ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස් වෙන්න


     
ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස් වෙන්න, එවිට ඔබ දෙස බලා අන්‍යයන්ද වෙනස් වනු ඇත

අප දිවි ගෙවන මුළුමහත් සමාජයේම පරිහානියට පත්වී ඇතිබව අප දිනිමු. එය දැක දැකත් ඒ පිරිහීමට පත්වන කි්‍රයාවන් තුළ නියැලෙන පුද්ගලයන්ට දුඩුවම් කරන්නට සිර මැදිරි තුළ රැදවීමෙන්ම සමාජය නිවැරදි අතට හැරවිය හැකිද? නැහ එය කිසිදු මොහොතක සිදුකළ නොහැකිය.

යකඩයක් රත්කරමින් මහා වීරියක් ගෙන තලන්නේ නම් එය තවත් මුවහත්වනු මිසක් එය මොට නොවන්නේය. එයට හේතුව මන්ද කිසිදු සංවේදී බාවයක් එම ලෝහය තුළ නොවූ බැවිනි. එහෙත් සෑම අතකින්ම සංවේදී මනසක් ඇති මනුෂ්‍යය සත්වයා විසින් සිදු කරන ලද හැම වරදකටම ඔවුන්ගේ චින්තනයේ පතුලටම කිදා බැසගත් පිරිහුන අයහපත් සිතුවිලි ඇත’ එවැනි සිතුවිලිමත නිතරම ගැටෙන සිත පිරිහීමේ දොරටුවට හා අයහපත් කි්‍රයාවන් තුළම මිනිසාව පොළඹවයි’ එයට උදාහරණයක් ලෙස අප සියල්ලෝම පුංචි අවදියේදී කෙතරම් නිවහල් යහලත් මානසිත්වයකින් හා වචන සමූහයකින් අන්‍යයන්ට ආමන්ත්‍රනය කරන්නේ නොවේද? එහෙත් ඒ අයුරිනම් කතාකරනදරුවා තව ටික දිනකින් අයහපත් වදනක් හෝ ආකල්පයක් නෙත ගැටී සිත කාවැදුන කල්හී එය පසුපස හඹා යමින් වරදට පෙළඹෙනවා නේද? එසේ නම් අප ඒ වැරදි කළ දරුවාට හෝ පුද්ගලයාට එවිට දඩුවමක් දුන්නොත් ඔහු එයින් කිපෙන්නාක් මෙන්ම ඔහු තමන් අසල ඇති අනිකුත් භඩුබාහිරාදියද විනාශ කරනවා නේද? ඒ සියල්ලටම මූලික හේතුව සමාජගත සෑම සත්වයෙකුගේම ආකල්ප වල ඇති දුබල තාවයයි’

    රටක් විදියට හා ජාතියක් විදියට මෙන්ම ආගමක් විදියට මුළු ලෝකයේම සදාචාරය අතින් ඉතා ඉහල තලයක අතීතයේ සිටි ශ්‍රී ලාංකිකයන් අද සිටින්නේ පිරිහීමේ දොරටුව අභියස බව ඔබ නොදන්නේද? එය ඒ අයුරින් සිදුවුනේ ඇයි? එය ඒ අයුරින් සිදුවුනේ දෙමාපියන් විසින් ස්වකීය සිතතුළ නිමැවිය යුතු වූ

    මෛති්‍රය

    කරුණාව

    සතුට

    මැදහත්බව

මෙන්න මේ සිව්බඹ විහරණයන් මවගේ චින්තනයෙන් ගිලිහුන් නිසාම නොවේද? එසේම පියාණන් සතු වූ

    ආදරය

    ආරක්ෂාව

    ආදර්ශය

මෙන්න මේ කියන ගුණයන් හෙවත් ආකල්ප පිරිහුන නිසා නොවේද? එි නිසාමයි’

    අපේ රටේ ඉන්න ගොඩක් උගතුන් මෙන්ම වියතුන් නිතර නිතර ලංකාව සමුර්ධිමත් රටක් කරන්නට වෙර දරනව’ ඒක හොදයි’ එහෙත් හරක් රැලකට ගව මුඩුවක් නිර්මාණය කරනව නම් ඒ ගව මුඩුව නිතර නිතර පිරිසිදු කරන්නටද සිදුවනු ඇත’ එය තවෙකෙකු විසින් සිදු කළ යුතුය’ ඒ මන්ද ගවයන්ට එය නිසියාකාරව කරගත නොහැකි නිසාවෙනි’ එහෙත් මිනිසුන් වන අපට ඒ හැම කාර්යක්ම මැනවින් සිදුකර ගන්නට නොහැකිද? හැකි’ එහෙත් කම්මැලිකම,ඉරිෂියාව,ක්‍රෝධය , වෛරය වැනි පිරිහුනු සිතුවිලිවලින් ග්‍රහණය වුනු මේ සිත්වල අද මෛති්‍රය කරුණාව ගිලිහි ගොස් ඇත’ ඒ නිසාවෙන් අද මේ ශී්‍ර ලංකාද්වීපය තුළ සිදුවන්නේ දූෂණ භීෂණ මිනී මැරුම් නොවේද?

    මේ හැම කි්‍රයාවකටම මුල පුංචි සිත් පංචි අවදියේදී පංචි අවදියේදී නිවැරදිව නිර්මාණය නොකළ නිසාම නේද? ඇයි එහෙම වුණේ කියල සමහරෙක් මගෙන් ප්‍රශණ කරයි’

ස්ති්‍රයක් හා පුරුෂයෙක් විවාහ දිවියකට එළඹෙන්නේ නම් ඒ දෙදෙනාගේම මෙවැනි සම්බන්ධතාවයක් තිබිය යුතුය’

ˆගැඹුරු මානසික සම්බන්ධතාවයකින් වියුක්ත වූ ස්තී්‍ර පුරුෂ සම්බන්ධතාවය හරියට මුදුන් මුල නැති මහා විශාල ගසක් හා සමානය’ මොන මොහෙතකදී බිම වැටෙන්නේදැයි සිතාගත නොහැක˜

මෙන්න මේ කියන මානසික සම්බන්ධතාවයෙන් යුතුව අද මොන ස්ති්‍රයද?මොන පුරුෂයාද විවාහ වෙලා ඉන්නේ? ඒ වගේම පෙම්වතුන් බවට පත්වෙලා දිවි ගෙවන්නේ?

එහෙම යමෙක් ඉන්නව නම් ඒ සුළුරිසකි’ ඒ කියන සම්බන්ධයෙන් තොරව කායික ඇසුරකට පමණක් මුල්තැන දෙමින් පෙම්වතුන්වී අවසානයේදී වැඩේ වැරදුන තැන දෙන්නම නොදැන දරුවන් වදයි’ ඒ දරුවන් මහමගක හෝ රෝහලක දමා පැන යයි’ ඇයි මේ? ඔවුන්ගේ මානසික ප්‍රතිපදාවේ මූල බීජය නිවැරදිව නිර්මානය නොකළ නිසා නේද? ඔබ සමාජය දුවන අතට දුවන්නෙක් අයුරින් නිර්මාණය වෙන්නෙපා’ ඒ මන්ද? ඒ ගැන මනා අවබොධයක් ඔබ සතුව නොමැති නිසා’ ඔබ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ගන්නා ලද නිවැරදි සමාජයට යහපත්යැයි සැලකෙන සදාචාරමත් ප්‍රතිපත්ති සමූහයක් අනුව දිවි ගෙවන්නට හුරුවන්න’ ඒ තුළින් ඔබේ දිවියේ සැනසීමක් ලද හැකිය’ මේ කරුණු තුළට නොයෙක් කතා පුවත් ගෙන හැර ඈදන්නට තිබුණි’ එහෙත් තවත් කෙනෙකුගේ ඉතිහාසයක් ගෙනහැර පාමින් ගෙවන කාලයට වඩා යමෙකගේ යටි සිතට නිවැරදි කරුණක් දෙන්නේ නම් එ මහත් සම්පතකි’ එය මා අගය කරමි’

එසේ නම් ලංකාව තුළ ඇති සියළුම වැඩිහිටි නිවාස සිරගෙවල් මෙන්ම ළමා නිවාස අපට වසන්නට බැරිද? පුළුවන්’ එය සිදුකරන්නට මුල් අවදියේ මෙන් අප සදාචාරය සුරැකිය යුතුය’ ආගමට දහමට නතුවිය යුතුයි’ යමෙක් හොද ආකල්ප අදහස් ප්‍රකාශ කරණවා යැයි කියමින් එම ප්‍රකාශ අසමින් එයට අනුකූලව අප හැඩ ගැසෙන්නේ නම් යහපතක් සිදුවේ’ එසේ නොවන්නේ නම් කිසිදු යහපතක් සිදු නොවේ’

ඔබ ඔබගේ චින්තනය සතු මානසික ආකල්ප වෙනස් කරන්න’ එවිට මේ මුළු ලෝකයම පුන් සදක් මෙන් බබලනු ඇත’

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::