සැනසුම සතුට පිරි දිවියක අරුත සොයා

සැනසුම සතුට පිරි දිවියක අරුත              සොයා
වැනසෙන මගට පිය නොමනිනු මැනවි       ඔයා
දෙනයන වෙතට නැණයන ගෙන මනස      අයා
සිත යන සියලු තැන විමසනු මැනවි           කයා

දුටු දුටු රූප වෙත දිව යන සිතග                 අනේ
රෑකුමට වෙහෙස ගෙනැවිත් නැණසකින්    මනේ
සිටියොත් යෙහෙකි සතුටකි මුලු දිවිය        අනේ
නැත්නම් එහෙම මහ විපතකි සසර            වනේ

ලෝසත වසයී සිතු පැතු දේ               පස යනවා
කරනා කියන කිසිවක් නොම             විමසනවා
යහපත අයහපත ගැන නොම            සලකනවා
එකළදි ලොවේ අනිසිම ඵල                විදවනවා

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::