අනුන්ගේ නින්දා අපහාසයන් හමුවේ

අනුන්ගේ නින්දා අපහාසයන් හමුවේ අප අධෛර්යමත් විය යුතු නැත. අප සියල්ලෝම අනුන්ගේ ගැරහුම් හා නින්දා අපහාස හමුවේදී නොසැලෙන ධෛර්යකින් යුතුව පෙරට යා යුතුය. කුමක් මෙන්දයත් යටිකුරු කරන ලද ගිනිහුල කිසිදු මොහොතක ඒ අයුරින්ම නොපැවතී උඩුකුරු වන්නේය. එපරිද්දෙන්ම දුදනන් සමග එකට කටයුතු කලත් ඔවුන්ට මැනවින් ගරු බුහුමන් කලත් ඔවුන් උත්පත්තියෙන්ම උරුමකරගත් දුදන ගති පැවතුම් වනසාලන්නට නොහැකිය. කුමක් මෙන්ද යත්..? අමුර්තය ඉස්සත් විස සහිත ගසේ හට ගන්නා ගෙඩි සියල්ලම විස ඇතුවම ඵල දරන්නාක් මෙනි. මේ සියලු කරුනු මැනවින් දැන හැදින මනාව සිත්තම් කරන සිත්තරෙකු විසින් මට සිලිටු වූ සිතුවම් පුවරුවක් තුල මැනවින් සිතුවම් කරයිද..? කදු හෙල් ඇල දොල ගන්ගා මේ සියල්ලක්ම සැබෑ ස්වරූපයෙන්ම මවා පාන්නේ නම් ඔහු මනා හැකියාවකින් යුතු සිතුවම් කරුවෙකු මිසක් නාමික සිතුවම් කරුවෙක් නොවේ.එ ලෙසමය දක්ෂයා තමා සතු වූ දක්ෂතාවය නිසාම නැති දෙය වුවත් ඇති අයුරින් මවාපාන්නට කටයුතු කරයී. එය  සැබෑ දක්ෂතාවයයී.

ජීවිතය මැනවින් රෝපනය කරන්නට නම් අනුන්ගේ දෝෂා
රෝපනයන්ට හෝ ගැරහුම් නින්දා අපවාදයන්ට හිත කලකිරෙන පුද්ගලයෙකු නොවිය යුතුයී. ඒ මන්දයත් ප්‍රකෘර්ති ස්වභාවයෙන් පවතින සිත වීකෘර්ති ස්වභාවයට පත්වීම තුලින් කිසිදු කාර්යක් තම්න් සතු බුද්ධියෙන් විමසා කරන්නට තිබෙන හැකියාව කෙමෙන් කෙමෙන් වියැකී යන් නිසාවෙන්මය. මේ සියලුම කරුනු කාරනා ගැන මැනවින් දැන හැදින් ජීවිතය එකිනෙක බාධක මැද ගොඩ නගන්නට අප වෙර දැරිය යුත්තේ නොසැලෙන අධිෂ්ටානයෙන් යුතුව ප්‍රඥාවේ ආලෝකය උදාකරලීමෙන්මය.

Komentar

Postingan populer dari blog ini

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ