ඔබට ඔබේ ජීවිතය සාර්ථකව

ඔබට ඔබේ ජීවිතය සාර්ථකගොඩ නගන්නට නොහැකි යැයී ඔබේ සිත තුල සිතු විල්ලක් ගොඩනගා ගෙන සිටිනාතාක්  ඔබට ගොඩ නැගෙන්නට නොහැකිය. එසේ නම් ඔබ නිතරම ඔබ සතුව ඇති දක්සතාවයෙන් ප්‍රයෝජනයක් ගන්නට වෙර දරන්න. ඔබ සතුව ඇත්තේ සුලු මුදලක්ද එය වැය කොට සුලුවෙන් මුදලක් උපයන රෑකියාවක් හෝ ඔබ අරබන්න.ඒ  තුලින් ඔබට ඉදිරියට යන්නට අවශ්‍යය අන්‍ය මාර්ගයන් විවර කර දෙනු ඇත. ඔබ කිසිදු මොහොතක කිසිදු අයුරකින් මට කිසිත් කර කියා ගත නොහැකි යැයි පසු තැවෙන්නට හෝ මන්දගාමී දුර්වල මානසිත්වයක් ගොඩ නගා ගන්නට වෙර නොදරන්න. එසේ වෙර දරන්නේ නම් එය ඔබගේ මුලු දිවියම අදුරු කරන සතුරාද වනු ඇත. ඔබට මේ ලෝකයේ කරන්නට නොහැකි කාර්‍යන් දෙකකි. එනම් අවශ්‍ය මොහොතක මරනය කර යාමටත් අවශ්‍ය මොහොතක ඉපදෙන්නටත් පමණි.අන්‍යය සියලුම කටයුතු කල හැකිය. අවශ්‍ය වන්නේ නොසැලෙන අදිස්ටානයෙන් ගොඩ නගන ලද නැණසක් පමණි.එය ඔබට ගොඩ නගන්නට හැකි නම් ඔබගේ මුලු දිවියම සාර්ථක වනු ඇත.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::