ජාතියක් වශයෙන් හා ආගමක් වශයෙන්

ජාතියක් වශයෙන් හා ආගමක් වශයෙන් සිංහල ජාතියට ආවෙනික වූ සිරිත් විරිත් වලින් අනිත් ජාතීන්ට වඩා පරිපූර්ණ වූ සහ කිසිවෙකුට හෙලා නොදැකිය හැකි සංස්කෘතියක් ඇත. එහෙත් එයට පරිබාහිරව සිංහල ජාතිකයන් කටයුතු කරන නිසාම නොයෙකුත් ගැටලු සහගත තත්වයන්ට මුහුන පාන්නට සිදු වී ඇත. එය හරියට තමන්ට යායුතු මග තිබියදී නොමගට ගොස් කිසිදු දැනුමක් නැති කාන්තාරයක අතරමන් වූවාක් හා සමානය. එහි වැලි රත්වෙන මොහොතට උඩ පැන පැන හඩ ගගා කෑගසයි. එහෙත් එය නොදැනෙන රැයට මොහොතකට එ කිසිත් මතක නැත.මෙයම නොවෙද අපෙ සිංහල ජාතියට වෙලා තියෙන්නේ? ඇයී එහෙම උනේ යායුතු මග තිබියදී නොමග ගිය නිසාම නොවේද? සමාජගත සත්වයාද තිරක් තියෙන තැන මැනවින් දැන තොරක් නැතිව අන්‍යන්ගේ සංස්කෘතීන්ට අවනත වෙන්නට සිතන පතන නිසාම සහ ඒ තුල ඇති ගුණ සහ අගුණ ගැන කිසිදු විමසීමකින් තොරව ඒ සියල්ලම වැලද ගන්නා නිසාම අකටයුතුකම් කරමින් සමාජය තුල පරාජිතයන් ලෙස බියගුලු ස්වභාවයක් උසුලයී.

අප සියල්ලෝම කිසිදු මොහොතක නොසිතන එකම කරුණක් ඇත. එය නිසාම අපේ ජීවිත තුල නොයෙක් ගැටලු ඉක්මනින්ම නිර්මාණය වනු ඇත. ඒ කුමක්ද? මත්ද්‍රව්‍ය ලක්දිවට හදුන්වා දුන්නේ ඇයී? ඒ තුලින් අනිත් රටවල් තුල ඉන්න ඇත්තන් බලාපොරොත්තු වනුයේ කුමක්ද? ලක්දිව ඇති හොදට සිතා මතා කටයුතු කරන්නවුන්ගේ මනස සහ ශරීරය විකෘති කර විනාශ කිරීමේ අරමුනම නොවෙද?

..උම්මත්තකා විගත ලජ්ජි ගුණා භවන්තී.
දීනාසද්‍යශනා ශෝක පරායනාච.
ජාතා භවෙසු විවිදෙසු විරූප දේහා.
පීත්වා හලා හල විසන්ච සුරා විපඤ්ඤා..


යමෙකු අප්‍රමාදයට හේතුවන මත් ද්‍රව්‍ය පරිහරනය කරන්නේ නම් ඔහු මෙලොවදීම උම්මත්තකයෙකු, දිලින්දෙකු, අලජ්ජී පුද්ගලයෙකු, නින්දා ලබන්නෙකු බවට, ශෝක කරන්නෙකු, ලෙඩ රෝගයන්ට ගොදුරු වන්නෙකු මෙන්ම නැවත අත්භවයක උපදින්නේ නම් විරූපී දේහයක් ඇතියෙකු මෙන්ද උපදිනු ඇත. එසේම තමන් සතු වූ නෑ හිත මිතුරන්ට තමන්ව එපාවන තත්වයක් උදාවනු ඇත.

මේ සියල්ලක්ම සිදු වන්නේ කුමක් නිසාද? අප අනුන් කරන දේ වැලද ගත් නිසාම නොවෙද? ජාතියක් වශයෙන් හා ආගමක් වශයෙන් මහත් එඩිතරකමකින් දිවි ගෙවන්නට තිබියදී එය වියැකාගෙන තිබෙන්නේ අපි විසින්ම නොවේද? දැන දැනත් අපට විදින්නට තියෙන සැප සම්පත් නැති කරගන්නේ එසේ නම් අප විසින්ම නේද? ඇයී එහෙම සිද්ද උනේ අන්‍යන් සතු කටයුතු අපද වැලද ගන්නට ගිය නිසාම නොවෙද?ඒ නිසාමයී. අන්‍ය ජාතිකයන් මහත් හරසරින් උත්සව පවත්වනව දැක සිංහල
යනුත් ඒ විදිහටම උත්සව පවත්වන්නට කටයුතු කලා. එතනදි අප සතු උනු හැම සිරිතක් විරිතක්ම විනාශ වෙලා. මේ සියල්ලම අප සතු වන අතුප්ති කර ආශාවේ ප්‍රතිඵලයක්ම මිසක් වෙන කිසිවක් නොවේ. එය මකාලමින් නැති උනු සංස්කෘතිය නැවත අප තුලින්ම පුබුදුවන්නට කටයුතු කරන්ව මිසක් අනිකුත් ජාතිකයන්ගෙ ආගමක්වත් ජාතියක්වත් හෙලා දැකීමෙන් ඇති කිසිදු ප්‍රතිඵලයක් තියෙනවද? යන වග අපගේ නැණසින් මැනවින් විමසා බැලිය යුතු කාලය අද හෙට හෝ අනිද්දා නොවේ. තවත් අන්‍යය ජාතිකයෙක් සතුන් මරන්ව මත්ද්‍රව්‍ය පරිහරනය කරනවා යැයී දැන දැනත් ඒ තුලින් මහත් විනාශයක් සිදුවන බව මැනවින් දැන අපද එය වැලද ගැනීමද කල යුතු? නැහැ නේද? මෙය මැනවින් සිතනු වටහා ගනු කටයුතුකරනු. එසේ යමෙක් කරන්නේ නම් හා සිතන්නේ නම් ඒ සැම හට තෙරුවන් සරණින් යහපතක්ම වේවා.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::