සුන්දර අයුරින් ගෙවන්නට තිබෙන ජීවන මන්පෙත තුළ

සුන්දර අයුරින් ගෙවන්නට තිබෙන ජීවන මන්පෙත තුළ අසුන්දර වූ මහත් විඩාබරව ඇවිද යන්නට සිදුවන මන්පෙත්ද මුන ගැසෙනු ඇත.ඒ මන්පෙත් ඔබෙ මුව අබියස හිදිමින් ඔබව ඒ මාර්ගය තුළ ඇවිදවන්නට කිසිදු උත්සාහයක් ඔබසතු මනස තුළ කිසිදු මොහොතක ඇති කරනවාද?නැහැ එය කිසිදු මොහොතක කිසිදු අයුරින් සිදු නොකරන්නක් සේම සිදු නොවන්නක් බව අප මැනවින් සිතිය යුතුයී.එසේම අපට යන්නට දිගු ගමනක් ඇති බව සිතා කෙතරම් දුස්කර මාර්ගයක් තුල උවත් පෙරට නොසැලී යන්නට වෙර දරන්නේ නම් එහි අවසානයේදී මනා සැනසීමක් ලද හැකිය.

ජීවිතය සුන්දරයී මලක් මෙන් සුපිපෙන විට.එහෙත් ඒ මල සුපිපෙන්නට අවැසි සුදුසු පාරිසරික වටපිටාවක් තිබිය යුතුය.එසේ නොමැති නම් කිසිදු මලක් හෝ පැලයක් කිසිදු ස්තානයක් මැනවින් රෝපනය නොවනු ඇත.ලෝකයේ සාර්තකත්වයට පැමින ඇති බොහෝ පිරිසක් ඔවුන්ගේ සාර්තකත්වයට හේතුව විමසන කල්හි එකහෙලාම ප්‍රකාශ කරන්නේ කුමක්ද?මම මට යායුතු යැයී අරමුණු කළ ස්තානයට එළ්බෙනතුරු නිවැරදිව මා සතු මනස හා නැණස මෙහෙයවීමී.ඒ තුළින් මා මාගේ සාර්තකත්වයට් පැමිණියෙමි.ලෝකය වටකුරු වුවත් ඒ ලෝකය තුළ දිවි ගෙවන්නා වූ බොහෝ පිරිසක් උඩු කුරු වන්නටම වෙර දරා එහි සාර්තකත්වය දැක ඇත්තෙ නොසැලෙන අදිස්ටානයෙන් යුතුව නැණස දියුණු කරන්නට වෙර දරන්න.එවිට ඔබ සිතන පතන සියල්ලම මැනවින සඵල වනු ඇත.

Comments

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ