තමහට පිහිට තමන්ම මිස වෙන කවුද

තමහට පිහිට තමන්ම මිස වෙන කවුද
යනුවෙන් සිතුම ඔබහට අද කළ හැකිද
මනුසත එලෙස සැමදින අද නොසිතුවද
සිතුමට කාලයකි මම හැර වෙන කවුද

අඹුදරු වස්තු තිබුණත් අපමන දසත
ධනයත් තිඛෙති සැමතැන අපහට සුපත
පෙරකළ පිනට ලැබුනේ මෙකළදි සැපත
යනුවෙන් සිතුම කළයුතුවෙයි සැම සතත

අඹුදරු සිටියමුත් නොවෙනව මට පිහිට
ධනමහ වස්තු තිබුණත් නොවෙනව පිහිට
මෙ හැම නොමැතිකළ දුකවෙයි ලෝ සතට
භාහිර වස්තුවෙන් පිහිටක් නොමැත මට

ගුරුවරු නිතර යහමග සුව පෙන්වනවා
ඒ මග දැනුම අප සැම කළයුතු වෙනවා
බාධක නොදින ජීවිත නොම බබලනවා
බාධක දිනුවෙතින් ජීවිත බබලනවා

සාගර දියේ පැදයති ඔරු දසදෙසට
මාවත එසේමුත් නොපෙනෙති තම ඇසට
දළ රළ පෙලත් නැගඑති පෙර කළ පවට
මාවත තවත් නොපෙනෙති එනිසා නෙතට

සාගරයක්ය සැමටම ජීවිත ගගුළ
ආකරයක්ය සැමටම දුක්ගිනි පතුළ
මාවත තිඛෙති සැමතැන සාගර ගගුළ
නිසිමග ගියොත් හමුවෙයි සාගර වෙරළ

මාවත නොදැන යන බව ඔබ දන්නවද
මාවත නොදැන ගියොතින් කිම වන්නේද
දුක්වන්නටම සිදුවන බව දන්නවද
එය දැන දැනත් නොමගට ඔබ ඇදෙනවද

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ