Wednesday, October 17, 2012

::: ඔබ ලොවට අවැසි කුමක් හෝ අතැතිව දිවි ගෙවන්න :::


ඔබ හැම පුද්ගලයෙක්ම යම් යම් දක‍ෂතාවයන් සමූහයක් අතැතිව උපන්නෝමය. එහෙත් ඒ දක‍ෂතාවයන් කිසිවක් සමාජයට දායාද නොකර ඔබ පසෙකට වී සුදුසුකම් ලිපි ගොන්නක් තබාගෙන සිටින්නේ නම් ඔබේ මුලූ ජීවිත කාලයම ඒ අයුරින් සිටියත් ඔබේ හැකියාවට සරිලන කිසිදු කාර්යක් සඵල නොවේ. එය ලෝක සම්මත ධර්මතාවයකි.
   

ලෝකයේ අප සියල්ලෝම නිතරම දිවිගෙවන්නට හුරු පුරුදු වී ඇත්තේ බොහෝ අවස්ථාවන් තුළදී තවෙකෙකු කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් දෙස බලා සිනාසීමෙන්ම නොවේද? ඒ මන්ද? ඔබ සිතන්නේ තමන්ට එය ඒ අයුරින් සිදු කරන්නට නොහැකි යැයි සිතන නිසාවෙනි. නොහැකි නැහැ අප සියලූම දෙනාගේ මොලය හා මනස තුළ හැම ක්‍රියාවක්ම සිදු කිරීමට අවශ්‍යය ශක්තිධාරාවක් ගැබ්වී ඇත. ඒ ගැබ්වූ ශක්තිධාරාව කුමන හෝ කාර්යක් සදහා මැනවින් යොදවන්නට අප වෙර දරන්නේ නම් එවිට ඒ කාර්ය මැනවින් හෝ යම්තාක් දුරට සඵල වනු ඇත.

අප සියල්ලෝම උපතේ පටන් අද දක්වා දණ ගාමින් බඩ ගාමින් වැටි වැටි ඇවිදිමින් අද කෙළින් සිටගෙන සමාජයේ යහපත් මෙන්ම අයහපත් අයුරින් දිවි ගෙවන්නෙමු. එහෙත් අප පුංචි අවදියේ නැගිටින්නට වෙර දරන කල්හී බිම වැටෙනකොට නැවත නොනැගිට ඒ අයුරින්ම දිවි ගෙවන්නට අධිෂ්ටාන කර ගත්තා නම් අද ඔබගේ දිවියේ වැනසීමක් මිස සැනසීමක් දකින්නට හැකියාව තිඛෙනවාද? නැහැ කිසිසේත් නොමැත.
   
1889 වර්ෂයට ප්‍රථම ඇමරිකාවේ එක ප්‍රන්ථයක මහා දරුණු සුළිසුලගක් හැමුවා. මේ සුළගින් බොහෝ ජීවිත ප්‍රමාණයක් විනාශයට පත්වුණා. ඒ වගේම බොහෝ පිිසක් තුවාලවී මාහා දුකක් වින්ද. මේ අතර හිටිය ඉතාම දක‍ෂ මෙන්ම ගුණ යහපත් කමින් අනූන වූ එක වෛද්‍ය වරයෙක්. එසේම ඔහුට පිරිමි දරුවන් දෙදෙනෙක්ද විය. ඔවුන් දෙදෙනාද වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යයනය හදාරමින් සිටියහ. කෙසේ වෙතත් ඒ සුළගින් විපතට පත් සියලූම දෙනාට මේ තිදෙනා අතින් මහා විශාල පරිශ්‍රමයක් දරමින් ඛෙහෙත් කරන්නට විය. මේ අය මහා සීතලේ ගැහෙමින් පයින් දුර ඇවිදගෙන යමින් ඒ කාර්ය මහත් උනන්දුවෙන් සිදු කළේ කිසිවෙකුගේ කිසිදු උපකාරයක් වචනයකිනුදු බලා පොරොත්තුවෙන් නොවේ. කෙසේ වෙතත් මේ අයගේ මේ කාර්ය දැන ගත් එම ප්‍රාන්තයේ එක් කන්‍යා සොහොයුරියක් මේ තිදෙනාට රෝහලක් නිර්මාණය කොට පරිත්‍යාග කරන ලදි. අනතුරුව මේ වෛද්‍ය පියා හා දරු දෙදෙනා එහි මැනවින් වැඩ කටයුතු සිදු කළහ.
   
මේ චාලි හා විලියම් නැමති සොහොයුරන් දෙදෙනා කළ එකම විශ්මය ජනක කාර්ය නම් කුමක්ද? ලෝකයේ උමතු වූ පුද්ගලයන් සුව කිරීමේ ඛෙහෙත සොයා ගැනීමයි. එයට හේතුව නම් ඇමරිකාවේ බොහෝ වෙනත් රෝගීන්ට වඩා වැඩි පිරිසක් මානසික රෝගීන්ය. එබැවින් මොවුන් දෙදෙනා කල්පනා කලේ මේ මානසික රෝගීන් රෝහල් ගත කර පිටත ඉන්න අන්‍යයන් ඔවුන්ව නඩත්තු කරනවට වඩා හොදම දේ මේ රෝගීන් සුව කිරීමට ඛෙහෙතක් සෙවීම කියල හිතල මේ දෙන්නලෙම පර්යේෂණයන්ගේ සාර්ථකත්වයක් ලෙස උමතුවීමේ මානසික රෝගයට ඖෂධයක් නිපදවන ලදි. එසේම මේ දෙදෙනා ස්වකීය රෝහල තුළ රොගීන් සියලූම දෙනාට එක හා සමානවම කතා බහ කරන්නටත් ප්‍රතිකාර කරන්නටත් වෙර දැරිණි. රෝගීන්ගෙන් මුදල් ගැනීමේ පරමාර්ථයෙන් ප්‍රතිකාර නොකර අතර එක් අවස්ථාවක පිළිකාවක් වැලදී එය සුව කර ගැනීම සදහා එක ගොවියෙක් කුඹුරක් උගස්කොට මේ දෙසොහොයුරන් හමුවට පැමිණ ඇත. එය දැනගත් මේ චාල්ස් හා විලියම් නැමති වෛද්‍යවරු දෙපල ඒ පුද්ගලයාගේ ශල්‍යය කර්මයත් සමැනවින් සිදු කර ඔහු විසින් දුන් චෙක්පත නැවත ඔහුටම ලබා දී රෝගී වූ අවස්ථාවේදී ඔහුට සිදුවූ අලාභයට සරිලන චෙක් පතක්ද නැවත දී පිටත් කර හැරිනි. ඔවුන් ඒ අයුරින් සිදු කලේ ඇයි?
   
අප කිසිවෙක් නොසිතන තැන මෙතනය,ඔවුන් කල්පනා කලේ රෝගීන් නොමැති නම් අප අද මෙතන නැත. එහෙත් අප ඔවුන් සුවපත් කරන්නේ නම් ඒඅ යට ලැඛෙන මානසික සුවය තරම් වටිනා මානසික සුවයක් අපටද ලද හැකිය යන්න පමණි.
   
එම සොහොයුරන්ට එහෙම ප්‍රතිකාර කළා කියල මුදල්වලින් හෝ අනිකුත් සැප සම්පත්වලින් කිසිදු අඩුලූහුඩු කමක් නොවුනි. සියල්ලම මැනවින් ලැබුනි. එහෙත් ඔවුන් කිසිදු මොහොතක උඩගු වන්නටවත් අන්‍යයන්ට ගර්හා කරන්නටවත් රෝගීන්ව අපහසුතාවයට පත් කරන්නටවත් නොපෙළඹුණි. මෙන්න මෙතනයි අප සියලූම දෙනා දිවි ගෙවිය යුත්තේ එසේත් නැතිව බල ලෝභකම් හමුවේ නම් නොවේ.

කෙනෙක් ස්වකීය ලැබීමට අමතරව ලැබීමක් බලෙන් ලබා ගන්නට යන්නේ නම් ඔහුගේ දිවියේ වැනසීමක් මිස සැනසීමක් ලද නොහැක. එබැවින් ඔබ ලෝකයේ දිවි ගෙවන අන්‍යයන්ට අවශ්‍යය කරන කුමණ හෝ යහපත් යැයි සැලකෙන ගුණධර්මයක් හෝ මැනවින් දැන දිවි ගෙවන්න. එවිට ඔබ මහා වනාන්තරයක් මැද වුවත් ඔබ සිටින තැනට ඉබේටම මාවතක් නිමැවෙනු ඇත. එය ලෝකයේ සැබෑ ධර්මතාවකි.

1 comment:

  1. අනෙකුත් ලිපි වලට වඩා මෙම සටහනේ සරල බව තිබෙනවා.ඒ සරල බව දිගට පවත්වාගෙන යාමට හැකි නම් හොඳයි යැයි මට සිතේ

    ReplyDelete