එක් ඉඩම් හිමි ලෝභී මිනිසෙක්



එක් ඉඩම් හිමි ලෝභී මිනිසෙක් විය. මොහුට අවශ්‍යය වුනේ ඒ පලාතේම ලොකුම ඉඩම් හිමි අයිතිකාරයා වීමටය. ඒ නිසාම ඔහු හැම අස්සක් මුල්ලක් නෑරම ඉඩකඩම් මිලදී ගන්නට විය. මොහුට එක දිඅනක් අරන්චියක් ලැබිනි. ඒ කුමක්ද? ඒ රටේම එක පලාතක බොහෝ ඉඩම් ප්‍රමාණයක් විකුණන බවය. මෙය අසූ මේ පුද්ගලයා රන් කාසී මල්ලකුත් අරගෙන ඉඩම් විකුණන ස්ථානයට ගොස් එම පලාතේ ප්‍රධානියා මුන ගැසිනි. එහිදී එම මුලා දැනියා ප්‍රකාශ කළේ ඔබ මේ ගස ලග ඔය රන් කාසි මල්ල තබා ඔබ අවශ්‍ය ඉඩම් ප්‍රමාණයක මායිමේ ඇවිද ගොස් නැවත ඉර බැස යන්නට ප්‍රථම මේ ගස ලගට ආයුතු බවයී. ඔහුගේ දැඩි ලෝභකම නිසා මහත් විශාල ප්‍රදේශයක ඇවිද හති දම දමා ඉර බැස යන්නට ප්‍රථම අර රන් කාසි මල්ල තැබූ තැන මැරී වැටිනි. ඔහු එහාට මෙහාට පෙරලා බැලූ ගමේ නායකයාට වැටහුනේ ඉඩම් කට්ටියේ ඇවිද මහන්සියටම මියගොස් ඇති බවයී. අනතුරුව එතන සිටි සේවකයන්ට කතා කොට විමසන ලද්දේ මැරුනු පුද්ගලයෙකුට දිය යුතු ඉඩමේ ප්‍රමාණයයී. ඒ අනුව ඔහුට අඩි 6ක කොටසක් හිමි විය. අවසානයේදි ඔහුට ඉඩමවත්, මුදල්වත් ජීවිතයවත් නොමැති විය.

ඒ සියල්ල සිදු වූයේ ඔහුගේ දැඩි ලෝභය නිසා බව අප දනිමු. එසේම අපට අපගේ ජීවිතය ගෙවී යන කාලය තුල ලැබෙන්නේ යමක්ද ඒ ලැබෙන වස්තුව තුළින් කෙසේ හෝ ජීවත් වන්නට වෙර දරමු. නොයෙකුත් වස්තු සම්භාරයන් හමුවේ ගැටෙන්නට වෙර දරන්නේ නම් ඔහුගේ විනාශය මිසක් ජීවත් වීමක දකින්නට කිසිදු මොහොතක් කිසිදු ඉඩක් නොපැනේ. එය ලෝකයේ පවතින සැබෑ ධර්මතාවවයකි. එය වෙනස් කරන්නට දෙවියෙකුවත් බඹෙකුවත් සමත් නොවන බව ඔබ ඔබගේ මනසෙහි ධාරනය කර ගනිමින් ඒ අනුවම කටයුතු කරන්නට වෙර දරන්නේ  නම් එතනදී ඔබගේ දිවියේ සැනසීමක් ලද හැකිය.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::