අදහම දහම ලත් තැන දුබලය




අදහම දහම ලත් තැන දුබලය                      අදය
දෙනයන යනෙන සැම තැනකම           සිත යැවිය
ලොවතුළ නියත අනියත දම              නොනවතිය
යන බව නොදැන පස් ඉදුරන්                 පිනවතිය

සත වෙත පතල ගුණයෙන් රන් කදක්             සම
ගුණ ඇති බොහෝ ආයුධයකි මිනිස්                කම
එනමුදු එදැන දැන දැනමත්                      මිනිස්දම
වනසා ලොවේ නොමගට යති මිනිස්               හැම


රාගය සිතේ ජනිතව පසිදුරන්                          අයා
යනවා දෑත දිගු කර ආදරෙයි                          කියා
සිතු ලෙස රාග සිතුවිල්ලේ සිරුර                    අයා
සතපනු නොහැකි තැන් ගැටුමකි නැණස        පියා

මනසට නැණස ගැලපෙන ලෙස                හැසිරීම
සිදුකළ විටදි ලැබගත හැක                       සැනසීම
ආලය ඇතිව නැණසක් නැති                     හැසිරීම
සිදුවන විටදි එතනදි ඇත                         වැනසීම

රාගය ඇති තැනදි මෝහයෙ                පැටලෙනවා
කළයුතු කිමද යායුතු මග               නොපෙනෙනවා
මාවත කිමද කවරෙකු හෝ                  පෙන්වනවා
එනමුදු එමග රාගයෙ ගිනි                    ඇතිරෙනවා

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ