගේ බලයක් ලෙසිනි. ලෝකයේ පැවැත්මට නතුව යමෙක් මේ විශ්වය තුළ මැනවින් නිවැරදිව දිවි ගෙවන්නේ නම් ඒ පුද්ගලයා සැබවින්ම සතුටින් දිවි ගෙවන්නෙකි. එහෙත් එයට පිටින් ගොස් වැරදි ප්‍රතිපදාවන්ට නතුව වැරදි ක්‍රියාවන්හි නියැලෙන්නේ නම් ඔහුගේ විනාසය මොනයම් මොහොතක මොන අයුරින් සිදු වන්නේදැයි අප කිසිවෙකුටවත් නිශ්චිත වසයෙන් හෙළිකල නොහැක. එහෙත් සර්පයා දෂ්ට කරන බව දැන දැනම උගේ වලිගයෙන් අල්ලන්නට වෙර දරන්නේ නම් එහිදී ඔබේ දිවියේ විනාශය මිසක් සැනසීමක් ලද නොහැක. ඔබ ඔබගේම දිවියට අතුරු අන්තරාවන් ගෙන්වා ගන්නට අකමැති නම් ඔබ අන්‍යයන්ගේ දිවියටද එය සිදු කරන්නට වෙර නොදරන්න. ඒ මන්ද එය තුළින් කෙදිනක හෝ ඔබේ දිවියට විනාශයක් සිදු කරන්නට මහා බාධකයක් වන නිසාවෙන්මය. සත්‍යය වැටහෙන විට සියල්ල සිදුවී හමාර බව අප නිතර නතර තෙපලූවත් එය අනුගමනය කරන්නට නොවෙහෙසෙමු. එහෙත් අද පටන් ඔබ ඒ සදහා වෙහෙසෙන්න. ඔබ ප්‍රථමයෙන් ඔබට මැනවින් දැල්වෙන පහනක් වන්න. එවිට අන්‍යයන්ටද ඒ තුළින් මනා ආලෝකයෙන් යුතු දිවියකට ඇරඹුමක් ලද හැකිය. මෙය ලොවේ සැබෑ සත්‍යයකි.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::