කම්සැප විදිය යුත්තේ ණයක් ගත්තා යැයි සිතමිනි

අපගේ දිවිය තුළ අප වෙත එළඹෙන සෑම මොහොතක්ම අප සතුටින් දිවි ගෙවන්නට කැමති නිසාම අප සතු පසිඳුරන් පිනවන්නට පෙළඹෙයි. ඇසට ප‍්‍රියකරන රූපයක් ඇස ගැටෙන්නේ යම් මොහොතකද? ඒ දෙස බලා එය තමන් සතු කර ගැනීමේ මහත් වෙහෙසක යෙදෙයි. කනට මිහිරි හඬක් ඇසෙන්නේද ඒ හඬ නැවත නැවත අසන්නට සහ තමන් සතු කර ගැනීමට පෙළඹෙයි. නාසයට යම් ප‍්‍රිය ගන්ධයක් දැනුන විට හැම මොහොතකම එය නැවත නැවත විඳින්නට මෙන්ම එය තමන් සතු කර ගැනීමට මහත් වෙහෙසක් දරයි. දිවට යම් රසයක් දැනෙයිද ඒ මොහොතේ පටන් නිතරම ඒ රසය භුක්ති විඳින්නට පෙරුම් පුරයි. එසේම අපගේ ශරීරයට යම් සුව පහසු ස්පර්ශයක් දැනෙන්නේ යම් මොහොතකද හය නැවත නැවත විඳින්නට මෙන්ම එය සැමදා තමන් සතු කරගෙන දිවිගෙවන්නට මහා වෙහෙස මහන්සියක් දරයි. මේ අයුරින් අප සතු මේ සියලූම ඉඳුරන්ට ගොදුරුවන සෑම ප‍්‍රිය අරමුණක් කෙරෙහිම නියැලෙනු ඇත.
එහෙත් එය ඒ අයුරින් අප‍්‍රිය අරමුණු වලට ගොදුරු වන සඳ ඒ කෙරෙහිම නියැලෙන්නේ නැහැ නේද? අපගේ නෙතට අප‍්‍රිය කර රුවක් ඇති අංගවිකල ස්ත‍්‍රි රූපයක් හෝ මහත් කුෂ්ඨ රෝගයකින් පීඩිත ස්වභාවයට පත් වී දුගද හමන ස්ත‍්‍රි රූපයක් හෝ සුනක රූපයක් නෙත ගැටුනු සඳ අප පළමුව ප‍්‍රිය දසුනක් නෙත ගැටුනු පසු ඇතිවුන සිතේ සතුට උපදින්නේ නැහැ නේද? ඒ මොහොත තුළ අප වෙත එළඹෙන්නේ කවරාකාර අරමුණක්ද?

” අප්පෝ මේ ගෑනිගේ හැටි විතරක්, බලන්නවත් හිතෙන්නේ නැහැ, බෙහෙත් ටිකක් අරගෙන ලෙඩ හොඳ කරගන්න හිතෙන්නෙ නැතිද මන්දා ”

මේ ආදී සිතුවිලි ඇතිවන්නාක් මෙන්ම ඔවුන් අපගේ ශරීරයේ ස්පර්ශ වුවහොත් ඔවුන්ට බැන වදින්නට මෙන්ම පහර දෙන්නටද බොහෝ ඉඩ කඩ ඇත. එහෙත් මෙලෙස සිදුවනුයේ කුමක් නිසා දැයි අප කිසවෙකුත් එවැනි අවස්ථාවල දී නොසිතයි. ඒ නිසාම අප නැවත නැවත පසිඳුරන් පිනවීමටම වෙහෙස දරයි. 

අප මෙයට පුංචි උදාහරණයක් ගෙන බලමු. කමල් සතුව බොහෝ ලස්සන ගැහැණු ළමයෙක් හිටියා. ඇයගේ කට හඬ මෙන්ම රූ සපුවද ඉතාම ලස්සනයි. එසේම ඇය ළඟ හරිම සුවඳයි. නමුත් මැය කමල් සමඟ ආදරයෙන් බොහෝ කාලයක් සතුටින් දිවි ගෙවා ඉතා ඉක්මනින්ම කමල්ගෙන් වෙන්ව වෙනත් පිරිමි ළමයෙකු හා හාද විය. පසුව කමල් මහා කනස්සල්ලෙන් යුතුව ඇයට බනින්නට මෙන්ම තර්ජනය කරන්නට පෙළඹින. එසේම ඇය නැවත සම්බන්ධ වුනු පිරිමි ළමයා සමඟ ද ගැටුමට පෙළඹෙයි. ඇයි මේ? අර ලස්සනට හිටිය ස්ත‍්‍රී රූපය තමන් සතුව තිබී අන්සතු වුනු නිසා නේද? මෙය අපගේ පෘථග්ජන ස්වභාවය බව සැබෑවකි. එහෙත් එතනදී අප මුලින් කල්පනා කළා නම් මැය මෙතරම් ලස්සන රූ සපුවක් ඇති තැනැත්තියක් නිසා කෙදිනක හෝ ඇය අහිමි වුවහොත් එසේත් නැතිනම් මා හැර වෙනත් පිරිමියෙකු සමඟ හාද වුවහොත් එවිට මට සිදුවන්නේ කුමක්ද? මට එතනදී දුකක් විඳින්නට සිදුවනවා නේද? ඒ නිසා මා මැය ගැන දැඩි ආශාවක් නොතබාගෙන කටයුතු කල යුතුයි ආදී වශයෙන් මෙනෙහි කරගෙන සෑම කටයුත්තක්ම මුලින් ඇරඹුෙවි නම් එවැනි ගැටලූවකට මුහුණ පාන්නට තිබෙන ඉඩකඩ අඩුයි නේද? එසේම අප මේ හැම කාර්යයක්ම කරන්නට පළමුව නැණසින් මෙන්ම මනසින් සිතා බැලිය යුතුයි. අප සතුවන යමක් ඇත්නම් එය කිනම් හෝ මොහොතක අප සතු වන්නාක් මෙන්ම අපට අහිමි එය වන්නේය. එසේම අබට අහිමි වන්නට තිබෙන්නේ යමක්ද එයද අපට අහිමි වෙයි. ඒ නිසා මේ සියලූම වස්තූන්ට ඇලී ගැලී කටයුතු කළ යුතු නැත. අප යම් මොහොතක අප සතු පසිඳුරන් පිනවන්නට යන්නේද, ඒ පිනවීමේ කාලය තුලදී තාවකාලික සතුටක් විඳින්නට හැකිවනු ඇත. ඉන් අනතුරුව අප ඒ සතුටු වූ අයුරින් සතුටු වීමට නොලැබෙන්නේ යම් මොහොතකද එවිට අපගේ මනසට දුකක් විඳින්නට සිදුවන බව අප සියල්ලෝම මැනවින් දනිමු. එය දැන දැනත් අප අපගේ මනස සහ නැණස තව තවත් මුලාවට පත් කරන්නේ නම් හා අඳුරු මාවතක් තුළ ගෙන යන්නට පෙරුම් පුරන්නේ නම් එවිට අපගේ දිවිය හසුරවන්නේ කවර නම් තැනකදැයි අපටම සිතාගත හැකි නොවන්නේම නොෙවි.

ජීවිතය සුන්දරයි මලක් මෙන් පිපුණ සඳ, එසේම ඒ මල ස්වභාවික පරිසරය තුළ ස්වභාවිකවම පිබිදෙන්නේ නම් තවත් අගනේය. එසේම අපගේ සමාජය තුළ දිවිගෙවන මනුෂ්‍යය නමැති මනසින් උසස් සත්වයාද මිනිසෙකු සතු වූ ස්වභාවික ගුුණ දහම් වලින් පරිපූර්ණව නිර්මාණය වන්නේ නම් කෙතරම් අගනේද? ඒ ජීවිතයක වටිනාකම අමිල බව ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින්ම නොයෙක් අවස්ථා වලදී දේශිතව ඇත. එහෙත් ඒ දහම අසමින් නොඅසන පිරිසක් ලෙස දිවි ගෙවන්නට මනස මෙන්ම නැණස හුරු කරන්නට වෙහෙස නොවන නිසා බොහෝ මිනිසුන් පිරිසකට නොයෙක් දුක් ගැහැට විඳින්නට සිදු වී ඇත. ඒ මන්ද යත් තමන් බලාපොරොත්තු වන සැප සම්පත් ඒ අයුරින්ම සම්පූර්ණ කරගන්නට නොහැකි වූ නිසාවෙනි. පස්කම් සැපතට ගොදුරුවන්නේ නම් හා එය ගැන මනසින් මෙනෙහි කරන්නේ නම් ඔහු පළමුව සිහි තබාගත යුතු වන්නේ ” මම මේ කෙනෙකුගෙන් ණයක් ලබා ගැනීමකි ” යන්නයි. හේතුව මන්ද යත්? අප ණයක් ගත් පසු ඒ ණය දුන් තැනැත්තා අප ගත් ණය දෙන්නේ යම් මොහොතකද, ඒ තාක්කල් අපට කරදර කරමින් ඒ ණය ඉල්ලමින් අප පසුපස හඹා එන්නේ මුවෙකු පසුපස ලූහු බඳින දිවියෙකු පරිද්දෙනි. දිවියා මුවෙකු දුටු පසු මුවා අල්ලා ගෙන ගොදුරට ගන්නේ යම් මොහොතකද ඒ මොහොත දක්වාම ඔහු ලූහු බඳින්නේය. පස්කම් සැපද එලෙසමය. අපගේ දිවියේ සැනසීමක් නැත්නම් අපගේ සංසාර ගමන තුළ අපට මහා දුක්කම් කටොළු රාශියක් එක් රැුස් කරමින්ම තව තවත් සසරේ උපදවන්නට කරුණු කාරණා නිර්මාණය කරනු ලබයි. ඒ මන්දයත්? මනස තුළ නිර්මාණය කරනු ලබන සිතුවිලි වල දුබලතාවය නිසාවෙනි. එසේ නම් අප කළ යුතු හා නොකළ යුතු කුමක්දැයි අපට මැනවින් වටහා ගත හැකි නොවන්නේද? අපට ඒ සියල්ල වටහාගෙන නොයායුතු ගමන් මග අතහැර යා යුතු ගමන් මග තුළම ගමන් කරන්නට හැකියාව ඇත. එහෙත් මනස තුළ අසීමිත ආශාවන් රාශියක් මුළුගන්වා ඇත්තාක් මෙන්ම ඒ ආශාවන් තුළම හසුරුවන්නට වීරිය දරයි. ඒ දරන වීරිය අවසානයේ දුකක් මෙන්ම කඳුලක් විඳින්නට සිදුවන බව නොසිතයි. හැමදාම සතුට එකම අයුරින් විඳින්නට නැති බව ද නොසිතයි. එය හේතුව කුමක්ද? අප සතු අවිද්‍යාවයි. මේ අවිද්‍යාවෙන් මිදී විද්‍යාවට පිවිසෙන්නට අප නැණස මෙහෙයවා කටයුතු කළ යුතු වන්නේ අපගේ සිත කුසල් දහමට නතුවිය යුතු නිසාවෙනි. එසේ නොවන්නේ නම් අපගේ ජීවිතයේ අවසානයක් දැකිය නොහැක. හැමදාම මැරි මැරී ඉපදෙමින් දුක හා සතුට වැඩි අඩු වශයෙන් විඳින්නට සිදුවෙයි.

පසිඳුරන් පිනවන්නට සිතන්නේ නම් එය විය යුත්තේ ණයක් ගත් පසු එය තමන් ගෙවන තෙක් තමන් පසුපස එන ණයකාරයෙකුද තමන් පසුපස හිදිති යන සිතුවිල්ල තුළ හිඳිමින්මය.




Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::