Sunday, September 09, 2012

ගෙයක් ගිනිගත් කලිහී ............

ගෙයක් ගිනිගත් කලිහී ඉන් පිටතට ගත් සියල්ලෙන්ම කුමන හෝ ප්‍රයොජනයක් ගන්නට ඇති හැකියාව වැඩිය එහෙත් එහි දැවුනාවූ සියල්ලෙන්ම ඇති ප්‍රයෝජනය කුමක්ද? අප සතු දිවියද ජීවත්වන කාල පරාශය තුළදී සිදු කර ගන්නා ලද යහපත් දෙයින්ම සැනසීමක් ලද හැකිය නොකළ සියල්ලෙන්ම මානසික පීඩනයක් මිස සැනසීමක් ලද නොහැකිය. මෙය මනා උපදෙශයකි. එහෙත් මේ උපදේශයට නතු වන්නේ මේ ලෝකය තුළ කවරෙක්ද යන වග අප මනසින් හා නැණසින් මැනවින් විමසිය යුතුය.


මීට වසර 2600 ට ප්‍රථම එක් දිනක් කොසොල් රජ තුමා බුදුන් වහන්සේ සමීපයට මහත් බියෙන් යුතුව ගොස් වැද වැතිර හතිලන්නට පටන්ගත්හ. එවිට බුදුන් වහන්සේ විසින් විමසන ලද්දේ රජ තුමනි ඔබතුමා බොහොම බියෙන් සැලෙන්නට හේතුව කුමක්ද? එහෙමයි ස්වාමීනි මම ඊයේ රාති්‍රයේ මහා බයානක සිහින දහසයක් දුටුවෙමි. ඒ සිහින දුටු මොහොතේ් පටන් මගේ සිතට මහා බියක් දැනේ. ඒ මන්ද කියතොත් ස්වාමීනි ඒ සිහින සියල්ලම මහා විකෘති වූ බැවිනි. එහෙම නම් රජතුමනි ඒ සිහිනයන් නෙකිනෙක මට ප්‍රකාශ කළොත් මට හැකිය එය විචාරන්නට. එය ඇසූ කොසොල් රජු එක් සිහිනයක් මේ අයුරින් විස්තර කලහ.
    
ස්වාමිනි, වියතක් පමණ වැඩුණු පැල ගස්වලින් මනා සරු ඵල දරා ඇති බවක් මා දුටුවෙමි. මෙයට හේතුව කුමක්ද ස්වාමීනි?
    
රජතුමනි මහා පුදුම සිහිනයක් නොව. මෙහි ඵල විපාක සිද්ධ වෙන්නේ අනාගතයේ මේ රටේ අධාර්මික රජෙක් පහල වෙනව. අන්න එදාට තමා රාගයෙන් මත් වූ කාමයට ගිජු වූ මොහයෙන් යුතු ස්ත්‍රී පුරුෂාදීන් කුඩා අවදියේදීම ආවාහ විවාහාදිය සිදුකර ගන්නව. එහෙම සිද්ධ කරන්නේ රාගයට බට චේතනාවන්ගෙන් බැවින් ඔවුන්ට දාව උපදින දරු දැරියන් මන්ද බුද්ධික මෙන්ම ලාමක හා සරාගී චේතනාවන්ගෙන් යුත්ත වූවෝය. එවිට සමාජය තුළ හොද නරක මෙන්ම ආචාර ධර්ම පද්ධතියද නොහදුනන්නන් පිරිස් බිහි වෙනව. ඔවුන් අතර නිතර නිතර ගැටුම් වැටුම් කළකෝළාහලද ඇතිි වෙයි. මේ අයුරින් බුදුන් වහන්සේ කොසොල් රජුට දේශණා කළහ.
    
ඒ කාරණය දෙස අප විමසුම් ඇසින් බලන කල්හී අද සමාජගත පරිසරය තුළ මෙම කි්‍රයාවලිය ඒ අයුරින්ම සිදු වී ඇත. එසේම අද සමාජයේ දිවි ගෙවන්නා වූ බොහෝ දූ දරු පිරිසක් රාගික සිතුවිලි තුළම හැසිරෙන්නටත් ඒ තුළින්ම සියළු කඩඉම්හී පාරන්ගත වන්නටද වෙර දරයි. ඒ මන්ද අවිද්‍යව නැමති අදුරෙන් ඔවුන්ට මිදෙන්නට ඔවුන්ගේ දෙමාපියන් විසින් කිසිදු ඔවදනක් දෙන්නට සමත් නොවන නිසාවෙනි. අම්මා හා තාත්තා යනු කවරෙක්ද යන වග ඔවුන් දෙදෙනා මැනවින් දැන හැදින ඔවුන් සතු කාර්ය භාරය ස්වකිය ක‍ෂීර ධාතුවෙන් මෙලොව එළිය දකින දරුවාට ඉටු කර දෙන්නේ නම් එහිදී නිවැරදි දරුවෙකු හා ෂත් පුරුෂයෙකු මෙලොවට දායාද කළා යැයි අපට කිව හැකිය. එහෙත් දරුවන් වදනවාට වැදූ පමණින් හෝ ඔවුන් හඩනවාට කිරි පෙවූ පමණින් මවක් වන්නටත් ඒ දරුවන් ඉල්ලන ඉල්ලන සැප සම්පත් ඒ අයුරින්ම ඉටුකළ පමණින්ම නිවැරදි තාත්තා කෙනෙක් වන්නටත් නොහැක.
    
කඩයකට ගොස් අපට අපට අවශ්‍ය සියළුම දෑ මුදල් දී ලබා ගත හැකිය. එහෙත් දෙමාපියන්ගේ අවධානය මෙන්ම සෙනෙහස දරුවන්ට ලබා ගන්නට ඒ අයුරින් පුලූවන්ද? මේ ගැන අප විමසිය යුතුව ඇත . අද සමාජගත බොහෝ දෙමාපියන් පිරිසක් කිසිදු පදනමක් මත විවාහ දිවියට පත්වී නැත . මා එය ඒ අයුරින් ප්‍රකාශ කරන්නට මූලිකම හේතුව හෙළි කරන්නම්. ඔවුන් යම් ස්ථීර පදනමක් මත විවාහ දිවියට එළබියා නම් විවාහ දිවියට එළබීමෙන් පසුව මුදල් සෙවීමම පමණක් පදනම් කරගෙන ස්වකීය දරුවන්ගේ රැක වරනය හා සෙනෙහස අමතක කරන්නේ මන්ද? කෙනෙක් තර්ක කරයි ලමයගෙ අනාගතයට මුදල් හොයනව කියල . නැහැ එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. කෙනෙක් නිවසක් තැනිය යුත්තේ අවු වැසි සුලන් ආදියෙන් නොතෙමී මැනවින් දිවි ගෙවන්නට මිසක් අව් වැසි සුළන් හා මැසි මදුරුවන්ගෙන් නිතර නිතර පීඩා විදින්නට නම් නොවේ. එහෙත් අද අප සමාජය තුළ සිද්ධ වන්නේ එවැනි දර්ශන සමූහයකි. ඒ කුමක්ද? තමන්ටවත් එදිනෙදා බඩ වියත රැක ගන්නට අහරක් සපය ගන්නට නොහැකිව ආවාහ විවාහ කටයුතු සිදු කරගෙන දරුවන්ද දායාද කරයි. පසුව දරුවන් ටික කාලයක් පාසල් යවයි. කුලිවැඩක් කරළ කියක් හරි හොයාගෙන දරුවන්ගේ මුල් දිවියේ කටයුතු සාර්ථක කර දෙයි. පහු වෙනකොට ඒ තමන් උපයන මුදල ඒ සියලූ කටයුතු ඉටු කරන්නට ප්‍රමාණවත් නොවේ. එවිට නිවස තුළ නොයෙක් අඩදබර නිමැවෙයි. ඒ අඩදබර වලට පිළියමක් ලෙස මත්වතුර පරිහරණය කරන්නට පෙළඛෙයි. ඒ තුළින් තිබුනටත් වඩා ගැටළුකාරී පරිසරයක් නිමැවෙනු ඇත.
    
ඉහතින් සදහන් කළ කාරණය අද වන විට මදක් වෙනස් වෙමින්ද පවතී. ඒ කෙසේද? ස්වකීය ස්වාමියා උපයන ධනය මදි නිසාම බිරිදට ස්වකීය ස්වාමියාගෙන් ඉටු නොවන්නා වූ රස පහස පර පුරුෂයන්ගෙන් පතන්නටද පෙළබී ඇත . එවැනි අවගුණයන් හෙළි වූ පසු ඔවුනොවුන්ගේ දිවියේ අවසානය සිදු වනුයේ මරණයෙන් බවද අප දැක ඇත . එසේත් නැති නම් සිර ගෙවල් තුළද අවසන් දිවිය ගත කරන්නට සිදුවී ඇත. මේ සියල්ලටම මූලික හේතු සාධකය වූයේ කුමක්ද? ස්වකීය දිවියේ මුල් පදනම නිවැරදිව නිර්මාණය නොකළ නිසාම නොවේද? ඒ නිසාමයි නේද?
    
අප සියල්ලෝම පෘථක්ජනයන් බව සැබෑවකි. එහෙත් අප දැන දැනත් යම් ගැටළු සමූහයකටම මුහුණ පානවාට වඩා තිඛෙන ගැටළු තුළින් මිදෙන්නට වෙර දරන්නේ නම් එය මිනිස් දිවියට මහත් සැනසීමක් නොවේද? මෝහයෙන් මත් වෙවී කාමයෙන් ලතෙත් වී තව තවත් මේ සංසාර සාගරේ ඉමක් කොනක් සොයමින් ඒ මේ අත පීනමින් හති දමනවාට වඩා විශ්ව ධාතුවේ හා මිනිස් දිවියේ ඇති යථාර්තය පසක් කර ගන්නට වෙර දරන්නේ නම් අප මේ ලබන ලද මිනිස් දිවියට යහපතක් කළා යැයි සතුටු විය හැක. එසේ නොකරන්නේ නම් ඔබට මේ සසර තුළ තව තවත් අන්දමන්ද වූ උම්මත්තකයෙකු අයුරින්ම සැරි සරන්නට සිදුවනු ඇත.
    
—්අත්ථී භික්ඛවේ සත්තානං යොබ්බනේ යොබ්බන මදො යෙන මදෙන මත්තේන කායෙන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසාය දුච්චරිතං චරන්ති˜
    
මහණෙනි මේ සත්වයින්ට යොවුන් අවදියක් ඇත. ඒඅ වදිය තුළදී ඔවුන් යොවුන් මදයෙන් මත්ව කයින් වචනයෙන් හා සිතින් යන තිදොරින්ම දුෂ්චරිතව හැසිරෙත්.
    
මේ අයුරින් බුදුන් වහන්සේ විසින් දේශනා කොට අත්තේ තරුණ මදය පිළිබදවමය. එබැවින් අද සමාජය තුළ සිදුවන කි්‍රයාන් දෙස බලන විට එතරම් පුදුමයක් ඇති කළ නොගත්තත් අප අපගේ චින්තනය විකෘති කර ගන්නට වෙර නොදැරිය යුතුයි. එසේ විකෘති කර ගනිමින් කටයුතු කරන්නේ නම් අහි ඵල විපාක විදින්නට සිදු වන්නේ මුලූමහත් සමාජයටම වන නිසාවෙනි.
    
ඔබ කාමයෙන් පීඩිත වූ පුද්ගලයෙකු අයුරින් හබා යන්නේ නම් ඔබට අත්වන්නේ මස් කටුවක් සපන්නා වූ සුනඛයාට අත්වන ඉරනමම බව සිහියෙහි තබාගෙන ඒ පසුපස හබා යන්න. එහි අවසන ඔබට කවර නම් දුක්ඛිත තත්යක් විදින්නට සිදු වන්නේද යන වග ඔබම විමසා බලා ප්‍රතිඵල නෙලා ගන්න.