ගීතය වනාහී ආර්‍යය විනයෙහී හැඩීමකි

රුණ්ණමිදං භික්ඛවේ අරියස්ස විනයේ යදිදං ගීතං.
" ගීතය වනාහී ආර්‍යය විනයෙහී හැඩීමකි "

ලබන ලද මනුස්ස ජීවිතය තුළින් ඔබ ඔබට මෙන්ම අන්‍යය සත්වයින්ටද මහගු සේවයක් කරන්නට වෙර දරන්නේ නම් මේ සසර කතරින් එතෙර වන්නට එය මහගු කාර්‍ය්යක් බව ලොව සියල්ලෝම ඒ ගැන ප්‍රසං
සාත්මක මුඛයෙන් කතා කරන්නට වැඩිමනක්ම නොවෙහෙසෙයී. එහෙත් ඔබ මුළු මහත් සමාජයටම පිළිලයක් වන අයුරින් කටයුතු කරයි නම් ඒ ගැන දෝෂාරෝපණය  කරන්නට තවත් බොහෝ පිරිසක් වෙහෙස දරයී.
ඔබ ඔබේ ජීවිතය එළිය කළයුත්තේ ප්‍රඥ්ඥාවේ ආලෝකය තුළින් මිසක් වෙන කිසිවකින් නම් නොවන බව බුදුන් වහන්සේ විසින් දේශිතය. අප සියල්ලෝම උපතින් උම්මත්තක වූවන් බව බොහෝ පිරිසක් නොදනී.

සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා..
(පුහුදුන් සියලුම සත්වයින් උමතු වූවෝය)

ඒ උමතු බාවයෙන් මිදෙන්නට අප අධ්‍යාපනය
තුළින් මනා දැනීමක් ලබා ඒ තුළින් ලබන ලද හික්මීම මත මේ විශ්වය තුළ දිවි ගෙවන්නට වෙර දරන්නේ නම් යමෙක් මුළු මහත් ස්වභාව දහමටම අවනතව ඔහු සියලුම ධර්මතාවයන්ගේ ඇතිවීම හා නැතිවීම යන ධර්මතාවය මත පවතින සියලුම සංස්ඛාර ධර්මයන්ගේ වෙනස් වීම නැණසින් වටහා ගනු ඇත. එහෙත් එයට පරිබාහිරව ගමන් ගන්නේ යමෙක්ද? ඔහු මේ විශ්ව ධර්මතාවය  වටහා ගනු නොහැකිව මැරි මැරී ඉපදෙමින් මේ සංසාර චක්‍රය තුළම ඒ මේ අත දිව යයී. උමතුභාවයෙන් යුතුව උපත ලද ඔබගේ ඒ උමතුභාවය තව තවත් උත්සන්න වන්නට ඉඩ නොතබා මනා නැණසක් නිර්මාණය කරගත යුත්තේ ඔබගේම ‍ධෛර්ය තුළිනි. ඔබ ඔබගේ මුල් අවධිය තුළදි දනගාමින් ගොස් බිම ඇද වැටුනු සද, ඔබව නගා සිටුවන්නට කවරෙකු හෝ ඔබ අසල රෑදී සිටියා. එහෙත් අද ඔබ තරුණ වියට පාතබා සිටී. මේ මොහොතේ ඔබ වැටෙන විට හෝ වැරදි කටයුත්තක නියැලෙන මොහොතේ එය වැරදි බව වටහා දෙන්නට ඒ ඔබ කුඩා අවධියේ ඔබ ලග සිටි කවරෙකුවත් අද සිටිනවාද? නැහැ. එහෙත් ඔබ වැරදි ක්‍රියාවක් සිදුකළ පසු එය ගැන ඔබට දෝෂාරෝපණය කරන්නට බොහෝ පිරිසක් ඔබ අභියස  සැරිසරයී. එසේ නම් ඔබ ඒ තුළින් මනා වැටහීමක් ලබා නිවැරදි මග අනුගමනය කළ යුතුයී. ඒ නිවැරදි මග කුමක්ද? වැරදි නොකොට නිවැරදි කටයුතු තුළම මෙහෙය වීමයී.

කාමාග්නියෙන් පෙලෙන්නා වූ උමතු වූ පුද්ගලයාගේ මනසට කිසිදු නිවැරදි අවබෝධයක් සැනෙකින් ලබා දෙන්නට නොහැකි බව අප සියලෝම දැන ගත යුතුය. ඒ මන්ද යත්? කම්සැපට ලොල් වන්නේ යමෙක්ද? ඔහු ලිප ගිනි මොලොවන තෙක් දිය සැලිය තුළ දිය කෙලින්නාවූ කකුලුවා මෙන් අතෘප්තිකර කාමාශාව තුළින්ම විනාශයට පත්වනු ඇත. ඒ මන්ද යත් එයින් කිසිදු මොහොතකවත් සැනසීමකින් නිමා කළ නොහැකි නිසාවෙනි. ලක්දිවට බුදුන් වැඩියා යැයී අප සියල්ලෝම හඩ නගමින් මුළු මහත් ලෝකයටම ප්‍රකාශ කලාට ඒ බුදුන් වැඩිමග අනුගමනය කරන්නට කිසිවෙකු උත්සුක නොවෙයී. එසේ උත්සුක වන්නේ නම් මෙවැනි පරගැති සිත් සතන් මෙවැනි කටයුතු තුළ නොනියැලෙන්නට බොහෝ ඉඩකඩ ඇත. අන්ධානුකරනයෙන් යුතු ලෝකයක මනස හා නැණස තුළින් මැනවින් හික්මෙන්නට වෙර දරන්නේ නම් ඔබ මනා ගුණ දහමින් පරිපූර්ණ මිනිසෙකුම වනු ඇත. එසේ නොවනතාක් කල් ඔබ උමතු වූවෙකුම වන්නේය.

   අපායට බියෙන් මත් පැන් නොබිවු     මට
   උපායෙන් පොවා යලි මා ගෙන       සතුට
   පපාදර සිටින් සුරතල් කුමරු            සෙට
   කපා දැමු බැවින් විය සතුරන්ට           යට

" කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
  ඒ වෙනුවට ගොඩ බැස්සේ අමනකමයි අපේ රටට "

කහවත දරාගෙන සිරුරේ සිටින       විට
දැනුනා සමිදු දෙසු දම්පද සුවද        කැට
සිදුනා මගෙ දැහැන මෙය මා දුටුව    විට
එනිසා ලියූවෙමි මෙය මා        ලිපියකට

ලෝකය අදුරු යහනක් බව දැනන්       අප
විදුමට නොයමු එහි ඵල ඇත නිසරු     කැප
ජීවය මලකි නැණසින් මන නිතර         සිප
රෑකුමට ඇහැකි නම් සුරකිනු දිවිය     තොප

අතරමන් වී සසර කතරේ විදි විදී යන                          දුක් පබා
නිතර මනසින් විරිය අරගෙන නැණස පොබකර         සැප තබා
කුණුකයේ ඇති නියත අනියත දහම වටහා                  ගනු පබා
එවිට හැකිවෙයි වැරදි නොකරම මනස රෑකුමට පසු       නොබා


සසර කතරේ අතරම්න් වී සිටින ඔබ නිවැරදි මග සොයා පෙරට යන්නට මිසක් වැරදි මග අනුගමනය කරමින් තව තවත් මේ සසර මග දික් කරගන්නට වෙර දරන්නේ නම් එය ඔබ ඔබගේ දිවියට කර ගන්නා මහත් අපරාධයකි. එය තුළින් ලැබෙන අනිසි ප්‍රතිඵලයද ඔබටම විදින්නට සිදුවන බව මැනවින් සිහියෙහි තබාගෙන කටයුතු කරන්නේ නම් මැනවි මුලු මහත් ලෝක සත්වයාටම.

Komentar

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::