::: ආදරයේ පුෂ්පය රෝස මලය :::

ආදරයේ පුෂ්පය රෝස මලය දින තුනකින් එහි සියලූ පෙති සිදී බිදී ගොස්
ඉතිරි වන්නේ කටු පිරි කිසිවෙකු දකින්නට පිය නොකරන නටුව පමණි.

මෙය මේ අයුරින් සිදු නොවන්නේද ඔබේ දිවිය තුළද? සිදු වෙනවා නේද? එහෙත් එය තේරුම් නොගන්නේ මන්ද? එය මැනවින් තේරුම ගෙන කටයුතු කරන්නට නොපෙළබෙන්නේ මන්ද? ආදරය පටන්ගන්නේ කාමයෙනි. 



එය පැය කිහිපයක් හා දින කිහිපයක් හෝ මාස සති අවුරුදු ගණනක් පැවතිය හැකි දෙයකි. ඒ රාගික චේතනාව මත ඒ දෙදෙනා අතර ආදරයෙන් සිතින් බැදීමේ ස්වභාවය ඇති වේ. ඒ අයුරින් ආදරය මාස 3ක් හෝ 12ක් වැනි කාල පරාශයක් පවතී. එනතුරුව හෝමෝන කිහිපයක එකතුවෙන් අන්ධව සිටි දෙදෙනා කෙමෙන් කෙමෙන් පියවි ලෝකයට ගමන් කරයි. ඒ ඒ ගැහැනිය හා පිරිමියා අතර රාගික සිතුවිලි මැනවින් පවතිනතාක් ආදරයට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකුගේ හෝ සිත තුළ තවෙකෙකු ගැන රාගික සිතුවිල්ලක් ඇති වන්නේ යම් මොහොතකද? එවිට මහා ගැටුමක් නිමැවෙයි.
   
ස්වභාව දහමේ අරමුණ නම් බලගතු හෝමොනවල එකතුවට යටකොට මිනිසාද ගැහැනියද එකට එකතු කොට ඔවුන් ලවා සිතන්නේ නැතිව දරුවන් නිර්මානය කරවීමය. ඔබ නිවැරදි සහකරු හෝ සහකාරිය සොයාගන්නවා කියන්නේ දගු කාලයක් යම් කෙනෙකු හා එක්ව කරන දෙය තෝරා ගැනීමය. ඒ දෙය ඇස් අන්ධවන හොමෝන ඉහලට නැගීමට ප‍්‍රථම සිදු කිරීමය. එසේ නම් අද සිද්ධ වන්නේ මේ කියන කි‍්‍රයාවලියම නොවේද? සෑම දරුවෙක් මෙන්ම දැරියක් ස්වකීය දෙමාපියන්ගේ අභියසන් නික්මෙන්නේ යම් මොහොතකද? එය මහා අවස්ථාවක් කරගනිමින් ආදරවන්තයන් වී ඒ ආදරයම ඔවුන්ගේ මුලූ දිවියේම අධ්‍යාපනය නැමති තක්ෂිලාව පසෙකින් තබා එය ආදරය නැමති දොරගුලෙන් සිර කොට ඇත . පසුව උමතු වූ උන්මත්තකයින් ලෙස දිවි ගෙවයි. සිතු පැතු සියල්ල ඒ අයුරින් නොලැබුනු කල්හී සිය දිවි නසා ගන්නටද පෙළබෙයි. ඒ මන්ද? ඔවුනොවුන්ගේ මනස හා මොළය කි‍්‍රයාත්මක වී ඇත්තේ රාගික චේතනාව මතම නිසා නොවේද? ඒ නිසාමයි.

   
ආදරය යනු එකිනෙකා අතර පවතින ගෞරවාන්විත පිළිගැනීම යැයිද හෙළි කරයි. එය සැබෑවකි. ඒ මන්ද එකිනෙකාට ගෞරවයෙන් යුතුව සිටින්නේ නම් අවබෝධයෙන් යුතුව එතන හැමදාම ආදරය රදා පවතීවි. පිරිමියා නිතරම ගැටලූවක් පැමිණි පසු නිහඩව සිටින්නටත් ගැහැනිය නිතරම කියවන්නටත් වෙර දරයි. එය ස්වභාව දහම තුළින් නිමවා ඇති ආකාරයයි. එබැවින් ඔබ හැගීම් පසු පස හඹා යන උමතු වූවෙක් නොවන්න. මනා අවබෝධයෙන් යුතු මිනිසෙක් වන්න. එවිට මේ ලෝකයේ සැනසීමෙන් හා සතුටින් දිවි ගෙවන පිරිසක් නිමැවිය හැක. එසේ නැත්නම් පීඩිත මානසිකත්වයන්ගෙන් පිරි කාමුකයින්ම පිරිසක් මේ විශ්වය තුළ බිහිවනු ඇත .


ගැඹුරු මානසික් සම්බන්ධ තාවයකින් වියුක්ත වූ ස්ති‍්‍ර පුරුෂ සම්බන්ධතාවය මුදුන් මුල සුන් ගසක් හා සමානය. කවර මොහොතක බිම ඇද වැටෙන්නේදැයි ඔවුන්වත් නොදන්නෙමු.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::