අඳුරු වළාවක් දෙස බලන්නට කැමැත්තේ කවුරැන්ද?

අදුරු වළාකුලු ඇති අහස දෙස බලන්නට කවරෙකු නම් කැමති වන්නේ ද.? කිසිවෙකුත් කැමති නොවෙයී. ඒ මන්ද යත්..? අදුරු අහසේ තරු හෝ තරුකා කිසිවක් නොපෙනෙන නිසාවෙනි. එහෙත් හද පායන වෙලවට හද පමනක් ඇත්නම් ඒ දෙස බලන්නටද එතරම් ප්‍රියක් නූපදී. එහෙත් ඒ සද අවට තරු ඇත්නම් අප සියල්ලෝම ඒ දෙස බලා සිතන්නට මෙන්ම කටයුතු කරන්නටමහත් වෙහෙසක් දරයී. එසේම ඒ දෙස බලා හිදිනුයේ මනා උවමනාවකින් යුතුවමය. එලෙසම අපේ ජීවිතඩහ ආලෝකමත් කරන්නට වෙහෙස විය යුතුයී. ප්‍රතමයෙන් අපෙ ජීවිතය මැනවින් ආලෝකමත් කරගෙන එය ආලෝකමත් කල අයුරු අන්‍යන්ට පැහැදිලි කරදී ඒ අයගේද ජීවිතද ඒ අයුරින් නිර්මාණය කරන්නට වෙහෙස විය යුතුය. එවිට අපවටා බොහෝ පිරිසක් ඒකරාශී වනු ඇත. ඒ කෙසේද යත්..? සද වටා එකතු වන තරු මෙන්ය. එවිට ඒ පිරිස අතරෙන් සමාජයට තවත් උපකාරයක් කරන්නට පිරිසක් බිහි වනු ඇත. එවිට තමන් යන මගට බොහෝ ගැටලු ඇති නිර්මාණය වනු ඇත. නින්දා අපවාද මෙන්ම තාඩන පීඩන නොයෙක් අයුරින් අප කරා එනු ඇත. එවිට අප නොසැලිය යුතුය. ප්‍රශංසාව අප වෙත පැමිණෙනු ඇත. එවිටද අප නොසැලිය යුතුය. එයට හේතුව මන්දයත්..? තමන්ට ප්‍රශංසා කරන කෙනාම නැවත තමාට අප්‍රශංසා කරන්නට පෙලබෙනු ඇත. එසෙම නින්දා කරන කෙනාම ප්‍රශංසාවන් කරන්නට පෙලබෙනු ඇත. මෙය මැනවින් අපගේ මනස තුල නිර්මාණය කරමින් තරු පිරිවරාගෙන මුලු ලෝකයම බබලවන සදක් වෙන්නට නැණසින් මෙන්ම මනසින් කටයුතු කරමු.


අනුන්ගේ නින්දා අපහාසයන් හමුවේ අප අධෛර්යමත් විය යුතු නැත. අප සියල්ලෝම අනුන්ගේ ගැරහුම් හා නින්දා අපහාස හමුවේදී නොසැලෙන ධෛර්යකින් යුතුව පෙරට යා යුතුය. කුමක් මෙන්ද යත් යටිකුරු කරන ලද ගිනි හුල කිසිදු මොහොතක ඒ අයුරින්ම නොපැවතී උඩුකුරු වන්නේය. එපරිද්දෙන්ම. දුදනන් සමග එකට කටයුතු කලත් ඔවුන්ට මැනවින් ගරු බුහුමන් කලත් ඔවුන් උත්පත්තියෙන්ම උරුමකරගත් දුදන ගති පැවතුම් වනසාලන්නට නොහැකිය. කුමක් මෙන්ද යත්..? අමුර්තය ඉස්සත් විස සහිත ගසේ හට ගන්නා ගෙඩි සියල්ලම විෂ ඇතුවම ඵල දරන්නාක් මෙනි. මේ සියලු කරුනු මැනවින් දැන හැදින මනාව සිත්තම් කරන සිත්තරෙකු විසින් මට සිලිටු වූ සිතුවම් පුවරුවක් තුල මැනවින් සිතුවම් කරයිද..? කදු හෙල් ඇළ, දොළ , ගංගා මේ සියල්ලක්ම සැබෑ ස්වරූපයෙන්ම මවා පාන්නේ නම් ඔහු මනා හැකියාවකින් යුතු සිතුවම් කරුවෙකු මිසක් නාමික සිතුවම් කරුවෙක් නොවේ. එලෙසමය දක්සයා තමා සතු වූ දක්සතාවය නිසාම නැති දෙය වුවත් ඇති අයුරින් මවාපාන්නට කටයුතු කරයී. එ සැබෑ දක්ෂතාවයයී.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::