::: තැවෙන්නට නොව තනන්නට ජීවිතේ :::

* ඔබ අන්‍යයන්ට අවැසි අයුරින් කටයුතු නොකරන්න

*මැරුනු බල්ලාට කිසිවෙක් පයින් නොගසයි

*ඔබට ගැටලූවක් නැත්නම් ඔබ අසාර්ථක මාවතේ පිය මනිනු මිස සාර්ථක මාවතේ පිය නොමනිනු ඇත. ඒ මන්ද ඔබ හමුවට ගැටලූ පැමිණෙන්නේ ඔබව සවිමත් කරන්නට මිසක් ඔබව තවත් පසුපසට ඇද දමන්නට නොවේ. එබැවින් ඔබ ගැටලූ පැමිණි පසු සතුටු වන්න. ඒ ගැටලූ හැමුවේ සුසුම් හෙලන්නට නොයන්න. ඒ මන්ද ඔබ නිතැතින්ම ඔබ තුළින්ම ගොඩ නැගිය යුතු නිසාවෙන්මය.


* ඔබ සතුව පවතින  ඕනම දුර්වල තත්වයක් අවස්ථාවක් කර ගනිමින් එය යහපත් තත්වයක් බවට පත් කරන්නට වෙර දරන්න. ඔබ සතුව ඇත්තේ එක් අතක් නම් හා එක කකුලක් නම් හෝ ඒ සියල්ලම නැත් නම් එය ඔබට මනා අවස්ථාවක් කර ගනිමින් නිවැරදි දිවි පෙවෙතක් ගත කරන්නට වෙර දරන්න. එසේ නොකට ඔබට නොලැබුණු දේ ගැන සිතමින් සිටින්නේ නම් එයට ශාප කරන්නේ නම් ඔබට අනාගතයේ පිරි නැමෙන මුලූ දිවියම ඒ ශාපයට නතු වනු ඇත.

* ඔබට අභියෝග පැමිණෙන්නේ ඔබ සාර්ථක මාවතේ ගමන් ගන්නා විට පමණි. එබැවින් ඔබ හමුවට පැමිණෙන බාධකයන් හමුවේ නොසැලී පෙරට යන්නට වෙර දරන්න. එය ඔබට යහපතක්ම සිදු කරනු ඇත.

* රුව ගුණ මෙන්ම නැණ මන මැනවින් ඇත්තා මෙන්ම එය මැනවින් පරිහරණය කරන පුද්ගලයා මුලූ විශ්වයම දිනයි. එහෙත් රුව නැණ පමණක් ඇති පමණින් පුද්ගලයාට ලොව දිනන්නට හෝ ලොවෙහි දිවි ගෙවන්නටවත් නොහැකි වනු ඇත.

* රුව නැණ ඇතත් ඔහු සතුව ගුණ මන නැත්තේ නම් හැම මොහොතකම ඔහු මහා සන්තාපයකට පැමිණෙනු ඇත

* ඔබට ලොව ජයගන්නට අවැසි නම් ප‍්‍රථමයෙන් ජය ගන්නට අවැසි පුද්ගලයෙකු අයුරින් හැඩ ගැසෙන්න.

* ඔබ අනුන්ගෙන් යැපෙන්නෙකු නොවන්න. ඔබ සතු නැණස උපයෝගී කර ගනිමින් මුලූ විශ්වයම දිනන්නට වෙර දරන්න. ඔබට කිසිත් කරන්නට බැහැ යන හැගීම ඇතිතාක් කල් ඔබට කිසිත් කරන්නට නොහැකිම වනු ඇත .

* නික් යනු 1982  ඕස්ටේ‍්‍රලියාවේ උපත ලද අවාසනාවන්තම දැරුවෙකු යැයි කීවොත් මා නිවැරදි. ඒ මන්ද නික්ට උපතින් දෑතම අහිමි විය. දෙපයින් ඔහුසතු වූයේ කුඩා ඇගිලි දෙකක් පමණි. ඒ අයුරින් බලන කල්හී නික් සතුව පැවතියේ ශරීර කොටයක් පමණි. එබැවින් නික්ට උපතේ පටන් විපත දක්වාම ජීවත් වීම මහත් අභියෝගයක්ම විය.  නික් සතුව දෙපා නැත දෙඅත් නැත එහෙත් ඔහු සතුව දෙපා මෙන්ම දෙකකුල් නිරෝගිමත් සිරුරක් ඇති මිනිසුන් බොහෝ පිරිසක් නිමවන ලදි.  ඕනම පුද්ගලයෙකු සතුව බාහිර ශාරීරික අවයව අහිමි වූ පමණින් මුලූ දිවියම අහිමිවූවෙකු අයුරින් කටයුතු නොකළ යුතුයි. ශාරීරික අවයව අහිමි වූ පමණින් මේ විශ්වයේ දිවි ගෙවන්නට එය බාධකයක් කර නොගත යුතුයි. ඒ තමන් සතුව නැති සියල්ල ඔබට උපයා ගත හැකිය. ඒ කෙසේද? නොලැබුණු දෙයට ශාප නොකර ලැබුණු දෙය ගැන සතුටු වී එයින් මැනවින් ප‍්‍රයෝජන ගනිමිනි. ඔබ සතු නොවූ වස්තුවට ශාප නොකරන්න. එවිට ඔබගේ නැණස මෙන්ම මනස මෙහෙයා මනා වූ දිවියක් වෙතට පිය මනින්නට සුදුසු මාවතක් නිතැතින්ම නිමැවෙනු ඇත . නික් උපතින් දෙපා අහිමි යැයි සිතා සියදිවි නසාගන්නට වෙර දැරූ ප‍්‍රමාණය අප‍්‍රමාණය. පාසල් අධ්‍යාපනයට ඇතුලූවන්නට යාමේදී අධ්‍යාපන බලධාරීන් ඔහු නොපිළි ගැනීමේ සිට ඇවිදීම ආහාරපාන ගැනීම සිට ගැනීම ආදී සියලූම චර්යාවන් හා සාමාන්‍ය කි‍්‍රයාවන් සියල්ලම මොහුට මහත් අභියෝගයකි. සියලූ ශාරීරික අවයවයන්ගෙන් අනූන වූ අපගේ දිවියට එළඹෙන අභියෝගයන්ට වඩා සිය දහස් ගුණයක් අභියොගයන්ට නික් මුහුණ පෑවේය. යමක් කමක් තේරුම් ගත හැකි වියට පැමිණි නික්ට සිහි වූයේ සියදිවි නසා ගැනීමය. එහෙත් එය ව්‍යර්ථ වූයේ ඔහුගේ මුලු දිවියටම මහත් අරුතක් එක් කරමිනි. මිය යන අයුරු සෙයූ නික් ජීවත් වන්නේ කෙසේදැයි විමසන්නට හා සොයන්නට පෙළඹිනි. මරණයට වඩා ජීවිතය තෝරා ගන්නට විය. එහි අවසානය වූයේ පෑන හා පැන්සල කටේ ගහගෙන අරභන ලද අධ්‍යාපනික දිවියේ එකවර උපාධි ද්විත්වයකින් පිදුම් ලැබීමයි. පිහිනීම කෑම සකසා ගැනීම පරිගණකය කි‍්‍රයා කරවීම ජංගම දුරකථනයක් කි‍්‍රයා කරවීම ආදී වූ ස්වාධීන දිවියක් ගෙවන්නට හැකි මානසික තත්වයක් ඔහු විසින්ම නිමවා ගන්නා ලදි. නික් එතනින් නතර නොවී අනුන්ගෙන් යැපීමේ මානසික තත්වයෙන් ඔබ්බට ගොස්  ඕස්ටේ‍්‍රලියාවේ ආබාධිත දරුවන්ට ප‍්‍රතිකාර කිරීම සදහා රෝහලක් ඉදි කළා පමණක් නොව එය නඩත්තු කරන්නට ඔහුගේ මූල්‍යාධාරද යොදවයි. නික් දැනට ගත් කතු වරයෙක් හා දේශකයෙක් ලෙස ඇමරිකාවේ කැල්ෆෝනියා ප‍්‍රාන්තයේ තමාගේම වයාපාරයක් මෙහෙයමින් කටයුතු කරයි. Life without limbs & Life without limits ඔහු විසින් රචිත ග‍්‍රන්ථයෝය.

* නැති වීම යනු සියල්ලන්ටම පොදු පොදුවූවකි. එහෙත් ඇතිවීමද සියල්ලන්ටම පොදුවූවකි. එහෙත් අප සියල්ලම ඇති වූ පමණින් හා නැතිවූ පමණින් ඒ ගැන උදම් අනන්නට හා කනස්සලූ වන්නට වෙර නොදරන්නේ නම් ලැබුණු සියල්ලම නැසී යනු මිසක් ඇති නොවෙනු ඇත.

* ඔබට අහිමි වූ දේ ගැන නොසිතන්න එහෙත් හිමි වූයේ ස්වල්පවූ දෙයක් ද එය ගැන පමණක් සිතා ඔබට අවැසිවූ සමාජය තුළ යහපත් යැයි සම්මත කි‍්‍රයාවන්හී මැනවින් නියැලෙන්න. ඔබට බාහිර යම් වස්තු සම්පත්තියක් අහිමි වූ පමණින් ඔබ සතු සියල්ලම අහිමි වූවායැයි නොසිතන්න. එය ඔබට අයහපතක් මිස යහපතක් සිදු නොකරයි.

* විවිධාකාර වූ මිනිසුන් දිවි ගෙවන්නාවූ ගෝලාකාර ලෝකයේ නියමාකාරවූ හැසිරීම් රටාවකින් හෙඹි යහපත් පුරවැසියෙක් වන්න. එය ඔබව ජීවත් කරයි. එය තුළින් ඔබ වටා බොහෝ පිරිස් බලයක් නිර්මාණය කරයි.

* අපට සමාජගත සත්වයා තුටු කළ නොහැක. එහෙත් ඔබට ඔබව තුටු කළ හැක. ඔබ ඔබව තුටු කරන්න. අන්‍යයන් තුටු කරන්නට ඔබ නොවෙහෙසෙන්න. එය තුළින් ඔබට මහත් තෘප්තියක් ලද හැකිය.

* ඔබ නින්දා අපහාස මැද පෙරට ගොස් ලොව දිනූ පසු ඔබ වෙත ප‍්‍රථමයෙන් පැමිණ සිප වැළද ගන්නේ හා ඔබගේ ගුණගී ගයන්නේ ඔබ සාර්ථකත්වයට යන ගමනේදී ඔබට නින්දා කළවුන්ම මිසක් වෙනෙකෙකු නොවේ. එබැවින් ඔබ අන්‍යයන්ගේ නින්දා අපහාසයන් හා ගැටුම් වැටුම් හමුවේ පසුතැවෙන්නට හෝ ගැටෙන්නට නොයන්න. ඔබට අවැසි මාවත තුළ ඔබ මැනවින් පියමනින්න.

* උපතින් ඔබ දෙනෙත් අන්ධයෙක් නම් ඔබ දෙස කිසිවෙක් කිසිදු තැකීමක් නොකරයි. එහෙත් ඔබ සතු දෙනෙත් අහිමිවූවත් දෙනෙත් හිමිවූවෙක් කරන්නාවූ හැම කි‍්‍රයාවක්ම මැනවින් සිදුකරයි නම් ඔහු අන්ධයෙක් උවත් සමාජයේ ප‍්‍රශංසාවන්ට ලක් වනු ඇත . දෙනෙත් අහිමි වුවත් ඔහු ඉගෙනීම් කි‍්‍රයාවලියේදී මනා දක්ෂයෙක් නම් හා ඔහු නොසැලෙන අධිෂ්ටානයෙන් යුතුව ප‍්‍රඥාව දියුණු කරන්නේ නම් හෙතෙම මුලූ විශ්වයම ජය ගත්තෙකි.

* ඔබට ලෝකයෙන් ලැබෙන්නේ ශරීරයක් හා අවිද්‍යාවෙන් පිරි මනසක් මෙන්ම හිස් මොලයක් පමණි. ඒ අවිද්‍යාවෙන් පිරි මනස විද්‍යාවෙන් පුරවන්නටත් හිස් මොලය දැණුමින් මුවහත් කරන්නටත් යහපත් අයුරින් හසුරුවන්නටත් අප හුරු පුරුදු විය යුතුය. එසේ නොකොට සියල්ලම ලෝකයෙන් ස්වකීය දෙමාපියන්ම සිදුකර දෙන තුරු බලා සිටින්නේ නම් කිසිත් සිදු නොවේ. ඔබ ඔබට අවැසි අයුරින් ඔබේ දිවිය නිමවා ගන්න.

*  ජීවිතය ජයගන්න ජීවිතය සනසන්න හැකිය මේ ලෝකයේ. එය ඉබේම සිදු වන්නක් නොවේ. ඒ සදහා ඔබ යම් කි‍්‍රයාකාරකම් රාශියක් ඔබ තුළින් සිදු කළ යුතුය. එවිට ඔබට අවැසි සියල්ල ලැබෙනු ඇත .Apply apply no reply  යනුවෙන් ප‍්‍රකාශ කරමින් නොසිටින්න. මොන යම් මොහොතක හෝ Replyඑන තුරුApply  කරන්න. එවිට ඔබට මුලූ ලෝකයම දිනුවා හා සමානව සතුටක් හද ගැටෙනු ඇත .

* බාධකයක් පැමිණි සද බාධකයේ ගැටී බිම ඇද වැටී ශෝසුසුම් හෙලනවාද? ඒ බාධකය දෙස නොබලා ශක්තිමත්ව නැගී සිට ඔබ පෙරට යන්නට වෙර දරනවාද? ඔබ බාධකයට ශාප නොකරන්න ඒ බාධකය පැමිණීම පිළිබද සතුටු වන්න.

* කුඩා තැනක මහ මිනිසෙක් වීම හා මහ තැනක කුඩා මිනිසෙක් වීම යනු සංකල්ප ද්විත්වයකි. එහෙත් ඔබ කොැනක සිටියත් මනා හැගීමකින් යුතුව අන්‍යයන්ට ඔබ ඉන්නා බව දැනෙන්නට නිවැරදි කාර්යන්හී නියැලෙමින් කටයුතු කරන්නේ නම් ඔබ සුරකින්නට බොහෝ පිරිසක් පෙළ ගැසෙනු ඇත . එහෙත් ඔබ වැරදි කි‍්‍රයාවන්හී නැයැලෙමින් යම් තැනක නම රදවන්නට වෙර දරන්නේ නම් ඔබට එරෙහිව බොහෝ පිරිසක් පෙළ ගැසෙනු ඇත . එබැවින් ඔබ යහපත සිදු කරමින් අන්‍යයන්ට දැනෙන්නට දිවි ගෙවන්න.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::