ලෝකයේ ජිවත් වන්නා වූ අප සියලුම දෙනා

ලෝකයේ ජිවත් වන්නා වූ අප සියලුම දෙනා කැමති තමන්ගේ සිතින් උපදින සිතුවිලි ධාරාවන්ට අනුකූලව දිවි ගෙවන්නට මිසක් තවෙකෙකු යටතේ දිවි ගෙවන්නට නොවේ. එසේ නම් ඒ අයුරින් ජීවත් වෙන්නට වෙර දරන ඔබ ප්‍රතමයෙන්ම කළ යුතු කුමක්ද? ඔබට අනු ගමනය කරන්නට හැකි හා සමාජය විසින් හොදයී යහපතී යනුවෙන් සම්මත කරන ලද ප්‍රතිපදාවන් සමූහයක් අනුගමනය කිරීමයී. ජීවිතය මෙලොව නිමැවුනු මොහොතේ පටන් සිදු වන්නේ එකම ක්‍රියාවලියකි. එනම් කුමක්ද? ඉපදීම හා විනාශවීමම නොවේද? මේ අතර ගතවන කාලය මනුස්ස ලෝකය තුල ඉන්නවුන්ට මහා විශාල දින ගණනක් අයුරින් දිස්වෙන නිසා සියලුම දෙනා හිතාගෙන සිටිනුයේ අප කිසි දිනක නොමැරෙන්නවුන් අයුරිනි. ඒ නිසාම ලෝකය තුළ දිවි ගෙවන ලද බොහෝ පිරිසක් නිවැරදි මග තිබියදි වැරදි මගක් අනුගමනය කරමින් දුක්ඛිත අන්ත අසරණ ජීවිත ගත කරයී.

අප උපතින් මෙලොවට ගෙන පැමිණියේ ඇදිවත පමණි. අනතුරුව දෙමාපියන් විසින් අපව රක්ෂාකොට මේ ලෝකය තුල මේ කයේ පැවත්ම රදා පවත්වාගෙන ඉදිරියට යායුතු අයුරු එකිනෙක කියාදෙමින් මහා ශක්තිමත් සත්වයෙකු බවට පත් කරයී. අනතුරුව ඔවුනොවුන් එකිනෙකාගේ සිතැගි පරිදි සියල්ලම මැනවින් මෙන්ම නොමැනවින් ඉටු කර ගනී. එහි ඵලයද ඔවුනොවුන් විසින්ම විදවනු අපගේ නෙතු අභියස ගැටී ඇති වාර ගනන මෙපමනකැයී කිව නොහැක.

අප ඇත්තටම ආදරය කරන්නේ කාටද? සැබවින්ම මේ ලෝකයේ ඔබ ආදරය කරන්නේ ප්‍රථමයෙන්ම ඔබට බව ඔබගේ යටි සිත දනී. එහෙත් ඔබ රාගයෙන් හා මොහයෙන් අන්ද වී ඇති නිසා නොයෙකුත් බැදීම් ඇති කර ගනිමින් මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය නැමති පසිදුරන්ට ගොදුරුව මේ විශ්වය තුළ ඔබ විසින්ම නිමවා ගන්නා ලද වේදිකාවක් මත රග දක්වයී. ඒ රග දැක්වීමෙන් අනතුරුව ඔබ යම් මොහොතකට වෙහෙසකට පත් වෙයී. එහෙත් ඒ වෙහෙස සුලු මොහොතකින් පහවී ගිය පසු නැවත ඔබ සිදු කරමින් සිටි ක්‍රියාවම අනු ගමනය කරන්නට පෙලබෙයී. මොහොතක සිතා බලන්න අප මේ සියල්ලම සිදු කරන්නේ මේ ජීවිතය උපතේ පටන් මැරෙන මොහොත දක්වාම මේ විශ්වය තුල පවත්වාගෙන යාම සදහාම නොවේද? ඒ සදහාමයී නේද?එ හෙත් අපට මේ ලෝකය තුළ කිසිදු මොහොතක එකම අයුරින් නිදස් මෙන්ම නිවහල් මානසික ප්‍රතිපදාවක් තුළ ජීවත් විය නොහැක. ඒ මන්ද පඨවී, ආපෝ, තෙජෝ, වායෝ නැමති සතර මහා භූතයන්ගෙන නිමැවුනාවූ මේ සියලුම වස්තූන් මොහොතින් මොහොත වෙනස්වීමට භාජනය වන නිසාවෙනි.

සබ්බා දිසා අනුපරි ගම්ම චේතසා
නේවජ්ජගා පියතර මත්තනා ක්වචී
ඒවං පියෝ පුථු අත්තා පරෙසං
තස්මා න හිංසේ පරං අත්ත කාමෝතී

(ලෝකයේ සියලු දිශාවන්හී මැනවින් විමසා බැලුවත් තමන්ට වඩා ප්‍රිය වන කෙනෙකු සොයාගත නොහැක. එසේ හෙයින් තමන් කවරෙකුට හෝ ප්‍රිය කරන්නේ නම් ඔහු තමන්ට හිංසා පීඩා මෙන්ම අවැඩදායක දේ කරගැනීමෙන් වැළකෙයී. )


මේ අදහස සඵල වී ඇති බව අපට මේ විශවය දෙස බලන කල වටහා ගත හැකිය. අප සියලුම දෙනා හැම මොහොතකම මනා සිහිකල්පනාවෙන් ගත කළ යුතුයී. එසේ නොකරන්නේ නම් ඔබ ඔබගේම දිවිය වනසාලන සතුරෙකු අයුරින් නිමැවෙනු ඇත. එය වලකන්නට මෙ විශ්වයේ ඔබ හැර වෙන කවරෙකුවත් සමත් නොවේ.

ඔබ හැම මොහොතකම නොදැනීම නැමත් අදුරු ගුහාව තුළ දිවි ගෙවන විඤ්ඤානය නැමති මායාකාරයාට නතුවම කටයුතු කරනවාද යන වග මේ මොහොතේ පටන් විමසන්නේ නම් යෙහෙකී. ඉන් ඔබට සැනසීමක් ලද හැකිය.








Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::