අප සියල්ලෝම අපගේ සාර්ථකත්වයට

අප සියල්ලෝම අපගේ සාර්ථකත්වයට විසදුම් සොයන්නට කටයුතු කිරීමේදී බොහෝ සෙයින් අසාර්ථක වනු ඇත. එහෙත් අපගේ අසාර්තකත්වයට පත්වීමට අප කිසිදු කාර්‍ය්යක නොනියැලෙයි. අප හැම මොහොතකම සොයන්නේ අපගේ දිවියට මානසික හා කයික සැනසීම පමණයී. ඒ සැනසීම මුලුමහත් ජීවිත කාලය තුළම විදින්නට ඇත්නම් කෙතරම් අගනේද? යන අදහසට කිසිවෙකුත් පත් නොවෙයී. එහෙත් අප මේ මැරි මැරී උපදිමින් ගෙවන මේ ජීවිතය තුළ සැබෑ සැනසීමක් සෑම මොහොතකම විදින්නට ඇත්නම් එයාපගේ මුලුමහත් මිනිස් ජාතියටටම සැනසීමකී.


ලෝකයේ මිථ්‍යා අදහස් තුළ නියැලෙමින් බොහෝ පිරිසක සැබෑ විමුක්තිය හෙවත් සැන්සීම ඇත්තේ කවර තැනකද? කවර දහමකද? කවර ශාස්තෘන් වහන්සේ නමක් හමුවේද යන වග සොයාගත නොහැකිව මහත් වෙහෙසකට පත්ව ඇත. ඒ මන්ද? අප සතුව ඇති ප්‍රඥාව දියුණු නොකර කටයුතු කරන්නට හා පසිදුරන්ට ගැටෙන අරමුණු පසු පසම දිව යන නිසාවෙන් බව අප මැනවින් දැන ගත යුතුව ඇත.

අපට ලෝකයෙන් ලැබෙන්නේ මේ කුණුකය , නැණස හා මනස පමණි. එය මුල්කරගෙන ඔබ ඔබගේ දිවියට මෙනම ලෝකයාට කරන කාර්‍ය්යභාර්ය අනුව අනතුරුව ඔබෙ දිවියට ලැබදිය යුතු වරප්‍රසාද ගැන තීරනය වනු ඇත. එයට උදාහරණයක් අප මේ අයුරින් විමසා බලමු.

යමෙක් පුස්ථකලයට ගොස් පොතක් ගෙනැවිත් එය බලා ඉරා, පොත තිබූ අයුරින් නොව තවෙකෙකුට පරිහරණයට නුසුදුසු අයුරින් නැවත පුස්ථකාලය ගෙන ගොස් දෙන කල්හී එහේදී ඔබගෙන් යම් දඩ මුදලක් අය කරනු ඇත. එසේම ඔබට නොයෙක් අයුරින් දෝසාරෝපණයද කරණු ඇත. එසේම නැවත ඔබට එම ස්ථානයෙන් පොතක් පරිහරණයට ගන්නට නොහැකි පරිසරයක් නිමැවෙනු ඇත.එය එසේ වූවේ කවරෙකුගේ වරදකින්ද? එය එසේ සිදු වූවේ ඔබේම වරදින් නොවේද? ඔබට බැනුම් අහන්නට වූවා මෙන්ම නොයෙකුත් අපහසුතාවයන්ටද පත්වන්නට සිදු වූවේ ඔබ මනා වැටහීමකින් කටයුතු නොකළ නිසා නොවේද? ඒ නිසාමයි නෙද? ඔබ මුලින් පොත්ගුලෙන් ගත් පොත සුරක්සිතව පරිහරනය කළා නම් නැවතත් ඔබගේ අවශ්‍යතාවයට පොත්පත් එතනින් ගන්නට ඉඩ තිබුණි. එහෙත් ඔබ කරන ලද අණුවන හැසිරීම හේතුකොටගෙන ඒ සියලුම ලැබීම් අහිමි වී ගොස් ඇත.එලෙසමය මෙ විශ්වය තුළ අප ලබන ලද දිවියද රක්සා කළ යුත්තේ. ඔබට කෙතරම අපහසුතාවයන් පැමිණියද ලද දිවිය වනසාලන කටයුතු තුළ ඔබේ නිසන්සල මනස මෙහෙයවන්නට නොපෙලබෙන්න. එසේම ඔබේ ජීවීතයට කෙතරම් දිලිදුකම අතදිගු කළත් ඔබ වැරදි මාර්ගයන් තුලින් මුද්ල් උපයන්නට වෙර නොදරන්න. ඒ මන්ද? ඒ මුදල් තුළින් කිසිදු සැනසීමක් ලද නොහැකි බැවිනි.


අද සමාජය තුළ නොයෙකුත් අයහපත් මාර්ගයන් අනුගමනය කරමින් මුදල් උපයමින් ජීවත් වන්නට වෙර දරන්නවුන් කෙතරම් ඇත්දැයී ඔබ මේ විශ්වය දෙස විමසීමෙන් බලන කල්හී වටහ ගත හැකිය. එහෙත් ඒ පුද්ගලයන් ඒ මුදල් තුලින් කෙතරම් මානසික හා ශාරීරික තෘප්තියක් වින්දනය කරනවාද යන වග ඒ අයම දනිති.ඒ පුද්ගලයෙකු හා ගොවිතැන් බත්කර එදිනෙදා දිවි පෙවෙත ගැට ගසා ගන්නා පුද්ගලයෙකු එකට ගෙනා විමසා බලන්නේ නම් ගොවිතැන් කර එදිනෙදා දිවි පෙවෙත පමණක් ගැට ගසා ගන්නට වෙර දරන්නා වූ මිනිසා මනා සැහැල්ලු මනසකින් සිනහ වී කතා කරනු ඇත. එහෙත් අනිත් පුද්ගලයා එතරම් සැහැල්ලු මනසකින් යුතුව කතා නොකරයී. ඒ මන්ද? ඔහුට හෙට හා අනිද්දා මෙන්ම අනාගතයට කරන්නට බොහෝ වැඩ කොටසක් මනස තුළ ගොඩ ගසාගෙන දුවන යන්ත්‍රයක් අයුරින් කටයුතු කරන නිසාවෙනි.
 

මෙය මේ අයුරින් සිදුවන්නේ ඔබ අසීමිත අශාවන්ගෙන් හා අතෘප්තිකර මානසිකත්වයක හිද කටයුතු කරන නිසාවෙන්ම නොවේද? එසේමයී. ඔබ අද පටන් සිතිය ය්ත්තේ කුමක්ද?මම ජීවත්වන්නේ බොහොම සුලු කාලයාක් පමණී. එය මා සැහැල්ලුවෙන් ගත කළ යුතුයී යනුවෙන්මය.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::