නැණවත් වීමට ඔබ හෙට වන තුරු බලා නොසිටින්න.

නැණවත් වීමට ඔබ හෙට වන තුරු බලා නොසිටින්න. ඒ මන්දයත් හෙට පායන හිරු ඔබ හමුවෙහි නොපායන්නට ඇති ඉඩකඩ මහත් විශාලය. ඒ අපේ සිතුවිලි නිවැරදි අයුරින් පාලනය කිරීමේ හැකියාවක් නිතරම එකම අයුරකින් නොපවතින නිසාමය. අප සියල්ලෝම අතර ජීවත්වන සියලුම දෙනා එකම මානසිකත්වයක නිතරම එල්බගෙන සිටින්නේ නැත. ඒ මනසේ සැබෑ ස්වභාවයයී. එහෙත් ඒ අයුරින් නොපවතින මනස එකම අයුරකින් පවත්වා ගන්නට උත්සාහ දරන්නේ නම් එය තමන්ටම මහත් උපකාරයක් වනු ඇත තමන් සතු සියලුම කටයුතු මැනවින් ඉටු කරගැනීම සදහාම. අප සියලුම දෙනා යන ගමන් මග තුල දකින්නට මෙන්ම විමසන්නට අවැසි දෑ මෙන්ම නොවැසි දෑ ඇති බව අප මැනවින් දනිමු. එහෙත් අප එය නොදන්නවුන් ලෙස කටයුතු කරන්නට සමහර අවස්තා තුලදී බොහෝ ලෙස පෙලබෙනු ඇත. ඒ පෙලබීම කෙතරම් දුරට සාර්ථකද අසාර්ථකද යන වග තීරනය කරන්නේ බොහෝ දෙනෙක් ඒ කාර්‍ය් අසාර්ථක  වූ පසුවමය. එහෙත් අප යම් කාර්‍ය්ක් කරන්නට අරබන්නට ප්‍රතම එය සිදු කළ යුතු අයුරු මැනවින් ප්‍රතමයෙන් නිර්මාණය කරගෙනම සිදු කරන්නට පෙලබෙන්නේ නම් මනා සාර්ථකත්වයක් ලබන්නට හැකි වනු ඇත.

පිපෙන්නට පෙර මල සතුව හෝ මල අයිති ගස සතුව කිසිදු හැගීමක් දැනීමක් නැති වුවත් ගසක මනා පෙනීමෙන් හා සුගන්දයකින් පිරිපුන් මල් පිපුන පසු ඒ දෙස බොහෝ දෙනෙක් මනා විමසිල්ලේන් බලන කල්හී තව තවත් ලස්සන අයුරින් මල් පූදින්නේය. ඒ සියලුම දෙනාගේ නෙත් සිත් මැනවින් පිනවමිනි. එහෙත් ඒ මල එකම මොහොතක අප බලා සිටින විටම කවර හෝ උවදුරකින් වියැකී යන්නේ නම් එවිට අපගේ මනසට මහා දුකක් මෙන්ම කනස්සල්ලක් ඇති වනු ඇත. ඒ මන්ද? අර මල මනා සුගන්දයකින් හා පැහැපත් දසුනකින් පරිපූර්ණ වූ නිසාම නොවේද? ඒ නිසාමයී.

එහෙත් අප ඒ මොහොතේ දුක් සුසුම් හෙලීමෙන් ඵලයක් ඇත්තෙද? නැහැ. අප ඒ මොහොත තුල සිතිය යුතු එකම දෙය නම් මෙය මෙසේ වියැකෙන්නේ නම් සිතන්නට පතන්නට මැනවින් හැකියාවක් ඇති අප ගැන කවරාකාර හැගීමක්ද?

ඔබට අවශ්‍ය ආදරය කරුණාව දයාව ඔබ තුලින්ම ලබා ගන්න.එවිට ඔබගේ නෙතු අගට කදුලු බිදු නොපෙනෙවී. එහෙත් ඔබට අවශ්‍ය සැප සම්පත් වෙන කෙනෙකුගෙන් පතන්නේ නම් එය ඔබ පතන අයුරින් නොලැබෙන කල්හී දුක් විදින්නට සිදු වන්නේ ප්‍රකුර්ති චිත්ත ස්වභාවය විකුර්ති කර ගනිමින්මය. මිනිසුන් ලෙස අප නිතරම ආශා කරන්නේ කුමක් සදහාද? ඒ අශා කරන සියල්ල මැනවින් සිත තුල තබාගෙන හෝ තමන්ට නිතරම පෙනෙන තැනක ලිය තබාගෙන හෝ ඒ සියල්ලම තමන් වෙත මැනවින් තමන් විසින්ම සම්පාදනය කර ගැනීමේ ක්‍රම වේදයක් තමන් විසින්ම නිර්මාණය කර ගන්න.

1. ලස්සනට ශරීරය තබා ගන්න.
2. වෙනත් අයගෙන් බැනුම් නොඅසන්න.
3. ප්‍රශන්සාවන්ට ලක් වන්න.
4. අවමන් නොලබන්න.
5. අන්‍යයන්ට වඩා ඉහල තනතුරු වල වැජබෙන්න.
6. පිරිසක් මැද නායකයෙකු වන්න.
7. දෙමාපියන්ගේ සෙනෙහස ලබන්න.
8. අවංක  සත්පුරුෂයෙකු වන්න.
9. හොදින් ඉගෙන ගන්න.
10. තමන් විදින සැප සම්පත් එකම අයුරකින් නිතරම තබා ගන්න.

මේ ආදී සියලුම මහා සිතුම් පැතුම් රාශියක අපගෙ සිත තුල නිර්මාණය කරගෙන ඇතත් ඒ සියල්ල සඵල කර ගන්නේ කෙසේදැයි කිසිදු මොහොතක නොසිතයී. මේ සියල්ලම අප විසින් තනියම සඵල කර ගත යුතුම මිසක් වෙන කිසිවෙකුට මෙය සඵල කර දෙන්නට කිසිදු හැකියාවක් නොමැත.

තමන්ට මහා වියතෙකු හෝ ගත් කරුවෙකු වෙන්නට නම් තමන් ඒ සදහ වෙහෙස මහන්සී වී ඒ කටයුතු තුල නියැලිය යුතුමයී. එසේ නොවන්නට මෙ තත්වයට මා පත්විය යුතු යැයී සිතමින් එකම තැනකට වී ආහාරපාන බුදිමින් දිවි ගෙවන්නේ නම් එය මැනවින් ඉටු නොවනු ඇත. මෙය මැනවින් සිහියෙහි තබගෙන කටයුතු කරන්නේ නම් අදුරු වළාකුලු ඇති අප ජීවිතය තුල මනා ආලෝකයෙන් යුතු පුන් සද පායනු ඇත.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::