::: උමතු භාවය යනු කුමක්ද? :::

සැබවින්ම අප සෑම පුද්ගලයෙකුම උත්පත්තියෙන් උමතු වූවන් වන බව ලොව්තුරා බුදුන් වහන්සේ මැනවින් දේශණා කොට ඇත. ඒ කෙසේද යත්?

සබ්ඛෙ පුථුජ්ජනා උම්මත්තකා යනුවෙනි. මෙයින් උන්වහන්සේ පැහැදිළි කරන්නේ කුමක්ද? හොද නරක මැනවින් වටහාගෙන කටයුතු කරන්නාවූ සියලූම පුහුදුන් මිනිසුන් උම්මත්තකයින් බවයි. අප මේ බව තවත් වටහා ගන්නට මෙය ගැන වමසමු. ඒ කුමක්ද? 


අවිජ්ජා පච්චයා සංඛාරා මෙයින් දේශණා කරන්නේ කුමක්ද නොදැනීම නැමති අන්ධකාරයේ පසුවන්නාවූ සියලූම සත්වයින් දැනීම ලබන තුරු මේ සංසාර ගමන තුළ පියමනින්නට අවැසි හොද හා නරක යන කි්‍රයාවන් සියල්ලක්ම අතොරක් නැතිව සිදු කරයි. ඒ කි්‍රයාවන්ගේ ඵලයක් ලෙස විඤ්ඤාණයක් නිමැවී එයට මැදී වූ නාමරූපයන්ගෙන් මෙලොව පස්කම් සැපය විදිමින් දිවි ගෙවන්නට වෙර දරයි. ඒ දි ගෙවීම කෙතරම් දුරට සාර්ථකද අසාර්ථකද යන්න මැනවින් වටහා ගන්නට ඔහුම ස්වකීය මනසින් තමන් කරන කි්‍රයාවන් නිවැරදිද යන්න විමසිය යුතුය. එසේ නැත්නම් තමන් හැසිරෙන්නේ කෙසේදැයි තමන්ටවත් හැදිනිය නොහැක. 

අප සියල්ලෝම හැම මොහොතකම කරන කියන හැම කි්‍රයාවක්ම තමන්ගේ පසු බිම මෙන්ම අන්‍යයන්ගේ පසු බිම ගැනද මනා විමසිල්ලකින් යුතුව සිදු කරන්නට විමසිලිමත් විය යුතුවය. එසේ නොවන්නෙ නම් ස්වකීය චින්තනය දුක්ඛිත තත්වයකටම පත්වනු ඇත.ඒ තුළින් පුසුතැවෙන්නට සිදුවන්නේද ඔබටමය. ලෝකයේ මනා විමසුම් බුද්ධියෙන් කටයුතු කරන පුද්ගලයන් බොහොම විරලය. ඒ මන්ද සියලූම දෙනා අන්‍යයන් ගැන නොසිතා ස්වකීය තෘප්තිය ගැනම පමණක් විමසන නිසාවෙන්මය. එය ඔහුගේ මානසික සැනසීමට යම් මොහොතක පිටිවහලක් උවත් යම් මොහොතක මුලූ දිවියම දුක්ඛිත මානසිකත්වයක හසුරවනු ඇත. එබැවින් ඔබ නිතරම මනා සිහි බුද්ධියෙන් යුතුව කටයුතු තරන්න. එය ඔබට යහපතක් සිදු කරාවි. ඔබ කළබලවී කේන්ති ගන්නේ නම් සිහිබුද්ධියෙන් කටයුතු කරන්නට ඇති හැකියාව වනසා දමනු ඇත.ඔබ උත්පත්තියෙන් උමතුවූවෙක් නම් ඒ උමතු බව නසන්නට ඔබ දැනුම අවබෝධය මැනවින් ලබාගන්න. එසේම නොසැලෙන අධිෂ්ටානයෙන් යුතුව කටයුතු කරන්න.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::