::: වැරදි මග නොව නිවැරදි මග දකින්න :::



සරු දේ නොලැබ නිසරුමදේ                            ලැබගන්න
හේතුව මන්ද නැණසින් ඔබ                                විමසන්න
පෙනුනත් දෙනෙත නොපෙනෙන ලෙස           හැසිරෙන්න
හේතුව   ඔබේ    මනසයි     මැලිවී                            ඉන්න

  
සරු දෙය සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දක්නට හැකි මනසක් හා නැණසක් ඇතුව උපදින මනුෂ්‍යයා එය අහිමි පුද්ගලයෙකු ලෙස කටයුතු කරන නිසාම නොයෙකුත් පීඩිත හා මන්ද මානසික තත්වයන්ගෙන් ජීවිකාව ගෙවා දමන්නට මුලපුරයි. ඒ සිදුවීඹ තුළ ඔහුගේ දිවියට එල්ලවන පීඩාවලටම සමාන පීඩාවන් රාශියක්ම අනිකුත් සමාජගත සත්වයින්ගේ ජීවිත තුළටද බාධා පමුණුවයි. එක අනුවණයෙකු යම් අවැඩක් කරයිද? ඒ අවැඩෙහි අහිතකර ප්‍රතිඵල සාමකාමී දිවිපෙවෙතක් ගෙවන්නාවූ ජීවීන්ටද බලපෑමක් සුවෙන් හෝ ගෙන දෙන බව අප දනිමු. මේ සියල්ලටම මූලික හේතුව කම්මැලිකම හෙවත් අලසකම බවද අප දනිමු.
   
ජීවිතයේ ආරම්භයෙන් අනතුරුව ඔවුනොවුන්ගේ මානසිකත්වය තුළ ගොඩනැගුනු අලසකම හා මන්දමානසිකත්වය හේතු කොටගෙන නොයෙක් දුක් ගැහැට නිමැවී ඇත. ඒ දුක්ගැහැට නිසාම නොයෙකුත් ගැටලු නිමැවී අත. ඒ සියලුම ගැටලු එදා සිට අද දක්වා විකාශය වී ඇත්තේ විසදෙන අයුරින් නොව නොවිසදුන අයුරින්ම බව අප දිනිමු. ඒ දැන දැනත් අප නොදනින අයුරින් යුතු මානසිකත්වයකින් කටයුතු කරන්නේ නම් එවිට අපට තවත් ගැටලුවක් නිර්මානය වන්නට අය මූලික අඩිතාලමක් වනු ඇත.

යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ
චින්නොපි රුක්ඛො පුනරේව රූහති
එවම්පි තණහානුසයේ අනූහතේ
නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං
   
යම් ගසක් මුලිනුපුටා නොදමා එහි අතු නෙකිනෙක කපා සිද දන්නේ නම් එය නැවත ලියලයි. ඒ කෙසේදයත්? සහමුලින්ම සිතතුළින් තණ්හාව නොනසන ලද්දේ නම් නැවත දුක උපදින්නාක් මෙනි.
   
මෙය අපගේ මනසට මැනවින් කාවද්දමින් කටයුතු කළයුතු වේ. බුදුන් වහන්සේ විසින් දේශිත දහම මතුපිටින් ස්පර්ෂ කොට බලා ඒ තුළ ඇති සදාතනිකවූ විමුක්ති රසය වටහාගත නොහැකි බව අප දිනිමු. එහෙත් එය නොදනින පිරිසක්ද ඇත. ඒ නිසා හැම මොහොතකම සිද්ධ කරන්නේ මේ කැලේ ඇතුන්ගේ පියසටහන් තිඛෙනවා. මේ පාසටහන් නිසා මේ වනය තුළ නියත වශයෙන්ම අලිඇතුන් සිටිය යුතුය යන්න තීරණය කොට අන්‍යයන්ද බිය ගන්වන්නට පමණි. එහෙත් එය ඒ අයුරින් සිදු කරනවාට වඩා ඇත්ත අති සැටියෙන් නෙතින් දැක අවබෝධ කරගෙනම අන්‍යයන්ටද එය පෙන්වන්නට සලස්වන්නේ නම් යහපති’ බුදුන්වහන්සේ කෙතරම් වෙහෙස මහන්සියක් දරා බුදුබව ලබා ගත්තද ඒ ලබාගත් අවබෝධය අඹමල් රේණුවකටවත් මිළ නොකලේය. ඒ උන්වහන්සේ ඇති තතු ඒ අයුරින්ම අවබෝධ කරගත් නිසාවෙන්ම බව අප දිනිමු. එමෙන්ම උන්වහන්සේ අවබෝධ කරගත් දහම අද පවා අවුරුදු 2600 ක් පැරණි වුවත් පවතින්නේ එය සත්‍යය වූ අසත්‍ය නොවූ දහමක්ම නිසාම නොවේද? එය එසේමය. එහෙත් පීඩිත මන්ද මානසිකත්වය් හා කාමුක මානසිකත්වයක් ගොඩ නගා ගනිමින් දිවි ගෙවන්නාවූ හැම පුද්ගලයෙකුම අද සමාජය තුළ ඔවුනොවුන් විසින්ම ඔවුනොවුන්ගේ දිවියේ පරිහානිය පසක් කරලමින් සිටී.
   
දැලි පිහිය හා කැඩපත තුළින් සිදුකළ යුතු කාර්යන් දෙයාකාරය. එහෙත් ඒ කාර්යද වැරදියට අවබොධ කරගන්නවුන් ඇත. ඒ අනවබෝධය නිසාම බොහෝ පිරිසක් දැලිපිහියෙන් කරන කාර්ය කැඩපතකින් හා කැඩපතින් කරන කාර්ය දැලිපිහියෙන් සිදු කරන්නට ගොස් නොයෙකුත් අපහසුතාවයන්ට පත්වී හමාරය. ඒ නිසාම දුක්ඛිත අන්ත අසරණ දිවිපෙවෙතක් ගෙවන්නවුන් දැක ගන්නට ඇති හැකියාව බොහෝ සුළබය.
   
ගතට වස්ත්‍රයක් හා හිසට සෙවණක් ලබාගෙන කුසට අහරක් ගත යුත්තේ එදිනෙදා ජීවිතය සාර්ථකව ගෙවා නිමවන්නට මිසක් මහා විශාල තමන්ටවත් ඔසවාගත නොහැකි ගල්කුලු ඔසොවාගෙන එහෙ මෙහේ දුව පනින්නටද? ඒ සදහා නොවේ. එහෙත් අද සමාජගත සත්වයා හුරුපුරුදුවී අත්තේ අන්‍යයන් සිදුකරන්නක්ම දැක එය පසුපසම හඹා යන්නන් අයුරින් කටයුතු කරන්නටමය. එබැවින් මුදල් පසුපස හා කාමභොගී වස්තූන්ම සොයන්නට වෙහෙසෙයි. එහෙත් ඒ මුදල් ඉපයිම කෙතරම් සාර්ථක අන්දමින් සිදුකරනවාද කියන කාරණය ගැන ඔවුන් කිසිදු මොහොතක නොසිතයි. එසේම ඒ මුදල් ඉපයීම තුළින් තමන්ට හැම මොහොතකම කෙතරම් මුදල් සම්භාරයම් උපයාගනිතත් විදින්නට සිදුවන්නේ හැමදාකම විදිනවා වගේම සැපසම්පත් කොටසක්ම නොවේද යන්න නොසිතෙයි. අපිහැමදාම විදින සැප සම්පත් මොනවාද? නැතනම් අපගෙ මූලික මිනිස් අවශ්‍යතාවයන් මොනවාද?

1.    ඇදුම් පැලදුම්
2.    ආහාරපාන
3.    ඉදුම්හිටුම්
4.    ඛෙහෙත්

මේ අවශ්‍යතාවයන්ට පරිබාහිරවූ යම් නිත්‍යයවූසැපයක් විදින්නේ නම් එය නිත්‍යයැයි අමනයින්ට හැගනද එය අනිත්‍යය වූවකි. එහෙත් හැමදාකම එකම අයුරින් තමන් සතුව උත්සාහය හා ධෛර්්‍ය ඇත්නම් ඉහතින් සදහන් කරන ලද සැපයන් හතර වින්දනය කළ හැකිය. හම දිවියකම මොන රැකියාව කළත් මුළින්ම උත්සහ ගනුයේ ජීවත්වීම සදහාය. හැබැයි මේ ජීවත්වීම නිවැරදි යහපත් ජීවත්වීමක්ද අයහපත් ජීවත්වීමක්ද යන වග ඔවුන් කිසිවෙකුටවත් කිසිදු මොහොතක වටහා ගැනීමට නොහැකිවී ඇත. එය නොසිතන්නට හේතුව කුමක්ද? යන වග ඔවුන් නොදනී. එහෙත් එය මේ තුළින් දන්වන්නටම වෙර දරමි.

ඉහතින් සදහන් කරන ලද සත්ව මූලික අවශ්‍යතාවයන්ට අමතරව යමක් භුක්ති විදින්නේ මොන සැප සම්පත්ද?

1.   මත්ද්‍රව්‍යය පරිහරණය
2.    පරදාර සේවනය
3.    උත්සව දර්ශණයෙහි ලෝලියෙකු වීම
4.    සූදුවෙහි ලෝලියෙකු වීම
5.    නිතර නිතර ඇවිදීම

මේ කරුණු පහට අමතරව යමෙක් යම් වූ කාර්යක් සිදු කරන්නේ නම් ඒ සීමිත ප්‍රමාණයකි. එය ඔබ මැනවින් සිතා විමසා කටයුතු කරන්න. එය ඔබට යහපතක් සිදුකරයි. එසේ නැත්නම් ඔබ අදුරු දිවි මගකටම ඇද දමයි.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::