෴෴ ආදර අම්මා ෴෴

ලෙඩක් දුකක් හැදුනත් මාලග     හිද
හිස අතගෑවේ ඔබමයි           අම්මේ
හිරු සදු නැති ලොව අදුර නසන්නට
ඔබමයි මට එළියක් දුන්     පුන් සද

සෙනෙහස පාමින් හිස    අතගාමින්
මා නැළවූයේ ඔබමයි           අම්මේ
කන්නට බොන්නට නැති හැම විටදී
රත්පැහැ රුධිරය කිරිකළ     අම්මේ

සැනසුම සැදුමට වීරිය            දෙවමින්
පැසසුම් ගෙනදුන්නේ        ඔබ අම්මේ
ලෝකයෙ හොදමිනිසෙක් අයුරින් මට
පියවර තැබුමට පුරුදු          කළේ ඔබ


බත්පත නැති විට කුසගිනි     විදිමින්
ලේකිරි කළේ ඔබමයි මගේ අම්මේ
දුක්ගිනි විදිමින් සතුට       සදන්නට
ඔබ මා ළග සිටියේ     මගෙ අම්මේ

සංසාරේ මිණි පහන්     ටැඹක් බදු
අම්මා මතු ඔබමයි           සංසාරේ
රැ අහසේ දිලෙනා        පුන් සදසේ
දිලූනා මවුගුණයෙන්    ඔබ අම්මේ

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න