ඔබ තනිව ගොඩ නැගෙන්නට වෙර දරන්න

ඔබ සෑම මොහොතකම ගැටළුවක් හමුවේදී බියගුලූ පුද්ගලයෙකු වන්නේ ඔබට ඒ ගැටළුවට මුහුන දිය නොහැකි නිසාම නොවේ. ඒ ගැටළුවට මුහුන දිය යුතු අයුරු නොදන්නා නිසාවෙනි. එයට මූලික හේතුව වී ඇත්තේ අප හැම කෙනෙකුගේම මූලික අඩිතාලම ඉ්ිැ දෙමබා්එසදබ නිවැරදිව ගොඩ නොනැගුන නිසාවෙනි. එයට වගකිව යුත්තේ අපගේ දෙමාපියන්මය. සටීවන් ග්ලේන් යනු ලොව ඉතා දක‍ෂතම සුප්‍රකට විද්‍යඥයෙකි. ඔහු වෛද්‍ය විද්‍යාවට අදාලව ඉතා විශාල පර්යේෂණ රාශියක් සිදුකර ඇත . එසේම මිය යාමට සිටි බොහෝ රෝගීන් පිරිසකට නැවත මෙලොව එළිය දැක පිය සටහන් තබන්නට අවැසි ඉඩ ප්‍රස්ථාව ලබා දුනි. දිනක් මොහු සමග සම්මුඛ සාකඡ්චාවක් පැවති අවස්ථාවක මොහුගෙන් විමසන ලද්දේ ඔබේ මේ විශ්මත පර්යේශණ කටයුතු කිරීමේදි ඔබ පෙන්නුම් කරන්නේ මහත් දක‍ෂතාවයක්. ඒ අසාමාන්‍ය දක‍ෂතාවයන් ඇතිවීමට ඔබේ දිවියේ මුල් අවදියේදී බලපෑ විශේෂ හේතු සාදක මොනවාද?
    


එවිට ස්ටීවන් විසින් පැහැදිළි කලේ මේ සියුළුම දක‍ෂතාවයන්ගේ් මූලබීජය මගේ අම්මා යන වදනයි. එය සඵත කරන්නට මෙවැනි උදාහරණයක් ප්‍රකාශ කළේය. ඒ කුමක්ද?
    

දිනක් මම ශීතකරණයේ තැන්පත්කර තිබූ විශාල කිරිබෝතලයක් ඉවතට ගැනීමට යාමේදී බෝතලයේ බර මගේ අත්දෙකට දරාගන්නට නොහැකිව  බෝතලය ලිස්සා බිමි වැටුනා. ඒ බෝතලය බිදිල මුළුතැන්ගේ පුරාම කිරි විසිරී ගියා. ඒ අවස්ථාවේ වෙන අම්ම කෙනෙක් නම් මොනවගේ පිළියමක්ද ඒ මොහොතේ අනුගමනය කරන්නේ කියල අප සියළුම දෙනා දන්නවනෙ. 

  ළමයට බැනල ගහල පැත්තකට යවල අම්ම තනියම අර බිදුනු කිරිිබෝතලේ වීදුරු කටු සහ කිරි ටික ඉවත්කරල බිම හොදට සෝදනව. එහෙත් මගේ අම්ම මට ගැහුවේ බැන්නේ මොකුත් නැහැ. එකවරම කීව
—පුතා හොද වැඩේ තමයි කලේ හොද මැජික් කාරයෙක් තමයි ඔයා බලන්න කුස්සියෙ මවල තියෙන කිරි ගංගාව.  මම නම් කවදාවත් දැකල නෑ මේ වගේ ලස්සන කිරි ගංගාවක්˜


මෙහෙම කියල අම්ම නැවත මට කියනව හරි හරි දැන් වෙන්න තියන දේ වෙලා ඉවරයි. දැන් අපි දෙන්නම එකතු වෙලා මේක සුද්ද කරල සෝදමු. මෙතන හොදට පිරිසිදු කරමු. ඊට කලින් ඔයාට ආස නම් මේ කිරි ගංගාවේ මැදට පැනල දගලන්න? එහෙම කරන්න හැබැයි වීදුරු කටු ටික ඉවත් කරන්න. ඇත්තටම මම ඒ කිරිගොඩට පැනල දැගලූව ඇති වෙනකන්. පස්සේ අම්ම මට කතා කරල කීව
 

"පුතේ මෙහෙම දෙයක් උනාම අපි ඉස්සෙල්ලම බඩු මුට්ටු අස් කරල පැත්තකින් තියල එතන හොදට සෝදලා පිරිසිදු කරන්න ඕන. ඊට පස්සේ නැවත ඒ බඩුමුට්ටු පිළිවෙලකට තියන්න ඕන. එහෙනම් දැන් අපි දෙන්න ඒ වැඩේ කරමු.˜
 

ඉතින් දැන් අම්මයි මමයි දැන් විසිරුන කිරි ඔක්කොම ස්පෝනච් කෑල්ලකින් පිස දැම්ම. එහෙම කරන අතරතුර අම්ම මට උපදෙස් දෙනව. පුතේ ඔයාගේ පුංචි අත්වලින් මේ ලොකු කිරි බෝතලේ උස්සන්න බැරි උනේ බර නිසා සහ ඒක උස්සන්න ඔයා නොදන්න නිසා. දැන් බෝතලේකට වතුර පුරවලා වතුර ගෙනියන්න පුරුදු වෙන්න. පරිස්සමින් ඒ බෝතලේ බිම වට්ටන්නෙ නැතුව එහාට මෙහාට ගෙනියන විදිය පුරුදු වෙන්න. මෙහෙම අම්ම මට ගොඩක් උපදෙස් දුන්න. ඒ ඔක්කොම අහල මම එදා හවස් වරුවම වතුර බෝතලයක් බිම නොදා එහෙට මෙහෙට ගෙනියන්න පුරුදු උනා. එදා ඒ මගේ අම්ම මට දුන්නු පන්නරය නිසා මට අද හැප පර්යේෂණයක්ම කරන්න මනා ධෛර්යක් ලැබුණ. මගේ පර්යේෂණ වැරදුනත් ඒ තුළින් තව යමක් ඉගෙන ගන්නව. ඒක තමා මගේ දිවියේ සාර්ථකත්වයට මූලිකම හේතුව.
 

මේ අයුරින් ස්ටීවන් ග්ලේන් නිවැරදි මාවතකට පිවිසියා නම් ඇයි ඔබට ඒ අයුරින් ගොඩ නැගෙන්නට නොහැකි. අප සියළුම දෙනාට තනිව ගොඩ නැගෙන්නට ඉඩ ප්‍රස්ථාවක් අපේ දෙමාපියන් දීල නැහැ නේද? ඒ නිසාම තමා අද සමාජය තුළ මානසික ආතතීන් මත දිවි ගෙවයි. ඒ තුළින් ඔවුන් පමනක් නොව මුළුමහත් සමාජයම පීඩිත තත්වයකට පත්වනු ඇත . ඒ මන්ද යත්? එවුන්ගේ අදහස් උදහස් ඒ අයුරින් ඉටු නොවන්නේ නම් ඔවුන් පලිගන්නේ මුලූමහත් සමාජයෙන්මය. අප එයට ඉඩ ප්‍රස්ථාව සලසන්නේ නම් මේ සමාජය තුළ දිවි ගෙවන්නා වූ සැමටම තනියම ගොඩ නැගෙන්නට කිසිදු හැකියාවක් නොලැඛෙනු ඇත . එය මැනවින් තේරුම් ගෙන අප මැනවින් නැණසින් කටයුතු කරන්නේ නම් යෙහෙකි.
අප දරුවන්ට සමාජයේ දිවි ගෙවිය යුතු අන්දම පැහැදිලිකර දී ඔවුන්ට ඒ මග ගමන්කරන්නට ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු මිසක් ඔවුන සමගම අපිත් ගමන් කරන්නට නොයා යුතුය. ඔවුන්ට තනිවම ගොඩ නැගෙන්නට දෙන්නේ නම් ඔවුන් සතු පෞරුෂත්වය මැනවින් ගොඩ නැගෙනු ඇත . එසේ නොවන්නේ නම් අවුරුදු 25ක් ගත උවත් ස්වකීය කාර්යන් තනිවම කරගන්නට හැකි මානසිකත්වයක් ගොඩ නොනැගෙනු ඇත . එයට වගකිවයුත්තන් ලෙස අප බැනුම් අසමින් දරුවන් ගේ තුළ සිර කරමින් සුරතල් සතුන් මෙන් හදන්නට වෙර දරනවාද? එයට වඩා වෙනස් වූ මගක් වන ඔවුන්ටම තනිවම ගොඩ නැගෙන්නට නිවැරදි මග කියාදී වරදින තැන් කියාදෙමින් පෙරට යන්නට උදවු කරනවද? එසේ කටයුතු කරන්නේ නම් ඒ දරු දැරියන් රටම බබලන මිණි පහන් ටැඹක් මෙන් බබලනු ඇත .

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::