ඔබ සතු නිවහල් මානසිකත්වය

ඔබ සතු නිවහල් මානසිකත්වය එකම අයුරකින් පිහිටුවා ගන්නට නොහැකි මන්දැයි ඔබ කිසිදු මොහොතක විමසන්නේද? නැහැ. ඔබ සතු මානස නිවැරදිව පිහිටුවා ගන්නට නොහැකි ඔබ සතු පසිදුරන්ට හසුවන අරමුණු හමුවේ ඒ අරමුණු සඵල කරලන්නටම මනස හා නැණස වෙහෙස වෙන නිසාවෙනි. ජීවිතයේ සෑම මොහොතකම ඔබව අසරණ මානසිකත්වයකට ඇද දමනුයේ කිසිදු මොහොතක තෘප්තිමත්භාවයේ අගකට පත් නොවන්නා වූ පසිදුරන්ම බව ඔබ මනසෙහි තැන්පත් කර තබා එයට අනුගතව කටයුතු කරන්න. එසේ නොවන්නේ නම ඔබ සිතන පතන අයුරින් කිසිදු කටයුත්තක් සිදු නොවන්නේ නම් ඔබේ මානස හා සිරුර වෙහෙසට පත්වීමම පමනක් සිදුවෙයි. මෙය ලෝකයෙ සැබෑ ස්වභාවයයී. පඨවී, ආපෝ, තේජෝ, වායෝ නැමති සතර මහ භූතයන්ගේ සංයුතියෙන් නිමැවුනාවූ සියලුම වස්තූන් අප සිතන පතන අයුරින් පවත්වාගෙන යන්නට නොහැකි බව අප නිතර නිතර සිතිය යුතුවාසේම ඒ ගැන මෙනෙහි කරන්නටද වෙර දැරිය යුතුවම ඇත. එසේ නොකරනතාක් කල් ඔබ මහා උමතු පුද්ගලයෙකු අයුරින්ම හැසිරෙනු ඇත. ඒ උමතු බව මග හරවන්නට ඔබ අද පටන් වෙහෙස වන්නේ නම් මැනවි. එය ඔබගෙ යහපත පිණිස මෙන්ම සාර්තකත්වයට මනා පිටු වහලක්ම වනු ඇත.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::