Monday, January 28, 2013

::: කෝප වී ඔබගේ යහපත් චින්තනය විනාශ කර ගන්නවාද? :::

මිනිසා ස්වභාවයෙන්ම තමන් සිතන පතන අයුරින් ස්වකීය සිතුවිලි සතපවන්නට නොහැකි තැන කෝපවන්නට පෙළඛෙනු ඇත. එබැවින් අප නිතරම සිහියෙන් කටයුතු කරන්නට පෙළබිය යුතුව ඇත. එසේ නැත්තේ නම් අපගේ දිවියේ ආයුෂ පිරිහී යනු ඇතැයි අප නිතරම සිහියෙහි තබා ගත යුතුයි. එසේම අපගේ සිතේ කෝපයක් ඇති වූ කල්හී කිසිදු යහපත් චින්තනයක් ඇතිකරගත නොහැක. එබැවින් අප කේන්ති ගැනීම අපගේ විනාශයට මූලික හේතුවක් වනු ඇත. එය හරියට උණ ගසක් ස්වකීය ඵලය නිසා විනාශයට පත්වීම හා සමානය. එබැවින් අප සෑම මොහොතකම කෝප වී ප්‍රකෘතියෙන් සිතා බුද්ධියෙන් කටයුතු කිරීමේ ස්වභාවය විනාශ කරගන්නේද? එසේම ජීවත්වන්නට තිඛෙන ආයු කාලය විනාශ කරගන්නවාද?

එක් මහාචාර්යවරයෙක් ගමනක් යන අතරතුරෙ ස්වකීය වාහනයේ එක් රෝදයක ඇණයක් ඇනුන බැවින් එය මාරු කර ගැනීමට පිස්සන් සිටින රෝහලක් අසල නතරකර තනියම රෝදය ගලවා පසෙකින් තබා එහෙට මෙහෙට ඇවිදින්නට විය. එවිට මේ මහාචාර්යවරයාගේම පය ගැටී රෝදය ගැලවූ ඇණ සියල්ලම අසල කුණු කානුවට වැටිනි. මේ නිසා මහාචාර්යවරයාට හොදටම කේන්ති ගියා. මේ මොහොතේම ඒ අසල බැම්මක් මත මෙය බලා සිටියේ පිස්සන් යැයි නම් ගත් යම් මානසික රෝගයකින් පෙලෙන රෝගීන් දෙදෙනෙකි. ඒ දෙදෙනා මේ මහාචාර්යවරයාගෙන් විමසන්නනේ ඇයි මහත්තයො ප්‍රශ්ණයක්ද? අපි උදව් කරන්නද? මේ පැනය දෙවරක් අහනකොට මේ මහාචාර්යවරයාට තවත් කේන්ති ගොස් අර පිස්සො දෙන්නට කියනව ඇයි තමුසෙලට පේන්නෙ නැද්ද මේ ඇණ ටික කාණුවට වැටුන. දැන් මේක හදාගන්න බැහැ කියල? අ? මෙය අසා සිටි උමතු රෝගීන් දෙදෙනා සිනසී කියන්නට වූයේ අනේ මහත්තයෝ කෙන්ති නොගෙන අනිත් රෝද තුනෙන් එක ඇණෙ බැගින් ගලවල ඔය වීල් එක සවිකරගෙන යන ලෙයසි. එය අසා සිටි මහාචාර්යවරයා එසේ කටයුතු කර ස්වකීය මහාචාර්ය පදවිය ගැන සිතමින් යන්නට ගියේය. රෝගීන් දෙදෙනාම සතුටු විය.

 අප සෑම පුද්ගලයෙකුම මෙවැනි අවස්ථාවන් වලට හා මේ හා සමාන ගැටලූ වලට මුහුණ පාන්නෙමු. ඒ හැම මොහොතකම අප ඉක්මන් තීරණ ගන්නට යන්නේ නම් අවසානයේදී මහත් ගැටලූ රාශියකටම මුහුණ පාන්නට සිදුවනු ඇත. එය සැබෑ සත්‍යයකි. එබැවින් අප සියලූම පුද්ගලයන් නොදැනීමට දැනීමක් මුසු කරගනිමින් මනා දිවියක් ගත කරන්නට වෙහෙසිය යුතුයි. එසේ නැතිව කෝපයෙන් යුතුව කටයුතු කරන්නට පෙළඹෙන්නේ නම් එය සාර්ථක නොවේ. මනස මෙන්ම මොලය නිතරම නිවහල් අන්දමින් හසුරවන්නට හුරු වන්න. එය ඔබට මනා සැනසීමක් මිස වැනසීමක් උදාකරණු ඇත.