ඔබ ශාරීරිකව දුර්වල වූවායැයී සිතා

ඔබ ඔබේ ශාරීරික දුර්වලතාවයන් හමුවේ මානසිකවද දුර්වල වන්නේ නම් ඔබේ මුලු මහත් දිවියම දුර්වල වනු ඇත. එහෙත් ඔබේ දුර්වලතාවය මැනවින් ඔබ තේරුම් ගෙන කටයුතු කරන්නට පෙළබෙන්නේ නම් ඒ තුළින් ඔබට මහට් දිගු ගමන්ක් යන්නට හැකි බව මෙම නික් නැමති ශාරීරික දුර්වලතාවයෙන් යුතු පුද්ගලායා අපට පසක් කර හමාරය. ලෝකය තුළ අප ජීවත්වන විට අපට යන්නට මාර්ගය නිර්මාණය කර දෙන්නේ අසල් වැසියන් හෝ මිතුරන් නොවේ. ස්වකීය මානසික දියුණුවමයී. ඒ මානසික දියුණුව ඔබ මැනවින් ඔබ තුළින්ම නිර්මාණය කර ගන්නට වෙර දරන්න. ඔබ හැම මොහොතකම වෙර දැරිය යුත්තේ අද, හෙට හා අනිද්දා යන දිනයන්හීදී ජීවත් වීමට සුදුසු පාරිසරික වටපිටාවක් නිර්මාණය කරගැනීම නම් නොවේ.
මුලුමහත් විශ්වය තුළම ජීවත්වන කලය තුළදී ජීවත්වෙමින් විශ්වය සතු වූ යථාර්තය අවවොධ කරගන්නට සුදුසු පාරිසරික වටපිටාවක් නිර්මාණය කරගැනීමයී. ඒ සදහා ඔබ ඔබගේ මනස නිවැරදිව මෙහෙයවන්න. ලෝකය තුළ අප සියල්ලෝම උපතලද මොහොතේ පටන් තවකාලික සැනසිමක් මතම නොයෙකුත් මන්පෙත් නිමවාගන්නට වෙරදරයී. එහෙත් ඒ මාර්ගයන් තුළ නියැලෙන කාලය තුළ ඔබට පසක් වනුයේ මේ තුළින් අපට ලැබෙනුයේ තවකාලික සැනසීමක් බවයී. එවිට වෙනත් මාර්ගයන් අනුගමනය කර්යී. එය තුළින්ද සැනසීමක් නොලද තැන තවත් මාර්ගයක් අනුගමනය කරමින් දිගින් දිගටම මේ සසර මග මැරි මැරී ඉපදෙමින් දිව යයී.එහෙත් අප කළයුතු එයද? නැහැ. අප කළයුතු එය නොවේ.ඒ කළයුතු කුමක්ද යනවග මා මුලින් පැහැදිළි කර හමාරය. ඔබ සතු මුලු මහත් ජීවිතයම සුන්දර කර ගන්න තැනැත්තා මෙන්ම අසුන්දර කර ගන්න තැනැත්තාද ඔබම සතුයී. එය ඔබට මේ නික් නැමතු තරුණයගේ චරිතයෙන් වටහා ගත හැකිය. ඔබට ශාරීරික අන්ගයන් අහිමි වූ පමණින් මුලු මහත් ජීවිතයම අහිමු වූ පුද්ගලයෙකු යැයී නොසිතා ඔබ සතු දුර්වලතාවය හා අගහිගකම් වලින් නොපිරිහි පෙරට යන්නට හැකි මාවතක් අනුගමනය කරන්නටම වෙරදරන්නේ නම් මැනවී.ඔබ ඔබේ ශාරීරික අපහසුතාවයන් මගහරවා ජීවිතය දිනන්නට වෙරදරන්න. එයයි ඔබගේ සර්ථකත්වය. ඔබ පිරිසක් මැද කෙනෙකු පහර දෙනවිට  එ පහරදෙන පුද්ගලයාට පහරදෙන්නට නොයා ඔබ ඔහුගේ පහරවල් මැඩලමින් එයින් මිදෙනට වෙරදරන්නේ නම් ඒ තුළින් ඔබ මහත් වීරයෙක්ම වනු ඇත. එසේමය ඔබ ශාරීරිකව දුර්වලවූවායැයී සිතා මුලුමහත් සමාජයක්ම ඉදිරියේ හඩා වැලපෙන්නට යන්නේ නම් එය ඔබ ඔබගේ දිවියට කරගන්නා මහත් අවනම්බුවකි. ජීවිතය අසුන්දරව ඔබ වෙත දායාදවූවා නම් එය අන්‍යන්ගේ නෙත්සිත් පිනවමින් ඔවුන්ගේ ජීවිත තුළටද ඒ තුළින් ආදර්ශයක් ලාබාගත හැකි අයුරින් ඔබ ඔබේ ජීවිතය නිමවාගන්නට වෙරදරන්න. එය ඔබගේ මුලු මහත් දිවියම මේ අයුරින් ආලෝකමත් කරාවී

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::